පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකැර ඇත්තේ මෙතෙක් සිතා සිටි ආකාරයට නොවන බවත් එය කිසිදු ඉදිකිරීමකට දෙවැනි නොවන විශ්මිත නිර්මාණයක් බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.
11 වැනි හා 12 වැනි සියවස් වල දී සාදා ඇති දෙමළ මහා සෑයට ඒ නම ලැබී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ජයගෙන අල්ලාගෙන ආ දෙමළ වහලුන් 12,000 ක් යොදා ඉදිකරන ලද බැවින් යැයි ද එය දකුණු ඉන්දියාවට පෙනෙන උසකින් ඉදිකරන ලද බව ද වංශකතාවේ දැක්වේ. දාගැබේ වටප්‍රමාණය රියන් 1300ක් හා උස අඩි 1000ක් වූ බව ද පැවසේ. එය ගරාවැටී ඇති බැවින් නිශ්චිත මිනුම් දැනගත නොහැකියැයි පර්යේෂකයෝ කියති.
1984 දී සහ 1991 දී මෙහි කැණීම් සිදුකැර ඇති අතර කැණීමේ දී චෛත්‍ය මධ්‍යයෙන් බොරළු මතුවී ඇත. බොරළු ඇත්තේ පිහිටි පොළවේ යැයි තිබූ මතය හේතුවෙන් එකළ පුරාවිද්‍යාඥයන් නිගමනය කැර ඇත්තේ කන්දක් වටකැර ගඩොල් බැඳීමෙන් දාගැබ සාදා ඇති බවයි.
දැන් එහි කැණීම් සිදුකරන ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු පර්යේෂකයන් පවසන්නේ එම මතය ඉවත දැමීමට සිදුවන බවයි. අක්කර තුනහමාරක පමණ භූමියක පැතිර ඇති මේ දාගැබ කැණීමේ දි පෙනීගොස් ඇත්තේ දාගැබ තැනීමට කන්දක් වටකැර නැති බවයි. අඩි හැටක් පමණ උස එවැනිම පළලක් ඇති වෘත්තාකාර විශාල බැම්මක් බැඳ ඒ මැද පස්වලින් පුරවා මේ දාගැබ තනා ඇත.
ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ ගැන මෙසේ කියයි.
‘‘ කන්දක් වටකරලා ගඩොල් යොදා දාගැබක් හැදීම 12,000ක් වහළුන්ට පහසු දෙයක්. නමුත් මේ දාගැබ සාදා තිබෙන්නේ පිළිස්සූ මැටි ගඩොලින් ඉදිකර විශාල වෘත්තාකාර ප්‍රාකාරයක් මැදට පස් පිරවීමෙන්. දාගැබ සෑදීමට අපූරු තාක්ෂණයක් භාවිතා කර තිබෙනවා. දාගැබේ මධ්‍යය පිරවීමට පස්, බොරළු, කුඹුරු මැටි, වැව්වල රොන් මඩ ආදී බොහෝ ද්‍රව්‍ය භාවිතා කරලා තිබෙනවා. එහි ඇති විශේෂත්වය තමයි මේ දාගැබට අඩියක පමණ පස් හෝ මඩ තට්ටුවක් දාලා එයට ජලය යොදමින් අඩිය අඟලකට තළලා. ඇතැම් ස්තානවල බොරළු තට්ටුව සෙන්ටිමීටර පහක් පමණ ඝනකමට තිබෙනවා. මෙය ඉතා ශක්තිමත් දාගැබක්. විශාලත්වය අනුව සැළකූ විට මේ තාක්ෂණය ඒ සඳහා මනාව ගැලපෙනවා. දාගැබ මධ්‍යයේ කැණීම් කරන විට වළං කැබලි, පොළොන්නරුවේ ම ගොඩනැගිලි වලින් ඉවත් කළ කොටස් පවා තිබෙනවා. ඒ වගේ ම ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවන රතුවන් දුඹුරු පස් සහිත ප්‍රදේශයෙන් ද පස් ගෙනවිත් තිබෙනවා. මේ දාගැබේ තිබී ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් පවා අපට හමුවුණා.“
පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ අඩි හැටක් පමණ උසකින් සමතලා ආකාරයට ඉදිකරන ලද දාගැබ මධ්‍යෙය් හතරැස් මළුවක තවත් කුඩා දාගැබක් තිබෙන බැවින් මෙය දෙමහල් දාගැබක් බවයි.
