X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන කුමටද?

දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට සේවකයන් 5200ක් සඳහා බෝනස් තුනක් ගෙවන බවද ඒ වෙනුවෙන් රුපියල් කෝටි 150ක් වැය කරන බවද පසුගියදා රජයේ  පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබිණි. ඊට අමතරව අතිකාල දීමනා සඳහා මාසයකට තෙල් සංස්ථාව වැය කරන මුදල කෝටි 25ත් 30ත් අතර වන බවද සඳහන් විය. මෙසේ බෝනස් සහ අතිකාල සඳහා කෝටි ගණනින් වැයකරන තෙල් සංස්ථාව රුපියල් බිලියන 750කට වඩා ණය බරකින් පෙළෙන විශාලම ණයගැති රාජ්‍ය ආයතනය යැයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන බවද එම මාධ්‍ය වාර්තාවේම සඳහන් විය.

මේ කතාව බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි, වෙන්න බැරි කතාවකි. අප දන්නා තරමින් බෝනස් යනු කිසියම් ආයතනයක් හෝ සමාගමක් හෝ ලබන ලාබයෙන් කොටසක් සේවකයන් දිරිගැන්වීම සඳහා ලබාදෙන දීමනාවකි. පාඩු ලබන ආයතනවලට ඒ අර්ථයෙන් ගත් කල බෝනස් ලබාදීමක් කළ නොහැකිය. බෝනස් ලබාදීමේ මූලිකම කොන්දේසිය ආයතනය ලාබ ලැබිය යුතු වීමය. තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා වුවද වසරකට රුපියල් කෝටි 150ක් බෝනස් ලබාදීම වෙනුවෙන් වැය කිරීම වෙන්න බැරි කතාවක් යැයි අප මුලින්ම පැවසුවේ එබැවිනි. එයින් සිදුවන්නේ ආයතනයේ ණයගැති භාවය තවත් වැඩි වීමය.

තෙල් සංස්ථාව මේ වනවිට රටේ ප්‍රධානම මාතෘකා අතරින් එකක් බවට පත් වී සිටී. ඒ හොඳ වාර්තා නිසා නොව නරක වාර්තා හේතුවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම රටක තෙල් වෙළෙඳාම හොඳින්ම ලාබ ලබන ව්‍යාපාරයකි. බොහොමයක් රටවල් තෙල් වෙළෙඳාමේදී එය සම්පූර්ණයෙන් රජයටම පාලනය බාර කිරීමෙන් වළකියි. එය ජාතික ආදායමේ කොටසක් මෙන්ම ජාතික ආරක්ෂාවේද කොටසක් බව සැබෑය. එහෙත් පෞද්ගලික අංශය මගින් තෙල් ව්‍යාපාරය පාලනය කරන විට එය රටට බරක් වීමට ඉඩක් නැත. රජයේ නාස්තිකාර වැඩට තෙල් ආයතන මගින් නොමිලේ කිසිවක් ලබාදීමක් නොකෙරෙන අතර රැකියා ලබාදීමක්, රජයේ ගජ මිතු්රන්ට සියලු‍ සැප සම්පත් සහ වරදාන සහිත තනතුරු ලබාදීමක්ද සිදුවෙන්නේත් නැත. බෝනස් ඇතුළු වෙනත් වරප්‍රසාද සේවකයන්ට ලැබෙන්නේත් ලැබෙන ලාබයේ තරමටය. මේ නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉහළය. එසේම වෙනත් ආයතනවලට ණයට තෙල්දීමක් සිදුවන්නේද නැත.

වෙන රටවල් එහෙම වුණත් ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැත. මේ රටේ පෞද්ගලික අංශය මගින් තෙල් වෙළෙඳාම පාලනය කෙරුණු පනහේ දශකයේදී එම සමාගම් කිහිපය හොඳින් ලාබ ලැබූ බවද සේවකයන්ට විවිධ වරප්‍රසාද ලබාදුන් ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන ගිය බවද සඳහන්ය. එහෙත් එවකට තිබූ රජය මගින් ලබාදුන් ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙන් එම තෙල් සමාගම් ජනසතු කරනු ලැබීය. එය එදා හොඳ ජනතාවාදී තීන්දුවක් වශයෙන් සැලකුණත් අද රටේ ආර්ථිකයේ මකර කටක් බවට තෙල් සංස්ථාව පත්ව තිබේ. අද තෙල් සංස්ථාව රටට ආඩම්බරයක් නොව රටේ ආර්ථිකයේ කඳ පණුවෙක් බවට පත්ව සිටී. එසේ සිටිමින් රටේ ජනතාවගේ බදු මුදලින් බෝනස් ගෙවයි. අතිකාල දීමනාද ගෙවයි.

