වසර හතරකට වැඩි කාලයක සිට පානදුර ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන ටොමොප්ලෝ සියේරා නෞකාවට දැනටමත් ජලය පිරී ඇති බැවින් ඉන්ධන ටොන් 400 සමග එය මුහුදුබත් වීමේ අවදානමක් හටගෙන තිබේ. දැවිතෙල් ටොන් 400 ක් සහ යකඩ පයිප්ප ඇතුඑ ටොන් 20,000 ට ආසන්න භාණ්ඩ සහිත මෙම නෞකාව මේ වනවිට දැඩි සේ දිරාපත්ව ඇත. වම් පසට ඇලවී ඇති නෞකාවේ එන්ජින් කාමරයට සති දෙකක පමණ සිට ජලය ගලා එමින් තිබේ. එමෙන්ම එහි අංක තුන භාණ්ඩ ශාලාවේ ජලය ටොන් 1000 ට වඩා පිරී ඇති අතර තවත් ටොන් 3000 ක් පමණ පිරී ගියහොත් නැව මුහුදේ ගිලී යනු ඇත. නැව ගිලී යාමේදී නැවේ ඇති බොර තෙල් මුහුදුට නිදහස් වුවහොත් සිදුවන්නේ මහත් විනාශයකි. බස්නාහිර හා දකුණු දිග වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශවී යාමට එය හේතුවනු ඇත. ටොමොප්ලෝ සියේරා නමැති මෙම නෞකාව සයිප්‍රසයට අයත්වූවකි. 2007 වසරේ ජූලි මාසයේදී අලූත්වැඩියා කටයුතු සඳහා මෙරටට පැමිණි අවස්ථාවක එහි කාර්ය මණ්ඩලය නැවේ කපිතාන් වරයාට එරෙහිව මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් ශී‍්‍ර ලංකාව ආසන්න මුහුදේ නැව මෙලෙස නැංගුරම්ලන ලදී. ඉන් පසු නැව අයත් සමාගම මෙරට නාවික කටයුතු ආයතන කීපයකට එරෙහිව වන්දි ඉල්ලා සිටීම හේතුවෙන් නැව තවදුරටත් මෙරට මුහුදු සීමාවේ ම තබා ගැනීමට සිදුවිය. 1985 නිෂ්පාදිත මෙම නෞකාව පුරා වසර පහක කාලයක් මහ මුහුදේ එකම තැන තිබීම හේතුවෙන් දිරාපත්ව තිබේ. එහි යන්ත්‍ර, බඳ මෙන්ම නැංගුරම් ආදිය පවා දිරාපත්ව ඇති අතර එය කිසිසේත්ම සේන්දු කළ හැකි තත්ත්වයේ නැත. මෙම නෞකාවේ සේවකයන් මේ නැවෙන් ඉවත්ව ගිය අතර නැව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වෙළෙඳ නෞකා අංශයේ අධ්යක්ෂ ජනරාල් වෙත පැවරිණි. ඒ අනුව රජය විසින් නැවට සේවකයන් යොදවන ලද අතර ඔවුන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් කණ්ඩායම් කිහිපයක් විවිධ අවස්ථාවලදී නැව හැරගොස් තිබේ. නැව වෙන්දේසි කිරීම සඳහා වාණිජ මහාධිකරණයෙන් අවසර ලැබී ඇත. එහෙත් මේ සඳහා ගැනුම්කරුවකු ඉදිරිපත් වේද යන්න ගැටලූවකි. පසුගිය නොවැම්බර් මාසයේ සිට නැව ගැන විශේෂ අවධානයෙන් පසුවන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ නිරිත දිග මෝසම් සුළං සකී‍්‍රය වීමට පෙර නැව පානදුර වෙරළ ආසන්නයේ සිට නැගෙනහිර වෙරළ දෙසට ගෙනයාමට අපොහොසත් වුවහොත් නැව විනාශ වී යනු ඇති බවයි. 