X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ප්‍රසන්න විතානගේ සිනමා දැවැන්තයෙක්

           ලෝකයේ බොහෝ දේවල් වලට මෙන්ම සිනමාවටද තරඟ ඇත්තේය. එහිදි සිනමාවද තරඟ කරති. ජය ගනිති, පරාජය වෙති, කුසළාන දිනති, සම්මාන ලබති. මලල ක‍්‍රීඩාවට ඔලිම්ෆික්, පාපන්දුවට ලෝක කුසළාන, බයිසිකලයට ප‍්‍රංශ සවාරිය මෙන් සිනමාවටද ඔලිම්ෆික් ඇත්තේය. ලෝකයේ සුප‍්‍රසිද්ධ අග නගරයන් හෝ සුවිශේෂි අනු නගරයන් හරහා වර්තමානය වන විට විවිධ අන්තර් ජාතික සිනමා තරඟ මෙම විශ්වය පුරාවට විසිරී මහ ඉහලින් මංගල්‍යයන් මෙන් පැවැත්වේ. ඒ අතරින් හොලිවුඞ් ඔස්කාර්, බර්ලින් , මොස්ට‍්‍රාර් වැනීසිය , එංගලන්තයේ බාපා , ප‍්‍රංශයේ කෑන්ස් , ඩෝවිල් යනු මෙම අන්තර් ජාතික උළෙලයන් අතර ලෝක ප‍්‍රසිද්ධ විශිෂ්ඨ ශ්‍රේණියේ ඇති සමහරක් දැවැන්තයෝය. ඉහත සදහන් උළෙලකට තම සිනමා නිර්මානයක් සුදුසුකම් ලැබීම සිනමා කලාවේ නියුතු සංවේදි දැවැන්ත නිර්මාන කරුවන්ගේ එකම බලාපොරොත්තුවක් මෙන්ම අන්තර් ජාතික ගොමුව තුල තම කෘතිය ඇගැයීමට ලක්වීම ඔහු හෝ ඇය ජීවිතයේ ලබා ගන්නා වටිනාම අවස්ථාවකි. එවැනි වාසනා මහිමයන් හිමි කර ගත්තෝ සිනමා සමාජයේ විරලය. සාපේක්ෂක ලෙස ලෝක සිනමා ක්‍ෂේත‍්‍රය තුල ශ්‍රීලාංකික සිනමාව සැසඳීමේදි ලබන අගයන් එතරම් ධන මට්ටමක නොපවතී. එසේ නමුදු විශිෂ්ඨ නිර්මාන නැතුවාද නොවේ. ඒ අතරින් ශ්‍රී ලංකා සිනමා ක්‍ෂේත‍්‍රයේ වර්තමානයේ සිටින දැවැන්තයන් අතර අති දක්ෂ නිර්මාණශීලි, සංවේදිශීලි සිනමා බිහි කරන්නෙකි ප‍්‍රසන්න විතානගේ.

