X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පානදුර,දියබැද්ද ගමට ගල් ගහන භූතයන්ට බයේ පොලිසියත් දුවයි

 

  • එන්නේ සොහොන පැත්තෙන්
  • මේක කකුල් දෙකේ භූතයෙක්ගෙ වැඩක්
  • සොහොනේ කවුරුවත් නෑ

 

 

නදීශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර  

 

හොල්මන් අවතාර මිනිසුන්ගේ ඔළුවලට ඇතුළුවන්නේ කුඩා කාලයේදීමය. ඒ බොහෝ විට චිත්‍රපටි මගින්, කටකතා මගින්, නිවැසියන්ගෙන් හෝ යහළු හිතමිතුරන්ගෙනි. සිතේ තදින්ම තැන්පත් වී තිබෙන සිදුවීම් ආශ්‍රිතව හොල්මන් අවතාර දැක තිබෙනවා යැයි බොහෝ දෙනා පැවසුවත් ඒ පිළිබඳ විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොමැත.

බොහෝ විට ඔබත් හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස කරනවා වන්නට පුළුවන. පාළු නිවෙස්, පාළු මංමාවත්, තුන්මන්හන්දි, සොහොන් පිට්ටනි, රාත්‍රියට ඝන අඳුරු ස්ථාන වැනි පරිසර තුළ හොල්මන් හෝ අවතාර ගැවසෙන බවට බොහෝ දෙනා විශ්වාස කරති. මේ විශ්වයේ අපට නොපෙනෙන දේවල් කොතෙකුත් ඇත. හොල්මන්, අවතාර මනඃකල්පිත දේවල් ලෙස ඒබ්‍රහම් ටී කොවුර්ගේ මතයට ඒවා මනෝභ්‍රාන්ති තත්ත්වයක් වුවත් භූත, දෝෂ අවතාරවලට බිය වූ පිරිස් අප කොතෙකුත් අසා ඇත්තෙමු.   


එසේම වහලයට ගල්වැටෙන නිසා මිනිසුන් බියපත්ව සිටින ගමක් ගැන වාර්තා වූයේ පානදුර නල්ලූරුව, දිබ්බැද්ද ‘වෙන්දේසිවත්ත’ ප්‍රදේශයෙනි.   


 වෙන්දේසිවත්ත මුළු ගමම සිටින්නේ මහා බියකිනි. ඒ මිනිසුන්ට උයාගන්නා බත නිදහසේ කන්නටවත් ඉඩක් නැත. ඒ පරිසරය පුරාවටම ඇත්තේ මහා භයංකාර පාළුවකි. තනිකමකි. වෙන්දේසිවත්ත සොහොනේ සිට ඔවුන්ගේ නිවෙස්වලට ගල් වැටීම එයට හේතුවය.   


පානදුර, දිබ්බැද්ද ගම්මානය පිහිටා තිබෙන්නේ වෙන්දේසිවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේය. මාස එකහමාරක පමණ කාලයක සිට වෙන්දේසිවත්ත පොදු සුසාන භූමිය දෙස සිට අද්භූත අයුරින් දිබ්බැද්ද ගම්මානයේ නිවෙස්වලට එල්ලවන ගල් ප්‍රහාර නිසා දිබ්බැද්ද ගම්මානයේ ජනතාව විශේෂයෙන් කුඩා දරුවෝ හා කාන්තාවෝ මහත් බියට පත්ව සිටිති.   


මේ පිළිබඳ ලද තොරතුරු මත ඉකුත් ද‌ා උදෑසනක අප එහි යනවිටත් ගම්වාසීන් නිවෙස්වලින් බැහැරව ගම්මානයට පිවිසෙන මාර්ගයට විත් නොසන්සුන් අයුරින් හැසිරෙන අයුරු අපට දැකගන්නට ලැබුණි. සිදුවීම් වලට මුහුණ දුන් ජනතාව සමඟ ඒ පිළිබඳව විමසමින් සිටින අතරතුර නිවෙස්වල වහල මතට විශාල කබොග් ගල් වැටෙන අයුරු අපට ද දක්නට ලැබුණු අතර නිවෙස්වල සිටි කාන්තාවන් කුඩා දරුවන් ද රැගෙන නිවසින් පිටතට දිව යන ආකාරය ද දැකගත හැකි විය. සිදුවීමට මුහුණ දුන් ජනතාවගෙන් තොරතුරු විමසන අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගම්වැසියන් කළ පැමිණිල්ලකට නිරීක්ෂණය සඳහා පැමිණ සිටියහ.   


ඒ අවස්ථාවේ දී නොසිතූ ලෙස අප සිටි ස්ථානයට ද ගල් ප්‍රහාරයන් කිහිපයක් එල්ල වූ අතර ගල් ප්‍රහාරයෙන් පැමිණිල්ල විමසීමට ආ පිංවත්ත පොලිස් නිලධාරීන් දෙදෙනා ද එහි නොසිටම දිව ගියේ ‘ඔයාලට සැක කෙනෙක් ඉන්නව නම් පොලිසියට ඇවිල්ලා කියන්න, යැයි මහ හඬින් කියාගෙනය. නීතිය ක්‍රියාත්මක කළ යුතු පාර්ශව ද බයේ දිව යද්දී පීඩාවට පත් මේ අසරණ මිනිසුන්ට කාගේ සරණක්දැයි අපට සිතුණි.   


පවුල් 26 කින් සමන්විත මෙම වෙන්දේසිවත්තේ බොහෝ පිරිමි පාර්ශ්ව රැකියාව සඳහා පිටත්ව යන අතර උදෑසන සිට සවස් වනතුරුම වැඩි වශයෙන් නිවෙස්වල සිටින්නේ කාන්තාවන් සහ කුඩා දරුවන්ය. මෙම අද්භූත ගල් ගැසීම නිසා තම නිවෙස්වල වැඩකටයුතු අඩපණ වීම පමණක් නොව කුඩා දරුවන්ගේ මනසට ද දැඩි බලපෑමක් සිදු වී ඇතැයි ගම්වාසීහු පැවසූහ.   


උදෑසන 5.30 ට පමණ ආරම්භ වන ගල් ගැසීම සවස 2.20 හා රාත්‍රී 7.00 යන වෙලාවල් වල දී එක දිගට එල්ල වන බවත් ඒ අතර මධ්‍යම රාත්‍රියට ගල් ගැසීම අඩුවන බවත් ගම්වාසීහු පවසති.   


ඔවුන් මුහුණ දී සිටින මෙම පීඩාකාරී තත්ත්වය පිළිබඳව ගම්වාසි කිහිප දෙනෙකුගෙන්ම අප තොරතුරු විමසූ අතර වෙන්දේසිවත්ත ගමේ පදිංචිකරුවකු වන ධම්මික ජයසිංහ මහතා මෙසේ පැවැසීය.   


‘මාසයක් තිස්සේ ඉඳලා මේ ගල් සෙල්ලම වෙනවා. මුලින්ම ගල් වැදුණේ ගෙවල් තුනකට විතරයි. ඒ නොවැම්බර් 29 වෙනිද‌ා. එද‌ා හවස 5.30 වෙනකොට ලොකු කබොක් ගලක් වැදුණා. වහලේ සීට් එක කඩාගෙන වැටුණා. ඊට පස්සේ පහුවෙනිද‌ා උදේ 5.30 ඉඳලා 9 විතර වෙනකම් නොනවත්වාම ගල්ප්‍රහාර එල්ල වුණා. මම වහලට නැගල බලාගෙන හිටියා. ඒ ගල් ඔක්කොම ආවේ සොහොන පැත්තෙන්. නමුත් සොහොනට ගිහින් බැලුවම කවුරුත් මනුස්සයෙක් පේන්න හිටියේ නැහැ. මම හිතන්නේ මේක අමුනුෂ්‍ය බලවේගයකින් කරන වැඩක් කියලා. අපි මෙතන පදිංචියට ඇවිල්ලා අවුරුදු තුනක් වගේ. මේක අපිට විශාල මානසික පීඩනයක්. දරුවෝ බයවෙලා රෑට නිදාගන්නේ නෑ අඬනවා. ගහක කොළයක් වැටුණත් අපේ හිත ගැස්සෙනවා. දරුවෝ දෙන්නෙක්ම බයවෙලා උණ අරගෙන තෙල් මතුරලා නූල් ද‌ාන්න වුණා.   


