එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙමින් පවති. මේ සැසිවාරයේ අවසානය ශ්‍රී ලංකාවේ අනාගතයට සිදුකරන බලපෑම කෙසේ වේදැයි කල්තබා අනාවැකි පළකිරීම අපහසුය. එහෙත් එම සැසිය අවසන් වනවිට හැම වසරකදීම සිදුවන පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමට නියමිතය. එහි අන්තර්ගතය පිළිබඳ දැනටම පුරෝකථනය වී තිබෙන අතර එය සම්මත වීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ දූත පිරිස ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද වාර්තා වෙමින් තිබේ.
ජිනීවා යෝජනාවල හැම වසරකම ඇතුළු වන පරිදි යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන අභූත චෝදනාවලට පිළිතුරු දීමටත් එයට එරෙහිවීමටත් ශ්‍රී ලංකාවට තිබෙන අයිතිය භාවිත කිරීම පිළිබඳ ගැටලුවක් නැත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවලට ජාත්‍යන්තරයට අත පෙවීමට ඉඩක් තැබිය යුතු නැත. එයට එරෙහි විය යුතුය. එහෙත් මෙවර ඉදිරිපත් වීමට නියමිත යෝජනාව වෙනත් වසරවලට වඩා වෙනස් මගක් ගෙන තිබීම හේතුවෙන් ඒ පිළිබඳ රටේම අවධානය යොමුවී තිබෙන බවත් ඊට අදාළ යෝජනාවලට එරෙහි වීමට රටක් වශයෙන් අපට හැකියාවක් නැති බවත් පෙන්වා දිය යුතුය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට මෙම යෝජනා කෙටුම්පත මගින් නිර්දේශ කර තිබීම එයට හේතුවය. එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට එරෙහි වීමට රටට සදාචාරාත්මකව හැකියාවක් නැත. අද මුළු රටේම සමස්ත ජනතාවම ජාති, ආගම් භේදවලින් තොරව අති විශාල ආර්ථික පීඩනයකට ගොදුරු වී අපා දුක් විඳිමින් සිටින්නේ මේ රටේ ජාතික ධනය සූරාගෙන හොරා කෑ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් සහ ඇතැම් දේශපාලකයන් විසින් ක්‍රියාත්මක කළ අති දූෂිත තීරණ සහ දුරදිග නොබලා ගත් වැරදි තීන්දු හේතුවෙනි. ඔවුන් නීතිය හමුවට පමුණුවා නීතියෙන් දඬුවම් දීම සිදු කළ යුතුය. එම දඬුවම්දීම අනාගතයේ බිහිවෙන රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලනඥයන්ටත් පාඩමක් කියාදෙන දැඩි දඬුවම්වීම ද අවශ්‍යය.
රාජ්‍ය මුදල් මහා පරිමාණයෙන් සොරකම් කළ සහ අන්ත දූෂිත ගනුදෙනු සිදුකරමින් ජනතාවගේ බදු මුදල් ගසා කෑ නිලධාරීන් සහ දේශපාලකයන් සිටින එකම රට ශ්‍රී ලංකාව නොවේ. එහෙත් එවැනි බොහෝ රටවල් සමඟ සංසන්දනයේදී ශ්‍රී ලංකාවේ පැහැදිලි වෙනසක් තිබේ. එවැනි බොහෝ රටවල හඳුනාගත් දූෂිත නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම එම වෙනසය. එසේ නීතිය ක්‍රියාත්මක කරන විට ඔවුන් දැරූ තනතුර හෝ ඔවුන්ගේ බලය හෝ තුට්ටුවකට සැලකෙන්නේ නැත. මේ හේතුවෙන් එම රටවල ඇතැම් හිටපු නායකයන් සහ නිලධාරීන් තවමත් සිටින්නේ සිරගෙවල්වල කූරු ගණන් කරමිනි. ඔවුන් සොරා කෑ සියලු මුදල් ආපසු ලබා ගැනීමට ද එම රටවල විවිධ නීති හඳුන්වා දී තිබේ. මෑතක දී මලයාසියාවේ හිටපු අගමැතිවරයාට නියම වූ අති විශාල දඩයත් සිරදඬුවමත් එයට ආසන්නතම උදාහරණයි. එම අගමැතිවරයා එරට ඉතා බලවත් රාජ්‍ය නායකයකුව සිටි අතර එරට ඉහළම පෙළේ ව්‍යාපාරික ජාලයක හිමිකරුවෙක් ද වෙයි. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී බලය හෝ ධනය හෝ සැලකිල්ලට ගනු ලැබුවේ නැත. එහෙත් කරුමය වන්නේ අපේ රටේ පාදඩ දූෂිතයන්ට එරෙහිව එහෙම නීතිය ක්‍රියාත්මක නොවීමය.