           ප‍්‍රසන්නගේ සිනමාව තුල බොහෝ දෙනා නොදකින කලාත්මක ත‍්‍රිකෝණ , වර්නය , සංවේදිත්වය , සරල සත්‍ය හා හෙලිදරව්ව ආදි සංකලනයන්ගෙන් හැඩ වැඩ වීම තුල ඔහුගේ සිනමා නිපැයුම් විශිෂ්ඨ මෙන්ම ඇගැයීමටත් සමාජ කථිකාවටත් ලක් කෙරේ. එය සිනමාවක සිදුවිය යුත්තක් මෙන්ම නිර්මාණයක සාර්ථක බව සැගවී ඇත්තේම එතැනය. ලෝක සිනමාව තුල ප‍්‍රංශයද ආන්ෙදාා්ලනාත්මක කෘති බිහි කරන රටකි. එමෙන්ම කලාවට සුවිශේෂි සැලැකිල්ලක් මෙන්ම කාලාවට ආදරය කරන රටකි ප‍්‍රංශය. ප‍්‍රංශ ඉතිහාසය තුල එවැනි සාක්ෂි වලින් පිරී පවති. එබැවින් ප‍්‍රංශය විසින් පවත්වන අන්තර් ජාතික සිනමා උළෙලයන් ලෝක සිනමා ක්‍ෂේත‍්‍රයේ මහ ඉහලින් පැසසුමට මෙන්ම විශාල පිලිගැනීමකටද ලක්වී ඇත්තේය. ඒ අතරින් ප‍්‍රංශයේ ඊසාන දිශාවේ ජර්මනියේ දකුනු දේශ සිමාවට මායිම්ව පිහිටි වෙසුල් නම් අනු නගරය කේන්ද්‍ර කොට 1994දී ආරම්භ කල ආසියාව දෙසට යන ඌධත පාඨය ඇතුලත් ආසියානු කළාපයේ සිනමා කෘති සදහා අන්තර් ජාතික සිනමා උළෙලක් පැවැත්වේ. ආසියාව හා මැද පෙර දිග රට වලට සිමා සහිත එම කළාපයේ රටවල් 45ක් අතරින් තෝරා ගත් සිනමා කෘති 70 කින් 25ක් අවසාන වටයට තෝරා එයින් විවිධ අංශ සදහා සම්මාන පිරිනමනු ලැබේ. 2013 වසරේ 19 වන වරටත් පැවැත්වූ ප‍්‍රංශයේ ඉහත සිනමා උළෙලට ප‍්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබත් එක්ක නම් වූ ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයකින් යුත් අගනා සිනමා කෘතිය තේරි පත් වුයේය.

