X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


දේව බාරහාර සහ සමාජයේ හැසිරීම

 24-pg22d--taks-pgs

 

අපි ජීවිතය නම් තරගයේ සිහින කප්පරක් ඔසවාගෙන හැල්මේ දුවන තරගකරුවන් වෙමු. මේ තරගයේ ජයග‍්‍රණයක්, අවසානයක් කවරදාක සිදුවේදැයි නොදන්නා තරමට එය සැබවින්ම අවිනිශ්චිතයි. මෙම තරගය තුළ අපව දිගින් දිගටම ඉදිරියට රැුගෙන යන්නේ ඉහත කී සිහිනයන්ය. ඒ සිහින ඉටුවීම හා ඉටුනොවීම තීරණය වන්නේ තම දෛවයට පින් සිදුවන්නටය. එනිසා සිහින හඹායාම අවසානයේ හෙම්බත් වන බෙහොමයක් නතරවන්නේ දෙවියන් අබියසය. දෙවියන් හමුවේ බාරහාර වන ඔවුහු දෙවියන්ට පඬුරු පාක්කුඩම් පිළිගන්වා ඒ සිහින සැබෑකර දෙන්නැයි අයැදිති. ඒ වෙනුවෙන් කැපවූ කපුමහත්වරුන් හා යකැදුරන් අපේ රටේ බහුලය. සමහරෙක් ශාස්ත‍්‍රය මැනවින් ප‍්‍රගුණ කළ අයෙක් සේම ඇතැමෙක් ශාස්ත‍්‍රය අල්පයක් ඉගෙන මහා දේවල් කරන්නට පෙළඹෙන වංචාකාරයෝය. බොරදියේ මාළු බාන්නෝය.

 

9
මෙම බාරහාර කෙරුවාවේ බොහෝ අපූරු දේ සිදුවෙයි. බාරහාර වීමේදී තමන් කැමැති දෙවියන් වෙනුවෙන් ඉදිවූ දේවාලයක කපුමහතෙකුගේ සේවය ලබාගත යුතුය. අප වෙනුවෙන් දෙවියන් ඉදිරියේ යාතිකා කරනුයේ ඒ කපු මහතාය. තිස්තුන් කෝටියක් දෙවිවරු ඇතැයි ව්‍යවහාරයේ සඳහන් වුවද බොහෝ දෙනෙකුගේ බාරහාර යොමුවන්නේ ප‍්‍රධාන දේව මණ්ඩලය නියෝජනය කරන කතරගම, විෂ්ණු, සමන්, ගම්බාර, කඩවර  ආදී දෙවිවරුන්ට හා කාලි මෑණියන්, පත්තිනි මෑණියන්ටය. මේ අයගෙන් බෙදී ආ අනෙක් දෙවිවරුන් පහත් භූත ආත්ම හා බැඳුණු දෙවිවරුන් ලෙසින් හැඳින්වේ. 


මලපොතේ අකුරක් බැරි සමහර දරුවකු පහේ ශිෂ්‍යත්වයෙන් සමත් කර දෙන්නැයි සමහර දෙමාපියෝ දෙවියන් ඉදිරියේ බාරහාර වෙති. අනතුරුව දරුවාගේ විභාග ප‍්‍රතිඵලය බාර වන්නේ දෙවියන්ටය. විභාගයට ඉදිරිපත් වන දරුවාට පොතේ පතේ දැනුම අවම මට්ටමක තිබීම හේතුවෙන් විභාගයෙන් අසමත් වූ පසු එම දෙමාපියන් දෝෂාරෝපණය කරන්නේ දෙවියන්ටය. දරුවාගේ දැනුම් මට්ටම දියුණු නොකර දෙවියන්ගෙන් උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට බලාපොරොත්තු වීම කොතරම් නම් හාස්‍යජනකද?


