‘‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද සඳහා අරඹන ලද ව්‍යපාරයක නායකත්වයෙහි මෙබදු පුද්ගලයකු සිටිනු දකින්නට ලැබීම රොමෝද්ගමනය ඇතිකරවන්නක් ද විය.’’ ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී 1893 වසරේ පැවැති ලෝක ආගම් සමුළුව අමතා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් කළ විශිෂ්ට දේශනය සෙන්ට් ලූවි ඔබ්සර්වර් පුවත් පත වාර්තා කළ අයුරුයි ඒ.අනගාරික ධර්මපාලතුමා කළ සේවයන් අතර අපේ රට අවුරුදු 300 ට වැඩි කාලයක් මුළුල්ලේ විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ අවධියේ අකී‍්‍රයව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පණ ගැන්වීම ප‍්‍රධාන වෙයි.එතුමන්ගේ ඒ උදාර අරමුණ ලක්දිව පුරා ව්‍යප්ත කරලීමේ මහගු කාර්යයට අමිල වස්තුවක් වූයේ සෝබන මාලිගාවයි. මෙම මහගු ජාතික වස්තුව බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා සන්තකයේ තිබෙන බව දැනගත් මහා බෝධි සංගමයේ උප සභාපති අග‍්‍රශ‍්‍රාවක මහා විහාරාධිපති හා ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි සහ එහි විධායක සභික මදුරාසි මහා බෝධි මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි එම රථය ලබාගත්හ.පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් නීල් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ ලූතිනන් කර්නල් තිස්ස ජයසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එදා තිබූ ආකාරයන්ම ප‍්‍රතිසංස්කරනය කරනු ලැබ මරදාන මාලිගාකන්ද මහා බෝධි සංගම් මූලස්ථානයහි මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පතව තිබේ.
නිෂ්පාදිත රට | ඇමරිකාව |
නිෂ්පාදිත ආයතනය | ජනරල් මෝටර් කම්පැණි |
වාහන වර්ගය | ජී එම් |
සීමොඩලය | ටී 20 |
ලියාපදිංචි අංකය | ජී-406 |
චැසි අංකය | 7439 සී |
බර | 6600 එල් බී එස් |
චැසි අංකය | 7439 සී |
දිග | අඩි 19 අගල් 6 |
පළල | අඩි 6 |
උපරිම ධාවන වේගය | පැයට සැතපුම් 35 |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව
පවන් Tuesday, 13 September 2011 08:15 PM
මමත් හරි ආසයි මේවට
ජයවීර Wednesday, 14 September 2011 10:58 AM
හරිම ලස්සනයි ඒත් ඇයි මේක ඇමරිකාවේ හැදුවේ අපේ නිර්මාණයක් වගෙයි
සංජීව ජගත් Wednesday, 21 September 2011 08:41 AM
පැරණි වාහන එකතුවක්නමි හොදයි.
දමිත රණසිංහ Wednesday, 21 September 2011 09:20 AM
මෙය කෞතුක වස්තුවක් සේ තබාගෙන සිටිනවාට වඩා, ධර්මපාල තුමන් මෙම රථය යොදාගෙන සමාජයට කළ සේවය යළිදු පණගැන්වීමක් මම බලාපොරොත්තු වෙමි.