X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි. ඓතිහසික දීඝවාපී පුදබිම වටා ඉදි කරන්නට ඇතැයි සැළකෙන පරිවාර චෛත්‍යයන්ගෙන් එක් චෛත්‍යයක් මේ සුවිසල් කඳු මුදුන මත පිහිටා ඇතැයි සැළකෙන අතර එකී චෛත්‍ය කාලයාගේ බලපෑමට යටත්ව අද වල් බිහිව නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබේ. ඓතිහාසික දිගාමඩුල්ලේ අඩ්ඩාලච්චේන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුන්ගේ පාදස්පර්ශය ලද දීඝවාපී මහපන්සල පිහිටා ඇත්තේද මෙකී පරිවාර චෛත්‍යයට සැතපුම් දෙක තුනක් ඈතිනි. දීඝවාපී මහ පන්සල අවට ප‍්‍රදේශයේ පිහිටි පරිවාර චෛත්‍යයක් සහ පුරා වස්තු රැසක් පසුගිය කාලයේ ඩෝසර්වලට අසුවී විනාශවී ගිය අතර එම ප‍්‍රදේශයේ ඉඩකඩම් අබෞද්ධ අසිංහල බලවේග මගින් කොල්ල කා නිවාස පවා තනාගෙන ඇත. මෑත භාගයේ එම ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත වීම නිසා සමහර ක‍්‍රියාකාරකම් අඩපණ විය. මේ පිළිබඳ අවධානය යොමු කළ උහන සුහදගම සඳනදපුර, 19 තිස්සපුර සුදර්ශනාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, උහන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති විශ්ව කීර්ති ශ්‍රී සමාජ සේවා ශිරෝමනී සාසන සෝබන ශ්‍රී රතනපාල පෝද්දිවෙල චන්දානන්ද මහනාහිමි මෙම පරිවාර චෛත්‍යය ඇතුළත් ඓතිහාසික පින්බිමේ වටිනාකම තේරුම් ගෙන එම භූමිය ඉතා දුෂ්කරව  එළිපෙහෙළි කරගෙන බෞද්ධයන්ගේ චන්දනාමානයට අවශ්‍ය පරිදි ගොඩනගමින් එහි විහාරාධිපතිත්වයද දරමින් කටයුතු කිරීම සැබවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි. සුවිසල් ගල් කන්දක් මත බෞද්ධ නිර්මිත රැුසක් මේ වන විටත් එහි ඉදිකර අවසන්ය. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශ ශක්ති දයා ගමගේ මහතා ලංකාව පුරාම චෛත්‍ය සියයක් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇති අතර එහි පළමුවැන්න මේ දීඝවාපී පරිවාර චෛත්‍ය පිහිටි කඳු මුදුනේ ආරම්භ කර තිබේ. මේ වන විටත් එහි ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර මෙහි බොහෝ කටයුතු වලට දයා ගමගේ මහතාගේ අනුග‍්‍රහය ලැබී ඇත. දීඝවාපී මහපන්සලට යන බොහෝ බැතුමත්හු දීඝාවාපී පරිවාර චෛත්‍ය සහිත පින්බිම දැක වැඳ පුදා ගැනීමට අමතක නොකරති. මේ පූජනීය ස්ථානයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන වන්දනා නඩ සඳහා නොමිලේ නවාතැන් දීම සහ නොමිලේ ආහාර පානාදිය ලබාදීමයි. මෙවැනි ස්ථාන ලංකාවේ දුර්ලභය. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මෙවැනි සමාජ සත්කාර්යක් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු දහම ප‍්‍රායෝගිකව අර්ථ ගැන්වීමකි. ”දෙන්න - දෙන්න ලැබෙනවා” තමන් කළ ආනිසංස මෙලොවදීම ඵල දෙනවා”  යන්න ලාංකීය බෞද්ධ සමාජයේ මුල්බැසගත් බෞද්ධ මතයකි. එය සනාථ කරමින් මෙම පරිවාර චෛත්‍යයේ විහාරාධිපති පෝද්දිවෙල චන්දාන්ද හිමියන්ට අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි විය. දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වන්දනාවට පැමිණෙන බොහෝ බෞද්ධ වන්දනා නඩවලට නිරන්තරව මුහුණ දෙන්නට සිදුවන ගැටලූවක් වනුයේ නවාතැන් පහසුකම් සලසා ගැනීමයි. මේ නිසා ඔවුහු අසරණව අතරමංව සිටින කල දීඝවාපී පරිවාර චෛත්‍ය සොයා ඇදෙති. ඒ යන සෑම වන්දනා නඩයකටම තමන්ට හැකි උපරිම අයුරින් නොමිලේ නවාතැන් පහසුකම් පමණක් නොව නොමිලේ ආහාර පානද ලබාදීමට වන්දානන්ද හිමියෝ පියවර ගත්හ. ඉන් බොහෝ ලෙස සතුටට පත් සමහර වන්දනා නඩ තමන්ට හැකි උපරිම ආකාරයෙන් පන්සලට ආධාර කළෝය. වන්දානන්ද හිමියන් මේ කිසිවක් අපේක්‍ෂා නොකළද, මේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යාමට දිරි දෙනුවස් එලෙස උදව් කළ බව අපට හමු වූ වන්දනා කරුවෝ කීප දෙනෙක්ම පැවසූහ. පසුගිය සුනාමියෙන් පීඩාවට පත් පාන්ඩිරිප්පුවේ දෙමළ පවුල් සිය ගණනකට සුහදගම පන්සලේ සහ සුදර්ශනාරාමයේ මාස ගණනක් නවාතැන් දුන් චන්දානන්ද හිමියෝ එම කාලය තුළ ඔවුනට අවශ්‍ය ආහාර පාන, බේත් හේත්, ඇඳුම් පැළඳුම් ආදියද නොමසුරුව පරිත්‍යාග කළහ. මේ පිළිබඳ පැහැදුණු බොහෝ දෙනා චන්දනාන්ද හිමියන්ට අනුග‍්‍රහය දැක්වූහ. මේ ස්වාමින් වහන්සේගේ මෙකී මානුෂික සද්කාරය දෑසින් දුටු සාමය දයාව උදෙසා වූ ජාත්‍යන්තර සංවිධානයේ ප‍්‍රධානී ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මිය එම කටයුතු සඳහා බොහෝ සෙයින් උදව් උපකාර කළාය. ඉන්පසුව මෙම පරිවාර චෛත්‍ය භූමියේ සංස්කෘතික