සමහරෙක් යහපත් පවුල් ජීවිතයක් ගෙවන අතරතුර අල්ලපු නිවසේ ඇහැටකනට පෙනෙන කාන්තාවක් තමන් වෙත ළංකර ගනිමින්  අනියම් සබඳතාවක් ගොඩනගා ගනිමින් කම් සැප විඳීමට කල්පනා කරති. තමන් දන්නා සියලූ උප්පරවැට්ටි යොදා ඒ කාන්තාව තමන්  වෙත සමීප කරගන්නට උත්සාහ දැරුවද, එය ඉටුනොවන කල්හි අවසානයේ දෙවියන්ගේ හෝ යකැදුරෙකුගේ සහය පතති. පුවත්පත් පෙරළා වශී ගුරුකම් කරන්නන් සොයති. එහෙත් එවැනි දේ වෙනුවෙන් දෙවිවරුන් ඉදිරිපත් වෙතැයි සිතිය හැකිද? එය කෙතරම් අඥාන ක‍්‍රියාවක්දැයි වටහා ගැනීමට තරම් ඔහුගේ බුද්ධි මට්ටම උසස් තැනක නැත. අවසානයේ තම අත වූ මිල මුදල් ද කපටි වංචනිකයන්ට පූජා කර මානසිකව ඇදවැටී තම පවුල් ජීවිතය ද අවුල් කරගන්නා අය අප සමාජයේ බහුලය.


සමහර කපු මහත්වරුද දේවාල තුළ දෑස් දල්වාගෙන සිටිනුයේ මෙවැනි අන්ධ භක්තියෙන් කටයුතු කරන අඥාන පුද්ගලයන් එහි පැමිණෙන තුරුය. දෙවියන්ගෙන් අදාළ කාරණාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් දිනා ගැනීම වෙනුවෙන් බාරහාර වීමේදී පූජා වට්ටියේ තබන පඬුරුවල අගය තීරණය කරන්නෝද මෙවැනි කපු මහත්වරුය. මොනර කොළ දෙස කෑදර බැලූම් හෙළන ඔවුන් අදාළ පුද්ගලයාගේ දුක් ගැනවිල්ල ඉටුකර දීම සම්බන්ධයෙන් දෙවියන්  ඉදිරියේ කරන යාතිකාව අතිශය හැඟුම්බරය.


මීගමුව ප‍්‍රදේශයේ අලූතින් ව්‍යාපාරයක් ආරම්භ කළ උපාලිගේ එම ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු  වූයේය. යාන වාහන පවා මිලදී ගෙන, සුඛෝපභෝගී නිවාස ඉදිකරගෙන යහපත් ලෙස ජීවත් වූ ඔහුගේ හිතට මනමාල පිස්සුව ආවේය. ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන් හතර දෙනාගෙන් අහැට කනට පෙනෙන එක්තරා කාන්තාවක සමඟ උපාලි අනියම් සබඳතාවක් ගොඩනගා ගත්තේය. කාලය ගෙවී ගියේය. යහපත් ලෙස ගලාගිය ව්‍යාපාරය දිනෙන් දිනම බංකොලොත්භාවයට  පත්වන බව උපාලිට දැනුණේය. ලාච්චුවේ මුදල් හිඟ විය.


අවසානයේ තමන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන කවරෙකු හෝ තමන්ට හූනියම් කර ඇතැයි සිතූ උපාලි දේවාල ගානේ යන්නට පටන් ගත්තේය.

මුන්නේ්ශ්වරම් ගොස් එළුවන් හත්දෙනෙකුගේ බෙලි කපා ලේ ගෙන කාලි මෑණියන්ට පූජා කර බාර වූයේය. ප‍්‍රතිඵලයක් බලාපොරොත්තු වූ දින ගණන පසු වුවද තමන්ගේ බාරය යහපත්  ලෙස ඵලදරා නොමැති බව තීීරණය කළ ඔහු කපු මහතා හමුවී කාලිමෑණියන්ට දොස් නැගීය. 


