X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන

2   

 

අපගේ චාරිකාවලදී නිතරම මුණ ගැසුණු නගරය අවිස්සාවේල්ලයි. විශේෂයෙන් හැටන් - අවිස්සාවේල්ල යනු සොළොස් වතාවකට වඩා අප ආගිය මාර්ගයකි. එහිදී කරවනැල්ල හන්දියෙන් හරවා හැටන් බලා අපි ගියෙමු. නමුත් අද බුලත්කොහුපිටිය ඔස්සේ දොළොස්බාගේ නම් සුන්දර ග‍්‍රාමය හරහා ගිය ක‍්‍රියාදාම චාරිකාවකි. කිතුල්ගල හා යටියන්තොට, බුලත්කොහුපිටියෙන් අති සුන්දර දිය ඇලි රාශියකට දියවර සපයන දොළොස්බාගේ කඳු සොයායාම අද අපේ අරමුණයි. විශේෂයෙන් රිටිගහ ඔය නිම්නය දිගේ පාළු මං මාවත් ඔස්සේ මෙම මීදුම් කඳුවැටි තරණය කිරීම් තවත් අභියෝගයක් වූයේ මෙසේය.


කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිිටියට දුර කිලෝමීටර 84කි. ලිවීමේදී දිග වැඩි වුවත් බුල්කොහුපිටිය යනු සුන්දර ග‍්‍රාමයකි. ගමට ඇතුළත්වීමේදී අපට සංගිලි පාලමක් දැකගත හැකිය. මාර්ගය අසල වාහන නවතා සංගිලි පාලමේ පැද්දෙමින් එහා පැත්තට ගොස් සුන්දර සුරඹා ඇල්ල නැරඹිය හැකිය. ගම්වැසියෙකුගේ නිවස අසලින් වැටී ඇති මාර්ගය කෙත්යායක කණ්ඩිය දිගේ එම ඇල්ල වෙත අපව ගෙන යනු ඇත. උසින් මීටර 50ක් පමණ වන මෙම ඇල්ල අසලටම යාමට නම් ගල් පර්වත රාශියක් නැගිය යුතුය. අප එනතුර බලා සිටි කූඩැල්ලන්ද අප සමග එක්ව ඇල්ල අසලටම ආවෝය.
සුරඹා ඇල්ලේ මුදුනට යාමට නම් සංගිලි පාලමෙන් පැමිණ ඉදිරියටම හා හැකි කොන්ක‍්‍රීට් මග දිගේ ඉහළ ගමට යා යුතුය. එහිදී මෙම ඇල්ලේ දියවර කඩා වැටෙන ස්ථානයට ආරක්‍ෂිතව ළඟාවිය හැක.

hhsh
සුරඹා ඇල්ලෙන් සමුගත් අප බුලත්කොහුපිටිය නගරයෙන් දේදුගල පාරේ ඉදිරියට ඇදුනෙමු. කි.මී. 2ක් පමණ යන විට වම් පසින් ඔබට තනි දිය පහරක් ලෙස මීටර 70ක් පමණ උස ගල් පර්වතයකින් එක එල්ලේ සුළඟට පැදේදෙමින් කඩාවැටෙන රිකිල්ල ඇල්ල නැරඹිය හැකිය. මෙම ඇල්ල රිකිල්ලක් ලෙස වැනි වැනී පහළට කඩා වැටේ. ඇල්ල අසලටම යා හැකි අතර මග පෙන්වන පුවරුද මෙහි තිබේ. රිකිල්ල ඇල්ලට සමුදී අප ඉදිරියටම ඇදුනේ අද දවසේ අරමුණ වන දොළොස්බාගේ කඳු සොයාගෙනය. මෙසේ දේදුගලට ළංවත්ම හමුවන පුංචි දහඅට වංගු මාර්ගයේ තෙවැනි වැලමිට වංගුව ගනිත්ම අපට සුප‍්‍රසිද්ධ නලඟන ඇල්ලට යන පාර දැකගත හැකිය. යතුරු පැදි වලින් ළඟටම ගිය පසු තවත් මීටර 200ක් කැලය මැදින් ඇවිදයාමට සිදුවිය. නලඟන ඇල්ලේ දියවර උපයෝගී කරගෙන විදුලි උපදවන කුඩා බලාගාරයක් මේ අසලම ඇත. මෙම ඇල්ල මැද පිහිටි ගලක මෙහි ජල පරිමාවේ ක්ෂණික වැඩිවීම සහ අනතුරුදායක බව පිළිබද දැන්වීමක් කොටා ඇත. එතැන් සිට තවත් මීටර 50ක් පමණ ගල් මතින් නැග දිය පහර දිගේ ගියවිට ඇල්ල අසලටම ළංවිය හැකිය. මෙය වැසි කාලයේදී අඩි 10 -15 පමණ පළලින් කඩා වැටෙන සුන්දර ඇල්ලකි. සුදු රෙද්දක් එලූවා සේ වැටෙන දියකද අපූරු සිතුවමක් මෙම ගල්තලාවේ සිත්තම් කරයි.


