X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නිදහස් උදානය දෙස නිදහස් මනසකින්

නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් කර ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සඳහා නොනවත්වා ගෙන ගිය අරගලය මෙහි දී ඉතාම වැදගත්ය. දේශප්‍රේමී ජාතික වීරයන් අධිරාජ්‍යවාදී පාලනය ඉදිරියේ කළ නිර්භීත සටන්, ජීවිත පූජා කළ අභීතභාවය රන් අකුරින් ලියැවී තිබේ. නිදහස් රටක් වෙනුවෙන් සියලු ජාතීන් එකතු වී ගෙන ගිය අවසන් අරගලය සදානුස්මරණීය බව සඳහන් කළ යුතුය.

නිදහස, එහි උදාරත්වය පමණක් නොව පැවැත්ම ද අපට පැවැරී ඇති වගකීමකි. නිදහස් උදානයේ සමාජ සංස්කෘතික වටපිටාව හුරුපුරුදුය. ආර්ථික හා සමාජ නිවහල්භාවයක් සඳහා හැඩගැසීමක් නැත.සමස්ත ව්‍යුහයෙහි ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් නිර්මාණය කරගත යුතුය. නිදහස උත්සව ගතානුගතිකය. එහි සංස්කෘතික හා සම්ප්‍රදාය ලක්ෂණ තිබේ. අප ගමන් කරන්නේ ගෝලීයකරණයේ අලුත්ම ව්‍යුහයකටය. තාක්ෂණික යුගයකටය. එහි දී මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ අරගලයක් ඇත. අලුත් පරපුර එම අනාගතයට ඇතුළුවෙමින් සිටී. එය විශාල පරිවර්තනයකි. එකී ප්‍රවේශයට එරෙහිව ගතානුගතික රාමුව තුළ විශාල විරෝධයක් තිබේ. අනන්‍යතාව ආරක්ෂා කරගෙන පැවැත්ම සම්බන්ධ නිර්භීතභාවය ගැන අපට හිතන්නට සිදුවී ඇත.  

අධිරාජ්‍යවාදීහු සමාජය එකමුතුවීම වැළැක්වූහ. පාලන උපක්‍රමයකි. ස්වදේශිකයන් එකතුවීම වළක්වන ලද අතර එමගින් ඉතාම කුඩා විජාතික කණ්ඩායමකට ලංකාව පාලනය කළ හැකි විය. භාෂාව, සමාජ පැලැන්තිය, ආගම සහ කුලය ඇතුළු කාරණා පදනම් කරගෙන ලාංකික ජන සමාජය බෙදා උස් පහත්කම් ඇති කළේය. පාලනයට සම්බන්ධ කරගත්තේ වූයේ රදලයන්ය. බලපත්‍ර ක්‍රම ඇති කරන ලද අතර සමාජයේ විශේෂ වරප්‍රසාද සීමිත රදල පිරිස අතට ඒවා ලැබුණි. නිදහස සමඟ වෙනස්විය යුතුව තිබුණ මෙම නොදියුණු ලක්ෂණ තවමත් ආරක්ෂා කරන බව පෙනේ. නිදහස සමඟ බලය ලැබුණ පැලැන්තිය සමාජ බෙදීම් තවත් උග්‍ර කරන ක්‍රම අනුගමනය කළ බව සඳහන් කළ යුතුය. වසර හැත්තෑ හතරක් අවසානයේ දී තව තවත් බෙදීම් ඇති කරගෙන තිබේ. දේශපාලන, ආගම් හා ජාතිවාදී අර්බුද රටට ඇති කර තිබෙන විනාශය මෙම අවස්ථාවේ දී කල්පනාවට ගත යුතු කරුණකි.

ඉකුත් දශක හත තුළ පැමිණි ගමන අපට ඉතිරි කර ඇත්තේ මොනවාද? අපගේ ආත්ම ශක්තිය දුර්වල කර තිබේ. ලෝකයේ අනෙක් රටවල් සමඟ ගනුදෙනු කිරීමේ දී බයක් ඇත. හීනමානය පොදු ලක්ෂණයකි. ජාත්‍යන්තරයට ඇතුළුවන බව ඇති කරන්නේ දැනුම ඇති හොඳම අධ්‍යාපනය ලබා ඇති සුළු පිරිසකි. මෙකී පටු ආකල්ප තුරන් කළ යුතුය. ආර්ථික හා සමාජයීය නිදහස පුළුල් කරන ආකල්ප අපට අවශ්‍යය. ජාති බේදයෙන් ආගම්වාදයකින් අපට ඇති කරන වාසියක් නැත.

නිදහස් චින්තනයට, නිදහස් වෘත්තිකත්වයට පුළුල් ඉඩක් රට තුළ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ගැඹුරු සංවාදය අද ඇති කළ යුතුව තිබේ. ස්ථාවර තැනක නැති ජන සමාජය එකතුකර ශක්තිමත් කරන ව්‍යායාමයක් අපට අවශ්‍යය. දේශපාලනය වෙනම කරුණකි. එය බෙදෙන්නට හේතුවක් නොවේ. ජාතිය හෝ ආගම එක්සත් රටක් හදන්නට බාධාවක් කරගත යුතු නැත. බෙදීම හා එයින් ගැටුම් ඇති කිරීම පටු ආකල්ප සහිත දේශපාලන ව්‍යාපාරවල වැඩවසම් ලක්ෂණයකි. 

ශ්‍රී ලංකාව අලුත් අවස්ථා අභිමුවෙහිය. තොරතුරු තාක්ෂණය හා සමාජ සන්නිවේදනය අලුත් අවකාශයක් ඇති කරන වකවානුවකි. තරුණ පරම්පරාව එතැනට එකතුවෙමින් සිටී. අලුත් යුගයක් ඇති කිරීම හුදෙක් දේශපාලන සටන් පාඨයකට සීමා විය යුතු නැත. සමාජ ආර්ථික නිදහස ඇති කරන අලුත් ප්‍රතිපත්ති යෝජනා කළ යුතු අතර විවෘත මනසකින් තීරණ ගත යුතුය. වර්තමානය හමුවේ ඇති අමාරුම ප්‍රශ්න ඉදිරියට ගැනීමට ආත්ම ශක්තියක් අප ඇති කරගත යුතුය. ආගමික, සමාජ සහ දේශපාලන නායකයන් එකතු වී අධිරාජ්‍යවාදීන් වෙනස් කරන ලද අලුත් ආකෘතියකට හදන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුය. අන්තවාදය වෙනුවට හැබෑ නිදහස ඇති කිරීම වැදගත්ය. 


මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය.

තවත් අදහස් www.,milindaprashna.wordpress.comඅඩවියෙන් කියැවිය හැකිය

(***)

මිලින්ද මොරගොඩ



අදහස් (0)

නිදහස් උදානය දෙස නිදහස් මනසකින්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site