X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුදැයි වසර 33ක්ම රහසක්

පැනමා පත්‍රිකා පිටවීමේ සිද්ධියත් සමඟ පසුගිය කාලයේ ගවේෂණාත්මක මාධ්‍යකරනය ගැන වැඩි කතාබහක් ලෝකයේ ඇති විය.

ඒ ගැන වඩාත් ප්‍රසිද්ධම සිද්ධිය වෝටර්ගේට් සිද්ධියයි. මීට වරස ගණනාවකට පෙර වූ එම හෙළිදරව්වෙන් පසු ගවේෂණාත්මක මාධ්‍යකරණය ගැන ඉගැන්වීම් කරද්දී උදාරණයක් ලෙස වැඩි දෙනෙක් එම සිදුවීම ගනිති.

වොෂින්ටන්හි වෝටර්ගේට්  හෝටල් සංකීර්ණයේ හය වැනි මහලේ තිබුණු ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයයට හොරෙන් කඩා වැදුණු පස් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ 1972 ජූනි 17 වැනි දා ය. එම සිද්ධිය සිදුවී මේ මාසයට වසර 44කි. මෙම ලිපිය ආන්දෝලනාත්මක වෝටර්ගේට් අපචාරය ගැනයි.

1970 වන විට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරමින් සිටියේ රිචඩ් නික්සන්  ය. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙක් විය. එම සමයේ ඩිමොක්‍රටික් පක්ෂයේ මුලස්ථානය පිහිටියේ වොෂින්ටන්හි වෝටර්ගේට්  හෝටල් සංකීර්ණයේ හය වැනි මහලේය. එම ගොඩනැගිල්ලේ  මෙම සිදුවීම වීම හේතුවෙන් මෙය  ‘වෝටර්ගේට්‘ සිදුවීම ලෙස ප්‍රසිද්ධ විය.

second_watergate-300x207වෝටර්ගේට් අනාවරණයෙන් පසු  නික්සන් පරිපාලනයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද රහසිගත මෙන්ම නීති විරෝධී කටයුතු රැසක් ද ආවරණය කරගැනීමට හැකි විය.   දුෂිත උපක්‍රම භාවිතයෙන් දේශපාලන විරුද්ධවාදීන්ට සිදු කරන ලද පළිගැනීම් සියල්ල අනාවරණය විය. එමෙන්ම එම පාලන සමයේ නික්සන් සහ ඔහුගේ සමීපතමයන් පෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්,බි,අයි), මධ්යම ඔත්තු සේවය (සීඅයිඒ) හා දේශීය ආදායම් සේවාව භාවිතා කරමින් ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට නියෝග ලබාදී තිබිණු බව කරුණා කරනා සහිතව හෙළි දරව් විය.

 එම අනාවරණය මගින් නික්සන් අයතා ලෙස බලය පරිහරණය කළ බව ඔප්පු වූ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් එද්දී  1974 අගෝස්තු නව වැනි  ඇමෙරිකා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නික්සන්ට සිදු විය.    ඔහුගේ පාලනය යටතේ සිටි 69 දෙනෙකුට චෝදනා එල්ල වූ අතර ඉන් 25 දෙනෙකුගේ චෝදනා  ඔප්පු විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නික්සන්ගේ පරිපාලන නිලධාරීහු වූහ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වූ බොබ් වුඞ්වර්ඞ් සහ කාල් බර්න්ස්ටයින් මෙම සුප්‍රසිද්ධ වෝටර්ගේට් අනාවරණය සිදු කළ ගවේශනාත්මක මාධ්‍යවේදීහු දෙදෙනාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 37 වැනි ජනාධිපතිවරයා ලෙස රිචර්ඩ් නික්සන් 1969 ජනවාරි 20 වැනි දා තේරී පත් විය. 1972 වන විට ඊළඟ මැතිවරණය සඳහා තරඟ වැදීමේ මෙහෙයුම් නික්සන් දියත් කළේය.

1972 ජනවාරි මාසයේ දී නික්සන්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා වූ කමිටුවේ උපදේශක වූ ජී ගෝර්ඩන් ලිඩි එම කමිටුවේ වැඩබලන සභාපති ජෙබ් ස්ටුවර්ට්, නීතිපති ජෝන් මිචෙල් සහ ජනාධිපති උපදේශක ජෝන් ඩීන් වෙත ඔහු රහස් සැලැස්මක් ඉදිරිපත් කළේය.

ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයකි. එහි නීති විරෝධී කටයුතු රැසක් අන්තර්ගත විය. කෙසේ වෙතත් ඩීන් සහ අනෙක් අය මෙම මෙහෙයුමට කැමති වූයේ නැත. මන්ද එය කළ නොහැකි බව ඔවුහු සිතූහ. කෙසේ හෝ ඔවුන් මෙම මෙහෙයුම භාර නොගත් අතර එය ලිඩි වෙත භාර විය.

nixonwontresign_8774_wapo_2050081722-24073ඔහුගේ මෙහෙයවීමෙන් 1972 මැයි මස වෝටර්ගේට් මුලස්ථානයට කණ්ඩායමක් රහසේ ඇතුළු වී එහි දුරකථන වලට ශ්‍රව්‍ය උපකරණ (වයර්ටැප් හෙවත් දුරකථන සංවාද වලට රහසේ සවන් දිය හැකි උපකරණ) සවි කරන කළහ. එමෙන්ම ගොඩනැගිල්ලේ දොරටු ආශ්‍රිතව මයික්‍රපෝන සහිත උපකරණ සවි කළේය. ඉන් නොනැවතුණු ඔවුහු එම පක්ෂයේ රහස් ලිපිගොනු කිහිපයක් සොරකම් කළහ.

ඔවුන් ටැප් කළ  දුරකථන අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සභාපතිවරයාගේ,   පක්ෂයේ ලේකම්වරයාගේ දුරකථනද තිබිණි. 

 ඔවුන් සවි කළ එම උපකරණ ක්‍රියාවිර හිත වීමට පටන් ගත් අතර නැවතත් ජුනි මස 17 වැනි දා මධ්‍යම රාත්‍රියේ එම කණ්ඩායම මයික්‍රපෝන සහ අනෙකුත් උපකරණ සමග වෝටර්ගේට් මුලස්ථානයට ඇතුළු වූහ.

එම මුලස්ථානයේ දොරවල් දොරගුළු නොවැටෙන පරිදි ටේප් පටි දමා ඇති ආකාරය එහි ආරක්ෂක නිලධාරියෙකු දැක ඒවා ඉවත් කර තිබේ. එවර ඔහු එම තත්ත්වය නොසලකා හැර සිටි නමුත් නැවත වරක් පැමිණෙන විට පෙර පරිදිම දොරගුළු වල ටේප් පටි සිර කර තිබිණි. ඉන්පසු මෙම තත්ත්වය පොලිසියට දැනුම් දී තිබෙන අතර ගොඩනැගිල්ලේ රැදී සිටි පස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වර්ජිලියෝ ගොන්සාලෙස්, බර්නාඩ් බාර්කර්, ජේම්ස් මැකොර්ඩ්, ඉයුජිනියෝ මාර්ටිනස් සහ ෆ්රෑන්ක් ස්ටර්ජිස් යන පිරිසට කුමන්ත්‍රණය කිරීම, අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන සහ සන්නිවේදන උපකරණ අවහිර කිරීම් යන චෝදනා එල්ල විය.

එමෙන්ම එම මෙහෙයුම මෙහෙයවූ ගෝර්ඩන් ලිඩිට ද කුමන්ත්‍රණය කිරීම් චෝදනා අධිකරණයේදී ඔප්පු විය. කෙසේ නමුත් මේ පිළිබද සිදු කෙරුණු පරීක්ෂණයකදී එම පුද්ගලයන්ගේ දුරකථන නාමාවලියේ සහ දුරකථන තොරතුරු අතර ජනපති මන්දිරයේ දුරකථන අංක තිබිණි. එමෙන්ම ජනපතිවරණ ප්‍රචාරණ කමිටුවේ ගිණුම් තොරතුරු හා ඔවුන්ගේ තොරතුරු ගැලපීමත් සමග මෙම සිදුවීමේ චෝදනා ජනපති නික්සන් වෙත ද එල්ල විය.

19740809_Nixon_Waves_Goodbye_view1නමුත් 1972 අගෝස්තු මස මාධ්‍ය හමුවකදී මෙම සිදුවීමට තමා හෝ තම කාර්යමණ්ඩලය සම්බන්ධ නොමැති බව ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වීමත් සමග සැහෙන පිරිසක් නික්සන් ගැන විශ්වාසය තැබූහ.

ඉන් පසු  නොවැම්බර් මස පැවැත්වූ ජනාධිපතිවරණය ජයගැනීමට නික්සන්  සමත් විය.

වෝටර්ගේට් සාක්ෂි වසන් කිරීමට වෝටර්ගේට් සංකීර්ණයට ඇතුළු වූ පස් දෙනාට මුදල් සංග්‍රහ කිරීමට ඔහු පෙළඹී තිබිණි.  නික්සන්ගේ බලධාරීන්ගේ බලකිරීම මත ඔවුන් පස් දෙනා පලා ගොස් නඩුවාර මග හැරීය. ඉන් නොනැවතුණු ඔහු මධ්යම ඔත්තු සේවය භාවිත කර පෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂණ වලට බාධා එල්ල කළේය.  ජනාධිපති ධුරයේ බලය අයතා ලෙස යොදාගනිමින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීම වැනි බරපතල චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබිණි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙහි මාධ්‍යවේදීන් දෙදෙනකු වූ බොබ් වුඞ්වර්ඞ් සහ කාල් බර්න්ස්ටයින්    නික්සන්ගේ වෝටර්ගේට් අපචාරය ගැන   දිගින් දිගටම අනාවරණය කරන්නට වූහ. වෝටර්ගේට් අපචාරය පිටුපස සිටින්නේ අන් කවරකුවත් නොව ඇමෙරිකා ජනපති නික්සන් බව ඔවුහු හෙළි කළහ.