මෙම සිදුවීමට මුහුණ දුන් බී.වී. නන්ද‌ාවතී මහත්මිය ද ඔවුන් පත්ව ඇති අසරණ භාවය පිළිබඳව මෙසේ පැවසුවාය.   


‘අපේ ගෙදරට මුලින්ම ගල් ආවේ නොවැම්බර් 29 වැනිද‌ා. ඊට පහුවෙනිද‌ාම දුවයි, බෑනයි පොලිසියට ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. මාස දෙකකට කිට්ටුවෙන්න මේ දුක විඳිනවා අපි. රෑ එළිවෙනකම් අපිට නින්දක් නෑ. අපේ ගෙවල්වලට සිවිලිම් ගහලා නැහැ. ලොකු ගල් එනකොට සීට් එක කඩාගෙන ගේ ඇතුළටම ගල් වැටෙනවා. චූටි දරුවන්ව තියාගෙන ගේ ඇතුළේ ඉන්න බය නිසා රෑටත් අපි ඉන්නේ පාරට වෙලා. දුවයි, බෑනයි වැඩට ගිහින් එනකම් දරුවෝ දෙන්නා බලාගන්නෙ මම. ගේ ඇතුළේ ඉන්න බෑ සීට් හිල් වෙලා. මගේ ඔළුවට ගල් තුනක් වැදුණා. තාමත් ඔළුව ගෙඩි ගැහිලා තියෙන්නේ. උදේ 5.30 ගල් ගහන්න පටන් ගන්නවා. ආයේ දවල් 2.20 වෙනකොට පටන් ගන්නවා. ආයේ දුවලා ගෙදරට ගොඩ වෙනකොටම ගල් ගහන්න පටන් ගන්නවා. මේක කරන්නේ කකුල් දෙකේ භූතයෙක්.   


ගල් ගහන එකට බයවෙලා ලොකු දුවට දින ගණනාවක් උණ ගත්තා. තාමත් දරුවෝ ඉන්නේ අපේ ඇගේ එල්ලිච්ච ගමන්. අන්තිමට මේ කරදරේ ඉවරයක් නැති නිසා අපි මේ ගෙදර ද‌ාලා ගමෙන් ටික දවසකට ගියා ඥ‌ාති ගෙදරකට. නැවත ආවේ දරුවන්ගේ පාසල් පාඩු වෙන නිසා. අපි ඉල්ලන්නේ මොන විදිහකින් හරි අපිට මේකට විසඳුමක් හොයලා දෙන්න කියලා. මේක කරන්නේ මනුස්සයෝ කීප දෙනෙක්. මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න මහත්තුරු ඉදිරිපත් වෙලා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා. මොකද මේක කරන්නේ මානසික අසහනකාරී මේ ගමේම කීප දෙනෙක්.   


දින කිහිපයක සිට ගල් ප්‍රහාරවලට අමතරව හිස්මත්පැන් බෝතල් පවා තම නිවාසවලට වැටෙන බවට ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර නිවාසවල වහල සෙවිලි කර ඇති සීට් සහ උළු බිඳී යාම නිසා වර්ෂා අවස්ථාවන්හි නිවෙස් ඇතුළත වර්ෂා ජලයෙන් පිරී යාමත් සමඟ ගම්වාසීන් දැඩි අසරණභාවයට පත්ව ඇත.   


