X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නව ජනපතිට වගකීම් සම්භාරයක්

අද (20) ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට සුවිශේෂ දිනයකි. අකාලයේ පුරප්පාඩු වූ ජනාධිපති ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සිදුවන්නේ අද පෙරවරුවේය. රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක තිදෙනාගෙන් එක් අයෙක් ඒ අනුව අද සිට ඉදිරි දෙවසරකට වැඩි කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්වෙයි. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ නායකයා වශයෙන් කටයුතු කළ යුතුය.

ජනාධිපති ධුරය මෙවර පුරප්පාඩු වූයේ අසාමාන්‍ය තත්ත්වයක් යටතේ බව මුලින්ම පෙන්වාදීම අවශ්‍යය. 2019 ඔක්තෝබර් මාසයේදී ඡන්ද 69 ලක්ෂයක ජන රැල්ලක් මතින් ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් ධුරය පුරප්පාඩු විය. ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඒ හා සමානව ජනරැල්ලක් හරහා ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුණු බැවිනි. අලුතෙන් පත්කර ගනු ලබන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මුලින්ම සිහියේ තබා ගත යුත්තේ එම පසුබිමය.

ඒ අනුව නව ජනාධිපතිවරයාට පැවරෙන වගකීම් සම්භාරය වෙනස්ම මගක් ගනී. සාමාන්‍යයෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයකදී මහජන ඡන්දයෙන් බලයට පත්වන ජනාධිපතිවරයකු ඉදිරි පාලන කාලය සකස් කරගත යුතු වන්නේ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මත පදනම් වන  ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමිනි. එහෙත් අද දිනයේ ධුරයට පත් වන ජනාධිපතිවරයා ප්‍රමුඛත්වය ලබාදිය යුතු වන්නේ හිටපු ජනාධිපතිවරයාට ධුරය අතහැර රටින් පිටව යාමට සිදුවූ හේතුවලට හැකි පමණින් පිළියම් යෙදීමටය. එය තනිවම කළ හැකි රාජකාරියක්  නොවේ. විධායක ජනාධිපති ධුරය නම් රැස්වළල්ල තුළ අසීමිත බලයක් ආරෝපණය වී තිබුණ ද රටේ අර්බුද විසඳාගැනීමට නොහැකි වුවහොත් එම බලය රජ මැදුරට සීමාවී රටම  යළිත් ගිනිගොඩකට තල්ලු වීම වැළැක්විය  නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයක් මේ රටේ කිසිවකුත් අපේක්ෂා කරන්නේ නැත.

නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයකු නම් කරගෙන රටේ බලාපොරොත්තුව වන සර්වපාක්ෂික රජයක් හෝ අන්තර්වාර පාලනයක් හෝ පිහිටුවාගෙන අප්‍රමාදීව රාජකාරි ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. මුළු රටම පසුගිය මාස කිහිපය තුළ ජන අරගල කරා මෙහෙය වූ උගත් බුද්ධිමත් තරුණ පිරිසගේ නියෝජනයක්ද සර්වපාක්ෂික, ආණ්ඩුව සමග ඒකාබද්ධ වන්නේ නම් එය වඩාත් සුදුසුය. දෙපිරිස සතුව ඇති රට දවන, පීඩනයට පත්කරන අර්බුද විසඳීම සඳහා වන යෝජනා එක්ව සලකා බලා වඩාත් ප්‍රායෝගික තීන්දු ගැනීමට මේ හෝරාවේ ඉහළම ප්‍රමුඛත්වය ලැබිය යුතුය. ඒ සඳහා රටේ සිටින බුද්ධිමතුන් සහ ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සහාය ලබාගැනීමේ  ක්‍රමවේදයක් ද සකස් කිරීම අවශ්‍යය.

අපේ රට ලොවේ ඉහළම අධිඋද්ධමන අනුපාතයක් සහිත රටවල් 10 අතරේ සිටින බවද ප්‍රකාශිතය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවගේ ජීවන බර දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ. ඒ සමග රටපුරා ඉන්ධන හල් අවට එකම යුද්ධයකි. රටේ ජනතාව දින ගණන් තෙල් පෝලිම්වල රැඳී සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබේ.  මේ හේතුවෙන් අතිවිශාල පිරිසක් ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිති. මේ ගැටලුවලට එකවර විසඳුම් සෙවීම පහසු නැත. එහෙත් ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින්නේ එම ගැටලු විසඳීම සඳහා සාධනීය පියවර ගැනීමට අලුත් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව ආර්ථික අර්බුදය විසඳාගැනීමට හැකියාවක් නැත. කොතරම් උත්සාහ දැරුවත් රටේ දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිත කිරීමට නව ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් විදෙස් ආධාර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි රටට ඩොලර් ලබා ගැනීමට තිබෙන  මාර්ග දිගටම වැසී තිබෙනු ඇත. මහ බැංකු අධිපතිවරයා  දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ හැකි තරම් ඉක්මනින් රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ යුතු බවය. අපේ අසල්වැසි බලවතා වන ඉන්දියාවද ලංකාවේ ජනතාවගේ අභිලාෂවලට පිටුපා කටයුතු නොකරන බව ප්‍රකාශ කර තිබේ. එසේම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවකු වූ ජපානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලන කාලය තුළදී  අමනාප කර ගැනීම මහත් අවාසියක් විය. එය වහාම ඉවත් කර ගැනීම ද නව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමකි. සියලු මිත්‍ර රටවල් සමග  සහයෝගයෙන් කටයුතු කළ හැකි දුරදක්නා විදේශ ප්‍රතිපත්තියකට මේ අවස්ථාවේදී මූලිකත්වය ලැබිය යුතුය.

රටට ඩොලර් ගලාඒමට මාර්ගය සදා ගැනීමකින් තොරව අපේ රටට ඉදිරි ගමනක් නැත. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය දිනාගත හැකි ඔවුන් සමග රටට වාසිදායක සබඳතා ගොඩනගා ගත හැකි තත්ත්වයකට රට ඔසවා තැබීම අවශ්‍යය. ලෝකයේ හුදෙකලා වූ රටකට ලබාගත හැකි දියුණුවක් නැත. එවැනි රටකට ආයෝජන ලැබෙන්නේද නැත.

අභිනව ජනාධිපතිවරයාට සුබපතමින් ඔහුට සියලු වගකීම් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමු. ජයෙන් උදම්වීමට කාලයක් නැති බවත් ජනතාවගේ බලාපොරොත්තු රැලි ගසමින් පවතින බව සිහියේ තබාගත යුතු බවත් ඒ සමග සිහිපත් කරමු.

(***)



අදහස් (1)

නව ජනපතිට වගකීම් සම්භාරයක්

Gamunu Wednesday, 20 July 2022 05:34 PM

නව ජනපතිට පැවැරී තිබෙන්නා වූ වගකීම් සම්භාරය කරගෙන යාමට අවංක, බුද්ධිමත්, විනිවිද භාවයෙන් කැපවී කටයුතු කළහැකි පිරිසක් ඔහු සමග එක්විය/ එක්කර ගත යුතුම වේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site