X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


දේශපාලන ලෝකයේ ශ්‍රේෂ්ඨ විද්වතා

ශ්‍රේෂ්ඨ විද්වතකු මෙන්ම විශිෂ්ට දේශපාලකයෙක් ජාතියට අහිමි වෙයි. බස වෙනුවෙන් නැගුණු රන් හඬක් නිහඬ වෙයි. වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ දැයින් සමුගෙන නික්ම යති.

1940 අගෝස්තු 3 වැනිදා හපුතලේදී ඉපැදී බණ්ඩාරවෙල ශාන්ත ජෝන් විදුහලින් ඉගෙන, බදුල්ලේ අධිකරණය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඈ තන්හි උසස් තනතුරු දරා නීති විද්‍යාලයට ඇතුළු වී ඉගෙන අධිනීතිඥයකු ව, එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශීය වෛද්‍ය අමාත්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති අමාත්‍ය, කථානායක, සබරගමු පළාත් ගොවුනුරු (ආණ්ඩුකාර) තනතුරු හෙබැවූහ. එතුමන් දේශපාලනයෙන් සමුගත්තේ වි.ජ.මු. නම සමග සිය සියත් ලකුණ ලංකා දේශපාලනයේ නොමැකෙන සේ පිහිටුවමිනි.

ලොකුබණ්ඩාරයන් ශාස්ත්‍රීය ලෝකයට පිවිසියේ දේශපාලනයට පිවිසීමට බොහෝ පෙර, ඉතා තුරුණු වියේදීමය. පාසල් වියේදීම, ගුරුවරුන්ගේ ඇසුරින් හෙළ හවුලට එක්වූ එතුමෝ හෙළ හවුලින් පළ කැරුණු ‘සුබස’ සඟරාවට ඉතා වැදගත් ශාස්ත්‍රීය ලිපි සැපයූහ. එකල (1950-60 දශකවල) පළ වූ සුප්‍රකට ‘රසවාහිනී’ සඟරාවට ද අගනා ලිපි සපයා ලේඛන චාතුර්යය දැක්වූහ. එකල ලංකාදීප, දිනමිණ වැනි පුවත්පත් සඳහා ද එතුමන් විසින් නොයෙක් ලිපි ලියන ලදී. ශාස්ත්‍රීය වාදයෙහි ද ශූරයකු වූ ලොකුබණ්ඩාරයෝ, තුරුණු වියේ සිටම භාෂා ශාස්ත්‍රීය කාරණා පිළිබඳව වාද විවාදවල යෙදුණහ. එසේ ලියූ වාද ලිපි ඇතුළත් ග්‍රන්ථයක්ද ‘සංවාදී ලිපි සරණිය’ නමින් පළ කැරිණි.

ලංකා ගුවන් විදුලියෙන් හරවත් වැඩසටහන් කිහිපයක්ද ලොකුබණ්ඩාරයන් විසින් ඉදිරිපත් කරන ලදී. ‘නිරාකරණය’, ‘රස දීපනී’ ආදිය ඒ අතුරින් කැපී පෙනේ. ‘රස දීපනී’ වැඩසටහන් ඇතුළත්කොට ග්‍රන්ථයන් ද පළ විය.

ලොකුබණ්ඩාරයන් අතින් ලියැවුණු විශිෂ්ටතම ග්‍රන්ථය වනුයේ ‘සීගිරි ගී සිරි’ යි. සීගිරි පැදි පිළිබඳ වැ ගැඹුරින් සිතා කරන ලද රසාස්වාදයක් එහි ඇතුළත් වේ. පරණවිතාන ආදී විද්වතුන් සීගිරි පැදිවලට අර්ථකථන සපයා ඇති නමුදු, එබඳු විචාරාත්මක රසාස්වාදයක් කිසිවකු විසින් කරනු ලැබ නැත.

