හැම ජීවිතයක් තුළම ලියවුණු වැරදි තැන් තියෙනවා. ඒ දේවල් මකලා දාන්න හැම කෙනෙකුටම උවමනායි. සමහර වැරදියට ලියවුණු තැන්වලදී ඒ තුළින් ජීවිතය ලස්සන කරගත්ත අය ඉන්නේ අල්පයයි. වැටුණු වළෙන් ගොඩ එන්න පිදුරු ගහක්වත් නැති ජීවිත අපේ සමාජයේ කොයිතරම් නම් ඉන්නවද?
දුප්පත් අම්මා තේ දල්ල කඩන්න. කුලී වැඩට යන්නේ හම්බවෙන සොච්චමෙන් රජ සැප විඳින්න නෙමෙයි. මොන දුකක් විඳලා හරි තමන්ගේ දරුවන්ට උගන්නලා උඹලව මේ සමාජයේ හොඳ මනුස්සයෙක් කරන්න. කරදණ්ඩ ටිකෙන් ටික උස් මහත් වෙනකොට ඕන ඕන කියන සාම්පලේ දේවල් ගන්න කාසි දුන්නේ උඹලට තියෙන බයකට නෙමෙයි. පොඩි එවුන්ගේ ආසාව නේද කියලා හිතලා. ඒත් උඹලා පොඞ්ඩ බැරිවෙනකොට අම්මා අප්පච්චිට ගෑස් පෙන්නුවේ, තරහ ගත්තේ හරියට අම්මා අප්පච්චිටත් එහා ගිය මහමිනිස්සු වගේ.
ගෙදර ලොකු මහත් වෙච්ච ළමිස්සියෙක් ඉන්නකොට අම්මාගේ හිතේ දැවෙන ගින්දර කවරදාවත් උඹට නොදැනෙන්න ඇති. අම්මා ගිනි ගහන අව්වේ, එහෙම නැතිනම් ඇඟලූම් කම්හලේ යකඩ මැෂින් එක්ක හැප්පෙන්නේ උඹට හොඳ අනාගතයක් හදන්න කියලා උඹට හිතන්න ඔළුවක් තිබුණේ නැහැ. එන එන විලාසිතාවට අඳින්න, විලාසිතා කරන්න සල්ලි ඉල්ලලා රණ්ඩු කරේ ජීවිතේ බර උඹට නොදැනෙන නිසා. හිතෙන්න ඇති නංගියේ උඹටත් අනිත් ළමිස්සියෝ වගේම ලස්සනට අඳින්න, විලාසිතා කරන්න. ඒත් උඹ හිරට හිරේ ඇඳුම් ඇඳගෙන මහ පාරේ යනකොට දකින එවුන් දොස් තිවුවෙ උඹට නෙමෙයි නංගියේ උඹේ අම්මට. අම්මා හිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන උඹව ටියුෂන් පන්ති යැව්වේ සල්ලි වැඩි වෙලා නෙමෙයි. ඒත් උඹ ගිහින් ඉගෙන ගත්තේ ජීවිතේ මේ විදිහට විඳවන්නද කියලා හිතෙනකොට උඹට විතරක් නෙමෙයි අම්මටත් මේ ජීවිතෙන් යන්න හිතිලා. උඹ නැතිවුණ දුක දරාගන්න බැරුව නෙමෙයි. සමාජය නගන දොස් දරාගන්න බැරුව.
ඔයා පණ වගේ ආදරේ කරපු පේ‍්‍රමවන්තයා, දන්නෙම නැතුව උඹේ බඩට දරු පැටියෙක් දීලා පැනලා යද්දි අවසානයේ කඳුළු පිසදාන්න හිටියේ අම්මා විතරයි කියලා එතකොටවත් උඹට දැනුණානම්, බිත්ති හතරක් ඇතුළේ හිරවෙලා සමාජයෙන් කොන් වෙලා හිටියත් ඔය සිතට ඒ දැනුණු චේතනාවම සැනසීමක් නේද?.
‘‘එදා මම හිටපු තත්ත්වෙන් බේරගන්න අම්මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මැරුණත් මාව දාලා යන්නේ නැහැ කියපු සුරාජ් මගේ බඩට දරුවෙකුත් දීලා මාව මේ විදිහට අසරණ කරාවි කියලා සිහිනෙන්වත් හිතුවෙ නැහැ.’’
