පුළුන් සහ ගින්දර ළඟින් නොතැබිය යුතුය. ඒ වහා ගිනි ඇවිළෙනසුළු හෙයිනි. විශ්වවිද්‍යාල සිසුන් හා පොලිසිය අතර ඇත්තේද එබඳුම සමානකමකි. මේ දෙගොල්ලන් කොයි මොහොතේ පැටලී ඇවිළී යාදැයි කිව නොහැකිය. ඒ සම්බන්ධ ඉතිහාස සිදුවීම් අපමණය.
ඉහත පූර්විකාව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයක් සම්බන්ධයෙනි. විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව විමර්ශනය කරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අප පුවත්පත පළකළ ප්‍රවෘත්තියකට අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගමයක සිසුන් තිදෙනකුට පහරදීම, එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනකුට නේවාසිකාගාරයේදී පහරදී නවකවදය ලබාදීම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුට සමාජ මාධ්‍ය හරහා අසභ්‍ය දර්ශන යොමුකර නවක වදය ලබාදීම පිළිබඳව පොලිසිවලට ලැබී ඇති පැමිණිලි විමර්ශන කටයුතු සඳහා පොලිස් මූලස්ථානයට යොමුකර තිබේ. පොලිස්පතිවරයා ඉහත නියෝගය නිකුත් කර තිබෙන්නේ ඒ අනුවය.
විශ්වවිද්‍යාල යනු මහා සංස්කෘතිය තුළ ඇති චූල සංස්කෘතියකි. ඉපැරණි යුගයේ මෙම චූල සංස්කෘතිය විචිත්‍රවත්ය. වර්ණවත්ය. එය විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් අනන්‍ය වූ ලක්ෂණවලින් පිරිපුන් වූවකි. එහෙත් පසු කාලයේදී විශ්වවිද්‍යාල ‘‘මොළකාර මැරයන්ගේ’’ තිප්පොළක් බවට පත්විය. එතැන් සිට අසන්නට දකින්නට ලැබුණේ අමානුෂික මෙන්ම තුච්ඡ නවක වද සිදුවීම්ය. ගහ මරා ගැනීම්ය. ශිෂ්‍ය පිරිසකගේ පහරකෑමට ලක්ව විශ්වවිද්‍යාල තුළම ශිෂ්‍යයකු මිය යාමේ සිදුවීම වාර්තා වී දෙතුන් මසක් ඉක්මයාමට මත්තෙන් එම විශ්වවිද්‍යාලයෙන්ම වාර්තා වූයේ විශ්වවිද්‍යාල භූමිය තුළම එක් සිසුවකු තවත් සිසුවකුට පිහියෙන් ඇන මරා දැමූ බවය. විවිධ මත අතර ගැටුම ඇඟ මස ඉල්ලන වියරු සංග්‍රාමයක් බවට පරිවර්තනය වූයේ එසේය.
අතිශයින්ම තරගකාරී විභාගයක් වන උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පිවිසේ. හේ ප්‍රඥාංකුරයෙකි. එහෙයින්ම ඔහු තාර්කිකය. සත්‍යවාදීය. යුක්තිගරුකය. බුද්ධිමත්ය. පැසුණු අරගලකරුවෙකි. එම නිසා ‘‘හොඳ-නරක’’ සම්බන්ධ ප්‍රාථමික දැනුම යළිත් ඔවුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. එහෙත් එසේ කිරීමට සිදු වී තිබේ. පක්ෂ මතවාද නමැති මුගුර අතට ගෙන සිටින ශිෂ්‍ය කණ්ඩායම් නිසා විශ්වවිද්‍යාල එබඳු නරකාදියකට තල්ලු වී තිබේ.
නවක වදය යනු තම පක්ෂ මතවාදයට නවක සිසුවා බිලි බා ගැනීමට යොදාගන්නා ඇමක් විනා අන් යමක් නොවේ. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ එම බිලි බා ගැනීමට යාමේ තාර්කික ප්‍රතිඵලය වී තිබෙන්නේ නවක වදයට සම්බන්ධ සිදුවීම් අපරාධ විධි විධාන පනතේ සංග්‍රහයන්ට යටත්ව විමර්ශනය කිරීමය.
