X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පළාත් සභා ඡන්දයට ඇති බාධා දැන්වත් ඉවත් කර ගනිමු

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබේ. එය පැවැත්වීම කෙසේවෙතත් ඒ පිළිබඳ වාද විවාද, මතගැටුම්, නීති තර්ක ආදියේ නිමක් නැත. මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ තරම් විවාදාත්මක තත්ත්වයක් මේ රටේ ඇතිවී නම් ඒ කල් යමින් තිබූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පමණි. කල්දැමීම තවදුරටත් කරගෙන යාගත නොහැකි තත්ත්වයට පත්වීම හේතුවෙන් අවසානයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් එහි ප්‍රතිඵල විඳදරා ගැනීමටත් ආණ්ඩුවට සිදුවූ බවත් සඳහන් කළ යුතුය.

මැතිවරණයක් අහේතුවකට කල් යන විට මැතිවරණ කොමිසම ද හසුවන්නේ බලවත් පීඩනයකටය. කොමිසමට කළ හැක්කේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහාම ඒ සඳහා සූදානම් වීම, නිදහස් සහ සාධාරණ ලෙස අදාළ මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කිරීම පමණි. ඒ සඳහා වන දේශපාලන තීන්දු ගැනීමට කොමිසමට අයිතියක් නැත. මේ පිළිබඳව දෝෂාරෝපණ එල්ලවන විට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ඕනෑම වෙලාවක පැවැත්වීමට සූදානම් නමුත් ඒ සඳහා වර්තමානයේ පවතින නීතිමය බාධා ඉවත් කිරීම පාර්ලිමේන්තුවට අයිති වගකීමක් බවය. වර්ෂය අවසාන වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වරක් ප්‍රකාශ කළේය. ඒ සඳහා සූදානම්වීමක් වශයෙන්දැයි අප නොදන්නා නමුත් ඔහු පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතක් යටතේදැයි ‌​ෙ‌ශ්‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි ඉල්ලීමක් කර තිබේ. එය සාධනීය පියවරක් වශයෙන් අපි දකිමු.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම ඕනෑම අර්බුදයකදී අවසානාත්මක පියවරක් වශයෙන් සැලකිය හැකිය. පළාත් සභා මැතිවරණය ද දිගටම කල් යන තත්ත්වයක් තුළදී ජනාධිපතිවරයාගෙන් මැතිවරණ කොමිසම එවැනි ඉල්ලීමක් කිරීම සාධාරණය. පළාත් සභා මැතිවරණය කුමන පනතක් යටතේ පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින හෙයින් එය පැහැදිලි කර ගැනීම සඳහා අදාළ ඉල්ලීම කරන බව ද මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන්ය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇනහිට තිබෙන්නේ 2017 අංක 17 දරන පනත යටතේ අදාළ සීමා නිර්ණය වාර්තාව ගැසට් පත්‍රයේ පළ නොවීම හේතුවෙන් බව මීට ඉහතදී ප්‍රකාශ වී තිබිණි. පළාත් පාලන මැතිවරණය කල් ගියේ හෝ කල් දමනු ලැබුවේ ද සීමා නිර්ණය වාර්තාව ගැසට් කර නොතිබීම හේතුවෙනි. එය කළ නොහැකි වූයේ එකී වාර්තාව සකස් කිරීම ප්‍රමාදවීම නිසා බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද, විපක්ෂය ද ඇතුළුව රටේ බහුතරයකගේ චෝදනාව වී තිබුණේ ආණ්ඩුව එය දඩමීමා කර ගනිමින් ඡන්දය කල් දමන බවය. පළාත් සභා ඡන්දය ද ඊට වෙනසක් නැත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අපගේ ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සීමා නිර්ණය වාර්තාව ගැසට් නොවීම නිසා අලු‍ත් පනත වලංගු නැති අතර පරණ පනත බලාත්මක බවට තවත් මතයක් පැන නැඟී ඇති බවය. ඒ අනුව 1988 අංක 02 දරන පළාත් සභා පනත අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ ද නැත්නම් 2017 අංක 17 දරන පනත යටතේ එම මැතිවරණය පවත්වන්නේ ද යන්න පිළිබඳව ‌‌‌​ෙ‌ශ්‍ර්ෂ්ඨාධිකරණයේ මතය පැහැදිලි කර දෙන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද දේශප්‍රිය මහතා කියා තිබිණි.