මීටර 40ක් පමණ උසැති නළඟන ඇල්ලේද සුන්දරත්වය විඳ අප තවත් ඉදිරියට යන විට රිටගහxවහරක ඔය ඇල්ලත්, කළුපහන සහ රුක්මලේ ඇල්ලත් හමුවුණි. මෙම ඇලි සයම රිටිගහ ඔයේ නිර්මාණයන්ය. මෙම මාර්ගය හරහා යන විට නිතැතින්ම දැකිය හැකි දිය ඇලි වේ. රුක්මලේ ඇල්ල මීටර 20ක් පමණ වන නමුත් වැඩි පළල්භාවය නිසා එහි සුන්දරත්වය වැඩිය. මාර්ගය අසලම පිහිටා තිබෙන හෙයින් ඡුායාරූප ගැනීමට කදිම අවස්ථාවක් සලසයි. පෙර දිනයේ වර්ෂාව පැවතුණද අද දවසේ අහස්කුස අප සමග යැයි අපට සිතුණි. බලන බලන අත මුර සෙබළුන් සේ නැගී සිටින කඳුවැටිද ඒවායේ මුදුනත එතී තිබෙන මීදුම් සේලයන්ද මෙම හරිත වන පියසට එකතු කරන වටිනාකම බොහෝ වැඩිය. කොළඹ සිට දේදුගලට දුර කි.මී. 96ක් පමණ වේ.

41
දේදුගල පසුවන පසු අප සේන්දුවූයේ පැලම්පිටිය නම් අපූරු ගමකටය. සොබාදම් මාතාව විසින් ඉතා විචිත‍්‍ර ලෙස නිර්මාණය කළ මාර්ගයත් එය කන්දක පිහිටා එය පහළට දිවෙන මහා ප‍්‍රපාතයත් ඔස්සේ පුංචි යක්‍ෂයාගේ පඩිපෙළකට අපව ගෙන ආවාය. මෙම මාර්ගය බොහෝ අබලන් සහ ඉතා දුෂ්කර මාර්ගයකි. නමුත් දැන් තාර දමා සාදා තිබෙන නිසා මෙහි තිබෙන සුන්දරත්වය නැතිවී ගොස් නැත. පැලම්පිටිය හරහා යත්ම අපට කඳුතරණය කරමින් යෑමට සිදුවිය. ඈතින් දොළොස්බාගේ කඳු වළල්ලත් තවත් පසෙකින්් යටියන්තොට කිතුල්ගල හරහා කඳු වළලූත් ඒ අතර නිම්නයේ අතරින් පතර අතරමංවුණු මීදුම් පොදිත් නිර්මාණය කළේ අමිල සිතුවමකි. ඉතා උස් ස්ථානයකට අප පැමිණි අතර වර්ෂාව නැතත් අධික මීදුමක් මෙම පෙදෙසේ දක්නට ලැබුණි.


