දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් මේ දවස්වල වැඩි වශයෙන් සමාජ කතාබහට හා අවධානයට ලක් වෙමින් පවතී. ඒ ඇතැම් දේශපාලනඥයන් කරන ඇතැම් දුෂණ, වංචා, අයථා ගනුදෙනු යම් යම් අවස්ථාවල දී හෙළදරව් වීමත් සමගය. ඉකුත් කාලයේ දී රුපියල් කෝටි ගණනින් අල්ලස් ඉල්ලූ ආණඩු පක්‍ෂයේ දේශපාලනඥයකු පිළිබඳව අපි තොරතුරු හෙළිදරව් කළෙමු. රුපියල් කෝටි ගණනක ඉඩමක් මිලදී ගත් කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඉල්ලමින් තර්ජනාත්මකව දුරකතන ඇමතුම් ලබා දුන් අදාළ දේශපාලනඥයාගේ පැටිකිරියත් එම ජංගම දුරකතනය අදාළ ඇමැතිවරයාගේ බව තහවුරු කරගත් පුවතක් ඉකුත් කාලයේ ඉරිදා ලංකාදීපය ඔස්සේ අපි අනාවරණය කළෙමු. එමෙන්ම රාජ්‍ය සේවකයන් අල්ලස් ඉල්ලා හිදීමේ ප‍්‍රවණතාව ඉහළ යමින් තිබෙන බවත් එහි පසුබිම පිළිබඳවත් අපි තොරතුරු හෙළිදරව් කළෙමු එහිදී අල්ලස් ඉල්ලා සිටින පුද්ගලයන් අතර රජයේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නගර සභා සභාපතිවරුන් හා මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්තී‍්‍රවරුන් පොලීසියේ නිලධාරීන් හා රාජ්‍ය සේවකයන් ප‍්‍රමුඛස්ථානයේ සිටින බව අනාවරණය විය. දේශපාලනඥයන්ට අදාළ අල්ලස් පිළිබඳව මේ ක‍්‍රියාදාමයේ අලූත්ම තත්ත්වය පිළිබඳව ඉකුත් සතියේ දී හෙළදරුව් කෙරිණි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසූ ආකාරයට අදාළ දේශපාලනඥයන්ට එරෙහිව තමන්වෙත මෙම පැමිණිලි ලැබී ඇත්තේ හේතු කිහිපයක් පසුබිම් කරගනිමිනි. අල්ලස් ගැනීම, දුෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනා සම්බන්ධව මෙම දේශපාලනඥයන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වී තිබේ. මෙසේ අල්ලස් හෝ දුෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ වග උත්තර කරුවන් බව බවට පත්ව ඇති අතර දේශපාලනඥයන්ගේ සංඛ්‍යාව හැත්තෑ පහකි. එම දේශපාලනඥයන්ගේ තනතුරු සහ සංඛ්‍යව මෙසේය. ඇමැතිවරු - 08 නියෝජ්‍ය ඇමැතිවරු - 05 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු - 10 පළාත් සභා ඇමතිවරු හා මන්ත‍්‍රීවරු - 12 නගරාධිපතිවරු ප‍්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු පළාත් පාලන මන්ත‍්‍රීවරු - 40 මේ ඇතැම් දේශපාලනඥයන් මීට පෙර අවස්ථාවල දී අල්ලස් ගැනීම්, අල්ලස් ඉල්ලීම්, දුෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීම් සම්බන්ධව විවිධාකාරයේ චෝදනාවලට ලක්වූ සහ එකී චෝදනාවලට වගකිවයුත්තන් බවට නීතිය හමුවේ නොවුණත් ඔවුන්ගේ පැටිකිරිය හා සිදුවූ සමාජ සංසිද්ධී හමුවේ තහවුරු වූ පසුබිම් ඇති දේශපාලනඥයන්ය. එහෙත් මේ දේශපාලනඥයන් පිරිවරාගත්, චණ්ඩින්ට හා පතාල සාමාජිකයන්ට හා අදාළ දේශපාලනඥයන්ගේ මැර්කම් හා බියවැද්දීම් වලට ඇති බිය නිසා බොහෝ අවස්ථාවලදී ජනතාව කළේ ඔවුන්ගේ අල්ලස් දුෂණ හා අයථා ක‍්‍රියා පිළිබඳව දැන දැනත් මුනිවත රැකීමය. එක් පැත්තකින් ජනතාව එසේ මුනිවත රැකීම පවා සාධාරණයැයි සිතෙන්නේ බොහෝ අවස්ථාවලදී ජනතාව එසේ නීතිය හමුවට ගියත් ඒ හැම අවස්ථාවකම පාහේ සිදුව ඇත්තේ අදාළ දේශපාලනඥයන් තම බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් නීතියෙන් බේරී යද්දී නැවත ඔවුන්ට එරෙහිවූ මිනිසුන්ටම නොයෙක් අකාරයෙක් මේ දේශාපාලන හෙන්චයියලාට අඩත්තේට්ටම් වලට හා හිංසන වලට ලක්වීමටය. මෙවැනි සාධක පසුබිම්ව අදාළ දේශපාලනඥයන් විසින් කාන්තාවන් දුෂණයට කරනු ලබන පුද්ගලයන්ට කපා කොටා හිංසා කිරීම් සහ ඝාතනය කිරීම් පවා සිදුවී ඇති බව ඒ සම්බන්ධ ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී පැහැදිළි වෙන්නකි. අවසානයේ එවැනි මැරවරයන්ට එරෙහිව කි‍්‍රයාත්මක වූ නීතියකුත් නැත. පීඩාවට හා අසාධාරණයට පත්වූවන් විෂයෙහි