X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


දෙරණ වාදපිටියේ සිදුවුනේ මොකක්ද

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඒ කතාවේ කොතරම් සත්‍යයක් ඇත්දැයි පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තු සභාවයි. සභාව ඇතුළතදී වචනයෙන් හරඹ කර ගන්නා, කෑකෝ ගසා ගන්නා, එකිනෙකාට මඩ ගසා ගන්නා මන්ත‍්‍රීවරු බොහොමයක් දෙනා තේ පානයට යන්නේ කරට අතදමාගෙනය. විද්‍යුත් මාධ්‍යවල දේශපාලන සාකච්ඡාද එලෙසමය. රූපවාහිනී තිරය ඉදිරියේ ගිරිය පුප්පාගෙන වචන හරඹවල යෙදෙන දෙපක්ෂයේ ඇතැම් මැතිxඇමැතිවරුන්, මන්ත‍්‍රීවරුන් විවාදය අවසානයේ එකම මෝටර් රථයකින් නිවෙස්වලට යන අවස්ථා ඇති බවද වාර්තාවේ.

පසුගියදා දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනක විවේකයේදී වූ සිදුවීම් දැන් කවුරුත් දනිති. ඒ විවාදයට සහභාගි වූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ බදුල්ල දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා අතර සිදුවූ බව කියන ගුටි බැට හුවමාරුවකි.
වැඩසටහන ඉතාම සුහදව ආරම්භ වී තිබුණත් අතරමගදී වචන හුවමාරුව බෙහෙවින් උණුසුම් තත්ත්වයකට පත්විය. ඒ උණුසුමේ ප‍්‍රතිඵලය පළමු විවේකයේදී දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවයි. මේ ගුටිබැට හුවමාරුව නිසා වැඩසටහනද අත්හිටුවීමට සිදුවී ඇත.

රූපවාහිනී නාළිකාවේ සේවකයෙක් ප‍්‍රකාශ කළේ මේ අවස්ථාවේ මයික‍්‍රෆෝනය හා පුටුව පෙරළී තිබූ බවයි. තත්ත්වය උණුසුම්වීමේ ආරම්භය ”නපුංසකයා” යනුවෙන් එක් අයකු ඇමතීම බව හෙළිවේ. වචන හුවමාරුව අවසානයේ එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. ගුටි බැට හුවමාරුව ඉතා අපහසුවෙන් මගහරවා ගැනීමට එම විවාදයට සහභාගි වූ අරුන්දික ප‍්‍රනාන්දු  හා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරු දෙදෙනාටත් මැදිරියේ සිටි පිරිසටත් මහත් වෙහෙසක් දරන්නට සිදුවී ඇත. එකිනෙකාට පහරදී ගැනීමට දෙදෙනා දිගින් දිගටම උත්සාහ කිරීම නිසා, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හරීන් ප‍්‍රනාන්දු මහතා මැදිරියෙන් එළියට තල්ලූ කරගෙන ගොස් තිබේ. මැදිරියෙන් පිටත සිටි ආරක්ෂක නිලධාරීන් සිද්ධිය දැන ගන්නා විට ගුටිබැට හුවමාරුව සිදුවී අවසන්ය. හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආරක්ෂක නිලධාරීන් රූපවාහිනී භූමියෙන් ඔහු ඉවත්කරගෙන ගොස් ඇත. ඉන්පසුව දයාසිරි ජයසේකර මහඇමතිවරයා රැගෙන ආරක්ෂක නිලධාරීන් පිටත්ව ගොස් ඇත.

මේ ගුටිබැට හුවමාරුව පිළිබඳව දෙදෙනාගෙන්ම විමසුවෙමි.
 


 

dayasiri


 

01_P6G0830ප‍්‍රශ්නය: මොකද මේ රණ්ඩු කරගෙන.
01පිළිතුර: මම රණ්ඩුවකට ගියේ නැහැ. රස්තියාදුකාරයෝ දේශපාලනඥයෝ වුණාම ඇතිවෙන තත්ත්වය තමයි.


01ප‍්‍රශ්නය: ඒ කිව්වෙ, පැහැදිලි නැහැ.
01පිළිතුර: බොහොම කැත විදියට තමයි කතා කළේ.