එහෙත් එහි සිදුවී තිබුණේ වෙනත් දෙයකි. උපාලි සමඟ අනියම් සබඳතාවක පැටලූණු කාන්තාව ඇයට රිසිසේ ලාච්චුවේ මුදල් සොරාගත්තාය. උපාලි දැඩි ලෙස ඇයව විශ්වාස කිරීම නිසා කිසිවිටකත් ඇය මෙවැන්නක් සිදු කරතැයි ඔහු නොසිතුවේය. තමන්ගේ ග‍්‍රහචාරයට අනුව ව්‍යාපාරික දියුණුව සැලසුණද මුදල් පාලනයේ අපිළිවෙළ දෙවියන්ට පාලනය කිරීමේ හැකියාවක් නොමැත. එහෙත් එවන් අවස්ථාවල තමන්ගේ ව්‍යාපාරයේ අඩුලූහුඬුකම් තමන් සකසා ගන්නවා විනා දෙවියන්ගේ මැදිහත් වීමකින්  ඊට පිළියම් යොදන්නට ක‍්‍රියා කිරීම හාස්‍යයට කරුණකි. 


තමන්ගේ උත්පත්ති කේන්ද්‍රයට අනුව ජ්‍යොතිෂයට ග‍්‍රහචාරයට අනුව දියුණුවට අදාළ ග‍්‍රහයන් නීචවී සිටී නම් යහපත් ප‍්‍රතිඵල ලැබීම හීනවී යා හැකිය. එනිසා දෙවියන්ගෙන් විසඳුම් යැදීමට පෙර තමන්ට මෙලෙස කරදර පැමිණෙන්නේ ඇයිද යන්න විද්‍යාත්මකව සෙවිය යුතුය. එහෙත් අද අප ජන සමාජයේ බොහෝ දෙනකු අන්ධ භක්තියෙන් තමන්ගේ ජීවිතයේ සියලූ යහපත දෙවියන්ගෙන් යදින තත්ත්වයට පත්වීම කොතරම් බාල බොළඳ ක‍්‍රියාවක් දැයි තනි තනිව කල්පනා කළ යුතුය.


දේවාලවල දෙවියන් වෙනුවෙන් ආවතේව කරනු ලබන  කපුමහත්වරුන් පවසන්නේ දෙවියන් වෙනුවෙන් යමෙක් බාරහාර වන අවස්ථාවක එහි ප‍්‍රතිඵල ලැබීමට දින 7ක්, 14ක්, 21ක්, තුන් මසක් හා දින 45ක් වන ආකාරයට ගත වන බවයි. නමුත් එසේ බාර වූ අවස්ථාවක, යන්ත‍්‍ර පැලඳි අවස්ථාවක හරක්මස්, ඌරුමස් හෝ මත්පැන් භාවිතය ආදී කරුණු නිසා එලෙස තමන්ට පෙරළා ලැබිය හැකි යහපත් ප‍්‍රතිඵලයට බාධා එල්ල විය හැකි බවයි.


අද සමාජයේ විවාහක කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවක් වනුයේ ඔවුනට දරුඵල නොලැබී යාමයි. එවැන්නක් සිදුවන්නේ විවාහක සැමියාගේ හෝ බිරිඳගේ ශරීරයේ පවතින යම් දුර්වලතාවක් නිසා විය හැකිය. එහෙත් සමහරු පත්තිනි මෑනියන්ගේ දේවාලයකට ගොස් දරුවකු ලබා දෙන ලෙස ඉල්ලා බාරහාර වන අවස්ථා කොතෙකුත් අසන්නට දකින්නට පුළුවන. එසේ බාරහාර වීමෙන් අනතුරුව තමන්ට දරුපල නොලැබුණහොත් අවසානයේ දෝෂා රෝපණය එල්ල වන්නේ පත්තිනි මෑණියන්ටය. එහෙත් තම තමන්ගේ ශරීරවල පවතින ශාරීරික දුර්වලතාවලට වෛද්‍ය විද්‍යානුකූලව පිළියම් සොයනවා විනා පත්තිනි මෑණියන්ගෙන් විසඳුම් බලාපොරාත්තු වීම කොතරම් දුරට ප‍්‍රායෝගික දැයි තම තමන්ම පෞද්ගලිකව තර්ක විතර්ක කර බැලිය යුතුය. 


