X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


ප්‍රංශය කළු කළ කළු කුට්ටි ප්‍රහාරය

 

 

සුනිල් ආනන්ද පැරිසියේ සිට

 

මෙවර ලෝක කම්කරු දින සැමැරුම (2018-05-01) ප්‍රංශයේ ඉතිහාසයට අමතක නොවන සිදුවීමක් එක් කළේය.

ඒ ප්‍රංශ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක්  නිසාය. ප්‍රංශයේ ප්‍රධාන නගර  ආශ්‍රීතව මැයි පෙළපාළි පවත්වා කම්කරු අයිතීන් දිනා ගැනීමේ දිනයක් ලෙස මැයි දිනය ප්‍රසිද්ධය.

දේශපාලන පක්ෂ වෘත්තිය සමිති, ප්‍රංශයේ වෙසෙන විදේශ සම්භවයක් සහිත ජන කොටස් නියෝජනය වන වෘත්තිය හා දේශපාලන සංවිධාන ආදිය මැයි 1 වැනි දා වීදි බැස විවිධ සටන් පාඨ සමඟ පෙළපාළි  පැවත්වති.

ඉන් පැරිසියේ පැවැත්වෙන පෙළපාළි ප්‍රධාන වේ. පැරිසියට  එක්වන පෙළපාළිකරුවන්ට ප්‍රධාන මාර්ගවල  රැස්වීම් පැවැත්වීමට වෙනම ස්ථාන වෙන් කරදී ඇත.

පෙළපාළිකරුවෝ අවසානයේ එම එක් එක් ස්ථානවලට පැමිණෙති.  අයිතීන් ඉල්ලා රැස්වීම් පවත්වා සන්සුන්ව විසිර යෑම මෙතෙක් පැරීසියේ පැවැති සිරිතවිය.

පැරිසිය නම්  සුන්දර නගරයේ එක් ස්ථානයක ඊට හාත්පසින්ම වෙනස් කිසිවෙකු නොසිතු නමුත් මැයි දිනය සැමැරීම  ප්‍රදේශවාසීන්ට ඇස් අදහා ගැනීමට නොහැකි විය.

එදින වාමාංශික පක්ෂය පෙළපාළිකරුවන් හා එක්වු වෙනත් පිරිසක් ඔවුන් සමඟ සුළු වේලාවක් නිසොල්මනේ පෙළපාළියේ ගමන් කර එක්වරම වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වී  අත් බෑග් වලින් ගත් කළු ජැකට් හැඳ මුහුණු ආවරණ පැළඳ සඟවා ගෙන පැමිණි යකඩ පොලු, මුගුරු,පෙට්ට්‍රල් අත් බෝම්බ ආදිය ගෙන පැරිස් කලාප අංක 5 ට අයත් ප්‍රධාන රෝහල් මාවතේ කඩ සාප්පු, කුඩු කර වාහන හා ගොඩනැගිලි ගිනි තබමින් කළහකාරි ලෙස හැසිරුණහ. මෙම සිද්ධිය දුටු අය මවිතයට පත්වුහ.

කළහකාරි සිදුවීම් හේතුවෙන් බැංකු ශාඛා, ආපනශාලා,මෝටර් රථ ප්‍රදර්ශන ශාලා හා අලෙවිසල් හා විවිධ සමාගම් සතු කාර්යාල ඇතුළු ගොඩනැගිලි 31 කට ගිනි තබා අවට ඇති ඉලෙක්ට්‍රොනික දැන්වීම් පුවරු,බස් නැවතුම් ආදිය කුඩු පට්ටම් කර ප්ලාස්ටික් කුණු බක්කි මහා මාර්ගයේ එකතු කර ගිනි තබමින් එම ප්‍රදේශය මහා ගිනි  ජාලයකින් භීතියට පත් කිරිමට කළහකාරිහු කටයුතු කළහ.

මෙවර මැයි දින පෙළපාළි ආරක්ෂාවට පැරිසිය තුළ පමණක් 1500ක පොලිස් පිරිසක් යොදවා තිබිණි. අනපේක්ෂිතව ඇතිවු තත්ත්වය පාලනය කීරිමට ප්‍රංශ පොලිසියට විනාඩි 30ක පමණ ගත විය. පොලිස් කැරළි මර්දන ඒකකය , දැඩි පීඩන සහිත ජලය විදින බවුසර සහිත විශේෂ පොලිස් කණ්ඩායම් පැමිණ තත්ත්වය පාලනය ට පත් කිරිමට උත්සහ දැරූ අතර කැරලිකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

දැඩි පරිශ්‍රමයකින් පසු තත්වය මැඩ පැවැත්වීමට පොලිසියට හැකි වුව ද ඒවන විටත් එම ප්‍රදේශය ගිනි දැල් වලින් පිරුණූ ප්‍රදේශයක් බවට පත්වී තිබුණි.  මඳ වේලාවකින් ගිනි නිවන රථ පැමිණ එම ගින්න නිවා දමන ලදී.

මෙම සිදුවීමට සම්බන්ධ කළහකාරීන් 209 ක් අත්අඩංගුවට ගත් අතර එයින් 106 දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිස් බාරයට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටි.