නිලූකාගේ දෑස්වලින් කඩා හැලෙන කඳුළු ඒ මූසල අතීතයට සාප කරනවා. මහ පොළව හැමදේම දරාගෙන නිහඬ වෙලා. සමාජයෙන් ඇසෙන අපවාද, දොස් ඇයව සමාජයෙන් තව තවත් කොන් කළා.
‘‘මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු දොළහයි. පපුවෙ අමාරුවකින් තමයි තාත්තා නැති වුණේ. තාත්තා නැති වුණාට පස්සේ අපිට ජීවත් වෙන්න ආර්ථික මාර්ගයක් තිබුණේ නැහැ. අම්මා දළු කැඩුවා, ගාමන්ට්වල වැඩට ගියා, විවිධ රැුකියා කළා. සල්ලි නැහැ කියලා අම්මා කවදාවත් මගේ ඉස්කෝලේ ගමන නතර කරපන් කියලා කිව්වේ නැහැ. මම වෙනුවෙන් අම්මා ගොඩක් දුක් වින්දා. ඒත් එදා මට ඒ හැම දෙයක්ම තේරුම්ගන්න බැරි වුණා. මම පුංචි කාලේ ඉඳලම අම්මට අකීකරු වුණා. ඒත් අම්මා මගේ හිතුවක්කාරකම් හරි පුදුම විදිහට දරාගත්ත කෙනෙක්. මම අම්මට ඕන තරම් අසභ්‍ය වචන කියලා බැණලා ඇති. මම දෙයක් ඉල්ලූවොත් ඒ දේ මට දෙනකම් පොළවේ හැපිලා අඬලා ඇති. අම්මා ණය වෙලා හරි මම ඉල්ලපු දේවල් අරන් දුන්නා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට මම කියන දේවල් සදාචාරසම්පන්නද කියලා. ඒත් ඇත්තම කථාව මම හැදුණේ එහෙම. අම්මා කවදාවත් මට තරවටු කරලා නැහැ. මහ සෙනඟ මැද අම්මට අසභ්‍ය වචන වලින් මම බැන්නත් ‘‘ඔහොම කථා කරන්නේ නරක ළමයි’’ කියලා අම්මා කිව්වේ හරිම ආදරණීය විදිහට. මම කවදාවත් අම්මා කියපු දෙයක් කනකට ගත්තේ නැහැ.
මම ඉල්ලන ඉල්ලන ඇඳුම මට අරන් දුන්නා. නොදුන්නොත් මම අම්මට සැරෙන් කථා කළා. අම්මා ඒ හැමදේම හිතේ තදකරගෙන ඉන්නේ නැතුව එදා මගේ බෙල්ල මිරිකලා මරලා දැම්මනම් මීට වඩා සැපයි. මගේ ජීවිතේම කවදාවත් සැනසීමක් ලබන්න මට බැහැ.
ජීවිතේ ඔය විදිහට යද්දි මට සුරාජ් අයියා මුණ ගැහෙන්නේ ටියුෂන් පන්තියේදි. සුරාජ් අයියා තමයි ඒ දවස්වල ක්ලාස් එන ළමයින්ගේ කාඞ් පරීක්‍ෂා කළේ. ගෙදර කොච්චර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් මම කිසිම අඩුවක් නැති ගාණට පන්ති ගියා. අනිත් ළමයි ලස්සනට අඳිනකොට මටත් ඒ ඇඳුම් අඳින්න ආස හිතුණා. අම්මා සමහර ඇඳුම් ‘‘එපා පුතේ ඕවා ඇඳගෙන යන්න’’ කියලා කිව්වාම මම අම්මට බැන්නා. කොච්චර ආර්ථික ප‍්‍රශ්න තිබුණත් අම්මා මම ඉල්ලන දේවල් අරන් දුන්නා. මට ඒ දේවල් ගැන කිසිම ගාණක් තිබුණේ නැහැ. අම්මා එදා මම වෙනුවෙන් විඳපු දුක මට එදා දැනුණා නම්... කරුමයට මුහුණ දෙන්න එපැයි. මේ මගේ දෛවය වෙන්න ඇති. ඒත් සුරාජ් අයියා හම්බ වුණාට පස්සේ මම හිතුවා එයා ගොඩාක් ආදරෙන් ඉඳිවි කියලා. ක්ලාස් එකේදි ඇති වුණ පුංචි කථා බහ දන්නෙම නැතුව ආදරේක පෙරැුළුණා. එදා මගේ ජීවිතේ හැමදේම මම සුරාජ් අයියට කිව්වා. තාත්තා නැති මට එදා එයා පොරොන්දු වුණා තාත්තෙක් වගේ රැුකබලාගන්නවා කියලා.