අලූතින් නිවෙස් ඉදිකරන්නට යාමේදී ද ඇතැමුන්ට මෙවැනිම අත්දැකීම්වලට මුුහුණ දීමට සිදුවන අවස්ථා තිබේ. නිවෙස් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙරාතුව  ඇතැමෙක් කතරගම දෙවියන් ඉදිරියේ බාරහාර සිදු කරනුයේ කිසිදු ප‍්‍රමාදයකින් තොරව තමන් විසින් ඉදිකරනු ලබන නිවස ඉතා ඉක්මනින් අවසන් කර දෙන ලෙස ඉල්ලමින්ය. නමුත් බොහෝ දෙනෙකු කරන පරිදි නිවෙසක් ඉදිකිරීමේදී නිවස ඉදිකරන්නාගේ උත්පත්ති කේන්ද්‍රයට අනුව, ඔහුගේ ග‍්‍රහචාරයට අනුව, නක්‍ෂත‍්‍රයට අනුව සිදුකළ යුතු  වත්පිළිවෙත් බොහොමයක් තිබේ. ඇතැම් විට තමන් නිවෙස ඉදිකරන්නට පටන් ගන්නා කාල සීමාව තමන්ගේ කේන්ද්‍රයට අනුව නුසුදුසු කාලසීමාවක් විය හැකිය. එනිසා එවන් අඩුපාඩු සහිත සමයක අදාළ වස්දොස් සම්බන්ධයෙන් ඉටුකළ යුතු වත්පිළිවෙත් ඉටු නොකර දෙවියන් හමුවේ බාර හාරවී  නිවෙස ඉදිකරන්නට යාම නිසා ඉදිකිරීම් ප‍්‍රමාද වීම හෝ කල්ගතවීමේ දෝෂය දෙවියන්ට බාර කිරීම කෙතරම් යථාර්ථවාදීදැයි යන්න තමන් විසින් තමන්ගේ හෘද සාක්‍ෂියට අනුව ගනු ලැබිය යුතු තීරණයකි. එනිසා නිවෙස් ඉදිකිරීමට පෙර භූමියට ආරක්ෂාවල් යෙදීම ඇතුළු නක්‍ෂත‍්‍රානුකූල විවිධ වත් පිළිවෙත් හා ක‍්‍රියාමාර්ග අනුගමනය කරනුයේ එනිසාය. මේවා බටහිර රටවල ජාතීන් එතරම් දුරට විශ්වාස නොකළ ද, අපේ රටේ ඈත අතීතයේ සිටම ජන සමාජයේ පැවත එන විශ්වාස අද වන විටද තදින්ම සමාජගතවී තිබීම බැහැර කළ හැක්කක් නොවේ. 


එසේම තමන්ගේ ග‍්‍රහචාරය අනුව ජීවිතයේ නොසිතූ විරූ බාධක කම්කටොලූවලට මුහුණ දුන් අයෙක් දේවාල ගානේ ගොස් දෙවියන්ට බාරහාර වීම හෝ යකැදුරන් ළඟට ගොස් විවිධ ශාන්ති කර්ම කර ගැනීම කිසිදු අයුරකින් ප‍්‍රතිඵලදායක නොවේ. 


