අම්පාර
වසර 06 කින් පසුව අම්පාර දිස්ති‍්‍රක්කයට දැඩි නියං තත්ත්වයක් උදාවී ඇත. මේ හේතුව නිසා අම්පාර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන වැව් 06 ක ජල මට්ටම සීග‍්‍රයෙන් පහළ බැස තිබේ. අධික රස්නය නිසා ප‍්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. සමහර ප‍්‍රදේශවල පානීය ජලය ලබා ගැනීමද බලවත් ගැටලූවක් වී තිබේ. කුඹුරු අක්කර දහස් ගණනක් අත් ඇරීමට සිදුව ඇත. ඈත ගම් නියං ගම්වල ජනයා ජලය ලබා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී. දමන, මහඔය, පදියතලාව, පොතුවිල්, තිරුක්කෝවිල්, නාවදන්වැලි යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ තත්ත්වය ඉතා උග‍්‍රව පවතී.
මේ වන විට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 61,625 දක්වා පහළ බැස තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 7,77,000 කි. නාමල්ඔය ජලාශයේ මුලූ ජල ධාරිතාවය අක්කර අඩි 42,750 ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 7730 කි. පන්නල්ගම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 27,600 ක් වුවත් දැනට එහි ජල ධාරිතාවය ඇත්තේ අක්කර අඩි 5847 කි. අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35,950 ක් උවත් දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526 කි. එක්ගල්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 22,500 කි. දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5396 කි. පල්ලන්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 93,000 ක් වෙන අතර දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5910 ක් බවද අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අසංග තුඩුගල මහතා පැවැසීය.
මෙම වැව් යටතේ කුඹුරු වගා කරන ප‍්‍රමාණයද අඩුකර තිබේ. ඉඟිණියාගල සේනානායක සමුද්‍රය යටතේ කුඹුරු අක්කර 1,20,000 වගා කරත්, මෙවර වගාකර ඇත්තේ කුඹුරු අක්කර 77,700 කි. අම්බලන්ඔය වැව යටතේ කුඹුරු අක්කර 5250 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 4750 කි. නාමල්ඔය වැව යටතේ කුඹුරු අක්කර 3700 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 2175 කි. පල්ලන්ඔය ජයන්ති වැව යටතේ කුඹුරු අක්කර 3500 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 1750 ක් පමණකි. මේ හේතුව නිසා මෙවර යල් කන්නයේ වී අස්වැන්න පසුගිය වසරට වඩා හරි අඩකින් අඩුවෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. වී වගාවට මෙන්ම ගොඩ භෝග වගාවටද උක් වගාවටද මෙම තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ.
පුත්තලම
නියඟය පුත්තලම දිස්ති‍්‍රක්කය වෙලා ගනිමින් තිබේ. ප‍්‍රදේශ රැසක කුඹුරු අක්කර දහස් ගණනක් නියඟයෙන් විනාශ වී ඇත. තිස්දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවක් බීමට ජලය සොයා සැතපුම් ගණන් පා නගන දසුන් එමටය. නමුත් නිලධාරින්ට නම් නියඟය තවමත් ඇත්තේ ගව්ගණනක දුරින් බව ඔවුන්ගේ වාර්තා මගින් හෙළිව තිබේ.
පුත්තලම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අතරින් පුත්තලම, ආණමඩුව, වනාතවිල්ලූව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පල්ලම යන බල ප‍්‍රදේශයන්හි නියඟය වෙලාගනිමින් තිබේ. 2012 වසරේ පුත්තලමටම බලපෑ බරපතලම නියං තත්ත්වය හේතුවෙන් එකල පොල්ගස් ලක්ෂ තුනක් පමණ විනාශ වී ගිය අතර පාලූ වූ වගාවන්වල තොරතුරු නිසි ආකාරයෙන් තවමත් ලැබී නැත. එසේම එම වගා පාළුවීම් සඳහා තවමත් නිසි වන්දි ගෙවීමක් සිදුවී නැත.
හම්බන්තොට
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක මේ වන විට දැඩිලෙස වියළි කාලගුණික තතත්වයෙන් බලපෑම් සිදුව ඇත. මේ අතර ලූණුගම්වෙහෙර, වීරෝදාර, උදාගම ආදි ජලාශ සිඳී යමින් පවතී. ඒ ආශි‍්‍රත මඩ සහ ගොඩ ගොවිතැන් විනාශ වෙමින් යද්දී වීරකැටිය මුරුතවෙල ජලාශ යෝජනා ක‍්‍රමයද සිඳීයාම හේතුවෙන් පරිසරය දැඩි අසමතුලිත තත්ත්වයට පත්ව ඇත.
මුරුතවෙල ජලාශය සිදීයාමත් සමඟ 1967 වසරේදී එම ජලාශය ඉදිකිරීමේ දී ඊට යටව සැඟව ගිය මිනිස් ජනාවාසයේ නටඹුන් සහ මීට වසර දෙදහසකට පමණ පෙර වළගම්බා රජ සමයට අයත් බව කියන මිනුවත්ගමුව රජ මහා විහාරයේ නටඹුන්ද ජනතාවට දැකීමට හැකියාව ලැබී ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නියඟය තවත් උග‍්‍රවෙයි
දිලුක් Wednesday, 13 August 2014 06:00 AM
මේවා රටේ ඉන්න මිනිසුන්ගේම වැරදි. බලන්න අඩුගානේ වැව වටේවත් ගහක් නැහැ.රටට ආදරය කරන අය දැන් ලංකාවේ නැහැ. (නි)
කුමාරි Wednesday, 13 August 2014 12:05 PM
අනේ දෙවියනේ! මේ මිනිසුන් දිය බිඳක් දකින්නේ කවදාද? (නි)
නුවන් Wednesday, 13 August 2014 12:53 PM
ගොඩබිම්,තෙත් බිම්,කදු පන්ති වනසලා කොන්ක්‍රීට් සංවර්දනය විතරක් කළවිට මේ වගේ විපත් ඇති වීම තවත් දෙගුණ වෙනවා. (නි)
ශීලා Monday, 18 August 2014 03:12 AM
ඇමරිකාවට ටොනාඩෝවක් ආවම එ්ක වෙන්නේ මැද පෙරදිග කරන යුද්දවල ආනුභාවෙන් ලෙස හුවා දක්වන්න හදන ඔස්තාර්ලා මේ නියගේ පොඩි විචාරයක් කරනවා නම් මැනවි.(නදී)