2008 වර්ෂයේ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අංක 35 දරණ පනතේ 24 වැනි වගන්තිය යටතේ සමුද්‍ර දුෂණයක් සිදුවිය හැකි යැයි පැහැදිලි සාක්ෂි ඇති ඕනෑම අවස්ථාවක එය වැළැක්වීම පිණිස ඕනෑම පියවරක් ගැනීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව ඇත. එම කාර්යය මාස්ටර් ඩයිවර්ස් ආයතනයට පැවරිණි. එහෙත් මේ දක්වාම නැව පානදුර මුහුදේ නැංගුරම් දා ඇති අතර එය දැන් ගිලී යමින් පවතී. මේ වනවිට නෞකාවේ සිටින සේවකයන් සංඛ්‍යාව පහකි. රජය මගින් ඔවුන් ඒ සඳහා යොදවා ඇතත් ඔවුන්ට දැන් ආහාර හෝ නොලැබීමේ ඛේදජනක තත්ත්වයකට පත්ව ඇත. ඇතැම් විට සතියක කාලයක් ආහාර සඳහා ඔවුන්ට ලැබෙන්නේ කොස් හා පොල් ගෙඩි කිහිපයක් පමණි. දිරාපත්වීම නිසා තට්ටුව මත ඇවිද යා නොහැකි තත්ත්වයට පත්ව ඇති නෞකාවේ සේවය කරන මේ පස් දෙනාට නැව ගිලී යන්නේ නම් සිය ජීවිතය ගලවා ගැනීමේ ආරක්ෂක ක්‍රමයක් හෝ නොමැති වීම ගැටලූවකි. ආහාර හෝ ඖෂධ නොමැතිව ජීවිත අවදානමට මුහුණ පා සිටින මේ පිරිස අතරින් කිහිප දෙනෙක් රෝගාතුරව සිටිති. මෙම නෞකාව හා එහි තත්ත්වය පිළිබඳ වෙළඳ නාවුක කටයුතු අධ්යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. නැවේ තෙල් ඉවත් කිරීමේ කාර්යය අපි පටන් ගත්තා. වෙනත් යාත්‍රාවක් එම ස්ථානයට යවා නැවේ තෙල් ඉවත් කරනවා. දැන් නැව පවතින දුර්වල තත්ත්වය නිසා තෙල් තිබියදී නැව ඇදගෙන යා නොහැකියි. නැවේ තෙල් මුහුදට එකතු වුවහොත් විශාල පාරිසරික හානියක් සිදුවනවා. එය වැළැක්වීමට අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙන්නේ. ඒ වගේම දැන් නැව ඇතුළට ජලය කාන්දුවීම වැළැක්වීමටත් අවශ්‍ය පියවර ගත්තා. දිරාපත්ව දුබලව ඇති නැවෙන් ලැබෙන තොරතුරු අනුව මෙම කාර්යය ලිපිය ලියන බ්‍රහස්පතින්දා වන විටද ආරම්භ කැර තිබුණේ නැත. නැවට මුහුදු ජලය ගලා ඒම දිගින් දිගටම සිදුවෙමින් තිබිණි. මේ තත්ත්වය දිගටම පැවතියහොත් තෙල් ටොන් 400 ක් පමණ පානදුරය ආසන්න මුහුදට එකතු කරමින් එය මුහුදු පත්ලේ ගිලී යනු ඇත. ඉන් සිදුවන පාරිසරික හානිය සීමා මායිම් නැත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පානදුර මුහුදේ අබලන් නැව ජලයෙන් පිරෙයි
අලිබබා Sunday, 10 June 2012 12:50 PM
අපරාදේ මෙ යකඩ අපරාදේ. දැන් දිරලයි තියෙන්නේ. මෙයට පෙර මෙම යකඩටික විකුණලා මුදල් කලානමි දුප්පත් මනුෂ්‍යයකුට නිවසක් හදලා දෙන්න තිබිබා.
සුජීව Sunday, 10 June 2012 06:45 PM
නැව ගිලුනට පස්සේ UNP එකයි JVP එකයි පාරට බහී
විමල් Monday, 11 June 2012 10:22 AM
හොරුන්ට දුන්නනම් තෙල් ටික බා ගනියි. යකඩ ඔක්කොමත් ගලවල විකුණයි. මම දන්න යකඩ හොරෙක් ඉන්නව..
කසුන් Tuesday, 12 June 2012 06:28 AM
මේ නැව ඉක්මනට නවීකරණය කරා නම් රටට වැඩක් ගන්න තිවුනා..
සිසර Tuesday, 12 June 2012 02:02 PM
සමහරැන්ට නැව ගිලුනත් බෑන් චූන්...
සමීර Saturday, 16 June 2012 09:39 AM
යකඩ ටික කාටහරි දෙන්න තමා වෙන්නෙ.. මොකද හොරැ යකඩවලට නැව විකුණයිද දන්නෙ නෑ..
සුරංග Sunday, 12 August 2012 04:24 AM
කමක් නැහැ අබලන් නේ. (නි)