දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.
දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක‍්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති.
දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය.
එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය.
නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.
ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.
මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.
එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය.
දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.
එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.
ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාග ශාපය
අමිල Wednesday, 03 December 2014 03:34 AM
හොඳ ලිපියක් (නි)
සුසන්ත Friday, 18 November 2016 07:33 PM
හොඳ කතාවක්
යසන්ත Saturday, 23 July 2016 04:10 PM
හොඳ ලිපියක්
නාලක බන්ඩාර Thursday, 21 July 2016 04:36 AM
පුරාණ ඉතිහාසය ගැන ඕනෙ දෙයක් විමසන්න.කොහොමත් බුදු දහම රකින්න මුල් වෙන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ මිසක් නාග ගෝත්‍රිකයෝ නොවේ.(හේ)
නලීන් Thursday, 21 July 2016 04:30 AM
හොඳ ලිපියක්.(හේ)
තිලනි Friday, 20 March 2015 12:52 PM
යක්ෂ ගෝත්‍රිකයන් රාවණා රජ යුගයේ සිට පැවත එන්නන්ද? රාක්ෂ ගෝත්‍රිකයන් රටෙන් පැන කේරළ ප්‍රාන්තයට ගිය බව ඇත්තක්ද ? රාක්ෂ සහ යක්ෂ බොහෝ සටන් කළ බව මම අසා තිබෙනවා. දේව ගෝත්‍රිකයන් මලය රටට ආවේ කෙසේද? නාග ගෝත්‍රිකයන් කැළණි පන්සලේ අඹා තිබෙනවා. එතකොට නාගයන් යකුන් විසින් යාපනය පැත්තට එළවා දැමුවාද? මේ කරුණු ගැන ලිපියක් පළකළොත් වටිනවා. අපි විජයගෙන් පැවත ආවත් පස්සේ වඩුග රජුන්ට හිස නමා ඇති බව පෙනෙනවා. ඉතින් හරි පැහැදිලි ඉතිහාසය කුමක්ද? (නි)
ක්‍රිෂාන්ත Friday, 13 February 2015 07:35 PM
බලන් හිටිය වගේ කියන අපුරුව . බොරු කාරයෝ (ස)
තරිඳු දේවින්ද රත්නායක Tuesday, 20 January 2015 04:24 AM
හොඳ ලිපියක් (නි)
කුමාර Thursday, 01 January 2015 07:33 AM
මේ කතාව විශ්වාස කරන්න අමාරුයි.(හේ)
මහේෂ් Saturday, 27 December 2014 04:59 PM
එකල තිබුනේ සිංහල දෙමළ ජාති වදයක්මද? (ම)
නිලූ Friday, 19 December 2014 09:10 PM
බුදුන් වහන්සේ මෙරටට වඩින අවස්ථාවෙත් මේ රටේ ජන ගෝත්‍ර කිහිපයක් ජීවත්වුණා. යක්ෂ කියන ගෝත්‍රයේ බොහෝ දෙනෙක් අධ්‍යාත්මිකව සිත පවා දියුණුකළ අය. බුදුන් වහන්සේ දුරුකතර ගෙවාගෙන ධර්මය දේශනා කරන්න වඩින්නේ යමෙකුට එම ධර්මය වටහා ගැනීමට පුළුවන් බව ඥානයෙන් බලායි. අපේ ප්‍රෞඪ ඉතිහාසය රැකගැනීමට කැපවෙනවා නම් හොඳයි කියලයි මගේ අදහස. (නි)
හේමචන්ද්‍ර Wednesday, 17 December 2014 04:08 PM
අගනා ලිපියක්. (අ)
සමීර Monday, 15 December 2014 03:42 AM