           ප‍්‍රසන්නගේ නම වෙනි නිර්මානය වන මෙම සිනමා පටයට ඉහත සිනමා උළෙලේ හොදම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය සමග ඡුුරියේ නෙට් ෆැක් කුසලතා සම්මානයත් හිමිකර ගැනීමට සමත් වුයේය. ශ්‍රී ලාංකික අපට එය මහත්වූ ආඩම්බරයකි. හමුදාාවේ සේවය අවසන් කල සරත්සිරි නම් සිංහල තරුනයෙක් කන්ද උඩරට සුදුපාට මීදුමින් පිරි කදු වැටිය පාමුල හරිත වර්ණ  ලාකොල පාටින් දළු ලෑ රමණීය තේ වතු අතරේ ජීවිත සටන අරඹයි. අතීීතයේ අමිහිරිදේ අතීතයට නිදන් කරයි.යුධ කළාපයේ ජීවත්වී සහෝදරයන් සදාාහටම අහිමිවු මව් පියන් අස්ථාන ගතවී රැකවරනය ලබන සෙල්වි නම් සුරූපි දෙමල තරුනියක් ඔහුට නෙත ගැටේ. දවස් ගෙවෙන්නේ ආදරය, අසරණකම, තනිවීම එකතු වූ පරිසරයක දෙදෙනා විවාහා ගිවිස ගැනීමෙනි. එක වහල යට ජීවිතය අරඹන නව යුවල; ඔහු ගේ තුල ඇති බුදු මැදුරට උදේ සවස බුදුන්  වඳින්නේය. උකස් බඩු වෙළදාාම හොදින් කරන්නේය. අල්මාරියේ සඟවන ලද පිස්තෝලයකුත් ඇත්තේය. ඇය ඇට වලින් සැරසු කුරස මාල අතැතිව අසල පල්ලියේ යාඥා කරන්නේය. ගෙදර වැඩ කරන්නේය.පවුල් ජීවිතය ගත කරන්නේය. ගොළු කල අතීතයක් ඇති වර්තමානයේ ආදරය වැළඳ ගත් යුවලට අතීත අනන්‍යතාවය හෙලිවීම ආදරයෙන් ගලා ගිය ජීවිතය ආදරය, හා වෛරය සමග සිදුවෙන එදිනෙදාා සිදුවීම් සුමට නමුත් ප‍්‍රබල දෙබස් වලින් පණ පෙව් ආදර කතාව නොසිතන ලෙස සුරූපි දෙමල තරුනිය මෙලොවින් සමු ගන්නේය. තරුනයා තනි වන්නේය. එලෙසින් කථා පුවත අවසන්වේ. සම්පීඩනය වූ සාරාංශ කතාව එලෙසය. හමුදාාවේ සිටි සිංහල තරුනයෙක් වුවද දෙමල තරුනියකට ආදරය කිරීමට තරම් මානුෂික හදවත් ඇත්තෝ හමුදාාවේ සිටින බව මනාවට පෙන්නුම් කර ඇත. සුන්දර දසුන්, ප‍්‍රබල දෙබස්, නිහඩ හැගීම්, එකතු කල බෙළඳ නොවූ වර්නවත් කාලෝචිත නිර්මානයක් ලෙස හැදින්විම වරදක් නොවේ. 1881 දි මෙලොව හැර ගිය අපරාධය හා දඩුවම ලොවට හදුන්වා දුන්  ශ්‍රේෂ්ඨ රුසියානු නව කථා කරුවෙකු වූ දොස්තොවිස්කි සුප‍්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මානයක සිංහල කථා පුවතක් වූ කීකරු යුවතිය නම් නව කථාවේ නිදන් ගත කල බීජය තුලින් නිර්මානය වු මෙම කථා පුවත ; පුරුෂාධිපත්තිය තුල ස්ත‍්‍රියගේ ජීවන රටාව, ප‍්‍රබලයා විසින් දුබලයා අක‍්‍රිය කිරීම, හා තේරුම් නොගැනීම, හා සාමාන්‍ය ජීවිතයේ ප‍්‍රයෝගිකරනයට ලක්වී ඇති පරිභෝගික වටිනාකම අභියෝගයට ලක් කිරීම, ආදරය හා වෛරය අතර ගැටීම මෙම කෘතියෙන් මනාවට පෙන්නුම් කර ඇත්තේය. ජාතික සංහිදියාව ගැන කථා කරන අපි වගේ රටවල විශේෂයෙන් සිංහල දෙමල සහජීවනයේ අත්තිවාරම සවිමත් විය යුත්තේ කෙසේද? යන්න ප‍්‍රසන්නගේ  මෙම කථා පුවතින් ප්‍රෙක්ෂකයාට අවබෝධ කරදේ. එය අවබෝධ කරගත්තෝ අගයති ප‍්‍රසංශා කරති , සම්මාන දෙති. එය අවබෝධ කර නොගත්තෝ සම්ප‍්‍රලාප දොඩවති. එදින ශාලාවේදීම මෙම වෙනස සජීවි ලෙස දැක ගැනීමට ලැබුනේය. එබැවින් මෙම නිර්මාණය ශ්‍රී ලාංකික සිනමා කාන්තාරයේ මතුවු දිය උල්පතක් වැනිය. එයින් දිය දෝතක් දොවනය කර පිපාසය අඩු කළ හැක්කේ නම් කෙරතරම් වටින්නේද?    

            පසුගියදා පැරීසියේ වටිනා පෞරාණික හිමිකම් ඇති විශේෂ කළාපයක පිහිටි ආසියාතික සංස්කෘතිය හා කලාව සදහා වෙන්වු ඓතිහාසික ගිමේ කෞතුකාගාර ශාලාවේදි එම අවස්ථාව ලැබුනේය. එහිදි එම නිර්මාණය තිරගත වුයේය. එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වෙනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිත රඟපාන්නේය. මෙම නිර්මානය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.