ශාලාවක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 61ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය පියවර ගත් අතර මේ මුදලින් ඉදිකළ සංස්කෘතික ශාලාව් දයා සරණ දහම් පාසලද පැවැත්වේ. මෙහි පැමිණෙන බැතිමතුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙන්ම අවට වනයේ වනසතුන්ගේ ප‍්‍රයෝජනය සඳහාද පරිවාර චෛත්‍යයට පිවිසෙන තැන වම් පැත්තේ කුඩා ජලාශයක් ඉදිකර ඇත. විදලමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ මේ පින්බිමට විදුලිය ලැබී ඇති අතර වැව සැදීමට දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර මහතා රුපියල් ලක්‍ෂ 05ක මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අම්පාර හිටපු දිසාපති, වත්මන් රත්නපුර දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙම චෛත්‍යයේ වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය මෙන්ම විශාල අනුග‍්‍රහයක් දක්වා ඇත. ඒ හැරුණු විට මෙම පින්බිම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමේදී වන්දානන්ද හිමියන් බරපතළ ගැටලූවලට මුහුණ දුන් අවස්ථා ද ඇත. ඒ එක් අවස්ථාවකදී අමාත්‍ය පී. දයාරත්න මහතා කළ උදව් චන්දානන්ද හිමියෝ මෙන්ම දායකයින්ද කෘතඥතා පූර්වකව සිහිපත් කරති. නැගෙනහිර පළාතේ තිබිය යුතු මෙවැනි පූජනීය ස්ථාන රැුකගැනීම ඊට දිරිදීම ජාතික යුතුකමක් සේ සළකා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය දැක්වීමද සැබවින්ම අගය කළ යුතුය. ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් අම්පාර හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති රංජිත් වීරසූරිය මහතා වෙත ලබාදීමෙන් පසුව මෙහි කඳු මුදුනේ රෝපණය කර ඇති අතර නැගෙනහිරට මුහුණලා ඇති ශාන්තවත් වූ බුදු පිළිමය බුදු දහමේ අනුහස් ලොවට කියාපානු වැනිය. මෙවැනි ඉපැරණි පුදබිමක් තෝරාගෙන කටු කොහොල් මැදින් ගොස් එය එළි පෙහෙළි කරගෙන දරන ලද උත්හායට සිවිල් ආරක්ෂක බළකායෙන්ද චන්දානන්ද හිමියන්ට ලැබුණේ අගනා සහයකි. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යාත්මික ව්‍යාපෘතිය යටතේ එහි අම්පාර සහ මොනරාගල අණදෙන නිලධාරී කර්නල් තිලකරත්න මහතා මෙවැනි බෞද්ධ වැඩකටයුතු වලදී නිරතුරු සහය පළ කරයි. ඒ අනුව සිය බළඇණියේ දායකත්වය මේ සඳහා ලබාදී තිබීමද පැසසිය යුතුය. මේ පින් බිමේ ඇරඹුම හා වත්මන් කටයුතු පිළිබඳ අප හා අදහස් පළකළ පෝද්දිවෙල චන්දානන්ද හිමියන්, මීට වර්ෂ දහයකට දොළහක පෙර මමත් තව භික්ෂූන් වහන්සේලා පිරිසකුත් දීඝවාපි මහ පන්සලට පිටුපසින් තිබූ පල්ලකාඩු කැලෑබද ප‍්‍රදේශයට ගියා. අප ගියේ එහි පුරා වස්තු හා පරිවාර චෛත්‍යය නටබුන් ඩෝසර් කරලා විනාස කරලා තියෙනවා කියලා ලැබුණු ආරංචියට. ඒ ආරංචිය සත්‍යයක් බවට පත් වෙලා තියෙන බව අපි අපේ දෑස් වලින්ම දැක්කා. අපි මේවා ගැන කොච්චරවත් ඉහළට දැනුම් දුන්නත් ඵලක් වුණේ නෑ. එදා සිට තවත් දසවසරකින් පසුව මම එතෙන්ට ගියාම ජල, විදුලි, පහසුකම් සහිත නව නිවාස මාර්ග කුඩා වෙළඳසැල් ආදිය ඉදිවුණු අන්‍යාගමික අර්ධ නගරයක් දැක්කා. මම බොහෝම කම්පාවට පත්වුණා. ඉතින් මේ පූජනීය ස්ථානයටත් එලෙස සිදුවීමට ඉඩ නොදිය යුතුයි කියලා හිතලයි මෙතැන සංවර්ධනය කිරීම ආරම්භ කළේ. මේ ස්ථානය මට මුලින්ම පෙන්නුවේ දීඝවාපියේ බන්දුල මහතා. මම එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමා මම මේ සෑම තැනකටම එක්කරගෙන ගියා. මේ ගල උඩ නැග්ගම මෙහි ඇති ඓතිහාසික, සමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික වටිනාකම පිළිබඳ මට අවබෝධ වුණා. ඒ එක්කම බන්දුල මහත්තයා මට කිව්වා හාමුදුරුවනේ අපි මෙතන පන්සලක් හදමු කියලා. ඉතින් ඒ අනුව තමයි මම මෙතන වැඩ ආරම්භ කළේ. නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම පක්ෂ විපක්ෂ සියලූම දේශපාලනඥයන් ගම්වැසියන් මේ සඳහා උදව් කළා. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බඳු දීඝවාපි මහ පන්සලටද, අවට ගම් දනව් වලටද රැුකවරණයක් ලැබෙන දීඝවාපි පරිවාර චෛත්‍යය ප‍්‍රමුඛ පින්බිම රැුකගැනීම සහ ඊට කර උර දීම ඔබ අප සැමගේ යුතුකමකැයි සිතමි. ඊට අනුබල දීමට උදව් උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් අංක 0773522134 දරන දුරකථන අංකයට කථා කර පෝද්දිවෙල චන්දානන්ද හිමියන්ට හෝ 0632222206 අංකයට කතා කර අම්පාර වත්මන් දිසාපති නීල් ද අල්විස් මහතාට කතාකර විස්තර විමසිය හැක. නවාතැන් පහසුකම් ගන්නට එන අය දින කීපයකට පෙර චන්දානන්ද හිමියන් ඇමතිය යුතුය.