01ප‍්‍රශ්නය: කොහොමද?
01පිළිතුර: අයිසෙ, තමුසෙ, නපුංසකයා ඔන්න ඔය වගේ නොගැළපෙන වචන. කුණුහරුපත් කිව්වා. පදනමක් නැති චෝදනා එල්ල කළා.


01ප‍්‍රශ්නය: ඔබේ ඉවසීමේ සීමාව ඉක්මවල ගියා.
01පිළිතුර: මේකයි. පදනමක් විරහිතව චෝදනා කරනවා. රාජපක්ෂ පවුලට චෝදනා කරනවා. ඒවා මොනවද කියල කියන්නෙ නැහැ. පදනම් විරහිතයි. එතනෝල් ගෙන්වීම ගැන කියනවා. හොරකම්, වංචා ගැන කියනවා. ඉබාගාතෙ යන චෝදනා කරනවා. පදනමක් නැහැ. අදාළව කරුණු ඉදිරිපත් කළෙත් නැහැ.


01ප‍්‍රශ්නය: ඔය වගේ චෝදනා විපක්ෂයේ හැමෝම වගේ කරනවානේ.
01පිළිතුර: චෝදනා කරනකොට සාධක ඇතිව කතා කරන්න  ඕනැ. අපි එහෙමයි. මේ මනුස්සය පදනම් විරහිත චෝදනා කළා. කුණු වෙබ් අඩවියක ප‍්‍රචාරය කරපු දෙයක් අල්ලගෙන මට මඩ ගැහුවා.


01ප‍්‍රශ්නය: ඔබ සීමාව ඉක්මවල ගියෙ ඇයි?
01පිළිතුර: මම සීමාව ඉක්මවල ගියේ නැහැ. හරීන් තමයි සීමාව ඉක්මවල ගියේ. මට කතාකරන්න නොදී දිගින් දිගටම බාධා කළා.


01ප‍්‍රශ්නය: විවාදයකදි එහෙම දේවල් වෙනවා නේද?
01පිළිතුර: ඔය මනුස්සය මට පුළුවන් තරම් මඩ ගැහුවා. ඒක මගේ ජයග‍්‍රහණයටත් හේතුවුණා. මම සල්ලි අරගෙන රජයට ආව කිව්වා. ඔහොම බොරු කියන්න හොඳ නැහැ.


01ප‍්‍රශ්නය: ඔබට කේන්ති ආවේ ඒකද?
01පිළිතුර: මට කතා කරන්න නොදී මහ ජරා කතා කිව්වා.


01ප‍්‍රශ්නය: ඔබ නාමල්ගෙ නම ගාව ගත්තෙ.
01පිළිතුර: නෑ... නෑ... එහෙම ගාව ගත්ත නෙවෙයි. දවල්ට රාජපක්ෂ පවුලට බනිනවා. ?ට නාමල්ට කතා කරනවා. මම ඒක කිව්වා.


01ප‍්‍රශ්නය: නාමල් හරීන් දෙන්න මත්පැන් බොනවද?
01පිළිතුර: නැහැ... නැහැ. මම එහෙම කිව්වෙ නැහැ. අනික නාමල් මත්පැන් බොන කෙනෙකුත් නොවෙයි.


01ප‍්‍රශ්නය: මේ ගැටුමට පෞද්ගලික ප‍්‍රශ්නයක් හේතුවෙල තියෙනවද?
01පිළිතුර: කිසිම පෞද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. එයත් එක්ක මොන පෞද්ගලික ප‍්‍රශ්නද?


01ප‍්‍රශ්නය: පුද්ගලයෙකුට රජය විවේචනය කරන්න පුළුවන්නේ.
01පිළිතුර: පුළුවන්. ඒත් චෝදනා කරන විට සාධක ඇතිව චෝදනා කරන්න  ඕනැ.


01ප‍්‍රශ්නය: දෙන්නා ගහගත්තද?
01පිළිතුර: නෑ. එහෙම දෙයක් වුණේ නැහැ.


01ප‍්‍රශ්නය: ඔබට ගැහුව කියනවා.
01පිළිතුර: ඒ බොරු. එහෙම දෙයක් උනේ නැහැ.


01ප‍්‍රශ්නය: ඔබ හරීන්ට ගැහුවද?
01පිළිතුර: නැහැ.