              ප‍්‍රංශය යනු ආදරයේ සංකේතයකි. එයිනුත් පැරීසිය යනු එම සංකේතය එළිය කරන පහන් වැටකි. එබැවින් පැරීසිය යනු ආදරයෙන්ම පිරුනු නගරයකි. ප‍්‍රසන්නගේ ඔබ නැතුව ඔබත් එක්ක නිර්මානයේ න්‍යෂ්ඨීයේ හැදින්වීම ආදරය පමනක්ම නොසැහේ යන්නය. ඒ නිසාදෝ ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති පෙනෙන මානයේ පිහිටි ලෝක දැවැන්තයෙක්වු සුප‍්‍රසිද්ධ අයිෆල් කුලූන අසල , වේල්සයේ කුමරිය වු ඩයනා කුමරිය ආදරය විඳිමින් අවසන් ගමන් ගිය උමං පාරට අතේ දුරින් හා ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලැකෙන ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති ඇවනිව් ෂොම් සිලිසේ මාවතට හූවක දුරින් පිහිටි කෞතුකාගාරයකදි ප‍්‍රසන්නගේ ආදරයේ නිර්මාණය තිරගත වුයේය. එය නැරඹීමට ප‍්‍රංශ ජාතිකයෝ හා විවිධ ජාතින් සමග විශාල ශ්‍රී ලාංකික රසිකයෝ පිරිසක්ද පැමින සිටියෝය. නරඔන්නෝ අතර වැඩි ප‍්‍රතිශතය ප‍්‍රංශ ජාතිකයෝ වූයෝය. ආදරය හදුනන ඔවුන් බොහෝ දෙනා නිර්මාණය පැසසුමට ලක් කළේය.

 

 

             ඊට අමතරව පැරීසියේ වගකිවයුතු කොටස් එකතුවක සංවිධානත්වයෙන් මෙම සිනමා පටය  ශ්‍රී ලාංකිකයන් සදහා වෙනම දර්ශනයක් පෙන්වීමට පැරීසියේ සාකච්ඡාවක් පැවැත් වුවෝය. සුපුරුදු ලෙස තල් අත්තට බොරළුසේ උනුසුම් වාද විවාද, කෙස් පැලෙන නොව කෙස් හැලෙන විග‍්‍රහා වලින් පසු සිනමා පටය පෙන්වීමට සියල්ලෝ ඒකමතික වුවෝය. නමුත් ශ්‍රී ලාංකිකයෙක් නිපැයු විශිෂ්ඨ නිර්මාණයක් නොදැක සිටීමට තරම් පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ අවාසනාවන්තයෝ වුවෝය. විත‍්‍රපටියේ අන්තර්ගතය අන්තවාදි  විශ්ලේෂන මත සිදුවන උපකල්පන හා විග‍්‍රහායන් සමාජගත වීම අධ්‍යක්ෂකවරයා අධෛ ර්‍්‍යයට පත් කළේය. එහි ප‍්‍රථිපලය වුයේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දර්ශණයක් නොලැබීමය.    

                            ඕනෑම අන්තවාදයක අවසාන ප‍්‍රථිපලය නොලැබී යාමය. එය ජීවිතය විනාශ කිරීම හෝ විනාශ වීමද විය හැක. ලෝක ඉතිහාසයේ ඒ සදහා  ඕනෑ තරම් නිදර්ශන ඇත්තේය. එලෙසෙම පැරීසියේ ශ්‍රී ලාංකික රසිකයන්ටද එවැනි ස්වර්ණමය අවස්ථාවක් නොලැබී ගියෝය. එයට වගකිව යුත්තෝ අන්තවාදීන්ම වන්නෝය.

                ජපානය, ලන්ඩන්, මොන්ට්රියල්, කේරළය, ඩබ්ලින් යන රටවල අන්තර් ජාතික සිනමා සැනකෙළි නියෝජනය කල, ප‍්‍රංශයේ වෙසුල් සික්ලො ඩොර් සම්මානය දිනු ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණයට පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ කොස් ඇට සම්මානක් නොලැබුනාට කමක් නැතැයි අධ්‍යක්ෂක වරයාට සිතුනේ නම් ? එහිද දෝෂයක් නැත්තේය. එලෙස සිතීම වරදක් නොවන බව සිදුවීම් පෙල ගැසුනු ආකාරය සාක්ෂි දරනු ඇත. ඔබ නැතුව ඔබට ආදරය කල ඔබ නැතුව ඔබත් එක්්ක ආදරයෙන් පිරුණු පැරීසියේදි එලෙස නිමා විය.