තුරුණු වියේ සිටම ලොකුබණ්ඩාරයෝ ශූර දේශකයකු වශයෙනුදු ප්‍රකට වැ සිටියහ. ඇසූවන් හද බඳනා අයුරින් වියත්ව, රසවත්ව දෙසුම් පැවැත්වීමට එතුමන් සතු වූයේ අද්විතීය දක්ෂතාවෙකි. පහර කන තැනැත්තාගේ ද සිත නොරිදෙන අයුරින් රසවත්ව, වක් අයුරින් වදන් පහර දීමෙහි ලා ද අති දක්ෂ භාවයක් දැක්වූහ.

බුදු දහමත්, හෙළ බස, රැස, දෙසත් කෙරේ හදවතින්ම බැඳී ගත් ලොකුබණ්ඩාරයෝ දේශපාලනයේදී තමන් ලද සියලු තනතුරු එහි සේවාව පිණිස ශූර ලෙස යොදාගත්හ. දේශීය වෛද්‍ය අමාත්‍ය වැ සිටියදී අපේ කොළකැඳ ජනප්‍රිය කරවා මහජනතාව එයට නැඹුරු කිරීම සඳහා කළ සේවාව මෙන්ම ආයුර්වේද සාහිත්‍යය පොහොසත් කිරීමට කළ ශ්‍රේෂ්ඨ සේවාවද එදා සම්භාවනීය වේ. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ, අපේ සිංහල වෙද මහතාගේ තත්ත්වය නංවාලනු පිණිස එතුමෝ ඉමහත් වෑයමක් දැරූහ.

අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති අමාත්‍ය ධුරය දැරූ කාලයේදී මෙරට අධ්‍යාපනය, දේශීය ස්වරූපයක් ගන්වන්නට ලොකුබණ්ඩාරයන් දැරූයේ ඉමහත් වෙහෙසකි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නංවාලන අතරම, ගුරුවරුනට බුලත් දී වැඳීම, සුභාෂිතය, ලෝවැඩ සඟරාව වැනි සිංහල උපදේශාත්මක ග්‍රන්ථ භාවිතය ශිෂ්‍යයන් අතර ජනප්‍රිය කැරවීම, භාෂා සාහිත්‍ය කෙරේ නැඹුරුව නංවාලීම වැනි කර්තව්‍ය රාශියක් එතුමන්ගේ උපදෙසින් සිදු විය.

අද ද දිනපතා රූපවාහිනියෙන් විකාශය කැරෙන ‘තෙරුවන් වැඳුම’ එතුමන් විසින් අරඹන ලද වැඩසටහනකි. එකල රූපවාහිනියෙන් මස් අලෙවිය හා සම්බන්ධ දැන්වීම් ප්‍රචාරය නොකිරීමට ගත් තීරණය බොහෝ කතාබහට ලක්විය.

හෙළ බස හා මුළු හදින් බැඳීගත් ලොකුබණ්ඩාරයෝ, කුමරතුඟු සමරුව යෙදෙන මාර්තු දෙවන දා ‘සිංහල භාෂා දිනය’ බවට පත්කොට පාසල් සිසුන් අතර භාෂා තරග පවත්වා භාෂා සාහිත්‍යය පිළිබඳව උද්‍යෝගය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යෙදූහ.

සම්මතය නොතැකීම නිසා සිංහල භාෂාව ශීඝ්‍රයෙන් පරිහානිය කරා යන හැටි දුටු එතුමෝ ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවා, භාෂාව පිළිබඳ විවිධ මත දරන විද්වතුන් පොදු සම්මත කරා ගෙන එමින් ‘සිංහල ලේඛන’ රීතිය සකස් කැරවූහ. එහෙත් ජාතියේ අභාග්‍යයට එය තවමත් ක්‍රියාත්මක නොවේ.

බොහෝ විට, අගනා ග්‍රන්ථ නොමිලයේ බෙදා දෙමින් ශාස්ත්‍රීය ඥානය ප්‍රචලිත කරන්නට එතුමන් ඉටු කළ කාර්යය අනෙක් කිසිවකු අතින් වූවක් නොවේ.

