X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි-සාමාන්‍යාධිකාරී ධුරයට පත්වීමෙන් පසු ලංවිම තුන් කෝටි අසු හත්ලක්ෂයේ වංචාව යට

   Untitled-2

 

ශ්‍රී ලංකා රජය සහ චීනයේ ආනයන අපනයන බැංකුව සමග 2010 සැප්තැම්බර් නව වෙනිදා අත්සන් කළ ගිවිසුම අනුව ලංකා විදුලිබල මණ්ඩලය උතුරු වසන්තය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. මේ ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ වටිනාකම ඇ.ඩො. 37,246343.32 ක් විය. මෙම ණය මුදල වසර 10කට පසු ශ්‍රී ලංකා රජය විසින් ආපසු ගෙවිය යුතුව ඇත. මෙම ණය ගෙවීමේදී ලංකා විදුලිබල මණ්ඩලයෙන් කිසිදු ගෙවීමක් නොකරයි. එනිසා එම ගෙවීම් ශ්‍රී ලංකා රජයේ ප්‍රදාන ලෙස සලකා ගිණුම්ගත කර තිබේ.

6


කෙසේ හෝ මෙලෙස ගිණුම්ගත වී ඇති මුදල 4,281,749,542ක ප්‍රමාණයකි. ඉහත කී ගිවිසුම අනුව ලංකා විදුලිබල මණ්ඩලය සහ China National Comlete Plan Import and Export Corporation සමාගම හා 2010.02.15 දින ඇති කරගත් ගිවිසුමකට අනුව ඇ.ඩො. 23923272.85ක් සහ ඊට අමතරව රුපියල් 1,532,153,104.55ක් වටිනා භාණ්ඩ හා උපකරණ සැපයීමට නියමිතව තිබිණි.


මෙම ගිවිසුම 2010.09.07 දින සංශෝධනයකට ලක්කර ඇත. ඒ අනුව ඇ.ඩො. 900,000ක වටිනාකමක් මූලික ගිවිසුමෙන් ඉවත් කර තිබේ. එය ඇ.ඩො. 23023272.85 වශයෙන් සංශෝධනය කර ඇත. එහිදී දේශීය වටිනාකමට අමතර රුපියල් 104,022,000.00 ක මුදලක් එක්කර එය රුපියල් 1,636,175,104.55ක් ලෙස සංශෝධනය කර CEB/PSDNP/2009රැ01 දරන ගිවිසුමට අතිරේක ගිවිසුමක් අත්සන් කරමින් සම්බන්ධ කර තිබේ.
වවුනියාව ඔයාමඩුව පාරේ නෙඩුම්කුලම ප්‍රදේශයේ ලංවිම උතුරු වසන්තයේ ගබඩාව පිහිටුවීමට ඒ අනුව තීරණය විය. මෙම ව්‍යාපෘතියට සැපයුම්කරුවකු වූ Complant සමාගම 13m/850නට ප්‍රමාණයේ සහ 13m/850kg ප්‍රමාණයේ කණු සැපයීමට රිචඞ්සන් ඉංජිනියරින් සමාගමට පවරා තිබිණි.  8'3m/100kg ප්‍රමාණයේ කණු 64,000ක් සැපයීමට දේශීය සැපයුම්කරුවන් කිහිපදෙනෙකුට පවරා තිබිණි.

3
කෙසේ හෝ ඉන්පසු විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා උතුරු වසන්තය ව්‍යාපෘතිය තුළ සිදුව තිබෙන බවට තොරතුරු තිබේ. 2014 වාර්ෂික තොග සමීක්ෂණයේ ද තොග තැබීමේ පොත් හා සසඳා  බැලූ කළ රුපියල් 32,241,010.00 ක වටිනාකමකින් යුත් කොන්ක්‍රීට් කණු සහ වැරකැවූ කොන්ක්‍රීට් කණුවල අඩුවිමක් තිබිණි. ගබඩා පරීක්ෂාවේදී තවත් භාණ්ඩ 06 ක ඌනතාවක් ඇති බව සමීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබේ. ඒ සියලු වටිනාකම රුපියල් 37,186,402.50 ක් විය.