01ප‍්‍රශ්නය: ඔබ මීට පෙරත් මේ වගේ විවාදවලදි ආරවුල් කරගෙන තියෙනවද?
01පිළිතුර: නැහැ. අපි බොහොම සුහදව විවාද කරල තියනවා. අජිත් පෙරේරා මන්ත‍්‍රීතුමා එක්ක එහෙම විවාද කරල තියෙනවා. මෙහෙම නැහැ.

 

 

harin

 

01_DSC0174ප‍්‍රශ්නය: මාර චණ්ඩියෙක් වෙලානේ.
01පිළිතුර: අනේ නෑ. මම බොහොම අහිංසක මනුස්සයෙක්.


01ප‍්‍රශ්නය: දයාසිරි ජයසේකර මහ ඇමැතිවරයට ගැහුව කියල ආරංචියි.
01පිළිතුර: මගේ ෂර්ට් එකෙන් අල්ලල හොල්ලනකොට මට ඉවසගෙන ඉන්න බැරි වුණා.


01ප‍්‍රශ්නය: ගැහුවද?
01පිළිතුර: මගේ ෂර්ට් එකෙන් අල්ලල කුණුහරුප කියල බණිනකම් අහගෙන ඉන්න මම මොකෙක්ද? මම දුන්න එකක් ඇදගෙන වැටෙන්න.


01ප‍්‍රශ්නය: ඔබ ගහනකම් එයා බලාගෙන හිටියද?
01පිළිතුර: නැහැ. මාව හැපුවා!


01ප‍්‍රශ්නය: ඉතින්
01පිළිතුර: මම කිව්වා. ගෑනියෙක් වගේ හපන්න එපා යකෝ. අතින් පයින් ගහපන් කියලා.


01ප‍්‍රශ්නය: ඔබට තුවාල වුණාද?
01පිළිතුර: මගේ මූණ සීරිල තිබුණා. ලේ පොඞ්ඩක් ආවා. මම ගණන් ගත්තෙ නැහැ.


01ප‍්‍රශ්නය: ඔය තරම් දුර දිග යන ආරවුලක් ඇති වුණේ පෞද්ගලික හේතුවක් නිසාද?
01පිළිතුර: කිසිම පෞද්ගලික හේතුවක් නැහැ.


01ප‍්‍රශ්නය: කාන්තා ප‍්‍රශ්නයක්වත්.
01පිළිතුර: අපෝ නැහැ. ගෑනු ප‍්‍රශ්න නැහැ.


01ප‍්‍රශ්නය: ඔය තරම් දුර දිග ගියේ.
01පිළිතුර: දයාසිරිට මල පැන්නා. කෙනෙක් මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. නිල්පාට කමිසයක් ඇඳගෙන ඉන්නෙ අනිත් පැත්තට යන්න අදහසක් තියෙනවද කියල. ඒ ප‍්‍රශ්නයට මම උත්තර දුන්නා. ඒ පිළිතුර දයාසිරිට හොඳට වැදුනා. මම කිව්වා, ”සමහර අය වගේ රජයට බැනල රෙද්දක් ඇඳගෙන නම් යන්නෙ නැහැ. මම ඔය වෙන අය වගේ කටින් එකක් කියල වෙන එකක් කරන කෙනෙක් නොවෙයි හිඟමන් යන්නෙ නැහැ” කියල කිව්වා.


01ප‍්‍රශ්නය: ඒකටද කේන්ති ගියේ.
01පිළිතුර: එයා කිව්ව මම නාමල් එක්ක බොන්න යනවා කියලා. සමාජ ශාලා යනව කියල. මම දන්න විදියට නම් නාමල් බොන්නෙ නැහැ. ඔහොම කතා කරනකොට එයා හොඳටම කේන්තියෙන් මට බාධා කර කර හිටියෙ.


01ප‍්‍රශ්නය: ඊට පස්සෙ.
01පිළිතුර: එතකොට ”බ්රේක්” එකක් ආවා. බ්රේක් එකේදිත් මට බැන්නා. ගෙඹි වැඩ කරන්න එපා කිව්වා. මම ඇහුව කවුද ගෙම්බා කියලා. එයා මයික් එකයි පුටුවයි පෙරළගෙන ඇවිත් තමයි මට ගහන්න හැදුවෙ.


