X Advertisement
IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


දේශපාලන සදාචාරයේ සීමාව ඉක්මවා නොයමු

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. තම තමන්ගේ මතිමතාන්තර එකිනෙක පාර්ශ්වයේ කෝන්තර පිරිමැසීම් බවට පෙරළෙන විට අවසානයේ එයින් බැටකන්නේ රටේ ජනතාවය. හානි වෙන්නේ රටේ ආර්ථිකයටය. මොන දේශපාලනයක් කරන්නත් රටක් පැවැතිය යුතු බව සෑම දේශපාලන නායකයකු විසින්ම දැන සිටිය යුතුය. නායකයන් පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයන්ද ඒ ගැන හොඳින් දැනුවත් වීම අවශ්‍යය. නායකයන් අතර තිබෙන මතගැටුම් පාරට ගෙන යන්නේ අනුගාමිකයන් බැවිනි.

රටක දේශපාලන හැලහැප්පීම් සිදුවන විට මතගැටුම්, උණුසුම් වාද විවාද, එකිනෙකාට එරෙහි චෝදනා සහ විවේචන එල්ලවීම් පමණක් නොව මඩගැසීම් ද සිදුවෙයි. එය තේරුම්ගැනීම අපහසු නැතත් දැන් මේ තත්ත්වය අපේ රටේ දේශපාලනය තුළට දැඩි ලෙස කිඳාබැස තිබෙන ආකාරයක් පෙනී යයි. මේ බව කාලයක් තිස්සේම ජනතාව දැකගනිමින් සිටිති. මතගැටුම් වෙනස් කිරීම අපහසු වුවද ඕනෑම ගැටුමක් දේශපාලනයේ සදාචාර සීමා ඉක්මවා ගෙන යාම සුදුසු නැත. ශීලාචාර නැත. බොක්සිං ක්‍රීඩාවකදී වුවද සියලු‍ ප්‍රහාර එල්ල කළ යුතු වන්නේ වළල්ල ඇතුළේ නීති පද්ධතියකට යටත්වය. මිට මොළවා මුහුණට පහර එල්ල කළ හැකි වුවද පය ඔසොවා යටි බඩට ගැසීමට බොක්සිං වළල්ල තුළ නීතියෙන් ඉඩක් නැත. දේශපාලනයේදී ද එළිපිට, මුහුණට විවේචන, චෝදනා එල්ල කළත් ඒවා බඩට පයින් ගහන මට්ටමට ගෙන යාමෙන් වැළකී සිටීම පරිණත දේශපාලනඥයන්ගේත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේත් වගකීමකි.

පසුගිය දිනවල අපේ රටේ සිදුවූ දේශපාලන අලකලංචියේදී දෙපාර්ශ්වය විසින්ම මහජනතාව හමුවේ මාධ්‍ය සාකච්ඡා පවත්වන විට දක්වන ලද අදහස් ඇතැම් විට සදාචාරාත්මක සීමා ඉක්මවා ගොස් තිබිණි. ඒ බව රටේ ජනතාවටද අසන්නට සහ දකින්නට හැකියාවක් තිබිණි. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇතිවීම සිදුවන්නේ රසායන විද්‍යාවේදී පමණක් නොවේ. දේශපාලන වේදිකාවේ ද එය සිදුවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසුව සිදුකළ කතාවේද එවැනි “ප්‍රතික්‍රියා” කිහිපයක් හඳුනාගත හැකිවිය. ජනාධිපතිවරයා ඒ බව කෙළින්ම ප්‍රකාශ කර තිබෙන බව ඔහුගේ ප්‍රකාශය කියවීමේදී තේරුම් ගැනීමට අපහසු නැත.

