භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම ඝාතනයෙන් පසු කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ද, එතැනින් සිංගප්පූර්වේ එලිසබෙත් මවුන්ත් රෝහලට ද පසුගිය මාර්තු මාසයේ කොළඹ නවලෝක රෝහලට ද ඇතුළු කර ප්‍රතිකාර ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍යය වෙත නිකුත් කැරිණි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුමින්දට ප්‍රතිකාර කළ හැටි
වීරසේකරගේ Saturday, 04 May 2013 08:52 PM
පරිඝනකය බාවිතා කරලා ඡායාරූප ඕන ඕන විදියට හදන්න පුළුවන් කියලා මම අහල තියෙනවා. ඒ කතාව ඇත්තද?(නදී)
චන්ද්‍ර Sunday, 19 May 2013 08:01 AM
මෙවැනි ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර අවශ්‍යද යන්න සිතා බැලිය යුත්තක්. (නි)
චමී Tuesday, 07 May 2013 03:48 PM
සරාට පිස්සුද මෙයා වෙඩි තිබ්බෙ නෑ භාරත වෙඩි තියාගත්තා.(නදී)
දීපාල් Sunday, 05 May 2013 02:26 PM
අපේ කට්ටියට ඉතින් ඕවා මැජික්නේ. දැන් ඉතින් දෙමු පන වුණත්. (නි)
මුරුගන් Sunday, 05 May 2013 02:09 PM
කවුද පුතේ බිල ගෙවුවේ? (නි)
රූම් Sunday, 05 May 2013 12:14 PM
මොලය ඉතුරු වෙලා තියෙනවද? තියෙනවා ස්වාමිනි .(නදී)
සුපුන් Sunday, 05 May 2013 09:58 AM
චාමි.... බලපන් යාළුවේ බිලට සල්ලි ගත්තේ උඹෙනුයි මගේනුයිද කියලා. පෙර සූදානම කෝකටත් හොදයිනේ. (නි)
මුරුගන් Sunday, 05 May 2013 09:56 AM
හරියට මේ අපට ආදරේට මරා ගත්තා වගේ කියන්නේ. සේවේ කොරන්ට කියලා ගිහින් හම්බ කරන්ට මරාගන අපට මේ පින්තුර පෙන්වන්නේ හරියට ලොකු දෙයක් කරලා වගේ.(නදී)
චූළා Sunday, 05 May 2013 09:54 AM
සිංගප්පුරු ගිහින් මොකද කළේ කොහොමද කළේ කියලා අපට වැඩක් නැහැ. මොකෝ අපි ඕවා කරගන්ට කිවුවැයි? එහෙම නෙමෙයි,... මේකේ බිල එහෙම කොහොමද? (නි)
ජෝයි Sunday, 05 May 2013 01:42 AM
මේ වැඩකට නැති දේවල් ගැන මම නම් අදහස් ලියන්නේ නැහැ. ඒත අපේ සිංගප්පුරුවේ දියුණුව ගැන නම් අප්‍රමාන සන්තෝෂ වෙනවා. (නි)
බන්දුල Sunday, 05 May 2013 01:39 AM
මේවා මෙතරම් පෙන්නලා මොනවද ඔප්පුකරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. අනික මොළය දිහා බලලා කොහොමද කියන්නේ මේක අහවලාගෙමයි කියලා. මොකද අපි මීට කලින් එයාගේ මොලය දැකලා නැහැනේ. (නි)
චාමි Saturday, 04 May 2013 11:20 PM
වුණ දේ වුණා. මෙච්චර දෙයක් වෙලත් ජිවත්වෙන එක ගැන සතුටු වෙන්න ඕනෑ. ඉතුරු ටික නිතිය බලා ගනීවි. බෞද්ධ අපි නම් අහලා තියෙන්නේ වැරදි වෙන එක මනුස්ස ගතියක්, සමාව දෙන එක දේව ගතියක් කියලයි. (නි)
ප්‍රේමලාල් රෝම Saturday, 04 May 2013 10:26 PM
දොස්ටරලට ඔලුව හොයාගන්න බැරිවෙලාවද්ද? (නි)
මාලක Friday, 03 May 2013 07:49 PM
ඇයි අපිට පෙන්නනේ ඕවා? මොනවා ඔප්පු කරන්නද? (නි)
සාරා Saturday, 04 May 2013 08:45 PM
මෙයා බබා කියලා නේද කියන්න හදන්නේ. චුටි බබාට ඕව හොඳ පාඩම්. බබා මීට පස්සේ මාමලට වෙඩි තියන්න යන්න එපා හොඳේ බබා. (නදී)
සාරා Saturday, 04 May 2013 08:37 PM
වෙඩිතියන්න අපිද කිව්වේ. ඕකට කියන්නේ දිට්ටධම්ම වේදනීය කර්මය කියල.(නදී)
චමින්ද Saturday, 04 May 2013 07:11 PM
සල්ලි තියෙනවා නම් අගහරු ලෝකේ ගිගින් හරි ඔලුවක් තියාගන්න අපිටත් පුළුවන්.(නදී)
ජගත් Saturday, 04 May 2013 03:03 PM
වෙඩි තිබ්බ එකා හරියට තියලා නෑනේ.(නදී)
රාජිත-දෝහා Saturday, 04 May 2013 01:58 PM
බොරු නැත්නම් ශෝක් කතාව. ලංකාවේ කාට හරි අලුතින් චිත්‍රපටියක් කරනවා නම් හොද පිටපතක් මේක. "දුමින්දාගමනය" (නදී)
දාසානායක Saturday, 04 May 2013 11:51 AM
එතකොට අපෙන් සදහටම වෙන් කල භාරත මරණයට සාධාරණයක් නැද්ද?(නදී)
ප්‍රියා Saturday, 04 May 2013 09:43 AM
කිරිකැටි පොඩිපුතෙක් වගෙයි. (නි)
ඩැනියෙල් Friday, 03 May 2013 10:16 PM
මේ ඡායාරූප වල ඉන්නේ දුමින්දද එතකොට? (නි)
රවී Friday, 03 May 2013 10:10 PM
ඹය ඉරලා තියෙන්නේ දුමින්දගේ ඹළුව වෙන්න බැහැ. මොකද ඒක ඇතුලේ තියෙන්න ඕනේ දේවල් දන්නවනේ. (නදී)
චන්ද්‍රසිරි Friday, 03 May 2013 09:15 PM
මමත් මේ හොස්පිටල් එකේම සැත්තමක් කරගත්ත කෙනෙක්. මේ ෆොටෝ දකිනකොට මම අතීතයට ගියා.(නදී)
ජනා Friday, 03 May 2013 08:15 PM
දෙන්නෙක් වෙඩි තියාගත්තා. කෙනෙක් මියගියා..අනෙකට තුවාල වුණා. ඉතින් අපිට මොකෝ..?? (නි)