අධිකරණයකදී විත්තිකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම දරන්නට එකඟවන පුද්ගලයා ගෙවන වටිනාකම ඇපය යනුවෙන් හැඳින්වෙයි. එය විත්තිකරුවන් වෙනුවෙන් වන විධිමත් පොරොන්දුවකි.
ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයි. ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.
බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.
මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකි. අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.
විත්තිකරු අධිකරණය හමුවට පැමිණවීම, විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි. නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.
යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකිය. යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.
විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීම, වැරදිකරු වීම, මියයෑම, නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.
අපරාධ නීතිය පදනම් වී ඇත්තේ නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය මතය. එම නිසා යම් පුද්ගලයකු සැකකරැවකු බවට පත්වූ අවස්ථාවක අධිකරණයේදී වරද ඔප්පු වී ඔහු වරද කරුවකු කරන තාක් ඔහු නිර්දෝෂී පුද්ගලයකු සේ සළකයි. ඔහුට කිසිදු දඩුවමක් නොදෙයි.
සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේම ඇප ඉල්ලා සිටීමට ඔහුට අයිතියක් ඇත. ඔහු කර ඇත්තේ මුල් අවස්ථාවේදීම ඇප දිය හැකි වරදක් නම් ඇපපිට නිදහස් කෙරේ. එය මුදල් ඇප හෝ ශරීර ඇප හෝ ඒ දෙකම හෝ විය හැකිය.
සුළු පහරදීම්, අනර්ථය වැනි වැරදි සුළු වැරදි ලෙස හැඳින්වේ.
ආයුධ ළඟ තබා ගැනීම, ආයුධ එකතු කිරීම, ශ්‍රී ලංකා ජනරජයට හෝ ජනරජය සම සිටින රාජ්‍යයකට විරුද්ධව යුද්ධ කිරීම, කැරලි ගැසීම, මනුශ්‍ය ඝාතනය ආදිය මුල් අවස්ථාවේදීම ඇප නොහැකි වැරදි වේ.
මුල් අවස්ථාවේදීම ඇප දිය හැකි වරදක් වුවත් ඇපදීම මගින් ඉදිරි විමර්ශනවලට බාධාවක් වන්නේ නම් ඇප නොදී සිටිය හැකිය.
(ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධරයකු සමග සාකච්ඡාවකින් සකස් කළේ තුෂාර සිල්වා )
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නීතියයි ඔබයි
දුමින්ද Wednesday, 20 February 2013 01:47 PM
වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තූතියි. (නි)
චන්දි Friday, 22 February 2013 03:36 PM
හොඳ වැඩක්....(ස)