X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා

17pg-23d--main-pgs   

 

මේක නිර්මාණය කරද්දී තිබුණ ලොකුම අභියෝගය ඉඩ ප‍්‍රශ්නය. අපේ නේවාසිකාගාරයේ සීමිත ඉඩකඩක මේක නිර්මාණය කළේ. රාජාලියාගේ බර වැඩි වෙන්න, වැඩිවෙන්න ගුරුත්වාකර්ෂණය බලලා නිර්මාණය කරන්න සිද්ධ වුණා. තටු දෙක අතර අඩි 15 ක දුරක් තියෙනවා. ගොඩක් ආශාවෙන් නිර්මාණය කළේ.

 

නොනිදන නගරයේ එක් සිව්මංසලක ඔවුහු නොසෙල්වී සිටිති. අව්වට වේළෙති. වැස්සට තෙමෙති. ඒත් ඒ කිසිවකින් කම්පා නොවන ඔවුහු ජවසම්පන්නව නැගී සිටිති. එකෙකුගේ ඉලක්කය ගුවනේය. අනෙකාගේ ඉලක්කය ඉදිරියේය. දෙදෙනාම ක‍්‍රියාශීලිය.


මේ කවුරුන්දෝයි ඔබට කුතුහලයක් ඇති වෙනු ඇත. මෙම ඉලක්කකාරයන් වනාහී වාහන අමතර කොටස් ගෙන්වීමට ප‍්‍රසිද්ධ පංචිකාවත්ත වටරවුම නිජබිම කොටගෙන සිටින රාජාලියා සහ අශ්වයාය. නිමැවුම විස්මිතය. ඉවත දමන ලද වාහන අමතර කොටස්වලට ජීවයක් දී ඇත. ඒ නිසාම ඒ අපූරු නිර්මාණයේ පසුකතාව ඔබ වෙනුවෙන් ලියන්නෙමු.

SLMA-23.qxd
පසුගිය කාලසීමාවේ කොළඹ නගර අලංකරණය සඳහා බොහෝ සැලසුම් ක‍්‍රියාත්මක කෙරිණ. එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත් බව පාට පක්‍ෂ භේදයකින් තොරව අගය කළ යුතුය.


ඔහුගේ යෝජනාවකට අනුව පංචිකාවත්ත ප‍්‍රදේශය අලංකරණයට භාර දෙන්නේ වසර තිහකට ආසන්න කාලයක් වාහන අමතර කොටස් අලෙවිය පිළිබඳ විශ්වාසය දිනාගත් ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගමටය. මෙම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සරෝජ් පෙරේරා මහතාත් හොඳ කලාකාරයෙක්ය.
රජයේ සහ සමාගමේ යෝජනා සම්මතයෙන් පසු පංචිකාවත්ත වරටවුම සහ ඒ අවට හිස් බිම්තීරු තණකොළ වවා මල් පාත්ති සාදා අලංකාරය කිරීම ඇරඹෙන්නේය.


ඒ සියලූ දේ සිදුවුවද ඩග්ලස් සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමාගේ සිතට මදිය. ඔහුගේ අවශ්‍යතාව වාහන අමතර කොටස් සඳහා ප‍්‍රසිද්ධ පංචිකාවත්ත ප‍්‍රදේශයට සංකේතයක් වූ නිර්මාණයක් සිදුකිරීමය.


කාර්යමණ්ඩලීය නිලධාරින් සමග ඒ පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡුා කර ඔහු අවසන් තීරණයකට පැමිණියේය. ඒ වෙළඳ ක්ෂේත‍්‍රයේ වාසනාව ලෙස සලකන නොපසුබට උත්සහයෙන් ඉදිරියටම යන ජවසම්පන්න අශ්වයකු නිර්මාණය කිරීමය.


ඔහුගේ එම අදහස් යහපත් කිරීමට උපකාර කරනුයේ එහි මානව සම්පත් සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ක‍්‍රියාකරන රොහාන් ආරියවංශ මහතාය.
ආරියවංශ මහතාගේ තීක්ෂණ දෙනෙත් නවතිනුයේ මිරිස්වත්ත ප‍්‍රදේශයේ එක් ස්ථානයකටය. ඒ අයිය - මලෝ ඉවත දමන වාහන කොටස් එකතුකර විවිධ නිර්මාණ කරන්නෝය. ඔවුහු එම නිර්මාණ කොළඹ පිහිටි ගැලරියකටද අලෙවි කරති.


