සමහර නාටාමිලා මේ ”කාක්කන්” ගැන දැන හිටියත් තමන්ගේ කටයුත්ත අවසන් කරනවා මිස ”කාක්කන්” කරන වැඩ ගැන හොයන්නේ නැත. නාටාමිලා කාක්කො ගැන හොයන්න - කියවන්න ගියාම එයාලට රස්සාව කරගන්නත් නෑ. ඒ මිනිස්සු කරදර කරනවා. හුඟාක් බජාර් අවට මේ ”කාක්කො සෙට්” එකක් ඉන්නවා. අලූත් ඩ‍්‍රැයිවර්ලා හරි හරියට අන්දනවා.
පිටකොටුව කියන්නෙ රටේ සුපිරි වැඩකාරයොත් බින්දුවට බස්සන තැනක්. එහෙම තැනක පොඩි මිනිස්සුන්ට කවර කතාද කියලත් හිතෙනවා. හැමෝම හිතන්නෙ කොටුවෙ - පිටකොටුවෙ වැටෙන සේරම ”ලෙඩ” දුප්පත් අහිංසකයන්ට කියලා. ඒවා බොරු. සුපිරි වැඩකාරයන් පවා ගාණට මිම්මට හින්ඳන කතාවක් ලියන්න අපි හිතුවා. කෝකටත් පරිස්සම හොඳයිනෙ කියලා කතාව බලමු. පිටකොටුව බෝධිය කොළඹ ප‍්‍රසිද්ධ තැනකි. දුර ඈතින් එන අය - අමුත්තන් හමුවීමේ මධ්‍යස්ථානයක් කරගෙන ඇත්තේ මේ බෝධිය අසලය. එපමණක් නොව බෝධිය අසළ රහස් ගනුදෙනු, රහස් කතා අපමණ සිදුවේ. බොහෝ දිගු ඉතිහාසයක පටන් පිටකොටුව බෝධිය කාට කාටත් හුරු පුරුදු තැනෙකි. උදේ හවා පිරිත් හඬ ඇසෙන කොටුවේ ප‍්‍රසිද්ධම තැන මෙතැනයි. මෙතැන පොලිස් චෙක්පොයින්ට් එකක් තිබුණත් ඒ අයගේත් ඇස වසා සිද්ධවෙන වැඩ පුදුම උපදවන සුළු වේ. මේ සමහර දේවල් අවුරුදු ගාණක් එක දිගට සිදුවන ඒවාය. කොයිතරම් රහසේ, සූක්ෂ්මව වෙනවාද කියනවා නම් මේ මොහොතේත් මෙයම සිදුවේ. ඒ කතාවත් සොයා මමත් රංජිතුත් කොටුවේ සැරිසැරුවෙමු.
කතාව මහ දවාලේ එළිපිට වෙන්නකි. ප‍්‍රධාන ස්ථානය බෝධිරාජ මාවත අසලය. එතැන මූලික කරගෙන පිටකොටුවේ වීදි සමූහයක මෙය සිදුවේ. මම රංජිත් ජයසිංහට ඉඩ දෙමි.
බජාර් එකට බහින්නෙ වැඩකාරයො. අල, ලූනු, කඩල, පරිප්පු, කරවල, මිරිස්, මේ සේරම එහා මෙහා යන්නෙ මෙතනින්.
මේ කතාව පැහැදිලි කරගන්නට බෝධිය අසලම වීදි කීපයේ සංචාරය කළ යුතුය. වැහි දාට ඇවිදින්නට බැරි මඩ ගොහොරුවකි. ඒ පමණටම හමන දුගඳ ”නාස් පුඩු කඩාගෙන” යන තරමේය. මේ කිසිම දුඟඳක්, ජරාවක් නොතකා සෙරෙප්පුවත් නොදැමූ නාටාමිලා බඩු කරත්ත එහෙ මෙහෙ තල්ලූ කරගෙන කඩිනම් ගමනේ යෙදෙති. අතුරු පාරවල්වල හිරකරගත් සද්දන්ත ලොරි විශාල ප‍්‍රමාණයකි. මේ සියලූ ලොරි දුර ඈත කඩවලට බඩු අදින ඒවාය. කඩ 10 - 15 ක බඩු පටවා ගත්තත් ලොරියේ සිටින්නේ රියදුරා පමණි.
ලංකාව පුරාම බජාර් එකෙන් බඩු යන්නෙ මෙහෙමයි. මුදලාලිලා ඇවිත් තමන්ගෙ කඬේට ඕන අල, පරිප්පු, කඩල, ලූනු ඇති පමණ ඕඩර් කරලා යනවා. සමහර විශාල කඩවලින් තනි ලොරිය ”බජාර්” එකට ආවට හුඟක් ටවුන්වල සිල්ලර කඩවලට බඩු අදින්නෙ මුදලාලිලා 10 - 15 ක් කතාවෙලා එක ලොරියක් අරගෙන. එතකොට එකඑක්කෙනා වෙන වෙනම ”බජාර්” බහින්න ඕනෙත් නෑ. බිල දාලා ගියාම ඕඩර් කරපු බඩු කඬේටම හම්බ වෙනවා. වැඩෙත් ලේසියි. ලාබෙත් වැඩියි. ලොරියෙ වියදම මුදලාලිලා අතරෙ බෙදිලා යනවා.