සිද්ධීන්ට මුහුණ දුන් දුෂ්මන්ත මහතා ද අප සමඟ පැවසුයේ මෙවන් අදහසකි.


‘මුලින්ම නොවැම්බර් 29 වැනිද‌ා සවස 6.30 විතර තමයි අපේ ගෙදරට ගල් ආවේ. රෑ දහයෙන් පස්සේ ලොකු කබොක් ගල් ආවා. මම එළියට බැහැල කෑ ගැව්වා. එන එකෙක් ගල් ගහන් නැතුව පේන්න වරෙන් කියලා. බණින කොට ගල් ගහනවා වැඩි වුණා. එද‌ා සවස 6.30 විතර පටන් ගත්ත එක දවස් 2ක් එක දිගට නොනවත්වාම මගේ ගෙදරට ගල් ගැහුව්වා. වහලේ සීට්වල තැනින් තැන හිල් වෙලා ගල් වැදිලා. ගමේ මිනිස්සු එලෝ මෙලෝ නැතුව දුවන්න ගත්තා. එක දිගට ගල් ගහපු දවසේ පාන්දර 2.30 ට මහ කළු ගලක් සීට් එක කඩාගෙන කාමරේට වැටුණා.   


 ගල් ගහලා ගහලා ඊට පස්සේ අරක්කු කාලේ බෝතල් එවන්න ගත්තා. මේ කරදරේ තියෙන්නේ මේ වෙන්දේසි වත්තේ ගෙවල් 12කට විතරයි. මේ ගෙවල් දොළහේ සීට් 15 කට වඩා දැන් ගල් ප්‍රහාරවලින් කැඩිලා ගිහිල්ලා.   
මෙම ගල් ප්‍රහාරවල දී සමහර නිවැසියන්ගේ නම් ද ගල්වල සටහන් වී තිබීම විමතියට කරුණකි.   


‘මගේ නම දුෂ්මන්ත කියලා පැස්ටල් වලින් නම ලියලා ගෙදරට ගල් ගැහුව්වා. මම ඒක පහුවෙනිදම ඒ ගල් දේවාලෙට අරන් ගිහින් සූනියම් දෙවියන්ට පූජා කළා ගල්ගහන එකාගේ අතපය කැඩෙන්න ඕනෑ කියලා. අපිට නීතියෙන් පිහිටකුත් නෑ. සති 2 ක් රෑ එළිවෙනකම් නිදි නැතුව ගල් ගහන අය අල්ලන්න අපි රැක්කා. ඒ අල්ලගන්නත් බැරි වුණා. අන්තිම අපිට දේවාලවල පිහිටක් පතන්න සිදුවුණා.  

 

 දිබ්බැද්ද වෙන්දේසිවත්ත ප්‍රදේශයේ ජනතාව ද කිසිදු සරණක් නොමැති නිසා සරණක් සොයා යක් ඇඳුරන් සොයා ගියෝය. සමහරු දේවාල ගානේ ගියහ. සමහරු යන්ත්‍රමන්ත්‍ර හදිහූනියම් හා ආරක්ෂක රැකවල් දමා ගත්හ. ආරක්ෂාවත්, යන්ත්‍ර මන්ත්‍ර කහ නූල් මේ ගමේ දැන් අඩුවක් නැත.   

