X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය

මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝකයේම වැඩිම කලක් රජ කිරුළ දරා සිටි දෙවැනි එලිසබෙත් මහ රැජින ඉකුත් 8 වැනිදා දිවි සැරිය නිම කළාය. අවුරුදු 96ක් ආයු වළඳා දෙවැනි එලිසබෙත් රැජින ඉන් වසර 70ක්ම මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මුළු ලෝකයම සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන විපර්යාසයන්ට ගොදුරු වෙමින් පවතින මොහොතක කිරුළ හිස දැරූ දෙවැනි එලිසබෙත් රැජින එකී විපර්යාසයන්ට මුහුණ දෙමින් නවීකරණය වෙමින් නූතන රාජ්‍ය සංකල්පයට නව අරුතක් එක් කළාය. එහෙයින්ම ඇගේ අභාවය මුළු ලෝකයම කම්පාවට පත් කිරීමට සමත්ය. එකී සංවේගයට පත් ජනී ජනයා සමග ‘ලංකාදීප’යද එක්වන්නේ කෘතවේදීත්වය පෙරටු කර ගනිමිනි.

බලය දූෂණයට මග මෙන්ම වැඩි බලය වැඩි දූෂණයට හේතුව බව දේශපාලන විද්‍යාවේ ප්‍රකට කියමනකි. මහා අධිරාජ්‍යයක සිහසුනට පත්වීම කවර තරාතිරමේ උද්ධච්ඡ භාවයකට එමගින් මහා සාපරාධයන්ට යොමුවීමට ඉඩ තිබේද යන්න දූපත් වැසියන් වූ අපට වටහා ගැනීම අසීරු නැත. එහෙත් දෙවැනි එලිසබෙත් රැජින වඩාත් සුවිශේෂී වන්නේ එමගින් පිටමන්වීම හේතුවෙනි. නිහතමානීකම දෙවැනි එලිසබෙත් රැජින සතු වූ සාඩම්බර පදක්කම විය. ලොව පුරා ජනයාගේ අනන්තාපරිමාණ ගෞරවාදරයට ඇය පත් වූයේද එහෙයිනි.

1926 අප්‍රේල් මස 21 වැනි දින ලන්ඩනයේ සෝපියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා 1952 වසරේදී සිංහාසනාරූඪ වූවාය. දෙවැනි එලිසබෙත් රැජින කිරුළ පළඳින මොහොත වනවිට මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියේ දෙවැනි ලෝක යුද්ධයේ වීරයකු ලෙස සම්මානයට පත් ශ්‍රීමත් විල්සන් චර්චිල්ය. එතැන් පටන් අග්‍රාමාත්‍යවරුන් 15 දෙනකුට නායකත්වය දුන්නාය. මහා බ්‍රිතාන්‍ය ශිෂ්ට සම්පන්න මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ලොව පුරා අණසක පැතිරවීමට එම නායකත්වය හේතුබල සම්පන්න වූවාය.

පෘතුගීසීන් හා ලන්දේසීන්ගෙන් පසුව අප රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව අප රට සමාජ, ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් පුළුල් වෙනස්කම්වලට බඳුන් විය. එතෙක් පැවැති සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය වෙනුවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දුන්නේය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනයට වැඩි වශයෙන් ස්වදේශිකයන්ට අවස්ථාව සලසාදීම වෙනුවෙන් එතෙක් පැවැති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඉංග්‍රීසිය මුල් කරගත් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේය. අද අප රටක් වශයෙන් පරිවර්තනය වී ඇත. සියල්ලටම මූලික පදනම බ්‍රිතාන්‍ය පාලනයෙන් හිමි වූවකි. මෙරට ජනයාට සර්වජන ඡන්ද බලය හිමිවීමත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය උරුමවීමත් මහා බ්‍රිතාන්‍යයේ මැදිහත්වීමය.

1948 පෙබරවාරි 4 වැනිදා අප රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වුවද 1972 වසරේදී පූර්ණ ජන රජයක් බවට පරිවර්තනය වුවද මහා බ්‍රිතාන්‍යය සමඟ තිබූ සබඳතා ගිලිහී නොගියේය. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටක් ලෙස මහා බ්‍රිතාන්‍යය සමඟ අප රටේ සම්බන්ධතාව තිරසාර විය. දෙවැනි එලිසබෙත් මහ රැජින දෙවරක්ම මෙරට සංචාරය කළාය. මහවැලි මහා ව්‍යාපෘතිය ජනගත වූයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ සුරතිනි.

සිව්වැනි කොවිඩ් එන්නත ලබාගෙන තිබුණද දෙවැනි එලිසබෙත් මහ රැජින කොවිඩ් ආසාදිත වූවාය. වියපත් නමුදු කොවිඩ් ආසාදිත තත්ත්වය බරපතළ නොවූ බවත් වෛද්‍යවරුන් විසි හතර පැය පුරාම රැජින සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් අයහපත් සෙඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජින ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් බැහැරව ස්කොට්ලන්තයේ බැල්මොරුල් මන්දිරයේ කල්ගත කළ බවත් එම මන්දිරය දෙවැනි එලිසබෙත් රැජිනගේ නිවාඩු නිකේතනයක් බවත් සඳහන්ය.

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇගේ පුත් 73 හැවිරිදි තුන්වැනි චාල්ස් රජු පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්ෂේත්‍ර 14ක රාජ්‍ය නායකයා බවට පත්වෙයි. දෙවැනි එලිසබෙත් රැජින අවසන් සුසුම් හෙළන විට 3 වැනි චාල්ස් රජු රැජින සමීපයේ සිටි බව වාර්තාවේ. තම මවගේ අභාවයෙන් පසුව 3 වැනි චාල්ස් රජු ප්‍රකාශ කර තිබුණේ ‘තම ආදරණීය මවගේ වියෝව ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඉතා ශෝකජනක මොහොතක් බවත් ඇගේ වියෝව එක්සත් රාජධානියට පමණක් නොව ලොව පුරා රාජ්‍යයන්ට, පොදු රාජ්‍ය මණ්ඩලයට සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ට ගැඹුරින් දැනෙනු ඇති බවත්ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වා සංවේගය පළ කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙස දැනුම්දී තිබේ. කෘතවේදී ජාතියක ආධ්‍යාත්මය එසේ ප්‍රදර්ශනයට තබමින් දෙවැනි එලිසබෙත් රැජිනට අපි සමුදෙමු.

(***)



අදහස් (0)

දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site