ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්’ මේ අප කුඩා කල ඇසූ තේරවිල්ලක් මතකයට ආවේ අන්තර්ජාලයේ සැරිසරද්දී ඇස ගැසුණු ඡායාරූප පෙළක් නරඹද්දීය. එහෙත් මෙහි තිබුණේ නැවක් උඩ නැවක් බඩු පටවන දසුන් පෙළකි. නැවක තවත් නැවක් පටවාගෙන යනවායැයි කියූ විට ඇති වන්නේ විමතියකි. එහෙත් අද වන විට නැව් පමණක් නොව මුහුදු පත්ලේ තෙල් ළිං කැණීමේ යොදවන දැවැන්ත යන්ත්‍රෝපකරණ කට්ටල හෙවත් ‘‘ඔයිල් රිග්’’ පවා පටවාගෙන මහ සයුරේ යාත‍්‍රාකරන මේ මහා නැව් හඳුන්වනු ලබන්නේ ෆ්ලෝ-ෆ්ලෝ (FLO-FLO) නමිනි. එය, ෆ්ලෝට් ඔන්-ෆ්ලෝට් ඕෆ් යන නමේ කෙටි කිරීමකි. (Float -on/Float-off) නැව් රැගෙන යාහැකි දැවැන්ත නැවක් මුලින්ම නිර්මාණය කර ඇත්තේ වර්ෂ 1920 දීය. ඒ ජර්මනියේ බ්‍රේමන් නගරයේ ඞීඞීජී හංසා සමාගම විසිනි. අද ඇති විශාලතම ෆ්ලෝ-ෆ්ලෝ නෞකාව ‘‘බ්ලූ මාර්ලින්’’ය. එහෙත් ළඟදීම එම තැන ගන්නට ‘‘වෑන්ගාඞ්’’ නමින් තවත් දැවැන්ත නෞකාවක් දියත් කිරීමට මෙම නැව් හිමිකාර ඩොක්වයිස් සමාගම සැරසෙයි. එම වෑන්ගාඞ් නෞකාව අඩි 902ක් දිග අඩි 230ක් පළල බඳකින් යුතුවන අතර ටොන් එක් ලක්‍ෂ දස දහසක බරක් උසුලාගෙන යාත‍්‍රාකළ හැකි බව කියති. මෙම ෆ්ලෝ-ෆ්ලෝ නෞකා ක‍්‍රියා කරන්නේ දිය යටින් යාත‍්‍රා කරන සබ්මැරීන තාක්‍ෂණය උපයෝගී කරගෙනය. නෞකාවේ මැද නැව් තටාකාංගන වල නැව් අලූත් වැඩියා කිරීම පිණිස ඇති ගැලියක් වැනි පහත් කොටසක් වෙයි. ඒ දෙපස ගැලියට ආරක්‍ෂාව සපයන ශක්තිමත් බිත්ති දෙකකි. නෞකාවේ පතුල කොටස විශාල ටැංකි සමූහයකින් සෑදී ඇත. මේ ටැංකි වලට ජලය පිරෙන්නට හැරි විට නෞකාව පහත් වෙයි. එවිට වෙනත් නැවක් මෙහි ඇති ගැලියට ඇතුළත්කළ හැකි වෙයි. ඉන්පසු ටැංකි වල ජලය ඉවත් කොට සුළං පිරවීමේදී මහ නෞකාවද එය උසුලානාගෙන සිටින දෙවැනි නෞකාවද සමඟ ජලය මත පාවෙයි. ඉන් පසු මහ සයුරේ ඕනෑම තැනකට දෙවැනි නැව ප‍්‍රවාහනය කිරීම පහසු කටයුත්තක් වෙයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැවක් උඩ නැවක්
අබේ Monday, 21 May 2012 08:52 AM
මරේ මරු......අන්න කරනවනම් නියම වැඩ ..මන්නාරම් පැත්තට එන්න කියමු...අපේ නේවි කොල්ලොන්ටත් ඕව හදන්න පුඵවන්..............
ලක්ෂාන් Monday, 21 May 2012 09:06 AM
ගොඩක් ස්තූතියි ලස්සන දෙයක් පෙන්නුව....
මතුර්චාන් Tuesday, 22 May 2012 11:26 AM
නියම සුපර් දෙකක්
මතුර්චාන් Tuesday, 22 May 2012 11:34 AM
ලස්සන පින්තූර ටික.ස්තූතියි ලංකාදීප!
ඉඳු Tuesday, 22 May 2012 11:53 AM
මෝඩ කතා කියන්න එපා..
විරාජ් Wednesday, 23 May 2012 12:37 PM
පුහ්...
විරාජ් Wednesday, 23 May 2012 12:39 PM
පට්ටයි .....
ශාන්ත Thursday, 24 May 2012 02:03 PM
අපිට මැජික් වගේ