මේ රටේ ආර්ථිකය මුළුමනින්ම හපකර දමා රටේ සියලු ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ සියලුම දූෂිත නිලධාරීන් සහ දේශපාලකයන් තරාතිරම නොබලා අප්‍රමාදව නීතිය හමුවට පැමිණවීම සිදුකළ යුතුය. ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන ජාත්‍යන්තර ආධාර ලබාගැනීමේ දී එම ක්‍රියාවලිය කොන්දේසියක ආකාරයෙන් පැමිණෙන බව රජය මේ වනවිට වටහාගෙන සිටියි. පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය තදින්ම මේ කාරණය ඉස්මතු කළාය. අමෙරිකාවේ ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මෙරට දූෂිත නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් තිබීමේ අවශ්‍යතාව ඇය ඉතා පැහැදිලිව පෙන්වා දී තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේදී දූෂිතයන්ට එරෙහිව පියවර ගතයුතු බවට වන කොන්දේසියක් පැනවීමට අදහස් කරන බව ද ප්‍රකාශ කෙරිණි. දූෂිතයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමකින් තොරව රටේ ආර්ථිකයට ගොඩ යාමක් නැති බව පැහැදිලි කර ගැනීමට වෙනත් කතා අවශ්‍ය නැත.
රටේ මේ මහා ආර්ථික විනාශයට හේතු වූයේ පසුගිය අවුරුදු දෙකේ පාලන කාලය පමණක් නොවන බව ද මෙහිදී පෙන්වා දිය යුතුය. බරපතළ ආර්ථික විනාශයකට එම කාල සීමාව තුළ ගනු ලැබූ තීන්දු තීරණ හේතු වුවද මහා පරිමාණ ගසාකෑම්, දූෂිත ක්‍රියා සහ ඒවාට සම්බන්ධ නිලධාරීන් සහ දේශපාලකයන් පිළිබඳ ඉතිහාසය පසුගිය දශක කිහිපයකටම විහිදී තිබේ. එහෙත් රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බිඳ දැමීමට මෑත අතීතයේ සිදුවූ සොරකම් සහ ගසාකෑම් හේතු වූ බව ඉතාම පැහැදිලිය.
මෙවර ජිනීවා යෝජනා පිළිබඳව අප සලකා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි. ලංකාවේ දූෂිතයන්ට එරෙහිව පියවර ගතයුතු බවට ජිනීවා යෝජනාවල සඳහන් වී ඇත්තේ ප්‍රථම වතාවටය. මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව නගන යුද අපරාධ පිළිබඳ අභූත චෝදනාවලට විරුද්ධ විය යුතු සේම අන්ත දූෂිත නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට වන යෝජනාවට සහාය දැක්වීම ද සිදු විය යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දූෂිතයන්ට එරෙහි ජිනීවා යෝජනාව
C.U. Thursday, 22 September 2022 01:31 PM
අපේ රටේ අනාගත දියුණුව සඳහා රට සියළු ආකාරයේ දූෂණ වංචාවලින් මුදාගත හැකි යාන්ත්‍රණයක් රටතුළ ස්ථාපිත කළයුතු අතර වර්තමානයේ බලයේ සිටි අයගෙන් හෝ අතීතයේ බලයේ සිටි දේශපාලන පිරිසගෙන් ඒ වැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. ඒ් නිසා රටට හිතැති අදූෂිත ජනතාවාදී රජයක් නුදුරු අනාගතයේ රටතුළ බිහිකිරීමට සියළු ජනතාව පෙළ ගැසිය යුතු අතර ඒ සමග බද්ධ වී සියළු ජනයා රට ගොඩනැගීමට තම ශක්තිය යෙදවිය යුතු ඇත.