X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


දේශපාලන වාසියට සදාචාරයත් බිල්ලට දීම

ගෑස් සහ බඩුමිල වැඩිවීමේ සතුට සැමරීම සඳහා කළුතර නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් කිරිබත් කමින් සෙසු මන්ත්‍රීවරුන්ට ද කිරිබතින් සංග්‍රහ කරමින් සාදයක් පවත්වා තිබිණි. එම කිරිබත් සංග්‍රහයට මාධ්‍ය හරහා ලොකු ප්‍රසිද්ධියක් ලැබිණි. මේ කිරිබත් සාදය පැවැත්වීම සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ කළුතර නගර සභා මාසික රැස්වීමය.

කිරිබත් පිසීම, අනුභවයට ගැනීම සහ බෙදාහදා ගැනීම අපේ රටේ සංස්කෘතිය සමඟ බැඳී තිබෙන්නකි. අලු‍ත් අවුරුද්දට පමණක් නොව මාසයේ පළමු දිනයේ පවා උදෑසන ආහාරයට නිවෙස්වල කිරිබත හැදෙන්නේ මේ හේතුවෙනි. අලු‍ත් සහල් මංගල්‍යවල දී මුලින්ම පිසගනු ලබන්නේ ද කිරිබතකි. එපමණක් නොව හැම නිවෙසකම එදිනෙදා ජීවිතයේ යෙදෙන සුබ කටයුතුවල දී කිරිබත් වරදින්නේ නැත. කිරිබතක් පිසෙන තැනක, බෙදන තැනක පැවතිය යුත්තේ සතුට, සාමය මිස වෛරය හෝ ක්‍රෝධය හෝ නොවේ. කිරිබත් කමින් විඳින සතුට කිසිසේත්ම ‘‘කාලකණ්ණි සතුටක්’’ නොවිය යුතුය.

නගර සභා රැස්වීම්වල දී මන්ත්‍රීවරුන් සතුට සැමරීම සඳහා කිරිබත් කෑමේ සහ බෙදාදීමේ වරදක් දැකිය නොහැක. එහෙත් එසේ කිරිබත් කන්නේ බඩුමිල ඉහළ යාමේ ‘සතුට’ සැමරීම සඳහා නම් එයින් පෙන්වා දෙන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පිරිහීමේ තරමය. රටේ මහජනතාව වැඩිවන බඩු මිල හේතුවෙන් දැඩි ලෙස පීඩනයට පත් වී සිටීම සතුටු විය හැකි අවස්ථාවක් නොවේ. මේ වැඩිවන බඩු මිලේ පීඩනය දැනෙන්නේ පක්ෂ, පාට වෙනස්කම් අනුව නොවේ. සෑම සියලු‍දෙනාටම එකසේ එහි බලපෑම් දැනෙයි. කළුතර එජාප මන්ත්‍රිවරුන් කිරිබත් කමින් බඩුමිල ඉහළ යාම සමරන්න ඇත්තේ තම දේශපාලන සතුරන් ලජ්ජාවට පත්කර තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විය යුතුය. එහෙත් තමන් බලයේ සිටිය දී ද මේ ආකාරයටම ‘කිරිබත් කෑමේ’ අවස්ථා උදා වූ බව ඔවුන්ට අමතක වී තිබේ.

දේශපාලන සතුරන්ගේ ඇදවැටීම්වල දී කිරිබත් කෑමේ සම්ප්‍රදාය මේ රටේ අලු‍තින් උපන් පුරුද්දක් නොවේ. එය කාලයක සිට මේ රටේ දේශපාලනය සමඟ ගැටගැසී තිබේ. අතීතයේ දී මහ මැතිවරණයක දී හෝ ජනාධිපතිවරණයක දී ආණ්ඩුවක් වැටුණු විට ජයගත් පිරිස කිරිබත් කමින්, බෙදාදෙමින් සහ රබන් වයමින් සතුට පළ කළහ. එය සාමාන්‍ය සිද්ධියක් විය. එහෙත් මෑතකාලීනව එම තත්ත්වය වෙනස් වී තම දේශපාලන සතුරන්ට මානසිකව පහර ගැසීමට අවශ්‍ය වූ විට ද කිරිබත් කරළියට ආවේය.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට අග්‍රවිනිශ්චයකාරවරියක දෝෂාභියෝග ක්‍රියාවලියකින් ඉවත් කළ අවස්ථාවේ දී එම ක්‍රියාදාමය පසුපස සිටි දේශපාලන බලධාරීන් එය කිරිබත් කෑමේ අවස්ථාවක් බවට පත්කර ගැනීම එයට එක් උදාහරණයකි. එසේම යහපාලන රජය යටතේ මහජනතාව දැඩිව පීඩනයට පත්වූ අවස්ථාවල දී එවකට විපක්ෂයේ සිටි දේශපාලන නායකයන් ජනතාව ඉදිරියට ගොස් ‘දැන් සැප ද?’ විමසූ අවස්ථා ද තිබිණි. එය කිරිබත් කෑමක් නුවූවත් පීඩනයට පත්ව සිටි ජනතාව යොදා ගනිමින් දේශපාලන සතුරන්ට පහර ගැසීමේ උප්පරවැට්ටියක් විය.