එවැනි අයෙක් මූලිකවම කළ යුත්තේ තමන්ගේ ග‍්‍රහචාරයට අනුව මුහුණ දුන් බාධක කම්කටොලූ යම් තරමකින් හෝ සමනය කරගැනීමට ජ්‍යොතිෂයානුකූලව කළ යුතු ප‍්‍රතිකර්ම සිදුකිරීම විනා දෙවියන් යැදීම නොවේ. වර්තමානයේ අපේ ජන සමාජයේ බොහෝ දෙනකු මෙය පටලවාගෙන විවිධ කූට යකැදුරන්ට හා කපුවන්ට හසුවී අතිශය විශාල මූල්‍ය පාඩු සිදුකරගන්නා අවස්ථා බහුලය. නවග‍්‍රහයන්ගේ ග‍්‍රහ චක‍්‍රයේ බඹරය වැල්ලේ ගැහුවත් හොඳ අතට කැරකෙන ග‍්‍රහයා යම් අවස්ථාවක නීච වුවහොත් යමෙකුට ලබාදෙන ඵල විපාකද ඉතාම නීරස බව ජ්‍යොතිෂවිද්‍යාවේ කියැවෙන සරල සිද්ධාන්තයකි.
අපට අයිති නොවන භූමියට අධිපති ඇතැම් දේව බලවේගවලට අයිති නිදන්වස්තු ගොඩගැනීමේදී ද මෙවැනිම ආකාරයට එම භූමියට මෙන්ම එම බලවේගවලට විවිධ බාරහාර විය යුතු බව ගුප්ත විද්‍යාවේ සඳහන් වුවද, එලෙස ඇතැමෙක් සිදුකරන වත්පිළිවෙත්වල අපිළිවෙලභාවය නිසා විශාල වශයෙන් කරදර සිදුකරගන්නා බව ගුප්තවිද්‍යාවේ යෙදෙන්නන්ගේ පැහැදිලි කිරීමය. අවසානයේ මෙලෙස නිදන් ගොඩගැනීමට පෙළෙඹෙන්නන් නීතියේ රැුහැනට පවා හසුවන්නේ එම වත්පිළිවෙත්වල දුර්වලතා නිසා බව ඔවුහු පවසති.


කෙසේ වුවද මෑත කාලීනව එක්තරා රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වූ එක් විද්වතෙකුගේ මතය වූයේ දෙවියන් යනුවෙන් කිසිවකු නොමැති බවත් එය මිථ්‍යාවිශ්වාසයක් බවත්ය. නමුත් බෞද්ධාගම විශ්වාස කරන එය අදහන බහුතරයක් සිටින රටක වගකිවයුතු මාධ්‍ය ආයතනයක් එවැන්නක් ප‍්‍රකාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඉපැරණි පොත්පත්වල සඳහන් වන ආකාරයට දෙවිවරු යනු මිනිසුන්ට යහපතක් උදාකර ඒ අය ලබා දෙන පිංපෙත් වලින් යැපෙන්නෝය. සමාජයේ ඇතැමෙක් මෙම දෙවිවරුන් වන්දනා කරන අතර සමහරෙක් දෙවිවරු නමින් කොටසක් නැතැයි විවේචනය කරති. ඒ නිසා දෙවිවරුන් විශ්වාස කිරීම හා නොකිරීමත්, බාරහාරවීම හා නොවීමත් සමාජයේ එකිනෙකාට පෞද්ගලික වූ කාරණාවක් සේ අපි දකිමු.


අවිස්සාවේල්ල ‘‘ඉසිවර අසපුවේ’’ ගුප්තවිද්‍යාවේදී අසෝක ජයවර්ධන මහතාට විශේෂ ස්තුතිය

m



අදහස් (0)

දේව බාරහාර සහ සමාජයේ හැසිරීම

අනුශ්ක Saturday, 31 October 2015 03:47 PM

හොඳ ලිපියක් (නි)

:       1       0

දිනුෂා Sunday, 01 November 2015 01:28 PM

දැන් දෙවියන්ට බාර වීම වැරදි වෙලා කේන්දර බැලීම හරි වුනේ කොහොමද ? (ර)

:       1       4

එරන්ද Thursday, 05 November 2015 12:42 AM

හොඳ ලිපියක්. (නි)

:       0       0

ලියනගේ Sunday, 15 November 2015 06:23 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site