අපට පිටුපසින් තිබෙන්නේ මහා කන්දක ඉහළම කඳු ගැටයයි. එම කඳු ගැටය තනිකරම සේද රෙද්දකින් වසාගෙනය. මෙම මාර්ගයේ තැනින් තැන ගලන දිය දහරවල් මෙම කඳුවැටිවල උල්පත් මගින් ජනනය වන බව අපට හැඟුණි. නිතැතින්ම අද මෙම ස්ථානයේ වුව නැවතිය හැකිය. එතරම් සුන්දර මිටියාවත් අපට දැකිය හැකිය. සූරියකාන්ත මල් යායේ ඔබ මොබ දුවන සමනලූන්ද මීමැස්සන්ද ඈත කඳු ගිරි මුදුන් වලින් එන්නවුන් වැනිය. කෙසේ හෝ මෙම පාරාදීසයක් බඳු අඩවියේ බොහෝ වේලා හිඳ අප නැවතත් දොළොස්බාගේ බලා පිටත් වූනෙමු. කොළඹ සිට මෙම මාර්ගය දොළොස්බාගෙට දුර කි.මී. 110කි. නාවලපිටියට මෙතැන් සිට කි.මී. 20ක් පමණ ඇත. කිලෝමීටර 2ක් පමණ අපට ඉතා අබලන් මාර්ගයක යාමට සිදුවිය. එහිදී දෙපස සරුසාරව වැඞී තිබෙන තේ යාය මැදින් ගල් බොරළු මතින් යන විට අපව පිළිගැනීමට මෙන් බලා සිටින පුංචි දරු දැරියන් පිරිසක් හමුවිය. ඔවුන්ගෙන් පාර අසාගෙන අප දොළොස්බාගේ ග‍්‍රාමයට ආවෙමු. දොළොස්බාගේ සිට නාවලපිටියටත්, ගම්පොළටත් යා හැකිය. දොළොස්බාගේ යන නමෙහි අර්ථය නම් හයවැන්න නොවන අතර අප අද දවසේ ක‍්‍රියාදාමය ඇරඹීමට සූදානම් වුනෙමු.


මීටර 1506ක් පමණ උස කබරගල කන්ද යනු දොළොස්බාගේ කඳුවැටි අතර පිිහිටි උසම කන්දයි. බැලූ බැල්මටම අවසානය පැහැදිලිව දැකගත හැකි අතර මාර්ගයද නිශ්චය කර ගැනීම පහසුය. අසල නිවසක යතුරු පැදි නැවතූ අප අවශ්‍ය ගමන් මලූ රැුගෙන ගමනට පිටත්වුනෙමු. ආරම්භයේදී විශාල ගස් තිබුණද ඉහළට ඇදෙත්ම තිබුණේ මානඉලූක් වැනි පඳුරු පමණි. දිය කඩිති මැදින්ද කූඩැල්ලන්ගේ ප‍්‍රහාරවලට ලක් වෙමින්ද අඩි පාර දිගේ අප ඉදිරියට ඇදුනෙමු. කඳුවැටියේ ඉහළ එක් පසෙක පයිනස් කැලයක් වැවී ඇත. ඒ හැරුණු විට කිලෝමීටර තුන් කාලක් පමණ පැහැදිලි වපසරියක් විය. ගල් පර්වත මත හිද ගිමන් නිවමින් සුදු මීදුම් පොදි සමග කරටකර ගැටෙමින් දහදිය මකා ගත්තෙමු.