දැනට වසර 30කට පමණ ඉහත 1993දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක් වූ අවස්ථාව එවකට විපක්ෂයේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු  සහ ඔවුන්ගේ හිතමිත්‍රාදීහු කිරිබත් කෑමට සහ රබන් ගැසීමටත් රතිඤ්ඤා පත්තු කිරීමටත් යොදාගත්හ. ප්‍රේමදාස මහතා ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් බව පවා ඔවුන්ට ඒ අවස්ථාවේ අමතක වී ගියේය. ඉන්පසුව 2009දී ප්‍රභාකරන් ඝාතනය කළ අවස්ථාවේ දී පක්ෂ භේදයෙන් තොරව බොහෝ දෙනෙක් කිරිබත් උයා බෙදාහදාගෙන අනුභව කළහ.

1989දී ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කළ අවස්ථාවේ දී එජාප පාක්ෂිකයෝ කිරිබත් කමින් එම ‘සතුට’ සැමරූහ. එහෙත් මේ සියල්ල ප්‍රතික්ෂේප කරන, පිළිකෙව් කරන පිරිසක්ද මේ රටේ සිටින බවත් අමතක කළ යුතු නැත. රාජ්‍ය තාන්ත්‍රිකභාවය කුමක්දැයි හරිහැටි වටහාගෙන සැබෑ ලෙසම ජනතා හිතවාදී ලෙස ක්‍රියාකරන දේශපාලනඥයන් ඒ අතර සිටින බව ද සඳහන් කළ යුතුය.

කළුතර නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරුන් විසින් කිරිබත් හැදීමත්, කෑමත්, ඒවා බෙදාදීමත් දෙස බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි. මේ කිරිබත් කෑමෙන් ගෑස් සිලින්ඩරයක්, පිටිකිරි පැකට් එකක් ගත නොහැකිව ළතවෙන ජනතාවට ඒවා ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැත. පොහොර ටික නැතිව පාරට බැස උද්ඝෝෂණය කරන ගොවියාට පොහොර ලැබෙන්නේ නැත. එදා වේල පිරිමසා ගැනීමට අනන්ත දුක් විඳින ‘පීඩිත ජනතාවට’ කිසිම පිහිටක් ලැබෙන්නේ නැත. ලැබෙන එකම දේ බඩුමිල ඉහළ යාම හේතුවෙන් බිත්තියටම හිරවී සිටින ජනතාව ඇසුරින් තමන් දේශපාලන වාසි ලබන බවට එම මන්ත්‍රීවරුන්ට ඇතිවන ‘සතුට’ පමණි. එම සතුට සැබෑ සතුටක් ද? කාලකණ්ණි සතුටක් ද? යන්න ජනතාව තීරණය කරනු ඇත.

(***)



අදහස් (1)

දේශපාලන වාසියට සදාචාරයත් බිල්ලට දීම

wasantha Wednesday, 20 October 2021 07:52 AM

කතෘ මණ්ඩලයට ස්තුතිය. මේක කියල දෙන්න තරම් දෙයක්ද. බෞද්ධාගමේ විතරයි නේද සතර බ්‍රහ්ම විහරණ තියෙන්නේ. එත් මේ තරම් කුහක තණ්හාවෙන් පිරි අය වෙන කොහෙවත් ඉන්නවද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site