ලොකුබණ්ඩාරයන්ගේ තවත් මහාර්ඝ කාර්ය සාධනයක් නම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය නිමහම් දක්නා පිණිස සියලු පහසුකම් සලසා එය ඉටු කිරීමත්, සිංහල මහා ශබ්දකෝෂයේ කටයුතු නිමා කිරීමත්ය. තමනුදු භාෂා ශාස්ත්‍ර පිළිබඳ බැසගත් නුවණින් යුතු වීම මෙහිලා එතුමන්ට මහත් වහලක් විය.

හෙළ හවුල හා ළබඳ සබඳතාවක් දැක්වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ, එහි අනුනයු (උපනායක) තනතුර ද බොහෝ කලක් දරමින් එහි දියුණුව පිණිස හැකි හැම උපකාරයක්ම නිරතුරුව කළහ. අවසානව එතුමන් හමු වූ දින ද කතා කළේ හෙළ හවුලේ ඉදිරි කටයුතු පිළිබඳමැය.

අද වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් දැයෙන් සමුගෙන ගොසිනි. ලොකුබණ්ඩාරයෙනි, ඔබ නැති අඩුව කවරෙක් කවර ක​ෙලක නම් පුරවා ද?

(*** ශ්‍රීනාත් ගණේවත්ත)

 



අදහස් (8)

දේශපාලන ලෝකයේ ශ්‍රේෂ්ඨ විද්වතා

Lion Thursday, 18 February 2021 09:13 AM

මේ මිනිස්සු හරියට වැඩ කළානම් අපේ රටට මෙහෙම කලක් යන්නේ නැහැ..

:       0       12

gaminiSaturday, 20 February 2021 02:25 PM

වර්තමානයේ සිටින දේශපාලකයාට බැනීමෙන් ඵලක් නොමැත. ඉදිරියේදී රටට වෙනසක් අවශ්‍ය නම් ලංකාවේ දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුව තිබේ. එයට ජනතාව පෙරට පැමිණිය යුතුවේ. අලුත් කණ්ඩායමක් පත්කර ගැනීමට කටයුතු කළ යුතුවේ. එමෙන්ම වරප්‍රසාද බලාපොරොත්තු වන ඔවුන්ගේ පුද්ගලික වාසිය පිණිසම දේශපාලනය ව්‍යාපාරයක් සිතා පැමිණෙන සහ පරම්පරා ගණනාවකට මුදල්, දේපල රැස්කරන්නා වූ පිරිස් වර්තමාන දේශපාලනයෙන් ඉවත් කොට... රටට වෙනසක් කිරීමට කැපවන අවංක පිරිසක් ඉදිරියේදී දේශපාලනට ගෙන ආ යුතුවේ. එය අධ්‍යාපනයේ වෙනසකින් පමණක්ම කළ හැකිදෙයක් නොවේ. එම වෙනස රටේ ජනතාවට දැනෙන, පෙනෙන වෙනසක්ම විය යුතුවේ.

:       0       1

Nihal Thursday, 18 February 2021 08:25 PM

හපුතලේ උදවිය දන්නවා...

:       0       6

දිමුත් Friday, 19 February 2021 08:54 AM

ඒකටත් හරියන්න මෙතුමාගේ පුතා..!

:       0       3

pakeer Saturday, 20 February 2021 08:46 AM

මේ කාටවත් අපහාස කරනවා කියලා හිතන්න එපා.. දේශපාලකයින් හරියට වැඩ කළා නම් මේවා අද සුඛිත මුදිත රටවල්...

:       0       6

RaveendraSunday, 21 February 2021 02:07 AM

ඔබගේ අදහස් 200%ක් නිවැරදිය...

:       1       2

nihal Monday, 22 February 2021 05:53 PM

මට මතකයි පත්තරේක තිබුණා. ඡන්ද දායකයෙක් හමුවීමට එනවිට ආරක්ෂක භටයෙක් කියනවා ‘‘ඇමැතිතුමා පොතක් කියවනවා. ඒ නිසා වෙනත් වෙලාවක එන්න කියා. රට අගාධයට යන අයුරින් මේ අයගේ උගත්කම පේනවා.

:       0       1

nihal Monday, 22 February 2021 05:56 PM

රට අගාධයට යන අයුරින් මේ අයගේ විද්වත්කම පේනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site