මේ නිසා බොහෝ මුදලාලිලා පිටකොටුවේ වීදිවල බැස තමන්ට අවශ්‍ය ද්‍රව්‍යවලට අදාළ කුවිතාන්සිගතකොට වෙන්කර ගනිති. ලොරිය එන දවස, ලොරිය පිළිබඳ විස්තරද කියති. මේ අනුව ගෝනිවලට ”කෑලි” යන නමක් ”බජාර් එකේ” භාවිත වේ. සමහර මුදලාලිලා ලූනු කෑලි, අල කෑලි, හාල් කෑලි බරටම ඕඩර් කරති.
ලොරිය බජාර් එකට බැස්සම ඕඩර්වලට බඩු අදින්නේ නාටාමිලාය. ගෝනිවල (කෑලිවල) තබන සලකුණක් තබනවා. ඒකෙන් තමයි
ගමේ මුදලාලිගෙ අනන්‍යතාව තහවුරු වෙන්නෙ. උදාහරණ විදිහට, පාදුක්කෙ විල්සන් මුදලාලිගෙ නම් ”උගීග පාදුක්ක” කියලා ගහනවා. මේකට බජාර් එකේ හැමෝම කියන්නෙ ”විලාසන් එක” කියලා. ”විලාසන්” පටවන කොට හුඟක් වෙලාවට මුදලාලි ළඟ නෑ. උගීග පාදුක්කට අල කෑලි - 10, පරිප්පු කෑලි - 05, සීනි - 05, හාල් - 20 කියලා තමයි ලොරියට දාන්නෙ. මේ වෙන සිදුවීම් පෙළ බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. මේ අය කාලයක් තිස්සෙ ඔය බජාර් අස්සෙ ගැවසෙනවා.
කඹුරුපිටියෙන් එන ලොරිය කියන්නකො. ඒක බජාර් ආවම හැමදාම එකම රියදුරා නෑ. ඩ‍්‍රැයිවර්ලා වෙනස්. නාටාමි බඩු ගෙනත් ලොරියට දානවා. ඔය නාටාමිත් එක්ක බජාර් එකේ කාක්කො ලොරිය ළඟට එනවා.
”ඉක්මන් කරපන්... වරෙන්...” සයිඞ්.. සයිඞ්.. කියලා කෑ ගහගෙන නාටාමිගෙ කරත්තෙ එක්ක දුවන්නෙ හරියට මුදලාලි කෙනෙක් වගේ. හුඟක් නාටාමිලා ඇත්තටම රැවටෙනවා. මේ ඉන්නෙ මුදලාලිලා කියලා. කෑලි ගාණ පටවාගත්තම කවුරු වුණත් මොකෝ.... බජාර් එකෙන් ගාණට බඩු ටික දුන්නම නාටාමිගෙ වගකීම ලොරියට දාන එක. එතනින් කතාව ඉවරයි. කරත්තෙ පස්සෙ එන එකා කවුද? ඌ මොකටද එන්නෙ? ඒ කතා නාටාමිට වැඩක් නෑ. කැමති කෙනෙකුට සැකනම් ලොරිය ළඟ ඉඳන් චෙක් කරල බඩු දාගන්න පුළුවන්. ඒත් එහෙම වෙනවා අඩුයි.
නාටාමි ඕඩර් කරපු බඩු සේරම ලොරියට දාලා යන්න යනවා. දැන් කතාව පළමු භාගය ඉවරයි.
ගමේ මුදලාලිලා බඩු ඕඩර් කරති. ඒ බඩු කෑලි ගාණට පිටකොටුවේ බජාර් එකෙන් නාටාමියකු අත ලොරියට පැටවේ. නාටාමිගේ කරත්තය සමග කවුරු දිවුවද එය නාටාමිට වැඩක් නැත. බජාර් එකෙන්ද වංචා රහිතව ඉතා සාධාරණව ඒවා ලොරියට ලබාදේ.
ලොරියට බඩු පැටවූ පසු රියැදුරුට කතා කරන්නේ බජාර් එකේ ගැවසෙන කාක්කෙකි. ”මල්ලි උගීග පාදුක්ක කියලා වැරදියට මාක් වෙලා තියෙන්නෙ රඹුක්කන ලොරියෙ තුනක්. රඹුක්කන උගීග එකට යන ඒවා. මේකෙන් කඩල කෑලි 3 ක් රඹුක්කන ලොරියට දාන්න ඕනෙ. කෑලි 3ක් ආපසු ගත් බවට ලියුම් කඩදාසියක් රියදුරු අතට දේ. පැය ගාණක් කොටුවේ එපා තිත්ත වූ අලූත් ලොරි රියදුරන්ට හා-හ්ම් කියනවාට වඩා උත්තරයක් නැත. ඊටත් වඩා මොහු සැක කරන්නට හේතුවක්ද නැත.
