හැන්දෑවේ ඇරඹුණු පොද වැස්ස අදුරත් සමග වැඩිවෙන්නට විය. කතරගම වැදපුදා ගැනීමට පැමිණ සිටි බොහෝ නඩ විශ‍්‍රාමශාලා සහ ලැගුම්හල් වල සිට වැස්ස පායන තුරු බලා සිටිති. ඒ අතර කිහිප දෙනෙක් මහ වැසි නොතකා කිරිවෙහෙර වැද අෂ්ඨඵල බෝධියත් පහන් දල්වා වැද කතරගම දේවලයට යන්නට සුදානම් වෙති. පයාගල පැත්තෙන් පැමිණ ධනුෂ්ක සරත්කුමාර තරුණයෙකි. ඔහු කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාස වන්තයෙක් විය. අද ආගම දහමට තරුණයන් යොමුවී සිටිනු දැකීම දුබලය. නමුත් එවැන්නෝ නැත්තේ නොවේ. ධනුෂ්කද එවැන්නෙකි. ඒනිසා ඔහු සමග මේ ගමනට පැමිණ සිටි දස දෙනාද ඔහුමෙන් ආගම දහමට ලැදිවූවෝ වූහ. මේ අද කතරගම ගමනට පෙර සිට සුදානම් වුවෝ වූහ. බුදුන් පුදන්නට තෙල් සිදගත්තේ වත්තේ පොල් වලිනි. හදුන්කූරු කපුරු පහන් ආදිය මිලදී ගත්තත් පහන් තිර අඹරාගත්තේ ප‍්‍රයෝජනයට ගත නොහැකිවු කඩමාලූ රෙද්දක් පිරිසිදු කර වේලාගෙනය. ඊට අමරතව සුවද කුඩු ද නිවසේදීම සදා ගැනීමට ධනුෂ්ක කටයුතු කළේ කතරගමට පැමිණෙන්නේ පුජාවට නිසා ඊට සුදනමින් ඒම කළයුතු බව සෙසු අයටද දන්වමිනි. අදුර වැටී හෝරාවකටත් වැඩිය. වැස්ස තුරල්කරන බවත් පෙනෙන්ට නැත. ලැගුම්හල් වල සිටි බොහෝ නඩ දේවාලය වැදීමට යන ගමන පසුදාට කල් තැබු බව පෙනෙන්නට විය. නමුත් ධනුෂ්ක ඇතුළු පිරිස ගමන් ආවේ කතරගම වන්දනා කරනන්නට නිසා වැස්සේ වුවද එහි යාමට තීරණය කළේය. ගෙනා පූජා භාණ්ඩ කවර කිහිපයකට දමාගෙන මේ දහදෙනා කුඩ ඉහළාගෙන පූජා බිමට පාතමන්නට මුල් පියවර තැබුවේ කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතමිනි. අදුර දසත පැතිර තිබුණද විදුලි ආලෝකයේ එළියෙන් වටපිටාව මැනවින් පැහැදිලිය. මැණික් ගෙගන් එගොඩවී ඉදිරියට එද්දී දේවාල බිමට ඇතුළුව මහ තොරණ ඈතට දිස්වූයේ වැහි බිදුකපා යන විදුලි එළියෙනි. තොරනින් ඇතුලූවු පිරිස කිරිවෙහෙර පැත්තට යන්නට අනෙක් තොරණින් එළියට පිවිසියේ කිරිවෙහෙර මුලින් වන්දනා කිරීම බෞද්ධයන්ගේ සිරිතක් නිසාය. ඒවන විටත් වැහි ගැන අමතක කළ පිරිස් කිහිපයක්ම දේවාල බිමේ සිටින පිරිසට දැකගත හැකිවිය. පියවරෙන් පියවර කිරිවෙරෙ වෙත ළගා වෙද්දී වැස්සද අඩු වෙන්නට විය. හිදගෙන ආ තෙල්වලින් පහනක් පත්තු කරන්නට ඇත්නම් කොතරම් අගේ දැයි පිරිසේ හැම දෙනෙක්ම තමතමන්ට කියා ගත්තේය. ශ්වේත වර්ණ කිරි වෙහෙර විදුලි ආලෝකයට තවත් ලස්සනය. චෛත්‍ය මළුවට පිවිසෙන විට වැස්ස හොදටම අඩුවී ගොසිනි. ගෙනා පහන්වලට