ආදරයම පමනක් නොසැහේ  !

 

 



අදහස් (0)

ප්‍රසන්න විතානගේ සිනමා දැවැන්තයෙක්

සිරිල් Friday, 19 April 2013 03:22 PM

පැරිස්, ඉතලි වගේ රටවල් වල වැඩියෙන් ඉන්නෙ ලංකාවෙන් පැනල ආපු අය. ඊට පස්සෙ ලංකාවෙ ඉන්න බැහ කියල නොයෙකුත් බොරු කියල පුරවැසිබාවය ගත්ත අය. ඉතින් මේ අය කොහමද කියන්නේ රටට ජාතියට ආදරය කරන හොද රසිකයන් පිරිසක් කියල? මේ නිර්මාණයෙන් කියවෙනවා 3ක්. (1). අපේ හමුදාව නීතිය හරියට ක්‍රියාත්මක වීම. (2). හමුදා සාමාජිකයන්ට උනුවෙන හදවතත් ඇති බව (3). දෙමල මිනිසුන් තවමත් පරණ මිලේච්ඡ මතවල සිටීමත් සහ වෙනස් නොවෙන බවත්. මෙය තේරෙන්නෙ නැති ප්‍රංශ අට පාස් බොරු කියල රට පාවාදීපු අයට මොන කතාද?(නදී)

:       0       0

තරූ Monday, 15 June 2015 05:34 PM

ඔබ වගේ අය තවත් බිහිවුනොත් ඒක භාග්‍යක්. ඒත් මේ ලංකාව අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. (නදී)

:       0       0

නෙරා Wednesday, 15 May 2013 10:43 AM

ප්‍රසන්න අරාබියේ ඉපදුනානම් කෑලි කෑලි වලට කපලා ඔටුවන්ට දායි කන්න.(නදී)

:       0       0

නන්දන Friday, 26 April 2013 02:55 PM

සුභ පතනවා ම්ම් ඔබට (දී)

:       0       0

නාලක Thursday, 25 April 2013 06:11 PM

බැලින්නම් සිරිල් කියපුදේ හරි. අට පාස් අය තමයි එහෙ ඉන්නේ.(නදී)

:       0       0

ලකී පීරිස් Thursday, 25 April 2013 02:02 AM

පැරිසියේ කුමාර මහත්තයා කියලා තියෙන දේ පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ කැලැ පත්තර සංගමයේ සබාපති උන්නැහේත් කියලා තිබුණා.(නදී)

:       0       0

ජගත් වන්නිඅර්ච්චි පැරිසිය Monday, 22 April 2013 01:21 PM

අයියෝ ! ලකී ගණේවත්ත මහත්තයාද සිංහල බෞද්ද ප්‍රශ්ණ ඇසුවේ ? පැරිසියේ අපිට හිනා .(අ)

:       0       0

කුමාර Sunday, 21 April 2013 01:15 PM

එකපාරයි නේද තවම සිනමාපටය පෙන්නුවේ? (නි)

:       0       0

කුමාර-පැරිස් Saturday, 20 April 2013 02:51 AM

පසුගිය දිනක පැරීසියේ සිනමා ශාලාවක ප්‍රසන්න විතානගේ කලාකරුවාගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා පටය ප්‍රදර්ශනය කෙරිණ. ශ්‍රී ලාංකිකයින් සහ විදේශකයින් පිරිසක් මෙය නැරඹීමට පැමිණ තිබිණ.දර්ශණය අවසානයේ චිත්‍රපටය සම්බන්ධව ප්‍රශ්න ඇසීමේ කාලය උදාවිණි. නොයෙක් ඒකාකාරී ප්‍රශ්ණ වලින් පසුව ලකී ගනේවත්ත මහතා අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්ණ කර සිටියේ ඔබතුමා ඇයි අප රටට සහ රණවිරුවන්ට එරෙහිව සිනමාව හසුරුවන්නේ කියායි.එතුමා ඇසුවේ ඉතාම කාලෝචිත ප්‍රශ්ණයකි.නියම ලාංකික සිංහල බෞද්ධයකුගේ ප්‍රශ්ණයකි. තම රටට අවංකවම ආදරය කරන්නකුගේ ප්‍රශ්ණයකි. නමුත් තමන් තමන්ගේ රට වෙනුවෙන් කතාකිරීම අන්තවාදී ක්‍රියාවක් ලෙස දකින්නේ රට පාවාදෙන ද්‍රෝහීන් බව අමුතුවෙන් කීම අවැසි නැති බව ඔබ කවුරුත් පිලිගන්නවා ඇතැයි සිතමි. (නි)