එකක් නාටාමි සමග කඩිමුඩියේ දුවමින් පනිමින් ලොරියට බඩු දැමූ නිසාය. නාටාමි දන්නේ ඔහු ලොරිය සමග ආ අයෙකු බවය. ලොරි රියදුරා දන්නේ නාටාමි සමග පැමිණි නිසා ඔහු බජාර් එකේ බිල් සටහන්කරුවකු බවය. නාටාමි ආපසු ගිය පසු ලොරි රියදුරාට දීමට ඇති එකම උත්තරය ඔහු කියන්නේ සත්‍යයක් බව හිතා වැඩ කිරීමටය. ඒ තරම් සූක්ෂ්මව වැඩ කරන්නට මේ කාක්කෝ දක්ෂ වෙති.
මහ දවාලේ බජාර් එකේ තියන හදිසිය අස්සේ ලොරිය දමා බජාර් යාමට අලූත් රියදුරෝ හරිහැටි නොදනිති. කඩ 10 - 15 ක ඕඩර් නිසා බලවත් රාජකාරියකි. රියදුරාට ගණන් බලා භාරගැනීමේ ලොකු වගකීමක් ද නැත.
මේ නිසා කාක්කෝ රියදුරුට කියන පමාවෙන් කෑලි කීපයක් ලොරියෙන් බා ගනිති. පසුව ගමනට ඉඩ දෙති.
ලොරිය ගමට ගිය විට සමහර කඩවල ඕඩර් කළ ”කඩල කෑලි”, ”පරිප්පු කෑලි”, ”අල කෑලි” තුන හතර අඩුය.
මුදලාලිලා ”බජාර්” එක ඇමතූ විට බජාර් එකෙන් බඩු නියමිත පරිදි ලොරියට පටවා ඇත. නාටාමිගෙන් විමසුවද එසේමය. නාටාමිලා සිය රාජකාරිය අකුරට කිරීමට සමත්වෙති.
එහෙත් සිදුවී ඇති දෙය බජාර් එක දන්නේ නැත.
සමහර නාටාමිලා මේ ”කාක්කන්” ගැන දැන හිටියත් තමන්ගේ කටයුත්ත අවසන් කරනවා මිස ”කාක්කන්” කරන වැඩ ගැන හොයන්නේ නැත.
නාටාමිලා කාක්කො ගැන හොයන්න - කියවන්න ගියාම එයාලට රස්සාව කරගන්නත් නෑ. ඒ මිනිස්සු කරදර කරනවා. හුඟාක් බජාර් අවට මේ ”කාක්කො සෙට්” එකක් ඉන්නවා. අලූත් ඩ‍්‍රැයිවර්ලා හරි හරියට අන්දනවා.
වියළි ආහාර විතරක් නොවෙයි එළවළු, පලතුරු පවා එහෙමයි.
දවසට ගෝනි 5 - 6 ක් හොරා ගත්තම ඒක කීයට හරි සිල්ලර විකුණලා එයාලත් ජීවිතේ දුවනවා. මේ කාක්කන්ගෙ බඩු අඩුවට ගන්න වෙනම වෙළෙන්ඳො ඉන්නවා. නැත්නම් මේ අයම හවසට පිටකොටුවෙ කොහේ හරි දාගෙන මේ බඩු විකුණනවා.
මේ වැඬේ අවුරුදු ගාණක් පරණයි. හුඟක් මුදලාලිලා තමන්ට ලක්ෂ ගණන්වල පවා ”කෑලි” අහිමි වුණා කියලා පොලිසියෙ පැමිණිලි දානවා. ඒත් කොහොම හොයන්නද? කවුද පාවලා දෙන්නෙ... වේල්ල වීදිය පොලිසියෙ අවුරුදු ගාණක පැමිණිලි පොත් මේ කතාවට සාක්ෂියක්. හැබැයි මේක පිටකොටුවෙ හැමදාම හැම බජාර් එකකම වෙන්නෙත් නෑ.
ස්තුතිය - රංජිත් ජයසිංහ මහතාට
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාටාමිලත් අන්දන පිටකොටුවේ ‘කාක්කෝ’
දර්ශා Saturday, 11 July 2015 05:41 AM
දැනගන්න කියවන්න. ස්තුතියි (නදී)
චතුරි Thursday, 16 July 2015 10:14 PM
මේ වගේ කපුටන්ගෙන් බේරෙන්නත් ක්‍රම තිබෙනවා (නි)
චන්න බුවනක Saturday, 18 July 2015 04:42 PM
මොන තරම් බාල වැඩද.(නදී)