මේ සම්බන්ධව ලංවිම අභ්‍යන්තර විගණන අංශයෙන් විමර්ශනයක් ද සිදුකර තිබිණි. එහිදී වාර්තා වූයේ කණු 456 ක අඩුවක් ඇති බවකි. එහිදී 13m/850kg  කණු 204 ක් ද මීටර් 11/350 ප්‍රමාණයේ කණු 194 ක් ද අඩුවක් තිබී ඇත. මේ ගැන තව තවත් සෙවීමේදී වාර්තා වූයේ කණු සැපයූ සමාගමෙන් කණු සැපයූ බවට ව්‍යාජ රිසිට්පත් නිකුත් කර ඇති බවකි. මෙම අඩුව වසන් කිරීමට ඉවත් කළ පරණ විදුලි කණු යොදාගෙන ඇති බවට ද තොරතුරු තිබේ. මේ සම්බන්ධව දින 100 ආණ්ඩුව යටතේ විදුලිබල ඇමැතිව සිටි පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද ලංවිම විමර්ශන කළමනාකරු වෙත දුරකතනයෙන් අමතා පවසා තිබේ. ඒ අනුව උතුරු වසන්තය ව්‍යාපෘතියට ගෙන ආ 13/850 කණු 206 කට ද 11/350 වර්ගයේ කණු 194 කට ද භාණ්ඩ නොමැතිව මුදල් ගෙවා තිබෙන බවට තොරතුරු ලැබි තිබේ. එම අඩු කණු පියවීමට ලංවිම ඉංජිනේරුවන් හා විදුලි කණු සැපයුම්කරුවන් පැරැණි විදුලි කණු යොදාගෙන ඇති බවට පැමිණිලි ද ලැබී තිබෙන බවට අප වෙත වාර්තා වෙයි.


2015.06.25 දින ලංවිම විමර්ශන අංශයෙන් කළ නිරීක්ෂණයකදී මීටර් 11/350 ප්‍රමාණයේ කණු 185 ක් උතුරු වසන්තය ගබඩාව අසල පිහිටි ඉඩමක තිබී සොයාගෙන තිබේ. එම කණු පරීක්ෂාවේදී ඒවා ද නියමිත ප්‍රමිතියෙන් තොර බව සොයාගෙන තිබේ. සමහර කණුවල යොදා තිබූ අංක මකා ඇති අතර ඒවා මත සිමෙන්ති තවරා අංක එම්බෝස් කර ඇති බවට ද සොයාගෙන ඇත.


මීටර 13/850 කණු 50ක් එම ස්ථානයේ තිබී ඇති අතර ඒවායින් කිහිපයක් ඇද වී තිබී ඇත. කෙසේ හෝ මෙම වංචාව හසුවීමත් සමග ලංවිම එය වසන් කිරීමට නොයෙක් උපක්‍රම භාවිත කර ඇති බවට ද තොරතුරු තිබේ. ඉන්පසු දෙවන වරට ද විශේෂ කමිටුවක් පත්කොට කණු ගැන දැනුමැති ඉංජිනේරුවන් හරහා පරීක්ෂාවට ලක්කොට තිබේ. එම පරීක්ෂණ කණ්ඩායම් දෙකම ඉදිරිපත් කළ වාර්තාව ද අප සතුව තිබේ. ඒ අනුව 13m/850kg කණු 204ක අඩුවක් ගැන වාර්තා විය. එසේම එම කණු ගුණාත්මක නොවන බවට ද තොරතුරු ඉදිරිපත් විය. මේ ගැන පරීක්ෂා කළ පළමු කමිටුව කණු 51 පරීක්ෂාවට ලක්කොට ඒවායේ ගුණාත්මක බව හොඳ යැයි තීරණය කර තිබිණි. එහෙත් දෙවන කමිටුව ද කණු 51 පරීක්ෂාකොට කියා තිබුණේ ඉන් කණු 34ක් පමණක් පිළිගත හැකි බවයි. පළමු කමිටුව හා දෙවන කමිටුව අතර කණු 17ක වෙනසක් ඇති බවයි. එහි වටිනාකම රුපියල් 1246270ක් විය. 11m/350kg කණු 194ක අඩුවක් තිබී ඇති අතර එහි ඉතිරි කණුවල ගුණාත්මක බව පරීක්ෂාවට ලක්කර තිබිණි. 