ගම්මානයෙන් තරමක් ඈත්වුණු අප කන්ද එක එල්ලේ පටන්ගන්නා ස්ථානයකට ආවෙමු. අප මේ ආ මාර්ගය කඳු මුදනට ඉතා ආසන්න නිසා කබරගල කඳුවැටියේ සිට පහළ බලන විට පෙනෙන හෙළ ඉතා දුරකින් ඇත. ගුවනත වසාගෙන ඇදෙන කාල වර්ණ වළාකුළු අපට වැස්ස වැටේදෝ කියා කුතුහලයක් දුන්නද වර්ෂාව නිසා මෙම සුන්දර ගමන නවතා දැමීමට අපට නොහැකිය. එම නිසා හෝරාවක් පමණ ගත කරමින් සමස්ථ කිලෝමීටර දෙකකට ආසන්න දුරක් ගෙවමින් කබරගල කඳුමුදුනට ආවෙමු.


ක‍්‍රීඩා කිරීමට මෙන් සැදී තිබෙන තැනිතලාවේ කෙළවර පිහිටියේ ඍජු ප‍්‍රපාතයකි. කබරගල කඳු මුදුනේ සිට පහළ ප‍්‍රපාතය බලනකල බොහෝ විට අපට හරස්වුණේ එක යායට ගලන මීදුමයි. ඉඩ ලද අවසරින් වටපිටාව කාචගත කළ අපට ඉතා ඈතින් ගම්පොල ප‍්‍රදේශයත් නාවලපිටිය හා ශ්‍රීපාදය තෙක් කඳු වළල්ලත් දැකිය හැකි විය. මෙම ප‍්‍රදේශයේ උසම කන්ද වන කබරගල කන්දේ වැවී ඇති ශාක ගණත්වය සැලකිය යුතුය. මීදුම සමග හමන සුළඟ නිසා අප බොහෝ සීතලෙන් පසුවිය. වෙව්ලන තරමේ සීතල මැද කඳුවැටියේ ප‍්‍රපාතය ආසන්නයට ගියෙමු. මෙහි ඇති විශාල ගල්තලා මත සුවපහසු ලෙස සිටිය හැකි අතර රාත‍්‍රී කුඩාරමක් සහිතව රැය පහන් කිරීමට කදිම තෝතැන්නකි.


මේ අවට බොහෝ කඳු වැටි හා ගල් පර්වත පිහිටා ඇත. එසේම විවිධ උල්පත් ජලය පැනනගින මෙම කන්ද නිර්මාණය කරන දිය ඇළි අපට එන විට මුණ ගැසුණි. කොළ පාටිනුත් ඈතට යන්න යන්න නිල්පාටිනුත් පෙනෙන කඳු වැටි කියා නිම කළ නොහැක. සත්ව ගහණයක් පිළිබද අපට නිසි තොරතුරුක් දැනගත නොහැකි වූ නමුත් අපට මග තොටදී ඉත්තෑවන් හමුවිය. පින්න ඉහිරෙන මද්දහන හෝරාවේ කබරගල කන්ද වසාගෙන මීදුම එනු අප දිටීය. පහළ පිහිටි ගම්මාන සහ කෙත්යායවල් පෙනෙන්නට නැත. පයිනස් කැලයද භයංකර පෙනුමක් මවන අඳුරු කැලයකි. තරණය කිරීම ලෙහෙසි බැවින් ආරක්‍ෂා වීම වැදගත් විය. කෙසේ හෝ අද දවසේ තවත් කඳු දෙකකට හෝ යෑම අපගේ අරමුණ වීය. එම නිසා කබරගලින් පහළට පැමිණ අප ඇගේ තව තවත් සුන්දරත්වය කාචගත කර ගත්තෙමු. මෙම කඳුවැටිය දෙපසින් නිදහස් වූ තේජාන්විත මුර සෙබළෙකි.


නම් නොදන්නා තවත් බොහොම උස් කඳු වැටි මෙම ප‍්‍රදේශයේ තිබෙන අතර ඉන් රාක්‍ෂගල කන්ද තරණය කිරීමට අප සැරසුනෙමු. නැවතත් දොළොස්බාගේ නගරයට පැමිණ රාක්‍ෂගල කන්ද බලා ඇදුනෙමු. මීටර 1438ක් උස මෙම කන්ද මුදුනේ පිහිටි ගල් තලාව හා ගල් කුළු අපූරු හැඩයක් පරිසරයට එක් කරයි. ක‍්‍රමයෙන් අඩිපාර දිගේ යන විට කන්ද මුදුනට ගිය හැක.