ජනාධිපතිවරයාගේ කතාවේදී ඔහු සඳහන් කළ කාරණා අතර පසුගිය කාලය තුළ ඇතැම් කථිකයන් තමන් ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරනවා යනුවෙන් කළ ප්‍රකාශයක් ගැන සඳහන් කළේය. එසේම මහගමසේකර මාවතේ පිහිටි තමන්ගේ ගේ ගිනිතබා, කුඩුකර තමා සහ දරුවන් මරාදමන බවට ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඔවුන් සමඟ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ එන්.ජී.ඕ.කාරයන් කියූ බව ද සඳහන් කර තිබිණි. රටේ නායකයාට එරෙහිව තබා වෙනත් නායකයකුට එරෙහිව හෝ එවැනි කතා පැවැසීම දේශපාලන සදාචාරයට ඉඳුරාම පටහැනිය.

එවැනි අශීලාචාර ප්‍රකාශ හේතුවෙන් රටේ අර්බුදය තවදුරටත් වර්ධනය වී පාලනයක් නැති තැනකට රටම පත් කිරීමට වුවද අවස්ථාවක් තිබිණි. එම ප්‍රකාශ සිදුකළ අය ද තමන් තුළ තිබෙන කෝපය පිටකර ගැනීමට එවැනි ප්‍රකාශ සිදුකළා විය හැකිය. එහෙත් සදාචාරසම්පන්න දේශපාලනය තුළ එවැනි ප්‍රකාශවලට ඉඩක් නැත. දේශපාලන වේදිකාවේ තබා වෙනත් ස්ථානයකදී හෝ කවරකුට එරෙහිව හෝ එවැනි කතා සිදුනොකළ යුතු බව රටේ පිළිගැනීමය.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව රජය වෙනුවෙන් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුට එරෙහිව කටයුතු කිරීමට හෝ එජාපය ඇතුළු තමන්ගේ කණ්ඩායම සූදානම් නොමැති බවය. රජයේ කටයුතු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් සාර්ථකව පවත්වාගෙන යාම තමන්ගේ අපේක්ෂාව බව ද ප්‍රේමදාස මහතා කියා තිබිණි. එය ඇවි​ෙළන්නට ගිය ගින්නකට වතුර දැමීමක් බඳු පිළිතුරක් බව අපගේ වැටහීමය. සැබැවින්ම රජය ක්‍රියා කළ යුතු වන්නේ ද ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන එවන් ප්‍රතිපත්තියකට අනුගත වෙමිනි. පරිණත දේශපාලනඥයන් තීන්දු, තීරණ ගත යුත්තේ ඒ ආකාරයටය.

රට තුළ මෙතෙක් පැවැති අර්බුදයේ කම්පනය තවදුරටත් පවතින බවක් ද මේ කතා, පිළිතුරු කතාවලින් පැහැදිලි වෙයි. රටේ ජනතාව බලා සිටින්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට සහනයක් ලැබෙන්නේ කවදාද කියාය. දෙපාර්ශ්වයම ආවේගශීලී අදහස් දැක්වීම්වලින් සහ ගැටුම් ඇතිකර ගැනීම්වලින් වැළකී කටයුතු කිරීම මේ මොහොතේ රට ඉදිරියේ තිබෙන අභියෝග ජයගැනීමට තිබෙන එකම මාර්ගය බව පෙන්වාදීමට කැමැත්තෙමු.



අදහස් (5)

දේශපාලන සදාචාරයේ සීමාව ඉක්මවා නොයමු

Gamage Thursday, 20 December 2018 11:32 PM

සියලු ප්‍රශ්න ඇතිකරන ලද්දේ ජනාධිපති විසින්. විසදුම සොයන්න ප්‍රශ්නය හඳුනාගත යුතුයි .

:       32       68

jaya Sunday, 23 December 2018 12:56 AM

ඔක්කොම පහත් වැඩ කරලා රටම නැති කළා.