එහිදී පළමු කමිටුව හා දෙවන කමිටුව කණු 192ක් පරීක්ෂා කොට ඇත. පළමු කමිටුව එම කණු 192 ගුණාත්මක යැයි කීවද දෙවන කමිටුව කණු 96ක් පිළිගෙන 96ක් ගුණාත්මක නැති බව කියා තිබිණි. එහි වටිනාකම රුපියල් 3,980,640.00ක් විය. කෙසේ හෝ කණු දෙවර්ගයේම කණු 113ක් ගුණාත්මක නොවූ අතර එනිසා ලංවිමට සිදුවී තිබූ පාඩුව 5,226,910කි. මීට අමතරව අනෙකුත් තොග පරීක්ෂාවේදී 5,026,892.50ක උපකරණ අඩුවක් ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.


මේ ගැන තවතවත් සෙවීමේදී සත්‍ය වශයෙන්ම විදුලි කණු 774ක අඩුවක් වාර්තා වී තිබේ. මේ සියලු දේ ගත්විට ඒවායේ අලාභය රු. 37,268,902.50ක් බවට ද විමර්ශනවලදී සොයාගෙන තිබේ. මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද 2015 අගෝස්තු 10 දින ලංවිම අභ්‍යන්තර විගණන අංශයෙන් දන්වා තිබේ. 

Untitled-4
මේ සියලු දේ පරීක්ෂාවේදී වාර්තා වූයේ ඉහත කී කණු 774 අඩුව ද සමග ලංවිමට රුපියල් 38,712,299.40ක වංචාවක් සිදු කර ඇති බවකි. එහෙත් 2015.12.31 දිනට අවසන් ගිණුම් දැක්වීමේදී එය දක්වා ඇත්තේ රුපියල් 29,470,739.40ක මුදලක් ලෙසිනි. ඒ ගැන සොයා බැලීමේදී වාර්තා වූයේ 9,241,560ක මුදලක් ණය ගැති ගිණුමෙන් ඉවත් කිරීමට ලංවිම නිලධාරියකු කටයුතු කර ඇති බවකි.


උතුරු වසන්තය තුළ ලංවිම කර ඇති රුපියල් කෝටි තුන් කෝටි 87 ලක්ෂයේ හෝ ඊට ආසන්න මූල්‍ය වංචාව ගැන නීතිමය කටයුතු සිදුවෙමින් පවතී. මේ සම්බන්ධව ලංවිම තුළ ද විමර්ශන කටයුතු තවම කරගෙන යන බවට ද වාර්තා වෙයි. එම විමර්ශන කටයුතුවලින් දැනට නිම වී ඇත්තේ සියයට 70ක ප්‍රමාණයක් බවට ද වාර්තා වෙයි. එහෙත් එම විමර්ශන කටයුතුවලට දැන් දැන් බාධා මතුවෙමින් තිබෙන බවට ද තොරතුරු තිබේ . උතුරු වසන්තය භාරව කටයුතු කළ නියෝජ්‍ය සාමානාධිකාරීවරිය මේ වන විට ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරට පත්වීම ඊට හේතුව බව මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී.


රුපියල් තුන් කෝටි 87 ලක්ෂයක් මුදලක් වංචා කොට කළ මූල්‍ය අපරාධය වසා ගැනීමට ලංවිම සමහර ඉංජිනේරුවන් ද විවිධ කුමන්ත්‍රණ දියත් කොට ඇති බවට තොරතුරු තිබේ. මේ තොරතුරු මාධ්‍යයට නොයෑමට විවිධ උපක්‍රම ඔවූහු භාවිත කරති. සමහර මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන්ට ලක්ෂ ගණනින් මූල්‍ය සංතෝෂම් ද ලබා දී ඇති බවට ද තොරතුරු තිබේ. මින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලංවිමට එරෙහිවීමේ මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් නිහඬ කිරීමට බවට ද අප වෙත තොරතුරු ලැබෙමින් පවතී. එනිසා මේ සම්බන්ධව ඉහළ පෙළේ බලවතුන්ගේ අවධානය යොමුවනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි. 

 

 
m



අදහස් (0)

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි-සාමාන්‍යාධිකාරී ධුරයට පත්වීමෙන් පසු ලංවිම තුන් කෝටි අසු හත්ලක්ෂයේ වංචාව යට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site