X Advertisement
IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


පළාත් සභා ඡන්දය කොතරම් කලක් කල් යයි ද

 පළාත් සභා ඡන්දය නූතන ලාංකික දේශපාලනයේ විවාදාපන්න මාතෘකාවකි. ඇතැමුන් ඊට සද්භාවයෙන් සහභාගී වුවත් තවත් පිරිසකට එය කටගැස්මක්ව තිබෙන බව ඔවුනොවුන් කරන කියන කටයුතුවලින් ප්‍රදර්ශනය වෙයි.

උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව දැන් අවුරුද්දකටත් වැඩිය. වයඹ සහ මධ්‍යම පළාත් සභාවල ආයු කාලය අවසන් වූයේ මේ මස දෙවැනි සතියේය. උතුරු පළාත් පළාත් සභාවේ ආයු කාලය අවසන් වූයේ පසුගිය සතියේය. ඒ අනුව දැන් නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා ගණන හයකි. ඒවායේ මැතිවරණ යළි කවදා පැවැත්වේ දැයි දන්නා කෙනකු මේ මිහිපිට නැති තරමට තත්ත්වය දැන් ඔඩුදුවා හමාරය. අාණ්ඩු කරන අයත් විපක්‍ෂයේ සිට ආණ්ඩුවට මුක්කු ගසන පිරිසත් මැතිවරණ කොමිසමත් මේ තත්ත්වයට වගකිව යුතු බව සිවිල් සමාජයේ මතයයි.

මැතිවරණ කොමිසම ඔක්තෝබර් 11 වැනිදා දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් කොමිසම වෙත කැඳවා තිබුණේ පළාත් සභා ඡන්දය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමටය. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විරෝධය එහිදී පක්‍ෂ ලේකම්වරුන් වෙත දැන්වීම ද ඒ කැඳවීමේ අරමුණක් බව කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔක්තෝබර් 11 වැනිදා ලංකාදීපය වාර්තා කර තිබිණි.

ඒ සාකච්ඡාව අවසානයේ දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරන ලෙසය. ඒ සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් පූර්වාදර්ශ ලබාගත හැකි බව ද පක්‍ෂ ලේකම්වරුන් එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී තිබේ. මැතිවරණ කල් යාම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නොපමාව මැතිවරණ පැවැත්වීමට දයානන්ද දිශානායක කොමසාරිස්වරයා 2005 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගත් බව දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දුන් බව ද ඔක්තෝබර් 13 වැනිදා ලංකාදීප වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඒ සාකච්ඡාවට සහභාගී වූ බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ ඒ යෝජනාවට ආණ්ඩුව නියෝජනය නොකරන අනෙකුත් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් ද එකඟතාව පළ කළ බව ඔක්තෝබර් 13 වැනිදා ලංකාදීප පුවතේ සඳහන් විය. ඒ පුවත ඒ ආසන්න දිනවල අනෙක් පුවත්පත්වල ද පළවිය. විද්‍යුත් මාධ්‍යයෙන් ද ප්‍රචාරය විය. ඒ පුවත්වලින් අනාවරණය වූ කරුණ ඉතා පැහැදිලිය. ඒ සුපැහැදිලි කරුණ අන් යමක් නොව ආණ්ඩුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් එකඟ වූ යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් එකඟ නොවූ බවය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් ඒ යෝජනාවට එකඟ නොවූයේ මැතිවරණ කොමිසම අධිකරණය හමුවට ගොස් එහි තීන්දුවක් මත මැතිවරණ පවත්වතැයි බියෙන් බව සිවිල් සමාජයේ මතයයි. පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමේ බරපතළ වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බව ආණ්ඩුව කරන කතාවලින් හා වැඩවලින් මැනවින් අනාවරණය වෙයි. ආණ්ඩුව 2017 සැප්තැම්බරයේ දී අංක 17 දරන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ ද පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමටය. ඒ ස‌ඳහා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටින දෙමළ සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද ආණ්ඩුවට ලැබිණි. ඒ පනත මත සකස් කළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ 2018 අගෝස්තු 24 වැනිදාය. එදින ඒ වාර්තාව ඡන්ද 139කින් පරාජයට පත්විය. ඒ වාර්තාවට පක්‍ෂව එකම ඡන්දයක්වත් නොලැබිණි.

ආණ්ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය දුන්හ. ඒකාබද්ධ විපක්‍ෂයේ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් විරුද්ධ වූහ. ඒ වාර්තාවට පක්‍ෂව අදහස් දැක්වූ ජවිපෙ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ. ආණ්ඩුවේ අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්ව ගියහ. ඒ වාර්තාව සභාගත කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරයා වූ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා පමණක් සභාවේ රැඳී සිටිමින් තමා ඉදිරිපත් කළ වාර්තාවට එරෙහිව ඡන්දය දුන්නේය. එසේ කළ මුස්තාපා ඇතුළු ශ්‍රීලනිපය දැන් කියන්නේ ඒ සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු සකස් කරගෙන ඒ මත පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එජාපය ප්‍රමුඛ ආණ්ඩුවේ අනෙක් පක්‍ෂ කියන්නේ ඒ සීමා නිර්ණ වාර්තාව කුණු කූඩයට දමා සමානුපාතික ක්‍රමය මත ඡන්දය පැවැත්විය යුතු බවය.

මේ දෙපිරිස ආණ්ඩුව හා විපක්‍ෂය නොව එක්ව ආණ්ඩු කරන්නෝය. එහෙත් දෙගොල්ල දෙපැත්තට අදිති. ඉන් සිදුවන්නේ පළාත් සභා මැතිවරණ තව තවත් කල් යාමය. එක්ව ආණ්ඩු කරන මේ දෙපිරිස මෙසේ කරන්නේ අන්‍යොන්‍ය අවබෝධයකින් විය නොහැකි ද? මේ දෙපිරිසේම වුවමනාව ඡන්ද කල් දමා ගැනීම නොවිය හැකි ද? ඔවුන් මෙසේ රඟපාන්නේ මැතිවරණ තව තවත් කල් දමා ගැනීම මිස අන් කුමකට දැයි සිවිල් සමාජය ප්‍රශ්න කරන්නේ අහේතුකව විය හැකි ද?

මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්නැයි පක්‍ෂ ලේකම්වරුන් කොමිසමට යෝජනා කළ විට ඒ කොමිසමේ සභාපතිවරයා ඒ පක්‍ෂ ලේකම්වරුන්ට දන්වා තිබුණේ ඡන්ද කල් දැමීමට එරෙහිව නඩු පැවැරිය යුත්තේ දේශපාලන පක්‍ෂ විසින් මිස කොමිසම විසින් නොවන බවය. කෙසේ වෙතත් අන්තිමේ සිදුවන්නේ ඡන්දය කල් යාමය.



අදහස් (0)

පළාත් සභා ඡන්දය කොතරම් කලක් කල් යයි ද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site