(අජිත්ලාල් ශාන්තඋදය)
බෞද්ධ,හින්දු,කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් සියලූ දෙනාට වන්දනා මාන කළ හැකි පරිදි නැගෙනහිර පළාතේ ඊච්චලම්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්ලඩියේ පිහිටි පාෂාණ පබ්බත විහාරස්ථානයේ නව බෝධිය ‘සංහිඳියා බෝධිය‘ ලෙස නම්කර සංවර්ධනය කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියෝ කියති.
යුද සමයේ දී එල්ටීටීඊ සංවිධානයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම විහාරස්ථ භූමියේ ය. 2009 දී එහි පැමිණි දේවානන්ද හිමියෝ මුලින් ම කොටි සංවිධානය එම සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර ගබඩාකර තිබූ කන්ටේනර් පෙට්ටිය සිය ආවාසය කරගෙන නැවතී මෙම පෞරාණික විහාරස්ථානය යළි බෞද්ධයන්ට වන්දනාමාන කිරිමට සලස්වා දුන්හ.
“මේ පාෂාණ පබ්බත ප‍්‍රදේශය කොටි සංවිධානයේ මහවිරු ගමක් ලෙසයි තිබුණේ. එකදු සිංහලයෙක් හෝ බෞද්ධයෙක් මෙහි නෑ. නාවික සහ යුද හමුදාවේ සහ පොලීසියේ ඉන්න සිංහල කෙනෙක් ඇරෙන්න වෙන සිංහල බෞද්ධයෙක් නෑ. වැඩිපුරම ඉන්නේ හින්දු සහ කතෝලික ජනතාව, ඉස්ලාම් භක්තිකයෝ කිහිප දෙනකුත් ඉන්නවා. ගමේ මේ ජනතාව මගෙන් බෙහෙත් ගන්න පන්සලට එනවා. මම කල්පනා කළා ඒ අයට ඒ ආගම්වල වැඳුම් පිදුම් කරන ස්ථානයක් විහාරස්ථානයේ තිබුණොත් ඒ අය පන්සල එක්ක තියන බැඳීම වැඩිවෙයි.“
“ඒ හින්දා සමාධි බුදු පිළිමයක් වටා අටවිසි බුදුපිළිම දෙක බැගින් බුදු පිළිම පනස් හයකුත්, හින්දු, කතරගම, විෂ්නු ගණදෙවි කුටි හතරකුත් හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගම්වලට කුටි තුනකුත් බෝධිය වටා ඉදිකරන්න තීරණය කළා. ඒකයි මේකට ‘සංහිඳියා බෝධිය‘ කියලා නම් තිබ්බේ.“
“තථාගත බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගම් හෙළා දැක්කේ නෑ. ඒ ආගම්වලට ශාස්තෘන් වහන්සේලාට ගරු කළා. බුද්ධ පුත‍්‍රයන් වූ අපිත් ඒ මඟ යන්න ඕනෑ. දැන් පොලොන්නරු සමයේ බුද්ධාගමට හින්දු ආගමෙන් ඇතිවූ බලපෑම නිසා පන්සල්වල දේවාල ඇති වුණා. දකුණේ මොන පන්සලේ ද දේවාලයක් නැත්තේ“ වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියෝ කීහ.