01ප‍්‍රශ්නය: ආරාවුල ඇති කරන්න මූලික වූයේ ඔබද?
01පිළිතුර: නැහැ. මම හරිම ගෞරවාන්විතව ඔහු පිළිගත්තා. ජයග‍්‍රහණයට සුබ පැතුවා. මගේ හොඳ යාළුවෙක්. වසරකට විතර පස්සෙ හමු වුණේ මට. සතුටුයි කියල කිව්වෙ.


01ප‍්‍රශ්නය: ඔහු මොනවද කිව්වෙ?
01පිළිතුර: මගේ එක්ක කිසිම යාළුකමක් නැහැ. කියල බනින්න පටන් ගත්තා. කටින් බය කර ගන්න හැදුවා.


01ප‍්‍රශ්නය: ඔබ කියල තිබුණ ඔහු රජයෙන් මුදල් ගත්තා කියලා.
01පිළිතුර: ඒක වෙබ් සයිට් එකක තිබුණ කතාවක්.


01ප‍්‍රශ්නය: ඔබ දැන් දයාසිරි ජයසේකර මහ ඇමති එක්ක අමනාපයෙන්ද?
01පිළිතුර: නැහැ. මගේ අමනාපයක් නැහැ. හොඳකුත් නැහැ. මම ඒක අමතක කළා.


01ප‍්‍රශ්නය: පොලීසියට පැමිණිලි කළාද?
01පිළිතුර: නැහැ.


01ප‍්‍රශ්නය: ඔය සිද්ධියෙන් පසු නාමල් ඔබට කතා කළාද?
01පිළිතුර: නාමල් කතා කළා. අයිය මාව ආරක්ෂා කළ බව ආරංචියි කියල මට ස්තුති කළා.


01ප‍්‍රශ්නය: වෙන කවුද කතා කළේ.
01පිළිතුර: අපෝ කථා කළා. ෆෝන් එකට පසුවදා දවසෙම නිවනක් තිබුණෙ නැහැ.


01ප‍්‍රශ්නය: පසුවදා පාර්ලිමේන්තු නාවෙ ඇයි?
01පිළිතුර: මම කලින් දාගත්ත වැඩ ගොඩක් තිබුණ.

 

Untitled-1



අදහස් (0)

දෙරණ වාදපිටියේ සිදුවුනේ මොකක්ද

රොහාන් Wednesday, 16 July 2014 06:00 AM

මේ වදන ඉවසන්න බැරි දේශපාලකයින් ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතුයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 16 July 2014 02:54 PM

හරින් මහත්තයෝ, බලාගෙන. ප්‍රවේශමෙන් කතා කරන්න. කාටත් ඔයා කියන කතා වමාරන්න වෙන දවසක් ළඟදීම එනවා. බොහෝදුරට ඌව ඡන්දයෙන් පස්සේ. (නි)

:       0       0

නන්ද Thursday, 17 July 2014 01:28 AM

කවදාහරි මේ දෙන්නාම එකම වේදිකාවේ එකට වාඩිවෙලා එකට කතාකරන්නත් පුලුවන් (නි)

:       0       0

ලෙස්ලි Thursday, 17 July 2014 07:04 AM

මිදී රොඩු බීපු බූරුවෝ පොර අැනගත්තු බව බන පොතේ තියෙනවා. (ස)

:       0       0

ජයසේන Friday, 18 July 2014 12:25 AM

දේශපාලනයේ තරම! පවතින රජයට පතුරුයන්න බැනලා පහුවදාට හිරිකිතයක් නැතුව ඒකෙ හොඳ කියන මිනිසුන් ඉන්න රටක් සහ ඒ වාගේ මිනිසුන්ට ඡන්දෙ දෙන පිරිසක් ඉන්න රටක් මේක (නි)

:       0       0

දිනේෂ් Friday, 18 July 2014 11:42 AM

මේ දෙන්නම හරි හොඳ අය. අපි තමා මෝඩයෝ (නි)

:       0       0

ලතා පළිහේන Friday, 18 July 2014 11:44 AM

සාමදාන වීම අගයමි (නි)

:       0       0

ජනිතා Saturday, 19 July 2014 10:12 AM

මේ ගහගන්නේ ජනතාවට ආදරේට නෙමෙයි (නදී)

:       0       0

සම්පත් Tuesday, 22 July 2014 03:25 AM

නියමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site