කැණීම් ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස තිලක් දුනුවිල මහතා ද, ප්‍රධාන කැණීම් භාර නිලධාරී වරයා ලෙස ප්‍රියන්ත සිසිල් කුමාර මාරසිංහ මහතා ද ජ්‍යේෂ්ඨ කැණීම් භාර නිලධාරීවරයා ලෙස ඒ.වී.එල්. ද මෙල් මහතා හා ඒ.එම්.ඩී.කුමාරි අලහකෝන් මහත්මිය ද කරටුයුතු කරති.
පර්යේෂකයන් පවසන්නේ අහසින් වැටෙන එකම දියබිඳුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායන්නට ඉඩ දෙන්න එපා යැයි කියූ මහා පරාක්‍රමබාහු රජු එකම පස් පිඬක් හෝ අපතේ යැවීමට ඉඩ දී නොමැති බව දෙමළ මහා සෑයේ ඉදිකිරීම්වලින් පෙනෙන බවයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙමළ මහ සෑයේ රහස් වසර 1000 කට පසු
ජයන්ත Friday, 29 August 2014 04:50 PM
මේකට මොකද ප්‍රතිචාර අඩු? (නි)
චාමර Friday, 29 August 2014 05:28 PM
මෙච්චර වැදගත් ලිපියක් වෙලත් අපේ බුද්ධිමත් පාඨකයෝ අදහස් පළකරලා නැහැ. කාලෙකින් දැකපු හොඳම ලිපියකි. (නි)
සම්පත් Saturday, 30 August 2014 11:43 AM
අපේ තාක්ෂණය ඉතිහාසය ගැන වර්තමාන පරපුරට හැගීමක් නැති වීම අභාග්‍යක් (අ)
ධම්ම Sunday, 31 August 2014 11:48 AM
"එකළ පුරා විද්‍යාඥයන් නිගමනය කැර ඇත්තේ කන්දක් වටකැර ගඩොල් බැඳීමෙන් දාගැබ සාදා ඇති බවයි". මේ තරම් සරල නිගමනයක් කරන්න එම පුරා විද්‍යාඥයන් මෙතැන පර්යේෂණයක් කලාද යන්නත් සැක සහිතයි. (නදී)
ලියනගේ Monday, 01 September 2014 06:29 AM
රජය මේ සඳහා වැඩිපුර මුදල් යොදවන්න ඕනේ, අපගේ පැරණි ප්‍රදේශ අාරක්ෂා කර ගන්න. (ස)
හැරල්ඩ් Monday, 01 September 2014 04:46 PM
අපි මෙවන් සම්පත් ආරක්ෂා කරගත යුතුයි (නි)
ලක්මාල් Friday, 05 September 2014 04:01 AM
ගොඩක් වටිනා ලිපියක් (නි)
ඩෑම් Tuesday, 09 September 2014 10:57 AM
ජයන්ත, බලන්න මේ "ධම්ම" කියන දේ .... (නි)
රෝහණ Tuesday, 09 September 2014 03:09 PM
හැබැයි ඕක ඇතුලේ නිධාන එහෙම තිබුනොත් පොලිසියේ ආරක්ෂාව ඇතුවම අරන් යයි.(ස)
චමින්ද Wednesday, 10 September 2014 04:02 AM
ඇත්තෙන්ම හොඳ වැඩක් (නි)
ශශීමාල් Wednesday, 10 September 2014 10:25 AM
වටිනා ලිපියක්. (නි)
ධම්මික Friday, 12 September 2014 10:26 AM
මේ තුළ ඇති සියලුම දේ ආරක්ෂා කරමින් නැවත ගොඩනඟන්න හැකිද? (නි)
ධම්මික Thursday, 18 September 2014 04:15 PM
ඉතිහසයේ පිරමීඩ වලට පසු ඉදිවූ විශාලම ඉදිකිරීමක්. ලංකාවට ආඩම්බරයක් (නි)
සුපුන් මදුරංග Tuesday, 23 September 2014 05:00 PM
ඇත්තටම මැණික් රත්තරන් හම්බු උනොත් ඕවා යන්නේ කාගේ සාක්කුවටද. (නදී)