ධවල ගංඟාවේ වරින්වර මතුවූ මේ අසාමාන්‍ය යෝධ සතා පිළිබඳ කතාව මිත්‍යාවක් නොවුවද එය නොවිසඳුන රහසක්ව පවතී.
මෙය ඇමෙරිකාවේ අරකන්භස් ප‍්‍රාන්තයේ පිහිටි වයිට් රිවර් හෙවත් ධවල ගංඟාව ආශ‍්‍රිතව මිනිසුන් විසින් දැකගනු ලැබූ අත්භූත සතෙක් පිළිබඳව කතාවකි.
ලෝකයේ විවිධ රටවලින් ඇමෙරිකාව බලා පදිංචියට පිවිසි ජනයා රටේ විවිධ ස්ථානයන්හි පදිංචි වූහ. අරකන්භස් ප‍්‍රදේශයද මේ ආකාරයෙන් ගෝත‍්‍රික ජනයාගෙන් ගිලිහී සංක‍්‍රමණිකයන්ගේ වාසස්ථානයක් බවට පත්විය.
වයිට් ගංඟාවේ අද්භූත යෝධ සතා ප‍්‍රථම වතාවට මේ සංක‍්‍රමනිකයින් දැක ඇත්තේ 1890 දීය. මේ යෝධ සතා හැඩයෙන් කටුස්සකුට සමානවිය. අඩි පහක් තරම් පළල්වූ ශරීරයක් ඌට තිබුණු අතර දිග අඩි විස්සක් තරම් විය. ගඟ දියේ පීනායන මස් වැදැල්ලක් සේ දිස්වුවද, ගංඟා ඉවුරේ කටුස්සකුගේ මෙන් කොට බෙල්ලක් සහිතව පාද හතර ඇතිව මේ සතා සිටිනවා දැක ඇති මිනිස්සු ඒ ගැන විස්තර කළහ. ගංඟා දිය ආශ‍්‍රිතව වගාකටයුතු වල නිරත ආදි ඇමෙරිකානුවෝ ඩයිනමයිට් යොදා මේ සතා මරාදැමීමට සූදානම් වූහ. ප‍්‍රාන්ත පාලනය වහාම මේ අදියර නීතියෙන් තහනම් කොට මේ අපූරු සතාගේ ජීවිතය රැකදීමට ආරක්‍ෂිත පියවර ගත්හ. මේ සතා දුටු බොහෝ දෙනා සතාගේ හැඩරුව එකම ආකාරයකට විස්තර කළද, සතාගේ දිග පළල වෙනස්ව විස්තර කළහ. මේ නිසා මේ ගංඟාවේ මෙම අද්භූත සතුන් එකකුට වඩා සිටිය හැකියැයි නිගමනය කළහ.
අද්භූතයාගේ ආරංචිය ඇමෙරිකාව පුරා පතලවීමත් සමග, අද මෙන් ප‍්‍රවාහන පහසුකම් නොතිබුණු යුගයක් වුවද මිනිස්සු ධවල ගංඟාව කරා පැමිණියේ මේ අපූරු සතා දැක බලාගන්නටය. මේ තත්ත්වය ඇතිවූයේ 1915 පමණය. මේ සතා වරින්වර ගංඟාවේ තැන තැන දැක ගත් වාර්තා වරින්වර පැතිර ගියද 1937 ජුලි මාසයේදී අද්භූතයා පිළිබඳ විශේෂ ආරංචියක් ඇමෙරිකාව පුරා පැතිර ගියේය.
මිසිසිපි ගංඟාවේ අතු ගංගාවක්වූ වයිට් ගංඟාවේ මසුන් ඇල්ලීමේ නිරත ධීවර පිරිසක් ගංඟාවේ ඉවුරේ සිටින සතෙක් ඈත සිටම දැකගත්හ. මේ ගැන ධීවරයෝ අසල වගාබිමේ අයිතිකරුට දන්වා සිටියහ. බ‍්‍රැමාලට් බැට්මෑන් නම් මේ වගාබිම අයිතිකරු පුවත ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් අවසානයේ ඒ ගැන නිරීක්‍ෂණය කිරීමට නිගමනය කළේය.