“සිංහල බෞද්ධ ලේබල් ගහගත්තු සමහරු මගේ මේ ක‍්‍රියාව හෙළා දකින්න ඉඩ තියනවා.ශාක්‍ය කුලේ උපන් සිදුහත් කුමාරයා බුදුවෙලා බුදුදහම ශාක්‍යයන්ට පමණක් සීමා කළේ නෑ. ඒ වගේම බුදුදහම සිංහලයන්ට විතරක් විය යුතු නෑ. මේ නැගෙනහිර පළාතේ දෙමළ බෞද්ධයෝ හිටියා. විල්ගම්වෙහෙර හොඳ උදාහරණයක්. බෞද්ධ නායකයන් හැටියට අපි අන් ආගම්වලට ගරු කළ යුතුයි. අන්‍යආගමිකයන්ට අනුකම්පා කළ යුතුයි. ඔවුන් කොන් නොකළ යුතුයි. සැබෑ සංහිඳියාව කියන්නේ ඒක. ඒ තත්ත්වයන් නැතිවීම නිසයි පසුගිය කාලේ නැගෙනහිර පළාතේ විහාර කැඩුවේ , බෝධි කැපුවේ.“
“දැන් බලන්න කතරගම ඉඳලා සිතුල්පව්වට යන පාරේ කටගමුව, කොච්චිපතානේ තියන සත්‍ය ශ‍්‍රී කැලේ ගණපති දේවාලය. එතන දේවාලය ඇතුළේ බුදුපිළිමයක් තියලා තියනවා. බෞද්ධයොත් එතැනට ගිහිං වන්දනා කරනවා. සැබෑ සංහිඳියාව එතැන තියෙන්නේ. මෙතැන කරන්නෙත් ඒක තමා.“
“එකම බෞද්ධයෙක්වත් නැති මේ ප‍්‍රදේශයේ නාවික සහ යුද හමුදාවෙන් තමයි දානය ලැබෙන්නේ. කාලයක් හමුදාව ඉවත් කරලා තිබුණා. දානය වැරදුණ වාර අනන්තයි. ඒත් මේ බෞද්ධ උරුමයන් අපි දිවිහිමියෙන් රැක්කා. සිංහල බෞද්ධකම වැඩිපුර කතාකරන ඕනෑම කෙනෙකුට පුළුවන්නම් කාත් කවුරුවත් නැතිව මේ පන්සලේ සති දෙකක ඉඳලා ආගමික වැඩටික කරලා බලන්න කියලා කියනවා. මම බොහොම අමාරුවෙන් මේ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව දිනාගත්තේ. දෙමළ ජනතාව හරිම හොඳයි. ඔය පටු අරමුණු ඇති දෙමළ දේශපාලනඥයෝ කරන උසිගැන්වීම් නිසයි සමහර ගැටුම් ඇති වෙන්නේ. ඒවා නැතිකරන්න මේ වගේ ක‍්‍රම පන්සල්වල ක‍්‍රියාත්මක විය යුතුයි.“
නැගෙනහිර බෞද්ධ උරුමයන් රකින්න රජයේ සහ වෙනත් ප‍්‍රදේශවල ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ දේවානන්ද හිමියෝ මෙම ‘සංහිඳියා බෝධිය‘ ගොඩනැගීමට ද සහාය වන්නැයි ආයාචනා කර සිටිති.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාෂාණ පබ්බතයට සංහිඳියා බෝධියක්
කපිල වසන්ත කුමාර Tuesday, 01 August 2017 07:20 AM
මුස්ලිම් අය ගස් වලට පිළිම වලට (බෝධියට) වදින්නේ නෑනේ එතකොට කොහොමද සංහිදියාව ඇති වෙන්නේ?
chamal Tuesday, 01 August 2017 12:07 PM
නිකන් බොරු වැඩ කරන්න එපා. බෝදිය බෞද්දයන්ට වැදගත් උනාට අනික් අගමියන්ට වැදගත් නැහැ. අනවශ්‍ය සංහිදියාවක් අවශ්‍ය නැහැ.
karuWednesday, 02 August 2017 01:41 PM
හින්දු මිනිස්සු දන්නවා බෝධියේ වැදගත්කම. ඔවුන් බෝධියට විතරක් නොවෙයි, නුග, නා ගස් වලටත් වඳිනවා. මුස්ලිම් අය ගැන නම් විස්වාසයක් නැහැ. හේතුව ඔවුන් බෝධියෙන් ;පිටකරන ඔක්සිජන් ප්‍රමාණය ගැනවත් හිතන්නේ නැහැ..
ම්ඝාර. Tuesday, 01 August 2017 03:13 PM
ජනවාර්ගික ප්‍රශ්නයට හොදම විසදුම උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචි කිරීමයි, එමෙන්ම තේසවලාමේ නීතිය අහෝසි කිරීම, කැමති අයට මිශ්‍ර විවාහ සිදුකරගෑනීමට ඉඩදීම මගින් සංහිදියාව ඇතිකල හැක. උතුරු නැගෙනහිර සිංහලයන් පදිංචි කිරීමෙන් පලාත් සභා අහෝසිකර එය නඩත්තුවට වාර්ශිකව වැයවන රුපියල් මිලියන හාරදහසක පමණ මුදලද ඉතිරිකර ගත හැක.
