X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පාසලක ආරක්ෂකයන්ගෙන් යළි මෙවැන්නක් නොවේවා

ගාල්ල, අක්මීමන ජාතික පාසලකදී හමුදා නිලධාරියකු විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් තිදරු පියකු මියයාමේ සිද්ධිය රටම කම්පනයකට හසුකර තිබේ. වරද කා අත වුවද මේ සිද්ධියෙන් සුරතල් දරුවන් තිදෙනකුට තම පියා අහිමි විය. තමන් ඉගෙනුම ලබන පාසල් ගේට්ටුවේදීම ඔහු වෙඩි පහරකින් මිය යාම මේ දරුවන්ට කෙසේවත් දරාගත නොහැකි වේදනාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ දරුවන්ගේ මවට තම සැමියා අහිමි වීම ඒ හා සමානම විශාල වේදනාවකි. මේ සියලු දෙනාටම අපගේ කනගාටුව පළකරමු.

අදාළ සිද්ධියට සම්බන්ධ අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියකු විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් මේ මරණය සිදු වී තිබේ. ඔහු එම වෙඩි පහර තබා ඇත්තේ සැලසුම් සහගත අපරාධයකට අනුව නොවේ. එම පියා බලෙන් පාසලට ඇතුළු වීමට යාමේදී පාසලේ ගේට්ටුව අසලදී ඇතිකරගත් ක්ෂණික ගැටුමක් හේතුවෙනි. මෙතෙක් දැනගන්නට තිබෙන තොරතුරු ආශ්‍රයෙන් සිද්ධිය එසේ වූ බවට සරල චිත්‍රයක් මවාගත හැකිය. එහෙත් සිද්ධිය සරල වූවක් නොවේ. එය බරපතළ සිද්ධියකි. පාසලේ සියලු_ දරුවනුත් දෙගුරුනුත් භීතියට පත්කළ සිදුවීමකි. යළි කිසිදා කිසිදු පාසලක හෝ නොසිදුවිය යුතු සිද්ධියකි.

මුලින්ම පැවසිය යුත්තේ පාසල් ගේට්ටු අසල අවිගත් සෙබළුන් රඳවා සිටින්නේ එම පාසල්වල ආරක්ෂාව පිණිස බවය. පාසල්වල ආරක්ෂාව යනු එහි ගොඩනැගිලි පමණක් නොවේ. වඩාත්ම ආරක්ෂා කළ යුත්තේ පාසල් භූමිය ඇතුළේ සිටින දරුවන් සහ ගුරුවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයයි. තම අත රැඳි ගිනි අවියෙන් කළයුතු වන්නේ එම ජීවිත සහ දේපොළ රැකගැනීමයි. 

පසුගිය අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර රටේ සියලුම පාසල්වල ආරක්ෂාව සිදුවූයේ ගේට්ටුවේ රඳවා සිටින පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් හෝ අමාත්‍යංශයට අයත් නොවන පාසල් නම් ඒවායේ පාලක මණ්ඩල විසින් හෝ පත්කරනු ලබන සුළු සේවකයන් විසිනි. එහෙත් ඈත පළාත්වල පාසල්වල ආරක්ෂාවට බොහෝ විට මේ කිසිවකුත් නැත. පාසලේ කාර්ය මණ්ඩලය මගින්ම ඒ ආරක්ෂක කටයුතු ද හැකි පමණින් ඉටුකරගනු ලැබේ. එහෙත් අප්‍රේල් 21 වැනිදායින් පසුව උද්ගත වූ තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට අවිගත් සෙබළුන් විසින් ආරක්ෂාව දිය යුතු විය. ඒ සඳහා මවුපියන්ගේ සහයෝගය ද ලබාගත් අතර රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් ආරක්ෂක තත්ත්වය ද යහපත් වනවිට මවුපියන්ගේ සහාය අනවශ්‍ය විය. ඉන්පසුව එම කාර්යයේ වගකීම සම්පූර්ණයෙන් පැවරුණේ අවිගත් නිලධාරීන්ටය. එහෙත් එම පැවරීම සිදුවන විට ඊට අදාළව නිසි ලෙස උපදෙස් ලබාදීමක් සිදු වී නැති බව මේ අවාසනාවන්ත සිද්ධියෙන් පෙනී යයි.