බැට්මෑන්ට තමන් දුටුදේ පිළිබඳව දෙනෙත් අදහාගත නොහැකිවිය. ‘‘පුදුම සතෙක්.... හම හරියටම අලියෙකුගේ හමක් වගෙයි. අඩි පහක් තරම් පළලයි. අඩි දොළහකටත් වඩා දිගයි. හරියට බළල් මාළුවෙකුගේ වගෙයි මුහුණ. මං දැකලා දියට බැහැලා.. පාවෙවී හිටියා.... පස්සේ ගැඹුරු දියට ගියා...’’
‘‘නැවත වතාවක් මේ සතා ආවොත් මං වෙඩි තියනවා... මගේ වගාබිමට මේ සතා තර්ජනයක්...’’යි බැට්මෑන් ප‍්‍රකාශ කළේය. එහෙත් එයට මැදිහත්වූ අරකන්භස් පාලනය සතා වෙඩි තැබීම තහනම් කළේය.
බැට්මෑන්ගේ කතාව ගොතන ලද බොරුවකැයි තවත් කොටසක් ප‍්‍රචාරයක් ගෙනගියද, මේ වනවිට මේ අද්භූත සතා දුටු සියයකට වැඩි පිරිසක් සිටිය හෙයින් ඒ කතාව යම් තරමකට මර්දනය විය.
මේ අද්භූත සතා නැවත මතුවී රටපුරා කලබැගෑනියක් ඇතිවූයේ 1971 දීය. මේ අත්දැකීමට පාත‍්‍රවූයේද ධීවරයෙකි. ඔහු පවසන අන්දමට ”මගේ බෝට්ටුවට බොහොම කිට්ටුවෙන්ම එකපාරට ජල කඳක් මතු වුණා. ඒ එක්කම යේධ සතකුගේ කොටසක් දියෙන් මතුවුණා. මා දුටු කොටස අඩි විස්සක්වත් ඇති. රළු හමක් ඇති සතෙක්...’’ ඔහු විස්තර කළේය. මේ ධීවරයා සෙසු අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේය. ඔහු තමා ඉදිරියේ දුටු දර්ශනය ඡායාරූපයකට නැගීය. 1890 සිට කතාකළ අද්භූත සතාගේ ඡුායාරූපයක් ගත් ප‍්‍රථමයා ඔහු විය. ‘‘නිව්පෝට් ඬේලි ඉන්ඩිපෙන්ඩන්ට් නිව්ස් පේපර්’’ නැමැති පුවත්පතට ඔහු එම ඡායාරූපය අලෙවි කළේය. අවාසනාවකට මෙන් එම ඡුායාරූපය මුද්‍රණයට සුදුසු මට්ටමක නොවූයෙන් එම අපැහැදිලි ඡායාරූපය මුද්‍රණය නොවීය. පසුව එම ඡායාරූපය අතුරුදහන් වී ඇති බව පුවත්පත් සමාගම කියා සිටියේය.
ධවල ගංඟාවේ පාවෙමින් සිටි මේ සද්දන්තයා දුටු බොහෝ දෙනෙක් ගැන වාර්තා ඇත. මේ සතා නගන හඬ ගවයින්ගේ හඬට සමාන යැයි මේ සතාගේ හඬ ඇසුවෝ කියති. 1971 ජුනි මාසයේදී තවත් ධීවරයින් දෙදෙනෙක් වාර්තා කළේ තම ධීවර බෝට්ටුවට මේ සතා ඇතිල්ලීම නිසා නොපෙරලී අනූනවයෙන් බේරුණු බවයි.
1973 අරකන්භස් සෙනට් සභාව මේ අද්භූත සත්වයාගේ ආරක්‍ෂාව සඳහා නිළ වශයෙන් කටයුතු කළෝය.