ගයාන් Wednesday, 02 August 2017 12:59 AM
සංහිඳියාව සිංහල අපිට තිබුණාට ඔය මුස්ලිම් අයට නම් එහෙම එකක් නෑ. කොහොම හරි අන්තිමට ඕකත් මුස්ලිම් පල්ලියක්ම වෙයි ඔය වැඩෙන්. කුරගල එහෙමත් ඔය සංහිඳියාව වෙන්න ඇති තියෙන්නේ පන්සල් බලෙන් අල්ලාගෙන.
kalpa Wednesday, 02 August 2017 03:01 AM
මමත් එකවතාවක් ඔය පන්සලට ගොස් තියෙනවා දොස්තර හාමුදුරුවෝ ඉතාම අපහසුවෙන් මෙහි ගතකරන්නේ ජාතිබේදයකින් තොරව ජනතාවට සෙත සලසනවා මුස්ලිම් ජනතාව බෝධියට පිළිමවලට වඳින්නේ නැහැ නමුත් ඔවුන් දවසට පස් වතාවක් ආගම අදහනවා එවෙලාවට ඔවුන්ට මේ කුටි ප්‍රයෝජන වනවා
දිනේෂ් Wednesday, 02 August 2017 03:33 AM
මේ රිප්ලයි දීල තියෙන දෙන්නගෙන් එක්කනෙක් වත් උතුරු නැගෙනහිර සැබෑ තත්වය දන්නේ නෑ. ඔයාල එන්නකෝ වෙසක් පොයට මඩකලපුවට. කොහොමද වෙසක් කියල බලන්න, අපේ සිංහලයන්ගේ ප්‍රීති වෙසක් වාගේ නෙවෙයි. මේ මිනිස්සු ජාති බේදයකින් තොරව ඇවිල්ල අපේ බුදුරාජානන් වහන්සේට සාමි සාමි කියල වදින ලස්සන බලන්න. වෙසක් පොය දවස් වලට මඩකලපුව මංගලාරාම විහාරයේ ඇගිල්ලක් වත් ගහන්න ඉඩක් නෑ එතන එක සිංහලයෙක් වත් නෑ. ඉන්නේ ආමි එකයි පොලිසියයි අපි මහලොකුවට අන්‍යාගමිකයන් කියන අය විතරයි. පබ්බත හිංදු ආගම අරගෙන යන එකනම් මොන විදිහට කරන්න වෙයිද කියලනම් මම දන්නේ නෑ. හැබැයි මුස්ලිම් මිනිස්සු අතර බහුතරයක් ඉන්නව අපේ ආගමට ගරු කරණ අය. දමිල ජනතාවනම් කොහොමත් පංන්සල් එනවනේ අනික අපේ පංසල් වලට දේවල අමුතු දෙයකුත් නෙවෙයිනේ. අපේ හාමුදුරුවන්ගේ ආදර්ශමත් වැඩේට අකුල් හෙලන්න එපා උන් වහන්සේ දිරිමත් කරමු. ඕනම ආගමක අපට ගැලපෙන දේ අරගෙන නොගැලපෙන දේවල් අයින් කරමු. අපි සහයෝගයෙන් මේ වැඩේ කරගෙන යමු අපි ඔක්කේම මිනිස්සුනේ. ඒසේ ප්‍රාෙයා්ගිකව පෙන්වමු. ආගමික සන්හිදියාව ඇති කරවමු.
sanju Wednesday, 02 August 2017 03:59 AM
සන්හිඳියාව හොඳ දෙයක්. මෙව්වා නම් මේ බොරු විකාර. ආගමුත් හිනාවට ලක් කරන වැඩක්.
REHAN Wednesday, 02 August 2017 04:21 AM
ඔබවහන්සේගේ උත්සාහය මම ඉතා අගය කොට සලකමි. එසේම අන්‍යාගමික බැතිමතුන් වන්දනාමාන කළහැකි අයුරින් නමදුම් කුටි සකස් කළහැකි වෙතොත් මෙම කර්තව්‍ය තවදුරටත් සාර්ථක වෙවියි මම විශ්වාස කරමි. (උදා: කතෝලික දේව කුටියක්, මුස්ලිම් බැතිමතුන් සදහා නමදුම් කාමරයක්)
kumar (galf) Wednesday, 02 August 2017 05:46 AM
බෞද්ධ,හින්දු,කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් සියලූ දෙනාම යන්නේ එකම නරකාදියට නිසා එකට වැඳුම් පිදුම් කරන එකේ ප්‍රශ්නයක් නෑ,