තිර දමා පොල්තෙල් දැල්වීමට කිහිප දෙනෙක් මුල්විය. අතරමගදි රුපියල් හතළිහක් දී ගත් මල්ගොටු දෙකේවු මල්වලට පැන් ඉස පූජා කරන්නට මල් කිහිපයට බැගින් සැම දෙනාටම ලැබිණි. ඉහලා සිටි කුඩ අකුලාගෙන මේ පුණ්‍ය කටයුතුවල නිරත වෙන්නට හැකිවීම කාටත් සතුටක් ගෙනාවේය. චෛත්‍යය මළුවේ නැගෙනහිර දෙරටුව පැත්තේන් වු තෙත සිදුනු තැනක වාඩිවී පිරස් වන්දනා කරන්නට වුහ. වන්දනා කටයුතු අවසානයේ ධනුෂ්ක තමන් අත තිබු පිර්ත් පොත ගෙන තුන් සුත‍්‍රය කියවන්නට පටන් ගත්විට නඩයේ සෙසු අයද එය අනුගමනය කළහ. හෝරාවක පමණ කාලය කිරිවෙහෙර මළුවේ වන්දනා කළ පිරිස ආපසු මහදේවාල බිමට එන්නට පිටත්වූයේ අෂ්ඨඵල බෝධිය වදින්නටය. නමුත් එතැනට ලංවනවිට තරමක් පොද වැස්සය. කිරි වෙහෙර ළගදි කුඩ අකුලාගෙන වන්දනා කළ හැකිවුවත් අෂ්ඨඵල බෝධිය ළගදී කුඩ ඉහලාගෙන වන්දනා කරන්නට ඔවුන්ට සිදුවිය. මේ නිසා වැඩි වේලාවක් වන්දනා කරන්නට අපහසු වූයෙන් දේවාලයට ගොස් පඩුරු දමා ආපසු නවාතැනට එද්දී වැස්ස කෙමෙන් කෙමෙන් වැඩිවන බව පෙනිණි. නවාතැන් පොලේ සිටි අය දේවාලයට ගොස් ආපසු පැමිණි මේ පිරිස දෙස ඉතා ඕනෑකමින් බැලූවෝය. දැන හැදුනුම්කමක් නැතත් මුවගට සිනහවක් නැංවුයෙන් වචන කිහිපයක් පිරිස අතර හුවමාරු විය. ‘‘ආයෙත් වැසි පටන් ගත්තනේ. දේවාලෙන් මෙහාට එනකොට වැස්ස වැඩිවුණේ.’’ ධනුෂ්ක සිය කටහඩ අවදි කළේය. ‘‘මෙහාටනම් වැස්ස අඩුවුණේම නෑ. හවස පටන්ගත්තු විදියමයි. අපි මේ එළියට බහින්න බැරුව කම්මැළිකමේ ඉන්නේ.’’ පිරිස අතරින් පිළිතුරක් ලැබිණි. ‘‘අපි කිරිවෙහෙර වදින කොට වැස්ස තිබුණෙම නෑ.’’ ධනුෂ්ක කීවේය. ‘‘ඒකනම් පුදුමයක්, මේ වහින විදියට අපි හිතුවේ දිගටම වහිනවා කියලා.’’ ධනුෂ්කගේ පිළිතුරට ප‍්‍රති පිළිතුරක් ලැබුනේ කවුරුත් පුදුම කරවමිනි. කතරගම බිමේ ඊශ්වර, විෂ්ණු, පත්තින්, කඩවර, සුනියම් සහ ගම්බාර දේවාලද පිහිටා ඇත. බොහෝ දෙනෙක් කතරගම දෙවියන් හමුවේ සතුරන්ට පළිගසන ආකාරයක් පෙනේ. ‘‘කතරගම දෙවියන් කියන්නේ මතු බුදුවන්නට පෙරුම් පුරණ ඇත්තෙක්. සමන් දෙවියොත් එහෙමයි. ඒ අයගෙන් වැරදි පිහිට ඉල්ලන්න හොදනෑ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේවාලයට පඬුරු දැමු පසු මහ වැස්ස නතරවෙයි
වසන්ත Thursday, 29 November 2012 03:53 AM
නියමයි. (නි)
ජලිය Thursday, 29 November 2012 09:58 PM
අනුහස් ....අනුහස් .... (දී)
නිරෝෂණ Saturday, 01 December 2012 05:25 PM
විශිෂ්ට ලිපි පෙළක් (දී)