මෙතැනදී වැරැද්ද සිදුවූයේ කා අතින්ද යන්න සොයනවාට වඩා යළිත් මෙවැනි වැරැද්දක් සිදුවීමට ඉඩක් නොතැබීම සියලු_දෙනාගේම වගකීමය. එය උපනන්ද ජාතික පාසලට පමණක් නොව රටේ සියලුම පාසල්වලට වැදගත්වනු ඇති බවත් මෙහිදී සඳහන් කරමු. මේ සිද්ධියේදී රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමත් පාසලක ආරක්ෂාව සැලසීමත් අතර තිබෙන වෙනස පිළිබඳ වැටහීමක් අදාළ හමුදා නිලධාරියාට තිබී නැති බව බැලූ බැල්මට පෙනී යයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර තිබුණේ පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළාගේ අණ නොතකා පාසලට ඇතුළුවීමට කෙනකු උත්සාහ කර ඇති බවත් ඔහු තමාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සාහ ගත් බවට සෙබළා ප්‍රකාශ කරන බවත්ය. එහෙත් නිරායුධ පුද්ගලයකු තමා පියකු යැයි කියමින් කොතරම් ආවේගශීලීව හැසිරුණත් ඔහුට එක්වරම වෙඩි තැබීම සුදුසු ක්‍රියාවක් නොවන බව එම සෙබළාට අවබෝධයක් නොතිබීම මේ අවාසනාවන්ත මරණයට හේතු වී තිබෙන බව පැහැදිලිය. පාසල්වල ආරක්ෂාවට යොදවන අවිගත් නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය බව මේ සිද්ධිය රටටම කියා දී තිබේ.

එසේම මෙහිදී පාසලේ බලධාරීන් අතින්ද වැරැද්දක් සිදු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. පාසලේ දරුවකු අසනීප වී ඔහු රැගෙන යාමට එන්නැයි මවුපියන්ට දැන්වූයේ නම් ඒ බව ගේට්ටුවේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරියාට ද දැනුම් දීමට ඔවුන්ට වගකීමක් තිබිණි. අඩුම තරමින් පාසලේ ගුරුවරයකු හෝ වෙනත් සේවකයකු හෝ ගේට්ටුව අසළට යැවීමේ වගකීම පාසල් බලධාරීන් අතින් ඉටුවී නැත. මේ දිනවල රටේ පවතින තත්ත්වය පිළිබඳව පාසල් බලධාරීන් තුළ මීට වඩා අවබෝධයක් තිබිය යුතුය. එවැනි අවබෝධයකින් ක්‍රියා කළා නම් මේ අවාසනාවන්ත සිද්ධිය වළක්වාගත හැකිව තිබිණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම පියාගේ දියණියද අසළ සිටි බවත් සඳහන් වී තිබේ. එසේ දියණිය සමඟ පැමිණි පියා මෙතරම් කලබලකාරීව හැසිරුණේ මන්දැයි තේරුම් ගැනීම ද අපහසුය. ඔහු ගිනිඅවිය උඳුරා ගැනීමට තැත් කළ බවද ප්‍රකාශ වී තිබීම නිසා තත්ත්වය සංකීර්ණ වී තිබේ. කෙසේ වුවද දැඩි ලෙස ආරක්ෂක අවදානමක් තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධියක් ඇතිවී නම් එය වෙනම කතාවකි. එහෙත් එවැනි අවදානමක් නොමැති අවස්ථාවක දරුවකුත් සමඟ පැමිණි පියකුට වෙඩිතැබීම මහත් ව්‍යසනයක් බව පැවසිය යුතුය.