අද්භූත සතා යෝධ සීල් මත්ස්‍යයෙක් විය හැකි යැයි මේ පරීක්‍ෂණවල නිරතවූවෝ නිගමනය කළහ. සීල් මසුන් අඩි විස්සක් තරම් දිගට වැඩෙන බව සොයාගෙන තිබෙන හෙයින් මේ අනුමානය නිවැරදි විය හැකිය. ඒ සමගම මේ යෝධ සීල් මසුන්ට සැතපුම් හත්දාහකට වැඩි ඈතට සංක‍්‍රමණය විය හැකි බවද සොයාගෙන තිබේ (වසරක් තුළ). සතාගේ හැඩරුව, හඬන ශබ්දය යනාදී සියල්ලම සීල් මත්ස්‍යයකුට සමානවෙයි. එහෙත් මේ ගංගාවට සීල් මත්ස්‍යයෙකුට පැමිණිය හැකි ඉසව්ව ඇත්තේ ඇමෙරිකාවේ බටහිර වෙරළේය. සීල් මසුන් මේ ගංඟාවට පිවිසියානම් ඔවුන් පැනමා ඇළ හරහා විත් මේ ඉසව්වට ළඟා විය යුතුය. සීල් මසෙකුගේ වයස අවුරුදු පහළොවක් නොඉක්මවයි. එහෙයින් එකම මාළුවා හෝ ජල භූතයා ශතවර්ෂයක් පුරා ජීවත් නොවූ බව සහතිකය.
මේ කතා කරන මත්ස්‍යයා සීල් මාළුවෙක් හෝ වෙන වර්ගයක එකෙක් වුවත් අනිවාර්යයෙන්ම සංක‍්‍රමණික සතෙක් බව නිගමනය කළ හැකිය. එහෙත් මේ අද්භූත සතා 1890 - 1973 දක්වා වරින්වර දැක ඇතත් නිවැරදිව හඳුනා නොගත් අභිරහස් සතෙකි.
‘‘අප දුටු සතා සීල් මත්ස්‍යයෙක් නම් නොවෙයි. අපි සීල් මසුන් දැක තිබෙනවා. මේ සතා කටුස්සකුගේ හැඩය ගත් අද්භූතයෙක්මයි....’’ ගවේශකයන්ගේ නිගමනය සතා ඇසින් දුටුවෝ ප‍්‍රතික්‍ෂේප කළහ.
ධවල ගංඟාවේ අද්භූත දැවැන්තයා මෙවැනි යෝධ සීල් මත්ස්‍යයෙකැයි අනුමාන කෙරේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ධවල ගංගාවෙන් මතුවූ දැවැන්තයා
ගාමිණී Sunday, 03 March 2013 10:52 PM
කතාව නම් හරිම අගෙයි. දියුණු තාක්ෂණයේ පිහිටෙන් මේ සතාගේ ඡායාරූපයක් ගන්න පුලුවන් වුණා නම් අගෙයි. (නි)
තාරක Thursday, 07 March 2013 08:34 AM
කතාව නම් හරිම අගෙයි. (නි)
හිරුනි Friday, 08 March 2013 10:17 AM
ඇයි ඔච්චර දියුණු ලෝකෙට මේක විතරක් හොයන්න බැරි (ස)
නිශාන්ත Sunday, 10 March 2013 01:31 PM
ඇමරිකාවට ඇයි මේක හොයාගන්න බැරිවුණේ? (නි)
බොතේජු Sunday, 17 March 2013 12:49 AM
ඇමරිකාවට මේවා හොයන්න වෙලාවක් නැතුව ඇති. (නි)
ඉෂාන් දනුජ Sunday, 07 April 2013 02:08 AM
සතා හොදයි, මුහුණ කැතයි. (නි)
තොටය පේරාදෙණිය සරසවිය Friday, 25 October 2013 05:04 PM
සත්ව පරිනාමයේ නොවිසදුන රහස් තව කොච්චර ඇත්ද .මිනිසා තවම හොයාගෙන තියෙන්නේ ටිකයි. නමුත් පරිනාමයේ ප්‍රථමික අවස්ථාවේ තව කොච්ට්ච්ටර සතුන් ඇත්ද .බොහොම අගෙයි තව හොයාගෙන ලෝකේ සැගවුන පැත්ත පෙන්වන්න ඕනා.(නදී)