මාධ්‍යවේදීන් දෙදෙනාට මෙම අනාවරණය කිරීමට තොරතුරු සැපයූ පුද්ගලයා  ‘ඩීප් ත්‍රෝට්‘ යන අන්වර්ත නාමයෙන් ඔවුන් හැඳින්වූහ. 

මෙම හෙළි දරව්කිරීම් සමග ධවල මන්දිරයේ ප්‍රධාන නිලධාරියා ඇතුළු නිලධාරීන් ගණනාවක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

දිගින් දිගටම කළ අනාවරණයත් සමග වෝටර්ගේට් අපචාරය ගැන කරුණු සොයා බැලීමට තීරණය කළ සෙනට් සභාව එම පරීක්ෂණ ආරම්භ කළහ. ධවලමන්දිර ප්‍රධානියා වූ ජෝන් ඩීන් ද කමිටුවට පරීක්ෂණ කමිටුවට ගෙන්වා ප්‍රකාශ ගත්තේය. ඔහු සියල්ල වැමෑරීය. ජනාධිපතිවරයා පටිගත කළ හඬ පට ලබා දෙන ලෙස එම කමිටුව කළ ඉල්ලීම ඉටු කිරීම ජනපති නික්සන් මග හරින්නට විය.

එම හඬපටි සෙනට් සභාවට භාර දෙන ලෙස ඇමෙරිකා ශ්‍රෙෂ්ඨාධිකරණය ද තීරණය නියෝග කළේය.

19730000_Senater_Watergate_Committeeඅවසානයේ ජනපති නික්සන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේය. වෝටර්ගේට් අපචාරයෙන් තමාට කිසිසේත් ගැලවීමක් නැතැයි දැනගත් ජනපති නික්සන් 1984 අගෝස්තු අට වැනි දා ධුරයෙන් ඉල්ලා අස්විය. ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම ඇමෙරිකා ජනපති නික්සන් ය.

 මෙම සිදුවීමෙන් වසර 33ක් යන තුරුම මාධ්‍යවේදීන් දෙදෙනාට තොරතුරු සැපයූ පුද්ගලයා රහසක් ලෙස පැවැතිණි. ‘ඩීප් ත්‍රෝට්‘ අන්වර්ථ නාමයෙන් පමණක් ඔහු හැඳින්විණි.

ඔහු කවුරුන්දැයි ප්‍රථම වරට අනාවරණය වූයේ 2005 වසරේ දී ය. ඔහු නමින් මාර්ක් ෆෙල්ට් වන අතර 1970-1974 කාලයේ  එෆ්.බි.අයි   ඉහළ නිලධාරියෙකු ලෙස සේවය කළේය. ඔහු වොටර්ගේට් සිද්ධියට පෙර වුඩ්වර්ඩ්  දන්නා අයෙකි.

වෝටර්ගේට් සිද්ධිය වැදගත් තොරතුරු සොයා ගැනීමට සුදුසුම ආකාරය එෆ්බීඅයි ඉහළ නිලධාරියකු සම්බන්ධ කර ගැනීම බව සිතූ මාධ්‍යවේදීන් දෙදෙනා මෙම නිලධාරියා සම්බන්ධ කර ගත් බව කියති.

 වුඩ්වර්ඩ් සහ මාර්ක් ෆෙල්ට් කිහිප වතාවක්ම හමුවී තොරතුරු හුවමාරු  කර ගත් බවත්, රහසිගත ලෙස භූගත රථගාල් වල හමුවීම සිදුවූ බවත්,  නිතර රහස් සංකේත මගින් සන්නිවේදන කටයුතු සිදු කළ බවත් පසුව මාධ්‍යවේදීන් හෙළි කර තිබිණි.

nixon-resigns

මාධ්‍යවේදීන් දෙදෙනාට තොරතුරු සැපයූ ‘ඩීප් ත්‍රෝට්‘ අන් කවරකුවත් නොව මාර්ක් ෆෙල්ට් බව   2005 මැයි 31 වැනි දා පළ වූ සඟරාවක  පළ විය. ඒ වන විට මාර්ක්ට වසර අවුරුදු 90ක් පමණ විය. එදිනම බොබ් වුඩ්වයර්ඩ් හා කාල් බර්න්ස්ටයින් එම සඟරාවේ සඳහන් කාරණය සත්‍ය බව පිළි ගත්හ.

අවුරුදු 33ක් තිස්සේ සියලු දෙනාට ගැටළුවක් බවට පත්ව තිබූ ‘ඩීප් ත්‍රෝට්‘ ගැන අනාවරණය වූයේ ඒ අනුවය.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)



අදහස් (0)

නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුදැයි වසර 33ක්ම රහසක්

නුවරඑළියේ වසන්ත Friday, 24 June 2016 05:50 AM

මෙහෙත් ඉතින් මේ ව‍ගේ කට්ටිය නැත්තෙමත් නැහැනේ (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 07:39 AM

අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරම දර්ශයේ නිරුවත .................(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site