අත්අඩංගුවට පත් වුවන් අතර කාන්තාවෝ සහ පිරිමි සම සමව සිටිති.  පරික්ෂණ වලට අනුව කළහකාරි ලෙස සංවිධාන ගතවු පිරිස 1200කි. මොවුන් අන්ත වාමාංශික රැඩිකල් දැඩි අන්තවාදී දක්ෂිනාංෂීකයන්  පොලිස් වාර්තා හෙළී කරයි.

බැලැක් බොලොක්ස් හෙවත් කළු කුට්ටි කණ්ඩායම ලෙස මොවුන් හඳුනා ගෙන ඇති බවත් මේ අතර උසස් පෙළ හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සිටින බවත් හෙළිකරගෙන ඇත. ඔවුන්ගේ සහායට එවැනිම අන්තවාදී කණ්ඩායම ජර්මනිය,ඉතාලිය, ස්පාඤඤය,ඕලන්දය ආදි රටවලින් පැමිණ ඇති බවද පරික්ෂණ වලින් හෙළිකර ගෙන තිබේ.

මොවුන්ගේ ප්‍රහාරයට ලක්වු ආයතන අතරට එක් මැක්ඩොනල්ඩ් ආපන ශාලාවක්,ප්‍රංශයේ නිෂ්පාදිත රෙනෝල්ඩ් වාහන අලෙවිසලක්,ජර්මනියේ නිෂ්පාදිත බෙන්ස් වාහන අලෙවිසලක් ද වේ.

මෙම රැඩිකල්වාදී ‘බැලැක් බොලොක්ස්’ කණ්ඩායම අයත් පිරිස් යුරෝපයේ ජර්මනිය,ඉතාලිය,ඕලන්දය,ඔස්ට්‍රියාව,ස්පාඤ්ඤය,පෝලන්තය ආදී රටවල ක්‍රියාත්මක වේ. රාජ්‍ය දේපල හා ධනවත් ආයතන වලට අලාභ  කිරිම ඔවුන්ගේ එකම ඉලක්කය වේ.

මේ අඳුරු සිදුවීමත් සමඟ පැරිසියේ වාසින් මහත් කම්පනයට පත්වී ඇති අතර රජයට විරුද්ධව ද විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

එම ස්ථානයට පොලිසිය පැමිණිමට විනාඩි 30 ක් ගත වුයේ ඇයි? මෙවැනි පිරිස් මුලින් හඳුනා ගැනීමට අපොහොසත් වුයේ ඇයි? මෙවැනි පිරිස් හඳුනා ගැනීමට අභ්‍යන්තර  රහස් ඔත්තු සේවාවන් අසමත් වුයේ ඇයි? ආදි ප්‍රශ්න වැළකට පිළීතුරු දීමට රජයට සිදුවී ඇත.

මෙම තත්ත්වය ඇතිවන විට ප්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නිල චාරිකාවකට එක්වී සිටියේය. වැඩ කරන ජනතාවගේ දිනය කඩාකප්පල් කළ මෙවැනි අයට කිසිම සමාවක් නොමැති බවත් වැරදිකරුවන්ට  ප්‍රංශ නීතිය ක්‍රියාත්මක වන බවත් ඇතිවු තත්ත්වය ගැන තමා බලවත් ලෙස කනගාටු වන බවත් ප්‍රංශ ජනාධිපති ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පැවසීය.

ප්‍රංශ දේශපාලන නායකයන්,වෘත්තිය සමිති ප්‍රධානීන්, විද්වතුන් ,මාධ්‍යවේදීන් ඉහත සිදුවීම් දැඩි ලෙස හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. ප්‍රංශයේ වැඩි පිරිසක් මෙවැනි ක්‍රියා අනුමත නොකරති.

ප්‍රංශ මැයි දිනයකදී මෙවැනි තත්වයක් ඇති වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර  මින්පසු මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්නා බව ප්‍රකාශ කළ අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයා අලාභ හානි සිදුවු ප්‍රදේශ යේ සංචාරය කරමින් එම පිරිස් මුණ ගැසෙමින් තම කණගාටුව ප්‍රකාශ කළේය. 



අදහස් (2)

ප්‍රංශය කළු කළ කළු කුට්ටි ප්‍රහාරය

kumara-sydney Monday, 07 May 2018 04:07 AM

මේ ලිපියේ තියෙන විදිහට, මොවුන් අන්ත වාමාංශික රැඩිකල් දැඩි අන්තවාදී දක්ෂිණාංශිකයින් පොලිස් වාර්තා හෙළිකරයි. අන්ත වාමාංශික දක්ෂිණාංශිකයින් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? පැරීසියේ සුනිල් ආනන්ද මහත්තයෝ. අපේ රතු අලි පැටව් ටික වගේ කට්ටියක්ද?

:       0       9

wiki Wednesday, 09 May 2018 04:09 AM

#@##!!!??? මොවුන් අන්ත වාමාංශික රැඩිකල් දැඩි අන්තවාදී දක්ෂිනාංෂීකයන් පොලිස් වාර්තා හෙළී කරයි.?????

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site