X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 13 වන බදාදා


නව රජය බලාපොරොත්තු දල්වයි?

ඓතිහාසික ජනපතිවරණයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක්.. එහෙත්, එය එසේ ඓතිහාසික වන්නේ ඇයි?

රටේ පැවැත්වූ අනෙකුත් ජනාධිපතිවරණ වලින් එය කැපී පෙනෙන ලෙස වෙනස් වන්නේ කාරණා කීපයක් හේතු කොට ගෙනය. පළමුවැන්න නම්, එහි දක්නට ලැබෙන ජාතික සහභාගිත්වයයි.  ඇත්ත වශයෙන්ම කිවහොත්, සැබෑ ජාතික මැතිවරණයකින් ජයගත් ප්‍රථම ජනපතිවරයා වශයෙන් මෛත්‍රීට ආඩම්බර විය හැකිය.උතුර - නැගෙනහිර- බටහිර- දකුණ එකම ඡන්ද කොට්ඨාසයක් මෙන් මැතිවරණයට සහභාගිවීම එයටම අනන්‍ය වූ ලක්ෂණයක් විය. බොහෝ විට, පශ්චාත් යුදමය ශ්‍රී ලංකාවේ, ජාතික ගැටලුව නිරාකරණය පිළිබඳ පළමු ඉඟිය මෙය විය හැකිය.

“1982 න් පසු පළමුවරට උතුරේ දෙමළ ජනතාව නිදහසේ ඡන්දය භාවිත කරනවා” යි  ජනමාධ්‍යවේදී  පරමේස්වරන් මා හා බ්‍රහස්පතින්දා පැවසුවේ, උතුරේ ඡන්දය භාවිත වන ආකාරය පිළිබඳව මා ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ය. රට හැමතැනම ඡන්දය භාවිතාකිරීම නිදහස් හා සාධාරණ ලෙස සිදු වූ බව සත්‍යයක් නමුත් උතුර හා නැගෙනහිර මෙහිදී වඩාත් වැදගත් වන්නේ පසුගිය දශක තුන මුළුල්ලේ ම එහි සිදු වූයේ වෙනස් කතාවක් බැවිනි..

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලැබුණු ඡන්ද බෙදී ගොස් තිබූ ආකාරයේ පැහැදිලි බව පිළිබඳ විවාදයක් නැත.  සිංහල බෞද්ධ ස්ථාවරයේ මහින්ද ඉදිරියෙන් සිටි අතර, මෛත්‍රී  සුළුතර ජාතීන්ගේ මෙන්ම බහුතර ජාතියේ ද විශ්වාසය දිනා තිබිණි.  එහෙත්, මෛත්‍රී  ජයග්‍රහණය කළේ සුළුතරයේ ඡන්ද වලින් යැයි කෙනෙකුට පහසුවෙන් කිව හැකිය

එය සාධාරණ නමුත් ඉන් අදහස් වන්නේ කුමක්ද? සුළුතර ජාතීන් අති විශාල සංඛ්‍යා වලින් මහින්දට වඩා මෛත්‍රී  තෝරා තිබිණි. මේ සංසිද්ධියට හේතු කවරේදැයි සෙවීමට පශ්චාත් විභාග අවශ්‍ය නොවන්නේ ඒ මොනවාදැයි යන්න උවමනාවටත් වඩා පැහැදිලි හෙයිනි. එබැවින්, ජනතාවගේ මෙම තීන්දුව මත පදනම් ව අනාගතය දෙස බලමු.

ඕනෑම ඡන්ද විමසීමක්, ජනතා අභිලාෂයන්ගේ පිළිබිඹුවක් ලෙස විග්‍රහ කළ හැකි අතර, මේ බ්‍රහස්පතින්දා සිදු වූ තෝරා ගැනීම අරභයා එය වඩාත් ප්‍රබල වේ. මේ වතාවේ ඡන්දය භාවිත වුණු විලාශය පිටුපස වූ බලාපොරොත්තු මොනවාද?

