X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


දුරකතනයේ බැටරිය සපත්තුවෙන් ආරෝපණය කරගන්න

ඇවිදින විට දුරකතනයේ බැටරිය ආරෝපණය කළ හැකි සපත්තුවට සවිකරන උපකරණයක් නිර්මාණය කිරීමට කන්තලේ ත්‍රී ගන්තලාව මහ විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවෙක් සමත් වී තිබේ.

ජීව විද්‍යා අංශයෙන් මේවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි කේ.ආර්.චතුර මධුමාල් මෙය නිර්මාණය කර ඇත.

ජාතික හා ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ හා ප්‍රදර්ශන සඳහා විවිධ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ජයග්‍රණ රැසක් ලබා ගැනීමට ඔහුට හැකිව තිබේ.

මෙම නව නිර්මාණය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව චතුර මධුමාල් සිසුවා මෙසේ අදහස් දැක්වීය.

මේවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මුලින්ම අදහසක් ඇතිවුණේ කොහොමද?ඒ සඳහා පෙළඹුනේ ඇයි?

කුඩා දරුවන් සඳහා නිමවා තිබෙන ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන් දැකීමෙන් මගේ හිතට කුතුහලයක් ඇති වුණා ඇවිදින විට සපත්තුවෙන් ශබ්දය නිකුත් වන්නේ කොහොමද කියලා. මම හැම වේලාවෙම මේ ගැන හිතුවා, එහි ඇති ක්‍රියාදාමය හොඳින් අධ්‍යනය කළා.එහි ප්‍රතිපලයක් ලෙස තමයි මට මෙම නව නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුණේ.

ජංගම දුරකතන කියන්නේ අද සමාජයේ සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයක්.එහෙත් එය භාවිතා කිරීමේ දී බැටරියේ ආයු කාලය ඉතා ඉක්මණින් අඩු වීම ප්‍රශ්නයක්.ඒ වගේ විදුලිය නොමැති ස්ථානයකදී එය යළි ආරෝපණය කර ගැනීමේ ගැටලුවට පිළියමක් ලෙස මා මෙය නිර්මාණය කළා.

කොපමණ කාලයක් තුළ දී බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කළ හැකි ද?

මෙම උපකරණය සහිත සපත්තුව පැළඳ සිටින පුද්ගලයකුගේ සමාන්‍ය ඇවිදිමකදී පැය එකයි විනාඩි 30ක් ඇතුළත දුරකතන බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය කිරීමට පුළුවන්.

නව නිපැයිම් නිර්මාණය කර ලැබු ජයග්‍රණ මොනවා ද?

මුලින්ම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් වන“ජාතික විද්‍යා පදනම මඟින් සිදු කළ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ නිර්මාණය සඳහා ලංකාවේ හොඳම 10 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා.

ඒ වගේම මෙම නව නිපැයුම සඳහා කොරියාවේදී පැවැති නව නිපැයුම් තරඟයක දී හා ප්‍රදර්ශනයක දී රිදී පදක්කම් දෙකක් සහ රන් පදක්කමක් මට හිමිවුණා.එසේම මේ වසරේ කැනඩාවේදී පැවැති ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ තරඟයේ දීත් රිදී පදක්කමක් දිනා ගැනීමට මා සමත් වුණා.

මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කෙසේද?

සපත්තුව පැළඳ පියවරක් ඇවිදින විට එහි ඇතුළත ඇති පරිපතය ක්‍රියාත්මක වන අතර එහි ඇති ලීවරයක් මඟින් විදුලිය නිෂ්පාදනය වී පසුව එය බැටරිය සඳහා ආරෝපණය වෙනවා. බැලු බැල්මට එය සරළ බවක් පෙන් වූවත් එය සංකීර්ණ ක්‍රියාවලියක්.

මෙම උපකරණය මඟින් වෙනත් බැටරි වර්ගත් ආරෝපණය කළ හැකිද?

ඔව් ආරෝපණය කරන්න පුළුවන්. මේ දිනවල ඒ පිළිබඳව වැඩිදුර වැඩිදුර පර්යේෂණ කටයුතු කරමින් සිටිනවා.

(සටහන සහ ඡායාරූප - මනෝජ් හර්ෂික)

(චතුර මධුමාල් සිසුවා පදක්කම් සහ සහතිකපත් අතැතිව)

(විවිධ නිපැයුම් සඳහා ලැබූ පදක්කම්)

(සපත්තුවට සවි කළ උපකරණය)

(උපකරණය සහිත සපත්තුව පැළඳ සිටින ආකාරය)

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (11)

දුරකතනයේ බැටරිය සපත්තුවෙන් ආරෝපණය කරගන්න

sudath Tuesday, 01 October 2019 07:04 PM

පුතාට සුභ පැතුම් , නොනැවතී ඉදිරියට යන්න

:       1       30

jaya Wednesday, 02 October 2019 03:27 AM

කුඩා දරුවන් සඳහා නිමවා තිබෙන ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන් දැකීමෙන් මගේ හිතට කුතුහලයක් ඇති වුණා. ඇවිදින විට සපත්තුවෙන් ශබ්දය නිකුත් වන්නේ කොහොමද කියලා? මම හැම වේලාවෙම මේ ගැන හිතුවා.එහි ඇති ක්‍රියාදාමය හොඳින් අධ්‍යයනය කළා.එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මට මෙම නව නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුණේ.....අති විශිෂ්ටයි!

:       0       50

janaka Wednesday, 02 October 2019 03:51 AM

ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක වේවා...!!! අනාගතයේදී අප රටේ විශිෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස ලොවට නව නිර්මාණ එළිදැක්වීමට හැකිවේවා...!!!