රාක්‍ෂගල කන්දද මෙම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ කන්දකි. ගම්පොල හා නාවලපිටිය නගර මනාවට පෙනෙන අතර ගරා වැටුණු නටඹුන් ලෙස තිබෙන ගල් කුට්ටි මතට නැග අප මුදුනතට පැමිණියෙමු. පෙනුමට පහසුයි කියා සිතුවත් මෙම ගල් කුළු නැගීම පරිස්සම් විය යුතුය. කිලෝමීටරයක් පමණ වන ලැහැබ හා කටු අකුල් මතින් ගමන් කිරීමට සිදුවන අතර එහිදීද දිය කඩිති හා කූඩැල්ලන්ද දක්නට ලැබුණි. පළමු මීටර 100 නිදහසේ ගමන් කළ හැකි වුවද ඊළඟට ඉණ පමණට වැඩුණු පඳුරු අතරින් රිංගා යා යුතුය. ඍජු නැග්මක් පෙන්නුම් කරන මෙම කන්ද මුදුනේ තිබෙන සුන්දරත්වය බොහෝ විට ඈතට නිවරැුදිව දැකගත නොහැක. හතරැුස් පෙට්ටියක් ලෙස තිබෙන කුළු මත ගල් කුළුණු තබා ඇත. ඊට අඩි කිහිපයක දුරින් තවත් ගල් කුට්ටි කිහිපයකි. අතීතයේ යක්‍ෂයෙකු වාසය කළ කන්දක් ගල් කුළු තබා මෙලෙස සෑදුවේ රාක්‍ෂයකු විය හැකි බව අපට වැටහුණි.


පින්නෙන් දොවාගත් මුහුණේ මීදුම් සුළඟ වැදෙන විට දැනෙන සීතල අති මහත්ය. විෂ රහිත සර්පයන් සහ කූඩැල්ලන් සිටි අතර ගල් කුළු අසලට ළඟාවූ අප සිතුවාට වඩා ඒවා උඩට නැගීම දුෂ්කර විය. නිල්ල නිලට පෙනෙන කඳු වැටි රාශියකි. පසෙකින් මහ කැලයක් කඳු ශිඛර සහ ගම්මානයක් දැකිය හැකිය. කබරගල මෙන් ඍජු ප‍්‍රපාත නොමැති නිසා අවදානම අඩුය. මෙම කන්ද වුව නැගීමට තිබුණු පහසුම මග එය වූවත් එයද කන්දේ මුදුන් කොටසට අපගෙන ආ කෙටි මාර්ගයක් බඳුවිය. රාක්‍ෂගල කන්දේ රැය පහන් කිරීමට තරමක් දුෂ්කර කාර්යයකි. පඳුරු උඩින් අඩිතබා විටෙක ලිස්සමින්ද හති අරිමින්ද අප මෙම කන්දද නැග්ගෙමු. දෙපාවලට ඇවිද්ද පයේ වටිනාකම හොදට දැනෙන නමුදු අපගේ ක‍්‍රියාදාමයේ සාර්ථකත්වය නිසා එය එතරම් නොදැනුණි.


කිලෝමීටර 1ක් පමණ ගිය පසු ලිස්සන සුළු පස් සහිත ප‍්‍රදේශයක් හමුවන අතර ඉන්පසු උදව් සහිතව ගල් උඩට නැගිය හැකිය. ඉතාමත් ඈතින් බතලේගල කන්ද හා අසුපිනි ඇල්ලත් තවත් පසෙකින් මහවැලි මහා සෑයත් විය. අතරමග හමුවුණු ගල් උඩ පවා කූඩැල්ලන් අරක්ගෙන සිටි හෙයින් ගමනේ වෙහෙස වැඩි විය. දහවල් කාලය වූයෙන් සුළං ප‍්‍රවාහයද වෙනස් වෙමින් අහස අඳුරු කිරීමට පටන් ගත්තේය.