මේ අනුව අපට නම් පැහැදිලි වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මහත් අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇති බවය. නැතහොත් එවැනි තත්ත්වයකට ඇද දමා ඇති බවය. එය රටේ ඡන්දදායකයාගේ අයිතිය බලෙන් පැහැර ගැනීමකට දෙවැනි නැත. වෙලාවට කලින් ඡන්දයක් පැවැත්වීම පිළිබඳව තීරණය ගන්නේ ද රටේ ආණ්ඩුවය. තමන්ට අවශ්‍ය නැත්නම් එය කල් දමන තැනට තීන්දු තීරණ ගන්නේ ද රටේ ආණ්ඩුවමය. එහෙත් සිදුවිය යුත්තේ තමන්ට තිබෙන දේශපාලන වාසි - අවාසි මත මැතිවරණ පැවැත්වීම තීරණය කිරීම නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධි විධානවලට අනුකූල ලෙස නිසි කාලයේ දී මැතිවරණ පැවැත්වීමය. හරියට වැඩ කරන ආණ්ඩුවක් කවදාවත් මැතිවරණ පැවැත්වීමට බියක් දක්වන්නේ නැත.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තවත් ප්‍රායෝගික ගැටලු‍වක් තිබේ. එනම් එකී මැතිවරණය සියලු‍ පළාත් සභාවලට එකම දිනයකදී නොපැවැත්වීමය. පසුගිය ආණ්ඩුව කාලයේ දී කඩින්කඩ පළාත් සභා විසුරුවා හැර ඡන්දය පැවැත්වීම හේතුවෙන් බොහෝ මැතිවරණ දූෂණ සහ බරපතළ අක්‍රමිකතා සිදුවිය. මොනම ආණ්ඩුවක් වුවද මැතිවරණ ප්‍රමාද කිරීම වැරැද්දකි. එසේම නිසි කලට කලින් රාජ්‍ය සම්පත් යොදාගෙන කඩින්කඩ ඡන්දය පැවැත්වීමද වැරැද්දකි. මේ වැරැදි දෙකින්ම සිදුවන්නේ රටේ පරමාධිපත්‍යය හිමි පොදු මහජනතාවගේ අයිතිය පැහැර ගැනීමයි. එම තත්ත්වය වළක්වා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය රැකදීම සියලු‍ පක්ෂ නායකයන්ගේ වගකීමකි. මැතිවරණයක් පැවැත්වීමට බාධාව පනතක් හරස්වීම නම් එම බාධාව මගහැර ගැනීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිය යුතුය. එසේම සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ අසමත්භාවය මත වරද පටවා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එය ආණ්ඩුවේ ද අසමත්භාවය පෙන්වන සාධකයක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (3)

පළාත් සභා ඡන්දයට ඇති බාධා දැන්වත් ඉවත් කර ගනිමු

de silva berlin Thursday, 11 April 2019 04:05 AM

ඕක නැතිවුණා කියල රටට වෙන යහපතක් මිස අයහපතක් නොමැත ,

:       0       23

smn Thursday, 11 April 2019 05:37 AM

පළාත් සභාවලට අපි නම් සහමුලින්ම විරුද්ධයි. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මැතිවරණ කොමසාරිස්ට හා මැතිවරණ කොමිසමට අර්බුදයක් නම් ඒවා පැවැත්වීම තමා අපට තිබෙන අර්බුදය. ඔය සුදු අලියා අපට අවශ්‍ය නැහැ කියන එකයි අපේ ස්ථාවරය. පළාත් සභාවලින් ඔය කියන තරමට අපටවත් රටටවත් සේවයක් සිද්ධ වෙලා නැහැ, හොරු වැඩි දියුණු වෙනවා හැර. අපේ බදු මුදල් ඕවට වියදම් කරන්න එපා කියන එකයි අපේ ඉල්ලීම.

:       0       16

de silva berlin Saturday, 13 April 2019 08:59 AM

ඔය පළාත්සභාව ඉන්දු ලංකා ගිවිසුමේ අතුරු පලයක්, කොටි සංවිධානය ගිවිසුම කඩ කරලා අවුරුදු 30 කටත් වැඩිය. අපි ඕක තවදුරටත් බදු මුදල් වියදම් කරමින් ඉදිරියට ගෙන යන එකේ තේරුමක් තිබෙනවද ? ඕක පහුවෙන හැම මාසේකින්ම ජනතාවට ආර්ථික පාඩුවක් නොව වාසියකි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site