කතරගම ඇසළ උළෙලට සහභාගී වීමට නැගෙනහිර සිට යන වන්දනා නඩයක් සමග යාල වන මැදින් කිලෝමීටර 150 ක දුරක් ගෙවා කතරගමට එන්නට වාසනාව ලද්දෙමි.
මඩකලපුවේ ශ්‍රී මාංමාග පුල්ලෙයාර් කෝවිලේ පුද පූජා කිරීමෙන් පසු ජූලි 19 වැනිදා පා ගමන ඇරැඹිණි. වන්දනා නඩයේ 160 දෙනෙක් වූහ. සින්නතම්බි විතර්සිංහම් සාමි නඬේ ගුරාය. ඔහු සහභාගී වන 50 වන පාද යාත්‍රාව මෙයයි.
තිරුක්කෝවිල්, පොතුවිල්, පානම, වෙහෙරගල හෙවත් සන්නාසිමලේ පසු කරමින් අපි ඔකඳ දේවාලයට ආවෙමු. එතැන් සිට ගමන කුමන සහ යාල වනෝද්‍යාන මැදිනි.
යාල වන මැද ගමන සුන්දරය. අනතුරුදායකය.
අලියකු, කොටියකු හෝ වලසකු කොයි මොහොතේ ඉදිරියට හමුවේදැයි නොදනී. මුවෝ, ගෝන්නු හා හාවෝ දෑස මානයෙන් දිව යති. මොණරකු ඉදිරියට හමුවූ විට වන්දනා නඩය භක්තියෙන් මුමුණති. මයුරා හෙවත් මොණරා කතරගම දේවියන්ගේ වාහනයයි.
කතරගම දෙවියන්ට පූජා පිණිස යන මේ ගමනේදී මස්, මාළු නොකති. නිර්මාශ ආහාර පමණක් ගනිති. ඇතැම් විට කංසා කොළ මිශ්‍ර කොට සදා ගන්නා රොටියක් ආහාරයට ගන්නේ ශක්තියක් ලබා ගැනීමටයි. පතෝල, පරිප්පු, වට්ටක්කා, ආදිය ඔවුන්ගේ ජනප්‍රියම කෑම වර්ගයි.
වනමැද දිනකට ගමන කිලෝමීටර් 10 - 15 ක් පමණි. පාන්දර හිරු නැගීමත් සමග අරඹන ගමන හැන්දෑවට නවත්වා වනාන්තරයේ සුදුසු තැනක ලැගුම් ගනී. රෙදි කඩක් බිම එලාගෙන ගහක් යට සදා ගන්නා යහන ඔවුනට දිව්‍ය යහනකි. අසල දිය කඩිත්තකින් බොන වතුර උගුර අමෘතය වැනිය.
වනාන්තරයේ අතු රිකිල්ලක්වත් කඩන්නට වන්දනා කරුවන්ගේ අත් එසවෙන්නේ නැත. කටු පඳුරු සිප එන දූවිලි සුළඟ පවා ඔවුනට ආශිර්වාදයකි.
පාගමනේ අඩියක් අඩියක් පාසා විවිධත්වයෙන් පිරී ඇත. විටක කටු පඳුරු සහිත ශුෂ්ක මාර්ගයයි. කරවටක් වතුරේ බැස තරණය කළ යුතු ගංගා, දිය කඩිති හමුවෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන සිංහ රෙජිමේන්තුව යාල 4 කලාපයේදී බැතිමතුනට පානීය ජලය ලබාදුන්නේය.
වනමැද දින දහයක ගමනකින් පසු අපි ජූලි 29 දා උදෑසන කතරගමට ළඟාවීමු. තිරුක්කෝවිල්හිදී 160 ක් වූ වන්දනා නඩය කතරගමට එනවිට 350 ක් සිටියහ. මැණික් ගඟ දුටු කල්හි සියල්ලෝම අමුතු ජීවයක් ලදහ. ගඟට බැස මුව දෝවනය කැර ගත්පසු එම ජීවය දෙගුණ තෙගුණ විය.
දුෂ්කර මෙන්ම සුන්දර ගමන අවසන්වී කොළඹ කන්තෝරුවට පැමිණියද තවමත් නින්නාද වෙමින් අසෙන්නේ නැගෙනහිර බැතිමතුන්ගේ ”හරෝ හරා” යන හඬයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙපා ලද පින ලදිමි
රොහාන් Thursday, 09 August 2012 09:32 AM
බැරිවෙලාහරි කතරගම යාපනේ තිබුණනම්...(ස)
චින්තක Thursday, 09 August 2012 02:40 PM
අනේ.. අනේ..මේ කීවෙනි ශතවර්ෂයද?(නු)
චරිත් Thursday, 09 August 2012 02:45 PM
ඇයි මේහෙම වැඩ කරන්නෙ...!!(නු)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:55 PM
මේ අය ආපහු යන්නෙත් පයින්මද?(නු)
අශාන් Thursday, 09 August 2012 04:52 PM
ඇත්තටම මෙච්චර දුර මේ අය පයින් යන්නේ කොහොමද? (නි)
ප්‍රියලත් Saturday, 11 August 2012 12:36 PM
ප්‍රවීන් මේ අය ආපසු යන්නේ බස් වලින් . ඒ අය එද්දි එන්නේ බස්වලට මුදල් වෙන්කරලයි . සැමට කතරගම දෙවි පිහිටයි !!!!! (ස)
තරුෂ Saturday, 11 August 2012 03:19 PM
දුකම විඳින්නට දුකට වරම් ලද දුකින් උපන් දරුවෝ මේ අත්ථ කිලමතානු යෝගය------------------- බුදුන්වහන්සේ අනු දැන වදාලේ මැදුම් පිලිවෙතයි.. (ස)
නිර්මාල් Wednesday, 15 August 2012 02:27 PM
ගොඩක් හොඳයි...(ස)