කබරගල කන්දත් රාක්‍ෂගල කන්දත් යනු දොළොස්බාගේ හි තිබෙන සුවිශේෂි කඳුවේ. මීට අමතරව අවශේෂ කඳුවැටි බොහොමයක් මෙම ප‍්‍රදේශය අවට පිහිටා ඇත. යටියන්තොට සිට කිතුල්ගඟ හරහා රිටිගහ ඔය නිම්නය දිගේ ගලා යන ජලය අවසානයේ කැලණි ගඟට එකතුවේ.


රාක්‍ෂගල කන්දේ අසිරිය විඳගත් අප නැවතත් කන්ද බැසීමට පටන් ගත්තෙමු. කන්ද බැසීමේදී ලිස්සනසුළු බැවින් ආරක්‍ෂකාරී වීම වැදගත්ය. සමස්ථ ප‍්‍රතිඵලයක් ලෙස අද දිනයේ දිය ඇලි 6කුත් කඳු දෙකකුත් අපතරණය කර හමාරය. කඳුකර පා ගමන් චරිකා යනු ඉතා වෙහෙසකර අවස්ථාවන්ය. මන්ද කන්දක් නැගීම යනු දෙපාවලට බොහෝ සෙයින් දැනෙන වේදනාවකි. නමුත් අප ඉතා ඉක්මණින් කඳු යුගලයම තරණය කර හමාර වන විට සවස 4ට ළංවී තිබුණි. නැවතත් දොළොස්බාගේ - නාවලපිටිය මාර්ගයට ගිය අපට මෙම කඳු පැහැදිලිව දැකගත හැකිය. කබරගල කන්දේ ඉහළ කොටස ත‍්‍රිකෝණකාර මෙන් ඉහළට එසවී ඉදිරියට නෙරා ඇතිනිසා එය හඳුනාගැනීමට පහසුය.


මීළඟට අප පිටත්වෙන්නේ නාවලපිටිය නගරයටයි. දොළොස්බාගේ යනු ඉහළින් පිහිටා තිබෙන නගරයකි. දොළොස්බාගෙන් පල්ලම් බසින අප නාවලපිටියට යෑමට හෝරාවක් ඉටා ගත්තෙමු. මාර්ගය මතට ගස්කඩා වැටී නැතත් විටින් විට අබලන් ස්ථානත් පටු මාර්ගයත් දැක ගත හැකිය. කබරගල කන්දෙන් ඈතට යත්ම මීදුම් සළු මගින් ඇයව වසා ගන්නා ලදී. රාක්‍ෂගල කන්දටත් අමුත්තන් ඇදෙන්නේ කඳු මුදනේ කාලය ගෙවා දැමීමටයි.


නිවැරැුදිව කාලය අනුව සැලසුම් කළ හොත් රිටිගහ ඔය නිම්නය දිගේ එන විට පිහිටි දියඇලි සයත් බලාගත හැක. මීට අමතරව දියංගිරි ඇල්ල සොයා ගැනීමට අපහසු වූයෙන් රාක්‍ෂව  වතුයායෙන් පිටතට ආවෙමු. තේ දල්ලේ සුවද අතර කොටුවුණු වතු කම්කරුවන් රාශියක් මෙහි සේවය කරයි. මෙම කඳු තරණය සඳහා හැකිතාක් සැහැල්ලූවෙන් සිටියයුතු අතර අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යායුතුය.