පාසල්වල ආරක්ෂාවට යොදවා සිටින අවිගත් හමුදා නිලධාරීන් තමන් රාජකාරි කරන්නේ පාසලක දරුදැරියන්ගේ ආරක්ෂාව සැලසීමට බවත් එය වෙනත් ආරක්ෂක රාජකාරිවලට වඩා වෙනස් වූවක් බවත් අවබෝධ කරගැනීම අවශ්‍යය. එසේම පාසල්වල බලධාරීන්ට ද කිව යුතුවන්නේ ආරක්ෂාව පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ගේට්ටුවේ අවිගත් සෙබළාට පමණක් පවරා එම වගකීමෙන් කරඇර සිටීම නොකළ යුතු ක්‍රියාවක් බවය.

 



අදහස් (5)

පාසලක ආරක්ෂකයන්ගෙන් යළි මෙවැන්නක් නොවේවා

shan Monday, 08 July 2019 04:46 AM

කරුණාකර පාසල් වලට යුධ හමුදාව නොයොදන්න දෙමාපියන්ට පාසල් රැක ගන්න කියන්න. මේ පුත්ගලයා දෙවතාවක් පාසලට පැමිණියානම් පළමු වතාවේ අවසර නොදුන් බව දැන දැනම ඇයි පාසලට කතා නොකළේ ඔහුට පාසලෙන් කතා කලානම් ඇයි මේ ගැටලුව පාසලට නොකීවේ දෙවන වතාවේ යනවිට එසේ කතාකර තිබුනානම් එම නිලධාරියා කිසිම බාදකයක් නොදමනේය. දෙවන වතාවෙත් ඔහු ගොස් ඇත්තේ නිලධාරියා සමග ගැටුමක් ඇති කර ගැනීමේ අටියෙනි. මන්ද ඔහුත් හමුදාවේ උන්න කෙනෙක් නිසා ඒ උෂ්ණය නිසාවෙනි. පළමු ගේට්ටුවෙන් ගියානම් කම්නැත හමුදා සෙබලා සමග ගැටී දෙවන ගේට්ටුවද පසුකලෙ බලය පෙන්වීමටය.

:       159       238

කසුන් Monday, 08 July 2019 11:45 AM

මැරුණු කෙනා කරලා තියෙන්නේ එයත් හමුදාවේ හිටිය නිසා.. එකේ හයිය පෙන්නන්න ගිහින්. හොඳ වැඩේ. හැබැයි ළමයි පව්.. මැරුණු කෙනාගේ සුදු හුණු ගාන්න හදන පාටයි...

:       8       79

Chandima Monday, 08 July 2019 11:01 PM

රටේ නීතියට අවනත නොවන මෙවැනි පුද්ගලයින් යලි බිහි නොවේවා.

:       37       24

Dissanayaka Tuesday, 09 July 2019 04:44 AM

ගේට්ටුවෙන් යන්න අවසර දුන්නේ නැතිනම් ගේට්ටුව ළග නැවතිලා පාසැල ඇතුලට පණිවිඩයක් යවන්න තිබුනා එයාට. මේ විදියට බෝම්බකරයෙක් ඇවිත් ඇතුලට ගියානම් හමුදාවේ කෙනෙකුත් ඉඳලා මොනවද කලේ කියල බනියි

:       60       102

kumara Thursday, 11 July 2019 06:57 PM

ත්‍රස්තවාදීන් දරුවෙක් සමඟ එන්නෙ නැහැ කියලා හිතන්න එපා. හමුදාවත් හරි කැමැත්තෙන් ඔය තැන් වල මුර කරන්න එන්නෙ නැහැ.. ඔය විදිහට ආවොත් නැවතත් වෙඩි තින්න ඕනෙ...අනිවාර්යෙන් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site