 
දේවාල වලින් කීවේ කකුල් දෙකේ භූතයෙක් ගැන. අපි ගමේ අය දේවාල 5 කට ගියා. තැන් තුනකින් හරියට එකම නම් ටික කිය වුණා. කටකාර ගෑනු කෙනෙක් සම්බන්ධයි කිව්වා. ඒ තැන්වලින් කියපු රූපලක්ෂණ, චරිත ලක්ෂණ, කියන තුන්දෙනාම අපි එක්ක එකටම කන බොන මේ ගමේම ජීවත් වෙන මිනිස්සු. නම් වලින් පවා කිව්වා. ඒත් ඒ අය ගල් ගහනවා ඇස්වලින් දැක්කේ නැති නිසා අපිට ඒක සත්‍යයක් කියලා පිළිගන්න බෑ. මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා අපිට හොයන්න බැරි නිසා තමයි අපි පොලිසියේ සහාය පැතුවේ. එයාල කියනවා අපිට හොයලා එයාලට භාර දෙන්නලු. දැන් දැක්කනේ ගල් වැටෙනකොට පොලිසියේ දෙන්නා දුවපු හැටි. රේණුකා මහත්මිය ද ප්‍රකාශ කර සිටියේ මේ අද්භූත සිදුවීම නිසා ගමේ මිනිසුන් එකිනෙකා අතර ද හිත් අමනාපකම් ඇතිවී ඇති බවයි.   


‘ඊයේ බෝතලයක් ආවා අරක්කුත් එක්කම. මේ සිද්ධිය කියන්න පානදුර පිංවත්ත පොලිසියට තුන්වතාවක් ගියා. අපිට මීඩියාවලට දෙන්න එපා කිව්වා. පිංවත්තෙන් සහනයක් වුණේ නැති නිසා පානදුර පොලිසියට ගියා. අපිව බල්ලෝ ගානට ද‌ාලා එළවගත්තා. ගල්ගහන මනුස්සයාව සොයන්න අපි සතියක් එකදිගට නිදිවැරුවා. අපිට තරහකාරයෝ නෑ. ඉන්න බැරිතැන ගෙවල් කීපයකම අය ගම ද‌ාලා ගියා. අපිත් මේ ගමෙන් යන්න කැමැතියි. ඒත් මේ ඉඩම් ගන්න මිනිස්සු එන්නේ නැහැ. අපි හැමෝගෙන්ම ඉල්ලනවා මොන ක්‍රමයකින් හරි අපිට මේකට විසඳුමක් දෙන්න කියලා.   

 


එම්. කමලාවතී මහත්මිය මෙම ග්‍රාමයේ වසර 70 ක සිට ජීවත්වන වයෝවෘද්ධ මවකි. ඇය පැවසුයේ ද මෙවන් අදහසකි.   


 ‘මේ ගමේ කවද‌ාවත් අද්භූත දේවල් මීට කලින් කවද‌ාවත් වෙලා නැහැ. මම මුලින්ම ජීවත් වුණේ මේ වෙන්දේසිවත්ත සුසාන භූමිය අයිනේ. එතකොට ඔය තාප්ප බැඳලා නැහැ. මහ වනාන්තරේ. සොහොන තමයි අපේ මිදුල වගේ තිබුණේ. මිනී හතර පහ පුච්චනවා දවසට කිසිම දවසක ඔය අද්භූත දේවල් වෙලා නෑ. මේක කරන්නේ මනුස්සයෙක්. භූතයන්ට ඔහොම දේවල් කරන්න බෑ. ඇය කීවාය.   


 මෙම ගල් ගහන ශබ්දය මෙන්ම සමහර ගල් පියවි ඇසට නොපෙනීම හා හිටිහැටියේම දර්ශනය වීම කඩහඬ ඇසෙන දිසාවන්ට ගල්ප්‍රහාර එල්ලවීම යමෙකු හෝ පිරිසක් එක්ක මෙම ගම්වැසියන් බිය ගැන්වීමට සිදුකරන බවට එහි පැය ගණනාවක්ම රැඳුණු අපට සිතාගත හැකි විය. එහෙත් මෙම අද්භූත ගල් සහ බෝතල් ප්‍රහාර සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව දිබ්බැද්ද වෙන්දේසිවත්ත ගමේ ජනතාව කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා දැඩි මානසික පීඩනයට ලක්ව ඇත.   