:       0       0

රාජිත-දෝහා Thursday, 11 April 2013 12:55 PM

ඔබ රටට ආඩම්බරයකි,කොතරම් බාදක ආවත් ඒ සැම ජය ගෙන එදිරියටත් අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන්න ඔබ තුමන්ට හැකි වේවා..! (ස).

:       0       0

රංජිත් Friday, 19 April 2013 12:39 AM

පැරීසියේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ රටට ජාතියට ආදරය කරන හොද රසිකයන් පිරිසක්. නමුත් අන්තවාදී අදහස් ඉස්මතු කරමින් විදේශ රටවලින් ලැබෙන මිලමුදල් බලාගෙන නිශ්පාදනය කරන සිනමා නිර්මාණයට වලට කොස් ඇට සම්මානක්වත් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වන්න එපා. (නි)

:       0       0

කමල් Thursday, 18 April 2013 01:36 PM

මට මෙම නිර්මාණය බලන්නට ලැබීම ගැන සතුටකි. විශිෂ්ට නිර්මාණයක්. උගතුන්ට පමණක් තේරුම් ගත හැකි නිර්මාණයක්. (නි)

:       0       0

අරුණ Thursday, 18 April 2013 11:54 AM

පුර අවුරුදු 30 කින් ,බැට කෑ ජාතියක් නැවත සමයේ අරුණලු අතරෙයි හුස්ම පොදක් ගන්නාවිට , නැවත නැවත කුමන මාධ්‍යකින් හෝ පාරන එක හොඳ දෙයක් නොවයි. මීට වඩා ඉදිරි දැක්මක් ඇති , සුභවාදී, ආකල්ප ඇති නිර්මාණ සිදුවෙනවානම් වඩා හොඳයි. (ස)

:       0       0

නිමල් Wednesday, 17 April 2013 06:48 PM

මෙවන් කලාකරුවන් අපේ රටට සම්පතකි (නි)

:       0       0

නිමල් Wednesday, 17 April 2013 06:45 PM

ඇයි අපිට බැරි මෙවන් කලාකරුවන් තව තවත් දිරිමත් කරලා, ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා ඔවුන් හරහා අපේ නැතිවී ගිය සිනමාව නැවත ගොඩගන්න? (නි)

:       0       0

සුමුදු Wednesday, 17 April 2013 11:34 AM

ප්‍රසන්න සර් ඔබට සුබ පැතුම්. අපේ කට්ටිය දෙයක් බලන්නේ නැතුව විනිශ්චය කරන එක ප්‍රංශේ ගියත් වෙනස් වෙන්නේ නැති එකනේ පුදුමේ. (නදී)

:       0       0

ධම්මිකා Saturday, 13 April 2013 06:53 PM

ඔබ නියම කලාකාමියෙක්, බුද්ධිමත් පංචේන්ද්‍රියන් තියෙන ,විෂම ලෝකය සරලව,කලාත්මකව අනෙකාට වටහා දෙන එක්තරා ගුරුවරයෙක්.ඔබට සුබ පැතුම්! කලා ලොවේ ඉන්න දක්ෂයින්ව ලෝකය ජයගන්න ඔබේ නිර්මාණ වලට දායක කර ගන්නවා නම් ඔබ නියම,නිර්මල කලාකාමියෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site