ආරියවංශ මහතාගේ යෝජනාවෙන් පසු මෙම අභියෝගය භාරගත්තේ ජීවන් මනෝවංශය. ඔහු මාස තුනක් ඇතුළත අශ්වයා නිමකිරීමට ගිවිසුම් අත්සන් කළේය. ඒ අනුව 2014 වසරේ සුවිශේෂි දිනයක පංචිකාවත්ත වටරවුමේ අශ්වයාගේ මූර්තිය ස්ථාපනය කළේය. සැබැවින්ම එය සෝබමානය. තේජවන්තය. පංචිකාවත්ත ප‍්‍රදේශයට තව අලංකාරයක් ලබාදී ඇත.


එහෙත් සරෝජ් මහතාගේ සිතට නම් තවත් පුංචි මදිකමක් තිබුණේය. ඒ වෙනකක් නොව අශ්වයාට විරුද්ධ පස පිහිටි හිස් ඉඩ ප‍්‍රමාණයේ පාළු බවයි. ඔහු එම ස්ථානයේත් නව නිර්මාණයක් කිරීමට සැලසුම් කළේය.


තීක්‍ෂණ බුද්ධියක් ඇති සුළෙඟ් වේගයෙන් ප‍්‍රයෝජන ගන්නා රාජාලියා බුද්ධිමත්ය, ක‍්‍රියාශීලිය,  දුර දිග බලා තීරණ ගන්නෙක්ය. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට වගාවට ගැලපෙන්නේය. ඒ අනුව පංචිකාවත්තේ ඉතිරි හිස් ඉඩ ප‍්‍රමාණය ඔපවත් කිරීමට රාජාලියා සුදුසු බව ඔහු තීරණය කළේය.


ඔහුගේ සිහිනය යථාර්ථයක් කිරීමට ඉදිරිපත් වූයේ සිසුවෙකි. ඔහු තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරයි. ඔහුගේ විෂය ධාරාව මූර්ති කලාව විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලද පාසල් දැනුම හා පන්නරයත් සහජයෙන්ම ලද කුසලතාවත් ජීවිතයට ආලෝකය කරගත් ඔහු භාෂිත රණවීරය.


සරෝජ් මහතාගේ අදහස ඔහු අවබෝධ කර ගත්තේය. අභියෝගය ජීවිතය කරගත් ඔහු විශ්වවිද්‍යාල පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරයේ පුංචි ඉඩකඩක සිය නිර්මාණය ගොඩනැගීම ආරම්භ කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ අතරතුර විවේක ලද හැම තප්පරයකම රාජාලියාට පණදීමට වෙහෙසුණේය.
රාජාලියාට පණදීමට ඔහු තෝරාත්තේ ස්පාක් ප්ලග්ය. ඊට ස්පාක් ප්ලග් (30,000) තිස්දාහක් භාවිත කර ඇත. ලෝකයේ කිසිදු තැනක නොමැති ස්පාක් ප්ලග්වලින් සැදූ විශාලතම රාජාලියා භාෂිතයේ අතින් නිමාව දැක්කේය.


අශ්වයාට මුහුණලා සිටින රාජාලියා සැබැවින්ම විස්මිත නිර්මාණයකි. ඒ නිසාම ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගම ඒ පිළිබඳ තොරතුරු ගිනස් වාර්තා පොතටත් යොමු කර ඇත. මේ දිනවල ඒ පිළිබඳ එම ආයතන සොයා බලන බව දැනගන්නට ලැබුණි.


ඇතැම් විටක තව පුංචි කාලයකින් භාෂිතගේ රාජාලියා ගිනස් පොතටද ඇතුළත් විය හැකිය. තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භාෂිත වැනි දක්‍ෂයෝ දේශයේ වාසනාවට පහළවූ පුත‍්‍රයෝය. ඒ නිසාම නිස්කාරණේ මත්කුඩු, හොර මැරකම්, ජඩකම් අතර තාරුණ්‍ය දියකර හරින තාරුණ්‍යයටත් ආදර්ශයක් ගෙනදුන් භාෂිතත් අපගේ ලිපිය අර්ථවත් කිරීම සඳහා සම්බන්ධ කර ගත්තෙමු.