 අමු සොහොනේ සිට මෙම ජනතාවට ගල්, බෝතල් වලින් ප්‍රහාර එල්ල කරන පිරිස ගමේ පිරිසක් ද, පිටස්තර පිරිසක් ද යන්න තහවුරු කරගැනීමට සුසාන භූමිය සහ අවට ස්ථාන කිහිපයක සීසීටීවී කැමරා සවි කිරීමට ගම්වැසියන් කටයුතු කොට ඇති අතර මෙම ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මනෝවිද්‍යා සංගමයකින් හෝ ඉදිරිපත්ව විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා ගල්ගසන කකුල් දෙකේ භූතයන් රටට හෙළිකරන්නට සහාය වන ලෙසය.

 

 

 

 

 

 

 



අදහස් (9)

පානදුර,දියබැද්ද ගමට ගල් ගහන භූතයන්ට බයේ පොලිසියත් දුවයි

මෝ Saturday, 22 January 2022 03:52 PM

හමුදා කණ්ඩායමක් යවන්න දුටුතැන වෙඩිතියන්න කියලා. කසිප්පු හෝ කුඩු කාරයින්ගේ වැඩක් වගෙයි...

:       1       36

kapila Saturday, 22 January 2022 04:47 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු...

:       10       9

ගල් බූතයා Saturday, 22 January 2022 05:49 PM

මේ සඳහා කිසියම් යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇති බව පෙනෙනවා (උදා: ටෙනිස් බෝල විදිනයක් වැනි දෙයක් හෝ ඔවුන් විසින්ම නිපදවාගත් ගල් විදිනයක්)... බොහෝවිට පාසල් වයසේ ළමයෙක් සම්බන්ධ ඇති. හිංසාකරු සොයනවිට මතක ඇතිව යතුරුපැදි හිස්වැස්මක් වැනි දෙයක් පැළඳ සිටීම වඩාත් ආරක්‍ෂාකාරී පියවරකි. දැනට පොල් අතු, කාඩ්බෝඩ් වැනි දේ වහලය මතට දමා හානිය අවම කරගන්න​.

:       0       31

Pathum Saturday, 22 January 2022 07:42 PM

රහසිගතව ආරක්ෂක කැමරා සවිකරන්න පොලීසියට කියන්න..

:       0       14

චන්දිම Sunday, 23 January 2022 07:45 AM

ඔය දිබ්බැද්ද ගමේ මගේ සහෝදරයෙක් හිටියා. ඔහු කලකට ඉහතදී මියගියා. ඔහුගේ රූමත් බිරිඳට ඒ ගෙද‍ර ඉන්න ලැබුනෙම නැහැ. ඔය පැත්තේ ඉන්න මදාවි ටිකක් නිතරම ඔය වගේ පිස්සු විකාර කරන්න ගත්තා. නාන කාමරේ ඉහල කවුළුවෙන් එබෙන්න ගත්තා. අන්තිමේදී කුනුකොල්ලෙට ගේ දොර ඉඩම් විකුනාල යන්න උනා. ඒ නිසා ඔය වෙන්නෙත් ඔය වගේ කුමන්ත්‍රණයකින් මිනිස්සු බය කරාල එළවලා දේපොළ කුණු කොල්ලෙට අල්ලගන්න හදන වැඩක්.

:       0       29

sugathSunday, 23 January 2022 04:55 PM

ඉඩම් මංකොල්ලයක් නම් දේශපාලුවෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඕක පිටිපස්සේ ඇති...

:       1       23

Priyanka ranjana kuruneru Sunday, 23 January 2022 08:31 AM

එස් ටි එෆ් එකට බාර දෙන්න බුතයා මට්ටු කරයි

:       0       22

anura Sunday, 23 January 2022 02:56 PM

මම හිතන්නේ පසුගිය කාලයේ ලිප් පුපුරවාපු භූතයින්ගේ අළුත් වැඩක් මේක...!!!

:       2       15

thilak Monday, 24 January 2022 05:01 AM

ඔය පළාතේ ඩ්‍රෝන් එකක් යැව්වා නම් ඔය "හොල්මන්" ටික ඔක්කොම අල්ලා ගන්ට පුළුවන්.

:       0       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site