ඉකුත් වසරේ පළාත් පාලන මැතිවරණය පැවති ඔක්තෝබර් 8 වැනි දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු අනුගාමිකයන් සමග කොළොන්නාව හිඹුටාන හන්දියෙහි ඇති වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ මතකයෙහි නැති බව රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉකුත් 24 වැනි දින කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැනුම් දුන්නේය. අධිකරණය කළ නියමයකට අනුව සිංගප්පූරුව වෙත ගොස් දුමින්ද සිල්වා මහතාගෙන් ලබාගත් කටඋත්තරය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා එලෙස දන්වා සිටියේය. ඉකුත් වසරේ ඔක්තෝබර් 8 වැනි දින සිදුවූ මෙම වෙඩි හුවමාරුව නිසා බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා මේ වන විට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඔහුට ප‍්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා ලබා දුන් වෛද්‍ය වාර්තාවක් ද රහස් පොලීසිය ඉකුත් 24 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කළේය. භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල එදින කැඳවූ අවස්ථාවේ රිමාන්ඞ් බාරයට පත් කොට සිටින සැකකරුවෝ 16 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ පරීක්ෂණවල ප‍්‍රගතිය දැනුම් දුන් රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අධිකරණය කළ නියෝගයකට අනුව රහස් පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතා සිංගප්පූරුවට ගොස් එහි මවුන්ට් එළිසබෙත් රෝහලේ 5බී වාට්ටුවෙහි අංක 5535 දරණ කාමරයෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට ප‍්‍රතිකාර කරන කීත් ගෝ නමැති ස්නායු ශල්‍ය වෛද්‍යවරයා හමුවී දුමින්දගේ රෝගී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව දැනුම් දුන්නේය. එම වෛද්‍යවරයා රූපසටහන් යොදා ගනිමින් දුමින්දගේ රෝගී තත්ත්වය සහ තුවාලවල ස්වභාවය ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතාට විස්තර කර දී ඇතැයි කී සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දුමින්දගේ රෝගී තත්ත්වය පිළිබඳව එම වෛද්‍යවරයා විසින් නිකුත් කර තිබූ වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කළේය. වෛද්‍ය වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කළ ශානි අබේසේකර මහතා දුමින්දගේ හිසට සහ අතකට ශල්‍යකර්මයක් සිදු කර ඇති බව ද තවත් එක් ශල්‍යකර්මයක් කිරීමට නියමිත බව ද එහි සඳහන් වන්නේ යැයි දැනුම් දුන්නේය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ළමාහේවා මහතා වෛද්‍යවරයාගෙන් අවසර ලබාගෙන දුමින්ද සිල්වා මහතා හමු වන විට ඔහුගේ වම්පස ඇහි බැමේ සිට අඟල් තුනහමාරකට පමණ ඉහළින් හිස දෙසට අඟල් 1/4ක පමණ පළලකින් යුත් තුවාල කැළලක් දකුණු පස කන ආසන්නයට විහිදී තිබෙනු දැක ඇතැයි ශානි අබේසේකර මහතා පැවසීය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහු සමග කතා කර දුමින්දගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි කී අබේසේකර මහතා පළාත් පාලන මැතිවරණ පැවැත්වූ ඉකුත් වසරේ ඔක්තෝබර් 8 වැනිදා තම ආරක්ෂක නිලධාරින් හා ආධාරකරුවන් සමග කොළොන්නාවේ තමිල්නාඩුවත්තට ගොස් ඡන්දදායකයන් හමු වූ අවස්ථාව මතක ඇතත් ඉන් අනතුරුව සිදු වූ දේවල් මතකයේ නැති බව දුමින්ද දුන් ප‍්‍රකාශයේ සඳහන් වන බව සහකාර පොලිස් අධිකාරිවරයා දන්වා සිටියේය. එදින වෙඩිතබා ගැනීම සිදු වූයේ කොහෙදීද? වෙඩි තැබුවේ කවුද? වෙඩි තබාගන්නා ස්ථානයේ සිටියේ කවුරුන්ද යන්න තමාට මතක නැති බව දුමින්ද සිල්වා සඳහන් කර ඇතැයි කී ශානි අබේසේකර මහතා ඔහුගේ ප‍්‍රකාශය අනුව වෙඩි වැදීමෙන් අනතුරුව ඔහුට සිහිය ලැබී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේදී බව කීය. සිහිය එන විට දුමින්දගේ මව ඇඳ අසළ සිටි බැවින් ඔහු තමා සිටින්නේ කොහේදැයි මවගෙන් විමසූ විට රෝහලේ සිටින බව ඇය පැවසී යැයි ද තමාට වෙඩි වැදී ඇති බව දුමින්ද දැනගෙන ඇත්තේ වෛද්‍යවරයාගෙන් ඒ බව විමසීමෙන් පසුව යැයි ද එම ප‍්‍රකාශයේ ඔහු සඳහන් කර ඇති බව ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දුන්නේය. දුමින්ද සිල්වාගේ කටඋත්තරය සහිත ප‍්‍රකාශය සහ කීත් ගෝ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර කඩිනමින් උපදෙස් ලබාගෙන වාර්තා කිරීමට කටයුතු කරන බව දැනුම්දුන් ශානි අබේසේකර මහතා සැකකරුවන් 16 දෙනා තවදුරටත් රිමාන්ඞ් බාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය. භාරත ලක්ෂ්මන් මහතාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් භාරත ඝාතනය වී මාස 9ක් ගත වී හෝ රහස් පොලීසිය සිංගප්පූරුවට ගොස් දුමින්ද සිල්වාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් ස්තුති වන්ත වන බව ද දුමින්දගේ ප‍්‍රකාශය ලැබී ඇති බැවින් අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවට දැන් හැකියාව තිබෙන බව ද කීය. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් රහස් පොලීසියට මෙතෙක් කල් තම සේවාදායකයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූයේ ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසා යැයි ද දැන් ඔහුගේ ප‍්‍රකාශය ලැබී ඇති නිසා මෙම අපරාධයෙහි වින්දිතයකු වන දුමින්ද සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බව ද පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අධිකරණයට අපහාස කර ඇති බව කියන සිද්ධියට අදාළ තීන්දුව ලබන 7 වැනි දින ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. සැකකරුවන් එදින වෙන තුරු තවදුරටත් රිමාන්ඞ් බාරයේ තැබීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුමින්දගේ මතකය ගැන අධිකරණයේදී කී කතා
තිලක් Wednesday, 01 August 2012 07:48 PM
කවරදාවත් ඇත්ත බොරුකරන්න බැහැ. (නි)
දම්මික Tuesday, 14 August 2012 11:38 AM
හොරාගේ අම්මාගෙන් පේන ඇසීම (දී)
bumba Sunday, 05 August 2012 02:18 AM
අනේ පව්. දැන් ඔක්කොම අමතක වෙලා ඇති (ත)
ඩියෝන් Saturday, 04 August 2012 11:03 AM
අනේ පවු!! මතක නැහැ!! අනේ මන්දා! බයත් හිතෙනවා!! (නි)
ජගත් Saturday, 04 August 2012 09:23 AM
කවුරු හරි විශේෂ කෙනෙක් දැක්කොත්නම් මතකය අලුත් වෙයි. (ත)
නිරෝෂා Friday, 03 August 2012 10:19 PM
අනේ පවු! මෙමරි එක ෆෝමැට් වෙලා නේද? මෙහෙම දේවල් නොවෙන්න "ඩිසාස්ටර් රිකවරි ප්ලෑන්" එකක් හදලා තියෙන්න එපායෑ. (නි)
කුමාර Friday, 03 August 2012 07:25 PM
මේවා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)
රමීස් Friday, 03 August 2012 04:43 PM
මතක නැත්නම් ලංකාවට එන්න කියන්නකෝ. (නි)
නිශා Friday, 03 August 2012 03:48 PM
මන්ත්‍රි කෙනෙක් කියලාවත් මතකද දන්නේ නැහැ නේද? (නි)
රණසිංහ Wednesday, 01 August 2012 10:24 PM
මගේ ඔලුවෙත් අයි.සී. එක ගළවලා, ගිගා බයිට් 500ක මෙමරි කාඩ් එකක් දාලා, රුපියල් 5ක් ගබඩා කර ගන්න ඕනේ.
ඇන්ටන් Monday, 30 July 2012 05:07 AM
නීතිය සාධාරණයක් ඉෂ්ඨ කාරාවියැයි බලාපොරොත්තු වෙමි. බාරත මහතාට නිවන් සුව. (ත)
එම්.අයි හසන් Tuesday, 31 July 2012 10:40 PM
මම නං හිතන්නෙ මෙයා ඉන්නෙ ලංකාවෙ වෙන්න ඇති..!!(නු)
දිලිප් Tuesday, 31 July 2012 08:34 PM
කවදා හෝ, නීතිය දිනාවි, යුක්තිය කසළ ගොඩට යාවි. (නි)
දිලිප් Tuesday, 31 July 2012 08:36 PM
කවදා හෝ නීතිය දිනාවි. (අ)
දිලුමි Tuesday, 31 July 2012 02:43 PM
සැකකරුවන් දැක්කම බයත් හිතෙනවා..!(නු)
සුරන්ජිත් Tuesday, 31 July 2012 12:32 PM
මොලයේ මතක කෑල්ල අයින් කරලා ඇති...(නු)
රාවන Tuesday, 31 July 2012 09:47 AM
හැමදේම මතකනම් ඒ දේම අමතක වුණේ කොහොමද ? අනේමන්දා...(ස)
මහියා Tuesday, 31 July 2012 06:36 AM
හොදටම බීලා ඉන්ඩ ඇත්තේ. ඒකයි මොනවත් මතක නැත්තේ. (ත)
රම්‍යා Tuesday, 31 July 2012 03:26 AM
අපි මෝඩයෝ කියල හිතාගෙන ඇත්තේ (දී)
ප්‍රියානි Tuesday, 31 July 2012 03:20 AM
ඉපදුනේ ලංකාවෙයි කියලත් මතකද දන්නේ නැහැ (දී)