‘‘මම භාෂිත රණවීර. මගේ ගම පොල්ගහවෙල ප‍්‍රදේශයේ පිහිටි යාංගල්මෝදර. මම ඉගෙන ගත්තේ නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයෙන් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති කලා අංශයේ අවසන් වසර ඉගෙන ගන්නවා.


මූර්ති අධ්‍යනාංශයේ තියෙන එක පැත්තක් තමයි එසැම්බල්. එය මම විනෝදාංශයක් විදියට පාවිච්චි කරනවා.


ඩග්ලස් ඇන්ඞ් සන්ස් එකේ පූර්ණ අනුග‍්‍රනය යටතේ මේ නිර්මාණය කළේ. ලංකාවේ කිසිම තැනක ස්පාක් ‘‘ප්ලග් වලින්’’ කරපු නිර්මාණයක් නැහැ. සරෝජ් සර්ගේ අදහසකට මේක කළේ. අනුර සර් සහ රොහාන් සර් මට මග පෙන්නුවා.


ප්ලග් 30,000ක් පාවිච්චි කළා. කිලෝ 1350ක් විතර මේක බරයි. මාස තුනක් විතර ගියා මේක නිර්මාණය කරන්න.


මේක නිර්මාණ කරද්දී තිබුණ ලොකුම අභියෝගය ඉඩ ප‍්‍රශ්නය. අපේ නේවාසිකාගාරයේ සීමිත ඉඩකඩක මේක නිර්මාණය කළේ. රාජාලියාගේ බර වැඩි වෙන්න, වැඩිවෙන්න ගුරුත්වාකර්ෂණය බලලා නිර්මාණය කරන්න සිද්ධ වුණා. තටු දෙක අතර අඩි 15 ක දුරක් තියෙනවා. ගොඩක් ආශාවෙන් නිර්මාණය කළේ.


තවදුරටත් එසැම්බල් කලාව හදාරනවා. මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම මගේ වාසනාවක්.


ඒ භාෂිතගේ වදන්ය. වාහන අමතර කොටස් සඳහා ප‍්‍රසිද්ධ පංචිකාවත්ත සංකේතවත් කිරීමේ කාර්යය ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගම සාර්ථකව සිදුකර ඇත. එය ලංකාවේ පමණක් නොව නොබෝ දිනකින් ලෝකයේත් ප‍්‍රසිද්ධ මූර්තියක් වනු ඇත. මෙම ලිපිය සැකසීමේදී තොරතුරු ලබාදීමෙන් සහය දැක්වූ ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගමේ උපදේශක අනුර ෆ‍්‍රනෑන්ඩෝ මහතාටත් මානව සම්පත් සාමාන්‍යාධිකාරි රොහාන් ආරියවංශ මහතාටත් අපගේ ස්තුතිය.

 

m



අදහස් (0)

පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා

අමල් Monday, 19 October 2015 03:08 PM

හොද අදහසක්. (ර)

:       0       0

සදහම් Tuesday, 20 October 2015 01:18 AM

කොළඹ අලංකරණ වැඩසටහන ඇරඹු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ සඳහා නිර්මාණාත්මක අදහස හා දායකත්වය ලබාදුන් සමාගම් නිලධාරී මඬුල්ලටත් මේ නිර්මාණය කල භාෂිත සොයුරාටත් සුබපැතුම්. මෙය ඇත්තෙන්ම විශ්මිත නිර්මාණයකි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 04:29 AM

මේ සංකල්පය හදුන්වා දුන් මර්වින් මහත්තයටත් මේකෙන් විශාල ප්‍රසාදයක් හිමි විය යුතුයි. (බ)

:       0       0

කේ. සිරි Wednesday, 21 October 2015 04:05 PM

අනේ මම දහස් වාරයක් සමාව අයදිනවා මෙහෙම කියනවට. මම දන්නා තරමින් රජලියාගේ හොට වකුටුයි. මෙය පහසුවෙන් නිවැරදි කරගන්න පුළුවනි. රජලියාගේ තේජවන්තකම ඒ වකුටු හොටන් තවත් තී්‍ව්‍ර වෙනවා. හරිම ලස්සන නිර්මාණයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site