නවක වදයට බියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ උඩු මහලෙන් බිමට පැන්න ඇල්පිටියේ රූපා රත්නසීලි සදාකාලික ආබාධිත භාවයට පත් වූවාය. ඇගේ සරසවි දිවිය එතැනින් අවසන් විය. පසු කාලයේ දී ඇය දිවි නසා ගත් බව මාධ්‍ය වාර්තාවල සටහන්ව තිබිණි. ඉංජිනේරුවකු වීමේ අපේක්ෂාවෙන් යාපනය අර්ධද්වීපයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි වරප්‍රකාෂ්ට සිදු වූයේත් ‘‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ’’ කුරිරු වද බන්ධනවලට ලක්ව අකාලයේ මිය යාමටය. නවක වදය නිසා විශ්වවිද්‍යාල ජීවිතයට ආයුබෝවන් කියන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
සරසවියට පිවිසෙන නවක සිසුන් පිළිගැනීමට හඳුනා ගැනීමට නිර්මාණාත්මක වූත් හෘදයාංගම වූත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට ශිෂ්‍ය සංගම් අපොහොසත් වීම විශේෂ අවධානයට යොමු විය යුතුය. ක්ෂිතිජයට ඔබ්බෙන් ලෝකය දෙස බැලීමට සමත් පළල්, පුළුල්, විසල් මනසකින් හෙබි ශිෂ්‍යයාගෙන් විශේෂයෙන් ස්වාධීන තාරුණ්‍යයෙන් පිරීගත් ශිෂ්‍යයන්ගෙන් එබඳු වැඩපිළිවෙළක් අපේක්ෂා කිරීම යුක්ති සහගතය. එහෙත් දැන් තත්ත්වය ඉතාම නරකම තැනට පත්ව තිබේ. නවක වද සිදුවීම් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.
නවක වදය මැඩලීම සඳහා නවක වද විරෝධී පනත ප්‍රමාණවත් බව කියැවුණද දැන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන එයට ආදේශ වී තිබේ. ගින්දර සහ පුළුන් ළඟින් නොතැබිය යුතුවාක් මෙන්ම සරසවි ශිෂ්‍යයා හා පොලිසිය ළඟින් නොතැබිය යුතුය. එහෙත් දැන් කෙමෙන් එය සිදුවෙමින් තිබේ. ප්‍රතිඵලය සම්බන්ධයෙන් සියල්ලන්ම අවධානයෙන් සිටිය යුත්තේ එහෙයිනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නවක වද පරීක්ෂණ නව මානයකට දැමිය යුතුද?
චන්දිම Wednesday, 16 November 2022 08:32 PM
අපි සරසවි ගිය 86, 87 කාලයේ ජේෂ්ඨ සිසුන් අතර නීතියක් තිබුණා මොනම හේතුවක් නිසාවත් නවක සිසුවෙකු හෝ සිසුවියකට ඇඟට අත නොතැබිය යුතුයි කියලා. තර්ජනයන් බිය වැද්දීම් සහ බලකර නොයෙකුත් වදවලට යොමුකළා නම් තමයි. ඒත් එදා නවකයෙකුට ගහන්න නැත්නම් පහර දෙන්න තහනම්... දැන් ඉන්න තිරිසන්නු පැන්න ගමන් ගහනවා.
saman Thursday, 17 November 2022 02:04 PM
විශ්වවිද්‍යාල තුල පමණක් නොව, රටේ පාසල් සහ අනිකුත් ආයතන තුල ඔය කියන "චූල සංස්කෘති" ඔනෑ තරම් ඇත. ඒවාට වෙන වෙනම නීති පද්ධති නොමැති අතර, ඒ සියල්ල රටේ පවතින නීතියට අනුගත විය යුතුයි. එවැනි ඕනෑම ආයතනයක නීතියට පටහැනි දෙයක් සිදුවේ නම් පොලිසියට ඊට මැදිහත් වීමේ බලය ඇත.