:       0       8

මහාචාර්ය එඩ්වර්ඩ් පෙරේරා Sunday, 23 December 2018 09:42 PM

කොතනින් පටන් අරගෙන කොතනින් අවසන් කලයුතුද කියන තත්වයේ අධි ව්‍යාකූලතාවයකට රට පත්ව ඇත. රටේ ජනතාව පක්ෂ ක්‍රමය අනුව භේද භින්න වී ඇති ප්‍රමාණය මේ තීරුවට අදහස් ප්‍රකාශ කරන්නන් අතර ඇති මතභේද තුලින්ද පැහැදිලි වෙනවා. අහවලා වැරදි කරුවා කියා අවසාන වශයෙන් නිගමනය කිරීමට බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයටවත් විධායකයට වත් නොව අධිකරණයට වුවත් අප මෙහි අවධාරණය කරන්නේ ඕනෑම වැරැද්දක් හරිද නිවැරදිද කියා විනිශ්චය කරන උතුම්ම ස්ථානය හෘද සාක්ෂිය යන්නයි. බලයේ සහ නිළයේ සිටින අය මැරබලය එයත් නැත්නම් පොලිසියේ බලය යොදා හෝ තමන් නිවැරදියි කියා ගන්න උත්සාහ කලත් හෘද සාක්ෂිය තවම පලුදු වී නැත්නම් එය උතුම්ම අධිකරණය යයි සිතා තමන් කළ දෙය හරිදැයි ස්වයං විවේචනයට ලක්කරගත යුතුයි. එවිට තමාගේම ඇඟිල්ල තමා දෙසට හැරී තිබෙන බව ඒ පුද්ගලයාටම දැක බලා ගත හැකියි.

:       0       46

Raveendra Wednesday, 26 December 2018 01:42 PM

මහාචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මයා වෙත.., ඇත්තෙන්ම ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. සුදු පිරුවට ඇඟලාගෙන කොතරම් බොරු කලත් කොතරම් ජඩ වැඩ කලත් තමා හිතනවා නම් තමා නිවැරදියි, ඒ ඔහු හෝ ඇය තමන්ගේම හිත්වලට කරන වංචාවක් බවවත් තේරුම් ගැනීමට බුද්ධියක් නොමැති මේ නිවට දේශපාලන නිගන්ඨයන් තමා සැමවිටම නිවැරදියි අනිකා සැමවිටම වැරදියි යන පුරවා මතයේ සැමවිටම සිටිනවා නොවේද? අපට කිසිඳු පක්ෂයක් අදාලම නැත. නමුත් මේ සියලුම දේශපාලන පාදඩයින්ගේ ක්‍රියාකලාපය මෙය නොවේද? කෙසේ වෙතත් මේ හැම පාදඩයෙක්ම තමන් වැලිගම යාමට සුදානම් වන අවසන් මොහොතේ නම් ස්ථිර වශයෙන්ම තමන් කල පව් මෙනෙහි කිරීම හැර වෙනයාම් දෙයක් නොමැති බව මේ 225 වූ පාහරයන්ට තේරුම් යනු නොඅනුමානය.

:       0       14

මහාචාර්ය එඩ්වර්ඩ් පෙරේරා Thursday, 27 December 2018 10:45 PM

රවීන්ද්‍ර මහත්මයාණනි ! ඔබගේ අදහස් කාන්තාරයට වට වැහි බිඳක් යයි මට හිතෙනවා. අමනයන්ගේ නොපනත්කම් තුලින් සරු තෙත් බිමක් කාන්තාරයක් බවට පත්කර ඇති මොහොතක ඔබේ වදන් ගුණාත්මකව දිය දහරාවක් සේ දකින්න මා කැමතියි. මන්ද ඔබ හෙලන බිංදු කිහිපය ඒ වගේම හිතන බොහෝ දෙනෙක් ඒ ශුෂ්ක බිමට පතිත කරන දිය බිංදු ලක්ෂ සංඛ්‍යාත ගණන දිය දහරාවක් වී ඉදිරියටම ගලන බවට මා තුල ඇති පරම විශ්වාසය නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site