ජාති ආගම් ආදී බේද නොසළකා ගත් බහුතරයකට ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණ වලින් තොර බව ආදී බලාපොරොත්තු බොහෝ විය. එහෙත් සුළු ජාතීන් සමහරකට විශේෂ අපේක්ෂාවන් වෙතියි මම හඟිමි. පශ්චාත්-යුදමය ප්‍රදේශවල දෙමළ ජනතාවට එය ප්‍රධානකොටම නිදහස වනු ඇත. ඔවුන්ට කතා කිරීමේ නිදහස, එක් රැස් වීමේ නිදහස, සැරි සැරීමේ නිදහස මෙන්ම සමහර විට සිතීමේ නිදහස ද , අවශ්‍යව තිබිණි. ප්‍රධානකොටම, රැඩිකල්කරණය වීමේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට, මෙය තව දුරටත් අවධානය යොමු කළ යුතු කරුණක් වන නමුත්, උතුරේ ජනතාව නියත ලෙසින් ම, එල් ටී ටී ඊ ග්‍රහණයෙන් මෙන් ම හමුදාමය අධිකාරිත්වයෙන් මිදීම සඳහා දෙවියන් යදිමින් සිටින්නට ඇත. නමුත්, කුමක් සඳහාවත්, මේ දිනවල දේශපාලන වේදිකාවල නිතර ඇසුණු උතුරෙන් හමුදා ඉවත් කර ගැනීම ආදී තර්ක විතර්ක මින් කිසිසේත් අදහස් නොකෙරේ.

මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේම බලාපොරොත්තු විය. ඒ අතර ප්‍රධානම වූයේ, ඔවුන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ අනන්‍යතා ගැටලුව විසඳීමයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ සිංහල බෞද්ධ අන්තවාදී කොටස් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවට තර්ජනයක් එල්ල කොට තිබේ.  එබැවින්, මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ආරක්ෂාව හා ගරුත්වය, තවත් ප්‍රබල සිංහල-බෞද්ධ නායකයකු වන මෛත්‍රී යටතේ වන නව රජයකින් අපේක්ෂා කරති. 

සත්‍ය වශයෙන්ම, පශ්චාත් යුදමය ශ්‍රී ලංකාව, තමාගේම වන බහුවිධතාව තවම හඳුනාගෙන නැති අතර, ඒ බව ඡන්දය පැවැත්වීමේ පරිපාටියේ දී  පැහැදිලිව දක්නට ලැබිණි. මෛත්‍රී කඳවුරට මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ගේ ආගමනය මහින්ද කඳවුරේ අයට අනුව රට බෙදීමක් වූ අතර, එය රටේ සුළුජාතිකයන්ගේ රටවැසිභාවය පිළිබඳ බලවත් අවතක්සේරුවකි.

“මට පෙනෙන අයුරින්, ජාති භේදයකින් තොරව අප සියල්ලන්ටම එක් අරමුණක් ඇත- ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමත්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවන පරිදි මූලික මානව අයිතිවාසිකම් සුරැකීමත් ය” යැයි ඉමිතියාස් බාකිර් මාකර් මා හා කීවේය.

මේ සියල්ල හැර, ඉහළ අගයකින් සිදුවූ ඡන්ද ප්‍රකාශ කිරීම හඟවන්නේ ජනතාව නව රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ය. මෛත්‍රී- රනිල් කඳවුර, සිය හවුල්කාර සගයන්ගේ විවිධාකාර දේශපාලන න්‍යායපත්‍ර නිසි සේ කළමනාකරණය කරමින් ජනතාවගේ මේ දැඩි අපේක්ෂා ඉටු කළයුතු වීම ඔවුන් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වනු ඇත. පොරොන්දු වූ පරිදි ඒවා ඉටුකළ නොහැකිනම් ඔවුන්ගේ ජනප්‍රියතාව මහින්දගේ ජනප්‍රියතාව හීන වූවාටත් වැඩි වේගයකින් හීන වී යනු ඇත.  එසේ වූ විට ඔවුන්ට බලය කරා ළඟා වීමට අත හිත දුන් අයම, ඔවුන්ට විරුද්ධව ප්‍රථමයෙන් කොකා ගස්සන අය වනු ඇත. මහින්දට වූයේ එයයි; එබැවින් නාටකය රඟ දැක්වීමට පෙර ම, මෛත්‍රී-රනිල් මේ කටුක සත්‍යයේ පාඩම උගත යුතු වේ.

 

 



අදහස් (0)

නව රජය බලාපොරොත්තු දල්වයි?

අජිත් Tuesday, 20 January 2015 01:35 PM

අද උතුරේ සිංහල අයට පදිංචි වෙන්න දෙනවද? සිංහල අපි ගැන කතාකරන්න කිසිම දේශපාලකයෙක් ඉදිරිපත්වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site