සිදුවූ සාධාරණයකුත් නැත. ඇතැම් දේශපාලනඥයන් මෙවැනි අමනෝඥ හා අත්තනෝත්මතික ක‍්‍රියා හා හැසිරීම්වලට එරෙහිව ජනතාව අද ඇස්කන් පියාගෙන සිටින වාතාවරණයක් ඇති වී තිබෙන්නේ ද මෙවන් පසුබිමකදීය. එහෙත් වැවක් වූවද ජලය පිරී ඉතිරී යන මට්ටමට ළඟ වූ පසු ඒවාට වාන් දමන්නාක් මෙන් ජනතාව මත ඇතැම් දේශපාලනඥයන් මුදා හරින පීඩනය දරාගතම නොහැකි වූ විට එම පීඩනයට එරෙහිව ප‍්‍රතිචාර දක්වන්නට ජනතාව පෙළ ගැසෙයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දේශපාලනඥයන් හැත්තෑ පස් දෙනෙකුට එරෙහිව පැමිණිලි ඉදිරිපත්වීම ද එවන් එක් අවස්ථාවක් ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම දේශපාලනඥයෝ බහුතරය බස්නාහිර පළාතේ පදිංචිකරුවෝය. අල්ලස් හෝ දුෂණ චෝදනා වලට ලක්වෙන රාජ්‍ය සේවකයෝ බහුතරය ද බස්නාහිර පළාතේ පදිංචිකරුවෝය. දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබීම අද ඊයේක නොව මීට පෙරද සිදුවූවත් ඒ කිසිදු දේශපාලනඥයකුට අවසානයේ දඬුවම් හිමි වූ අවස්ථාවක්නම් එකී ඉතිහාසයේ කවර තැනකදීවත් හමුනොවේ. එය එසේ වන්නේද දේශපාලඥයන් නීතිය හමුවේ පවා කරන අදිසි බලපැම් හේතුවෙන්දැයි යන්න අප විචාරයට ලක් කළ යුත්තක් වෙයි. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව දක්වා ඇති කරුණු අනුව චෝදනා ලද දේශපාලඥයන්ට එරෙහිව නඩු පැවරීම් කටයුතු මේ දිනවල දී සිදුවෙයි. රජයේ කිසිවිටෙකත් අපරාධකරුවන් සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගැනීම මොනයම් ආකාරයක හෝ දේශාපලන බාලපැමක් මත නොනවත්වන බවත්, අපරාධකරුවන්ගේ තරාතිරම නොබලා ඔවුන් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කරන බවත් ඉකුත් 19 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් ප‍්‍රකාශ කරනු ලැබිණි. එමෙන්ම දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේදි දේශපාලඥයන් විසින්ම ඊට බලපෑම් කිරීම හා නීතිය ක‍්‍රියාත්මක කරන්නන් මත ප‍්‍රචණ්ඩත්වය මුදාහැරීම ද තවදුරටත් සිදු නොවිය යුතු බව අවධාරණය කළ යුතුව ඇත. ජනතා ඡුන්දයෙන් ඇමැති නි/ඇමැති ඇතුළු නොකී දේශපාලන තනතුරු ලැබ, ඊට මුවාවී සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින්, අවසානයේ තමන් ඉහළ පුටුවල හිඳුවාලූ ජනතාවටම පහර ගසන දේශපාලනඥයන් වෙත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම, නීතිය බලගැන්වීම කිසිවිටෙකත් තවදුරටත් සිදු නොවිය යුත්තක්ව ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශපාලකයන් හැත්තෑ පහකට අල්ලස් චෝදනා
සකලබුජන් Monday, 25 June 2012 09:05 AM
ගණු-දෙණු , චාරිත්‍ර - වාරිත්‍ර
ප්‍රනාන්දු Monday, 25 June 2012 01:18 PM
ඔය 75 දෙනාගේ නම් ගම් හෙළි කරන්න
අශෝක Monday, 25 June 2012 01:25 PM
මේ ගොල්ලන්ට ඇදුම් අන්දන්න ඕනි
දයා,saudi Monday, 25 June 2012 06:08 PM
ලෝකෙන් උතුම් රට ලංකාවයි
නිශාඩ් Tuesday, 26 June 2012 09:37 AM
ලංකාවේ නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත් ඒක අපේ නවවෙනි පුදුමේ වෙයි
එස්.කේ Tuesday, 26 June 2012 04:12 PM
මේ ආශ්චර්ය දැකල මගේ ඇගේ මයිල් කෙලින්වෙනවා හසන්ත......
සුමනා මානවඩු Tuesday, 26 June 2012 05:09 PM
මේ ගොල්ලන්ට කිසිම දඩුවමක් දෙන්නෙ නෑ.. විමර්ශණයක් කරයි.. රටට ගිය කලක්..
ඩුබායි Wednesday, 27 June 2012 03:30 PM
නම් ප්‍රසිද්ධ කරානම් නේද හොද ???
අචිනි Saturday, 30 June 2012 06:49 PM
ඕක තමයි හොඳ ඇමති කමකට ප්‍රධාන සුදුසුකම ..ජයවේව !
එතුමා Saturday, 30 June 2012 06:50 PM
අනේ නම් ප්‍රසිද්ධ කරන්න එපා ඉතිං මගෙ නමත් ඔතන තියනවා..
රුවන් Tuesday, 10 July 2012 10:30 AM
වැටුප මදි වුණාම අල්ලස්වත් ගන්න ඕන.....