සටහන සහ සේයාරූ  - දිගාමඬුල්ලේ සමන් දිසානායක
 



අදහස් (0)

නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය

සිරිසේන Friday, 06 April 2012 09:09 AM

බුදු සසුන ලොව බැබලේවා !

:       0       0

නන්දසේන Friday, 04 May 2012 11:13 AM

වෙසක් පැතුම....(ස)

:       0       0

සුමනාමානදුව Monday, 28 May 2012 11:04 AM

පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට සංවිධානයක් බිහි විය යුතුයි...

:       0       0

තුෂාර Tuesday, 29 May 2012 10:15 AM

මම අවුරුදු ගණනක් අම්පාරේ හිටියා.හරිම ලස්සන පළාතක්

:       0       0

කුමුදු Saturday, 02 June 2012 11:40 AM

පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම යුතුයි.. අම්පාර- මහියංගන පාරෙ තියනෙ රජගල තැන්න නම් ස්ථානය පිළිබදව තොරතුරැ පළකරන්න....

:       0       0

කුමුදු Tuesday, 05 June 2012 01:11 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...

:       0       0

සදුන් Monday, 11 June 2012 11:58 AM

සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කෙසේ වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ කෙරෙහි යොමුවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකාදීපයට හදපිරි ප්‍රණාමය පුද කරමි.

:       0       0

විශාකා Monday, 11 June 2012 12:57 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි

:       0       0

ගයනි Monday, 11 June 2012 04:45 PM

අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.

:       0       0

අශෝක Thursday, 14 June 2012 04:11 PM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..

:       0       0

නුවනී Thursday, 28 June 2012 12:13 PM

පොළොන්නරුව රාජධානිය සමයේ ඇදපු ලංකාව සිතියම බලන්න. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. පිරිත් පොත හොදට බලන්න..

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 10:27 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

රුචිරු Tuesday, 11 December 2012 09:50 PM

උතුරු වැව්ගම්පත්තුවේ (උහන)වැදගත් තොරතුරු දැනගන්න, “නවදැලි හේනට පොද වැස්සක්“ අපේ වෙබ් අඩවියට එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site