ඉතිහාසය හැදැරීමේදී අපි මුලින්ම ඉතිහාස රචකයා වගේම ඔහුගේ අරමුණ පිළිබඳවත් සැළකිලිමත් වෙන්න ඕනෑ. මහාවංශ කතුවරයාගේ අදහස තේරුම් නොගත්තොත් ඔක්කොම පැටළෙනවා. (නි)
ගජබා Friday, 12 December 2014 02:55 AM
නුතන දෙමල ජනයා නාග යැයි මට නම් සිතිය නොහැකියි. එළාර යනු ද්‍රවිඩ රජෙක් වන අතර අපට යාපනයෙන් හමුවන්නේ යුරෝපීයයන් විසින් මෙරටට ගෙන ආ දකුණු ඉන්දීය දෙමල ජනයායි. ඔවුන් ශිෂ්ටාචාරයේ තම බිම වෙන්කරගත් ජන කොට්ඨාශයක් නොවන නිසා ඔවුන්ට රටක් අහිමි වූ බව උපකල්පනය කළහැකියි. ඒ බව ඔවුන්ගේ සංස්කෘතිය සහ අනෙකුත් චර්යා රටා ඔස්සේ මනාව පැහැදිලි වෙයි. දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන සටහනක් නොවීමට විශේෂ හේතුවක් තිබිය යුතුයි. එය සරල උපකල්පන තුළින් මතවාද ඉදිරිපත් කිරීමෙන් සාධනය කළ නොහැකියි. (නි)
ශෙහාන් Wednesday, 10 December 2014 05:51 AM
පත නයෙක් නේද අරින්නේ? (නදී)
යසන්ත Monday, 08 December 2014 03:30 AM
රසවත් ලිපියක් (නි)
සමීර Saturday, 06 December 2014 06:18 AM
මේක විශ්වාස කරන්න බෑ.(හේ)
ප්‍රියකුමාර Saturday, 06 December 2014 03:53 AM
අනේ පින්සිද්දවෙයි නයි අරින්නේනැව ඉන්න අපි නොදන්න නයි. (ස)
ලියොන් ගුනවර්දන Thursday, 04 December 2014 03:40 PM
නාග ගෝත්‍රය සිංහල ඉතිහසයේ සදහන් ප්‍රබල ජනවර්ගයක් බව ඉහත ලිපියේ මුලින්ම සඳහන්වේ . එනමුත් දුටුගැමුණු රජතුමාව දෂ්ට කරන ලද විසකුරු නයා සර්පයෙක් විනා නාග ගොත්‍රිකයෙක් නොවන බව මගේ හැඟීමයි (නදී)
ප‍්‍රසාද් Thursday, 04 December 2014 08:53 AM
සුජිත් අක්කරවත්ත, විකුර්ති ඉතිහාසයක් ඉදිරිපත්කර ඇත. (ර)
සඳුනි Thursday, 04 December 2014 05:23 AM
දෙමළ ජනතාව නාග ගෝත්‍රිකයින් නම් මමත් ඒ මතය සතුටින් පිලිගන්නවා. මට තියෙන ගැටලුව එහෙම නම් මොකටද ඒ ගොල්ලෝ ටොයිලට් යන්න බැරි වුනත් ඉන්දියාවට දුවන්නේ ? (නදී)
පැතුම් Thursday, 04 December 2014 04:09 AM
ඉතාමත් වැදගත් ලිපියක් (දිල්)
කුමාරි Wednesday, 03 December 2014 11:16 AM
ඉතිහාසයට වැදගත් හොද ලිපියක් නේද? (ර)
විමුක්ති Wednesday, 03 December 2014 07:52 AM
ඉතිහාසය සියල්ලන්ටම අමතක වූ ජන්ම භූමියක ප්‍රෞඪත්වය, දේශමාමක හැඟීම මිනිස් හදවත් තුළ ජනිත කරවිය යුතු කාලය අන් කවරදාකටවත් වඩා යුගයේ අවශ්‍යතාවයක් බවට අද පත්වී ඇත. (නි)
ශිරන්ති Wednesday, 03 December 2014 02:44 AM
ඉතිහාසය තමා නැවත නැවත අලුත් වෙන්නේ.අපි කවුරු කවුරුත් කල්පනාකාරී වියයුතුයි නේද? (නි)
අසින්ත බන්ඩාර වෑත්තෑව Saturday, 11 January 2020 07:15 PM
මෙරට ජන කොටස් හතරක් තිබුනු බව අපි හොදාකාරවම දන්නවා. එනම් යක්ෂ, දේව, රාක්ෂ, නාග යන ජන කොටස්ය. මෙයින් රාක්ෂ, යක්ෂ, දේව යන ජන කොටස් ගැන අඩුවෙන් කියවුන ද නාග ගෝත්‍රීකයන් ගැන කා අතරත් තිබෙන දැනීම සහ අවබෝධය අති මහත්ය. ඉතින් අදටත් කැලණියට වඟේම රුවන්වැලිමහා සෑරදුන් වන්දනාමාන කරන්නට මිනිස් වෙස් ගෙන නාගයන් නාග කන්‍යාවියන් පැමිණෙන බව නොරහසකි. ජන සමාජය තුල නාගයන් කෙරෙහි ඇති ගෞරවය ඇති පැසසුම එදා මෙන්ම අදත් නොවෙනස්ව පවතී.