තෙල් සංස්ථාව රජයේ විශාලම සේවා සපයන ස්ථානයක් වුවද එය මෙවැනි කරුමක්කාර ණයකරුවකු බවට පත් කිරීමේ පාපකර්මයට ඒවා ජනසතු කළ කාලයේ පටන් මේ දක්වා බලයට පත් සියලු‍ ආණ්ඩු වගකිවයුතුය. තෙල් වෙළෙඳාම රාජ්‍ය ආයතනයක් යටතට පත්වූ පසුව එය තම හෙංචයියන්ට රැකියා ලබාදෙන මධ්‍යස්ථානයක් බවටත් හිතමිතුරන්ගේ මනදොළ සපුරන කප්රුකක් බවටත් පත් කිරීම එහි විනාශයට මුල විය. ඒ සමඟම සෙසු රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණයට තෙල් සැපයීමද ඒවා යළි ආපසු අය කර ගැනීමට සැලසුම්ගත නිසි ක්‍රියාමාර්ගයක් නොතිබීමද තෙල් සංස්ථාව තවදුරටත් දරාගත නොහැකි ණය බරකට ඇද දමා තිබේ. අද පැය ගණන් අඳුරේ සිටීමට සිදුව ඇත්තේද එහි එක් ප්‍රතිඵලයක් වශයෙනි.

විදුලි බල මණ්ඩලය අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයක් බැවින් එයට ණයට තෙල් ලබාදීම් යම්තාක් දුරකට යුක්තිසහගත විය හැකිය. එහෙත් රටේ ඇතැම් බලවතුන්ගේ බොරු සෝබන අවශ්‍යතා හේතුවෙන් පවත්වාගෙන යන රාජ්‍ය සමාගමක තත්ත්වයට ඇදවැටුණු ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ආයතනයට ණයට තෙල් ලබාදුන්නේ කුමන හේතුවකටදැයි වටහා ගැනීම අසීරුය. ශ්‍රී ලංකන් ආයතනය ලාබ ලබන හෝ අඩුම තරමින් පාඩු නොවන ආකාරයට කළමනාකරණය කළ හැකි පාලනාධිකාරියක් පත් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. මේ සියලු‍ වැරදි තීන්දු හේතුවෙන් තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා බවට පත්ව සිටී.

මේ කුමන හේතුවක් තිබුණත් සංස්ථාව බිලියන සිය ගණනින් පාඩු ලබද්දී බෝනස් සහ අතිකාල වෙනුවෙන් මේ තරම් මුදලක් වැය කිරීම අසාධාරණයකි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධරයන් අඳුරේ තැබීමට තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය කටයුතු නොකළ යුතු බවද කිවයුතුය.

(***)



අදහස් (3)

පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන කුමටද?

nimal Saturday, 26 February 2022 07:16 AM

පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලිකරණය විය යුතුවේ. පුද්ගලික කරණය කිරීමට පෙර එම ආයතන තුළ පසුගිය වසර පහ තුළ සිදුවූ අලාබය එම ආයතන සේවකයන් සහ unions හට ලිඛිතව ලබාදී කළයුතු වන්නේ කුමක්ද කියා ඔවුන්ගෙන් පළමුව විමසා සිටිය යුතුවේ. පවතින ආර්ථික අර්බුදයට විසදුමක් වසයෙන් ආයතනය පුද්ගලික කරණය හෝ ලබා දෙන්නාවූ සියලු බෝනස් නවතා සහ වැටුප් 25% අඩුකිරීම කළහොත් ආයතනයෙන් පාඩුව අවම කරගැනීමට හැකියාවක් තිබෙන බවත් එසේ නොවන්නට ආයතනය වසාදැමීමට සිදුවන බවත් දන්වා සේවකයින් හට ඔවුන්ගේ අනාගතය තීන්දු කිරීමට ඔවුන්ට බැරකළ යුතුවේ...

:       0       3

ජුණ්ඩප්පුවාWednesday, 02 March 2022 08:41 AM

ආනන්ද පාලිත ගෙන් අහමු. තෙල් සංස්ථාව දියුණු කරලා, ණය බරින් නිදහස් කර ගන්න විදිය ගැන නියම උපදෙස් ටිකක් දෙයි.

:       0       0

Mahesh Sunday, 27 February 2022 03:13 PM

රටේ සියලු රජයේ සංස්ථා පුද්ගලීකරණය කළ යුතුයි. නැත්නම් එම ආයතනවල සිටින බොරුකාරයින්ගෙන් හා දේශපාලුවන්ගෙන් එම ආයතන බේරාගත නොහැක. එම සියලු ආයතන සේවක අතිරික්තයක් ඇති අතර 75%ක් සේවකයින් ඒ ආර්ථිකයට බරකි. තවද සියලු රජයේ මාධ්‍ය ආයතන 45%ක කොටස් පුද්ගලීකරණය කළයුතු අතර දේශපාලන අධිකාරියේ පාලනයෙන් මිදිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site