පසුගිය සතියේ අපගේ මුහුණු පොතට ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළය. සියයකට අධික පිරිසක් අප සමග එකතුවීමට ආසා කළ අතර මෙම ක‍්‍රියාදාම චාරිකා සටහන් කියවන ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව අති විශාල පිරිසක් සිටින බව අපට පෙණුනි. නාවලපිටිය නගරයට ආ අප අද රැුය පහන් කිරීමට සැරසුනේ හෙට දිනය සැලසුම් කළ පසු කකුල්වල වේදනාවට තෙල් බෙහෙත් ගෑ පසුවය. සමස්ථයක් ලෙස මීටර 1506ක් හා 1438 ක් උස කබරගල හා රාක්‍ෂගල කඳු තරණය කරමින් මිදුම් කඳු අතර අපද සැඟවුණි. නිමක් නැති නිමිනයේ තොරක් නැති ඉසව්වවක පිහිටි සුන්දරත්වය අපි දුටුවෙමු.

8_SLT_P_22


m



අදහස් (13)

දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන

දීපාල් ද සිල්වා Wednesday, 12 November 2014 04:46 AM

දේදුගල-දොළොස්බාගේ අතැර තිබෙන පාළම්පිටිය ගම ලෝකයේ තිබෙන සුන්දරම තැනක් මිනිසුත් හරි සුන්දරයි (දිල්)

:       0       0

කනිෂ්ක පෙරේරා Friday, 14 November 2014 03:26 PM

දේදුගල කියන්නේ සුන්දර ප‍්‍රදේශයක්. (ර)

:       0       0

බුද්ධික Saturday, 15 November 2014 06:23 AM

ඔයාලට එකතුවෙන්න පුළුවන් කොහමද? (අ)

:       0       0

ද සිල්වා Sunday, 16 November 2014 05:25 PM

කොහොමද අපේ ගම?බුලත්කොහුපිටිය කියන්නේ දියඇළි ගොඩක් තියෙන ලස්සන ගමක් (නි)

:       0       0

මාලක Monday, 17 November 2014 01:16 AM

මුහුණූපොතේ "ට්‍රැවල් ඉන් ශ්‍රී ලංකා-සොබාසිරි" කියලා ඇති. බලන්න බුද්ධික. (නි)

:       0       0

සේනක විජේසුන්දර Monday, 17 November 2014 10:48 AM

නියම වැඩක් කොල්ලනේ... (ර)

:       0       0

චන්ද්‍රමාලි Wednesday, 19 November 2014 10:30 AM

සුරබා ඇල්ල දැක තිබෙනවා. වැසි කාලයට දියඇල්ල බොහෝ ලස්සනයි. දිය ඇල්ලේ උඩ ජල පාරෙන් නාන්න පුළුවන්. නමුත් ප්‍රවේශමෙන් (නි)

:       0       0

උදය Thursday, 27 November 2014 07:12 AM

නියම වැඩක් අපිටත් බැරිද එකතු වෙන්ට? (අ)

:       0       0

රන්ෂාන් ප්‍රනාන්දු Friday, 28 November 2014 06:33 AM

උදය, මුහුණූපොතේ "ට්‍රැවල් ඉන් ශ්‍රී ලංකා-සොබාසිරි" කියලා පිටුවක් ඇති ඒ හරහා එකතු වෙන්න. දොළොස්බාගේ පැත්ත කියන්නේ දියඇලි ගොඩක් තියෙන පැත්තක්. (ර)

:       0       0

සුමේධ Sunday, 07 December 2014 07:04 PM

මේක ස්වභාවික නිර්මාණයක්.නිරන්තර තද සුළ‍ඟේ බලපෑමෙන් විවිධ හැඩගැසීම් නිර්මාණය වී තිබෙනවා (නි)

:       0       0

චින්තක Thursday, 11 December 2014 07:29 AM

ලස්සන තැනක්.(හේ)

:       0       0

රුවන් Wednesday, 25 March 2015 03:06 PM

ඇත්තටම ලස්සන ආර්ටිකල් එකක්.(හේ)

:       0       0

රවිජය බණ්ඩාර දේදුගල Wednesday, 31 October 2018 10:37 PM

දේදුගල ඉදලා දොලොස්භාගෙට වෑන් එකක් යන්න පුලුවන්ද මාර්ගයේ තත්වය කොහොමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site