අපේ සම්බන්දෙට මාස දෙක තුනක් වෙද්දි අපේ සම්බන්දෙ ගැන මම අම්මට කිව්වා. සුරාජ් අයියා අපේ ගෙදර නිතර ආවා ගියා. ඒත් අපි සුරාජ් අයියා අපිට කියනවට වඩා එහා දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. මම හිතුවා සුරාජ් අයියා කියපු හැමදේම ඇත්ත කියලා. සුරාජ් අයියා මම වෙනුවෙන් ගොඩක් වියදම් කළා. පස්සේ පස්සේ හැම මාසෙම මට ඕන කරන දේවල් අරන් දුන්නේ අම්මා නෙමෙයි, සුරාජ් අයියා. මම වෙනුවෙන් ඒ තරම් දේවල් කරද්දි කවදාවත් සුරාජ් අයියා ගැන අවිශ්වාසයක් හිතන්නේ කොහොමද? අපේ සම්බන්දෙ අම්මා දැනන් හිටපු නිසා සුරාජ් අයියා එක්ක ඇවිදින්න, ඕන තැනකදි මුණ ගැහෙන්න තහනමක් තිබුණේ නැහැ.
සුරාජ් අයියටයි මටයි රැ දවල් කියලා ගානක් තිබුණේ නැහැ. අම්මා බැන්නට ඒ දේවල් මම ගාණකටවත් ගත්තේ නැහැ. මම කළේ මගේ හිතුමතේට ඕන දේවල්. ගෙදර එන්න සුරාජ් අයියට අම්මා අවසර දුන්නත් සුරාජ් අයියට ඕන වුණේ නිදහස් තැන්වල මුණගැහෙන්න. නිතරම සුරාජ් අයියා කිව්වේ අවුරුදු දහඅට පිරුණ ගමන් අපි බඳිමු කියලා. ඒත් ඒ හැමදේම අද හීනයක් විතරයි. ඔය විදිහට අපි මුණ ගැහුණා. කථාකළා. අපි දෙන්නා පුදුම ආදරේකින් හිටියා. සුරාජ් එක්ක ඕනවට වඩා ඇවිදින්න යන්න එපා. කථාකරන දෙයක් ගෙදරට එන්න කියලා කථා කරන්න කියලා අම්මා නිතරම කිව්වා.
මට එයා මගේ ජීවිතේටත් වඩා විශ්වාසයි කියලා අම්මට මම ගොඩක් සැර වුණා. සුරාජ් අයියා මාතර පැත්තේ කියලා තමයි මට කියලා තිබුණේ. සමහර මාසවලට ගෙදර ගියහම සුරාජ් අයියා ෆෝන් ඕෆ් කළා. ඒත් මට ලොකු සැකයක් හිතුණේ නැහැ. ගෙදර ඉඳන් ආවම ඒ දේවල් වලට විවිධ හේතු කිව්වා. අම්මා අසනීපෙන් කියලා මට බොරු කිය කියා පස්සේ පස්සේ නිතර ගෙදර ගියා. මම ඒ දේවලූත් ඉවසුවා. ඔය අතරතුර තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න ලැබුණේ. සුරාජ් අයියා ගෙදර ආවෙම නැහැ. කථා කලාට දුරකථනයෙන් වත් කථාකළේ නැහැ. මට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අම්මට කිසි දෙයක් හංගන්න පුළුවන් වුණේත් නැහැ. අම්මා තමයි මාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කගෙන ගියේ. සුරාජ් අයියාව හොයාගෙන යන්න කියලා ඉන්න තැනක්වත් හරියට දැනන් හිටියේ නැහැ. මගේ රත්තරං අම්මා මාව හැම වෙලාවෙම සැනසුවා. ඒ හිත ගලක් නෙමෙයි. ඒත් මගේ ඉස්සරහ කවදාවත් අම්මා ඇඬුවෙ නැහැ.