:       0       49

Kumar Wednesday, 02 October 2019 04:22 PM

ඔය උපකරණය නිෂ්පාදනය කළකෙනාගේ පාවිච්චිය වෙන්න ඇත. වාණිජ වටිනාකමක් ඇති කියලා හිතන්න බැහැ. ඇවිදින ගමන් මුහුණ කට කඩාගන්න නම් හොඳයි. මේ නිපැයුමත් අර අතින් මිරිකා බැටරි පුරවන විදුලි පන්දම වගේ...

:       1223       1205

සමන් - ඕමානයFriday, 04 October 2019 06:14 AM

චතුර මධුමාල් පුතා, ඔබේ නව නිර්මාණයට අපි සුබ පතනවා. තව පර්යේෂණ තුලින් මෙය වැඩි දියුණු කරගන්න. තව තවත් නව නිර්මාණ බිහි කරන්න. ඔබ වැනි තරුණයන් රටට සම්පතක්. ආඩම්බරයක්. ඔබට ජය වේවා!! කුමාර, කිසිම නිර්මාණයක් පලවෙනි දවසේ ඉඳලාම සියයට සීයක් සාර්ථක වෙන්නේ නෑ. පළමු නිර්මාණය ක්‍රමයෙන් වැඩි දියුණු කල යුතුයි. එවිට වාණිජ වටිනාකමක් ගත හැකියි. ඉතිහාසය දෙස බලා පාඩමක් ඉගන ගන්න. මෙම ශ්‍රී ලාංකික තරුණයාගේ පර්යේෂණයට හා නිර්මාණයට ප්‍රශංසා කිරීම, ඇගැයීම එහි වැඩි දියුණුව ප්‍රාර්ථනා කිරීම වෙනුවට ඔබ කරන අවමන් කිරීම, ගැරහීම, සමච්චල් කිරීම ඉතාම අධමයි. නින්දිතයි. ඔබගේ පහත් මානසිකත්වය, නිහීන කම හා කුහක කම ඔබ ලියා ඇති අදහස් වලින් හොඳටම පෙනෙනවා. ඔහුගේ කොමෙන්ටුවට ලයික් කල පිරිසත්, ඒ වගේම අදහස් හා ගතිගුණ ඇති පිරිසක් විය යුතුයි. ඔය වගේ අධම වැඩ කරන්න එපා.

:       141       151

KumarSaturday, 05 October 2019 02:41 AM

ඇත්ත කියන එක නින්දිත කමක්ද. ඔය කියා තරම් හොදනම් ඒ නිපැයුම දියුණු කරන්න කියල මුදලක් දෙන්න. මෙරටේ මම සදහන්කර තිබුන විදුලි පන්දම අත ශක්තිමත් කරන්න හොදලු.

:       334       272

බන්දුල Thursday, 03 October 2019 07:38 AM

ඔබගේ නිර්මාණයට සුබ පතනවා. ඒත් මෙම නිර්මාණය වාණිජව කොතරම් සාර්ථක වේවිදැයි කියන්න අපහසුයි. විශේෂයෙන්, මෙයට වඩා පහසුවෙන් හැසිරවීමට හැකි, පවර් බෑන්ක්, සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන පවර් බෑන්ක් සහ සමහර ගමන් මලුවල පිට පැත්තේ සවිකර ඇති සූර්ය බලයෙන් දුරකථන බැටරි ආරෝපණය කළ හැකි උපකරණ වෙළඳපලේ බහුලව තියන නිසා...

:       0       230

indika Saturday, 05 October 2019 05:06 AM

කුමාර - හරිම හොඳ නෙහෙ කියපු කතාව. මෙම උපකරණය මෙම විදිහටම වාණිජ විදිහට හදන්න බැහැ. නමුත් මෙම සංකල්පය යොදල කුඩාවට හදන්න උදව් දෙන්න හරි එහෙම කරන සමාගමකට දෙන්න ඕනේ හරි විදිහට ළමයට උපදෙස් දීල. මට හිතාගන්න බැහෙ කුමාර ඔයාගේ සිතුවිලි කොපමණ නරකද කියල

:       22       15

KumarMonday, 07 October 2019 03:16 PM

ඉන්දික, මම විවේචනය කරන්නේ ඒ ළමයාගේ දක්ෂකම ගැන නොවේ. ඒ වැනි සිතුවිලි මගින් තමා දැන් අහසේ පාවෙන ගුවන් යනා නිපදවන්න පටන්ගත්තේ... මම උසස් අධ්‍යාපනය අවධියේ මම කළදේ මහාචාර්යවරු විවේචනය කළා. එයින් මම ඇත්ත ඒ ආකාරයෙන් පිළිගන්න පුරුදුවුණා. ඒ දරුවට මමත් සුබ පතනවා.

:       0       4

සේනානායක Wednesday, 09 October 2019 02:31 AM

මම හිතන්නේ කුමාර ට තියෙන්නේ හීනමානයක්. ඔහුට ඔහුගේ නිර්මාණ වලට සහයෝගය නොලැබුන නිසා ඔහු අනිත් අයගේ නිර්මාණ පහත් කරනවා.

:       0       0

bandula Saturday, 05 October 2019 01:43 PM

.සමහර අත් ඔරලෝසුවල චලනයෙන් වැඩ කරන මග්නට්‍රෝන් ඇත. එහි මුලදර්මය වන අසමතුලිත බරක් කුඩා මග්නට්‍රොනයක් කරකවා විදුලිය ලබාගත හැක. සපතුවේ චලනය ප්‍රමාණවත්ය. ඔබ දක්ෂයෙකේ. NERDC ආයතනයට යන්න. ඔබට නොමිලේ උපකාර ගත හැක. නමුත් පළමුව පේන්ට් බල පත්‍රයක් ගෙන අයිතිය රැක ගන්න.සුබ පැතුම්

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site