අම්මා සුරාජ් අයියා වැඩ කරපු තැනට ගිහින් එයාගේ විස්තර සොයද්දි දැනගන්න ලැබුණා සුරාජ් අයියා විවාහ වුණ කෙනෙක් කියලා. සුරාජ් අයියා මාව අරගෙන ගිහිල්ලා අතෑරපු හීන මාලිගා මගේ දෙපතුල ළඟටම කඩා වැටුණා. ඇඬුවට අඬන්න කඳුළු නැහැ. අඬලම මගේ හිත දැන් ගලක් වෙලා. මට මා ගැනම ලොකු වෛරයක් ඇති වෙනවා. කවදාක හරි මම මේ බිත්ති හතරෙන් එලියට යාවි. ඒත් කවදාවත් මම ආයෙත් විවාහයක් ගැන හිතන්නේ නැහැ.
සුරාජ් නිලූකාට ආදරේ කළේ නිලූකට තියෙන ආදරේට නෙමෙයි. මේ අහිංසකීගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්න. නිලූකාගේ ජීවිතේ වුණේ සුරාජ්. අම්මට හිතුවක්කාර වුණ නිලූකා ජීවිතේ විනාශ කරගත්තට පස්සේ සුරාජ් නිලූකාගේ පිහිටට ආවේ නැහැ. සුරාජ් කියන්නේ විවාහ වෙලා දරුවො දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් කියලා සියල්ල හෙළි වෙද්දි නිලූකා බාලවයස්කාර ගැබිනියක වෙලා. නිලූකාට දරුවෙක් කුස දරා සිටීමට තරම් ශරීරයක්වත් දරු ප‍්‍රසූතියකට සුදුසු වයසක්වත් තිබුණේ නැහැ. සියල්ල නීතියට භාර වෙද්දි නිලූකාගේ අම්මට හිස් අතින් ගෙදර යන්න වුණා. ඒ අතරතුර නිලූකා මානසික රෝගයකින් පෙළෙන රෝගියෙකු බවට පත්වුණා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් නොතේරුම් අවධියක නිලූකා ගැබිනියක වුණේ ඇගේම වරදින්.
‘‘ආදරේ කරන්න ඕන තරම් උදවිය ඒවි. ඒත් ඔයාගේ ජීවිතේ වටිනාකම ඔය ආදරේ කියන එකාට රුපියලකවත් වටින්නේ නැහැ. ඒත් උඹේ අම්මා අප්පච්චිට උඹව කෝටියක් වටිනවා..’’
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙදරු පියෙකුට පෙම්කළ වරදට...
ලුම්බිණි Thursday, 14 January 2016 04:03 AM
කණගාටු දායක සිද්ධියක්. මේ දැරිවිය කල යුත්තේ අතීතය මතක කර අලුත් ජීවිතයක් ගැන හිතන එකයි. (මම දන්නවා ඒක අමාරු බව) ඒත් මිනිසුන් අතර ඉන්න නොමිනිසෙකුට තමන්ගේ ජීවිතයේ ඉතුරු ටික විනාශ කරන්න ඉඩ දිය යුතු නැහැ. (ම)
සම්පත් Thursday, 14 January 2016 05:42 PM
දැන් ඉතින් මොනවා කියලා කරන්නද?? (නි)
දුෂාන්ති Saturday, 16 January 2016 04:31 AM
අද කාලේ දරුවන්ට මෙම ලිපිය වැදගත් වේවි තවත් නිලුකා කෙනෙක් බිහිනොවන්නට. (නි)
ගීත් Monday, 18 January 2016 05:33 AM
අද කලේ දරුවන්ටත් මෙය හොද පණිවුඩයක් වෙනවා (ම)
සඳමාලි Tuesday, 19 January 2016 09:42 AM
ඒ වගේ මිනිසුන්ට කිසිම සහනයක් දෙන්න නරකයි. මේ ලෝකේ පිවිතුරු බුදු දහමට අනුව සාප වෙනවාමයි. මම නම් ඒ වගේ තිරිසන් අයට හෙණ ඉල්ලනවා (බ)
අනුර Sunday, 31 January 2016 11:38 AM
අයියෝ මෙහෙමත් ලෝකයක්! (නි)
සම්පත් Thursday, 04 February 2016 03:34 AM
ලංකාවෙත් එක පිරිමියාට කසාද දෙකක් වත් අනිවාර්ය කලොත් ඔය ප්‍රස්නේ අපුරුවට විසදෙයි.(හේ)
සම්පත් Saturday, 06 February 2016 05:17 PM
මිනිහා හරිම වාසනාවන්තයෙක් (නි)
යසපාල Tuesday, 23 February 2016 04:04 PM
හොඳ කතාවක් (නි)
සුනෙත් Sunday, 17 April 2016 09:38 AM
මමත් ඔහොම දෙයක පැටළිලා ඉන්නේ (නි)