X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


පාසල් විභාග ප‍්‍රශ්න පත‍්‍රයෙත් ලෙඩ

 

 

”ඉන්දියාවට සංක‍්‍රමණය වීම සඳහා ආර්යයන් භාවිතා කරන ලෙස වයඹ දිග ඉන්දියාවේ පිහිටි ප‍්‍රසිද්ධ දුම්රිය මාර්ගය කුමක් ද?

මේ ප‍්‍රශ්නය කියවන බොහෝ දෙනකුට මතුවන්නේ හාස්‍යයකි. ඊට හේතුව ආර්ය ජනාවාස පිහිටුවීම සහ ආර්යයන් ඉන්දියාවට සංක‍්‍රමණය වූයේ ක‍්‍රිස්තු පූර්ව 1500ටත් පෙර වීමත්, එවැනි යුගයක දුම්රිය මාර්ග තිබුණා දැයි අසා නැති වීමත් නිසාය.

එය හාස්‍යෝපාදක පොතක තිබූ ප‍්‍රශ්නයක් නොව, මේ දිනවල පැවැත්වෙන දෙවැනි වාර අවසාන විභාගය සඳහා පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිකුත් කළ 10 වැනි ශ්‍රේණිය ඉතිහාසය දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රයේ පළමු කොටසේ ඇති ප‍්‍රශ්නයකි.

10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොතේ දෙවැනි පාඩමේ දෙවැනි ෙඡ්දයට අනුව මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණ බිම ප‍්‍රදේශය මුල් බිම කරගෙන ජීවත්වූ ආර්යයන් මධ්‍යම ආසියාවේ ඛයිබර් දුර්ගය ඔස්සේ පැමිණ ඇත. ”දුර්ගය” යන වචනය වෙනුවට ප‍්‍රශ්න පත‍්‍රයේ මුද්‍රණය වී ඇත්තේ ”දුම්රිය” යන වචනයයි. මෙය සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන්නේ, පසුගිය දෙසතියේ පැවැති වාර විභාගය සම්බන්ධයෙන් උතුරුමැද, සබරගමුව, ගාල්ල, ආනමඩුව, ත‍්‍රිකුණාමලය, කොළඹ ආදී ප‍්‍රදේශ රැසකින් අඩුපාඩු වාර්තා වූ නිසාය.

පිළියන්දල කලාපයේ ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රයට අමතරව 10 සහ 11 ශ්‍රේණිවල බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍රවල ද මුද්‍රණ දෝෂ රැුසක් තිබිණි. 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍රයේ පළමු කොටසේ බහු වර්ණ ප‍්‍රශ්න 40න් ප‍්‍රශ්න 21කම මුද්‍රණ දෝෂ සහිත විය.

ආර්යයන්ගේ සමයේ දුම්රිය මාර්ගයක් ගැන ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රයේ සඳහන් කළාක් මෙන්ම බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍රයේ නව වැනි බහුවරණ ප‍්‍රශ්නයේ පළමු වරණය මගින් ලංකා ඉතිහාසයට අලූත් රජෙක් ද එක් කළේය. ඒ ”දේවානම්පියතිස්ස රජු” වෙනුවට ”දේවානම් කපියතිස්ස” රජතුමා ලෙස මුද්‍රණය කරමිනි.
අකුරක දෙකක වෙනසක් සාමාන්‍ය සිද්ධියක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. නමුත් විභාග ප‍්‍රශ්න පත‍්‍රයක එවැනි සුළු හෝ අඩුවක් තිබිය නොහැකිය. එක අකුරකින් මහා විනාශයක් කළ හැකි බව අප අසා ඇත්තේ ”නැවතීමේ තිතෙන්” නිසා මිනිසකු මැරීමට සිදුවීමේ කතාවෙනි.

”මරන්න එපා. නිදහස් කරන්න”

”මරන්න. එපා නිදහස් කරන්න” නැවතීමේ තිත කළ විනාශය එසේය.

බුද්ධ ධර්මය ප‍්‍රශ්නපත‍්‍රයේ 02, 03, 08, 09, 12, 13, 14, 15, 16, 19, 20, 21, 23, 24, 25, 26, 28, 30, 31, 38 සහ 39 බහුවරණ ප‍්‍රශ්නවල මුද්‍රණ දෝෂ රැසක් තිබිණි.

බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍ර පාසල්වලට යැවූ පසු ඒවායේ අඩුපාඩු ඇතැයි දැනගත් කලාප අධ්‍යාපන බලධරයෝ කඩිමුඩියේ ප‍්‍රශ්නවල වැරදි තැන් සංශෝධනය විය යුතු ආකාරය ගැන දක්වා කලාපයේ පාසල්වලට පත‍්‍රිකාවක් යැවීය. ඒ විභාගයට පෙර දින සන්ධ්‍යාවේය.

පාසල් 10ක පමණ එම වැරදි නිවැරදි කර නැවත ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කර සිසුනට බෙදා දුන් අතර තවත් පාසල්වල අඩුපාඩු සකස් කර ගැනීම සඳහා සංශෝධනය කියැවීය. මේ නිසා සිසුන් පමණක් නොව ගුරුවරු ද දැඩි අපහසුතාවකට පත්වූහ.

ඉන්පසු ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රයේ දුම්රිය මාර්ගයක් ගැන සඳහන් කිරීම මාධ්‍ය මගින් වාර්තා කළ පසු බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එන්.පී. අයිලප්පෙරුම මහතා එම කලාපයේ විෂය අධ්‍යක්‍ෂවරුනට හා ගුරු උපදේශකවරුනට දන්වා තිබුණේ ඉදිරියේදී ලබාදීමට නියමිත සියලූ ප‍්‍රශ්න පත‍්‍ර නැවත පරීක්ෂා කර බලන ලෙසයි.

ඒ අනුව පසුගිය ඉරිදා (21) සහ සඳුදා පෝය දින (22) කලාප බලධරයෝ එක්ව ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා  කර ඒවායේ තිබූ අඩුපාඩු සකස් කළහ.

නම ප‍්‍රසිද්ධ කළ නොහැකි ගුරුවරයකු පැවසුවේ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කළේ කිසිවකුගේ පෞද්ගලික මුදලකින් නොව, මහජන මුදලින් බවත්, නැවත වැරදි නිවැරදි විය යුතු ආකාරය සහිත සංශෝධන පත‍්‍රිකා සකස් කළේ සහ පාසල් කිහිපයක ඒවා නැවත මුල සිට මුද්‍රණය කර ලබා දුන්නේ ද පෞද්ගලික ධන පරිත්‍යාගයකින් නොව මහජන මුදලින් බවත්ය.

උතුරු මැද පළාතේ වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල ද මීට නොදෙවෙනි එකකි.

පසුගිය 16 වැනිදා හය ශ්‍රේණියේ සිසුනට සිංහල ප‍්‍රශ්න පත‍්‍රය බෙදාගෙන ගියේය. සිසුන් ද හරිබරි ගැසී පිළිතුරු ලිවීමට පටන් ගත්හ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් සියලූ දෙනා වික්ෂිප්ත වූයේ ප‍්‍රශ්න පත‍්‍රයේ සිව් වැනි පිටුවේ අදාළ ප‍්‍රශ්නවලට පිළිතුරු ද මුද්‍රණය කර තිබුනු නිසාය.

සිසුන්ගෙන් ගුරුවරුනුත්, ගුරුවරුන්ගෙන් ගුරු සංගම් නායකයනුත්, ගුරු සංගම් නායකයන් මගින් මාධ්‍ය සහ අදාළ පළාත් බලධාරීනුත් සිද්ධිය ගැන දැනගත්හ. බලධාරීන් ක‍්‍රියාත්මක විය. හදිසියේ ප‍්‍රශ්නපත‍්‍ර අවලංගු කළේය.

එම සිද්ධිය වාර්තා වී හතර පැයක් යන්නට මත්තෙන් උතුරු මැද ඊළඟ අවුල ද වාර්තා විය. උසස් පෙළ චිත‍්‍ර ප‍්‍රශ්න පත‍්‍රයේ තිබූ බොහෝ ප‍්‍රශ්න දෙවැනි වාරයේ එම සිසුන්ටම ලබා දුන් ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු ඒවාය. වෙනසකට වූයේ ප‍්‍රශ්න අංක මාරුවී තිබීම පමණි.එහිද හාස්‍යයට කරුණ වූයේ ගිය වාරයේ ලබාදී තිබූ දෝෂ සහිත වැරදි ප‍්‍රශ්න කිහිපයක් ගැන දන්වා පාසල් ගුරුවරයකු විසින් උතුරුමැද පළාත් බලධාරීන්ට ලිඛිතව දක්වා තිබියදී එම ප‍්‍රශ්න පවාම ඒ අයුරින්ම මෙවර ද ලබා දීමයි.

ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න රැසක් ඊට පෙර පෞද්ගලික ආයතනයකින් දුන් ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයකට බොහෝ සෙයින් සමාන විය. වෙනසකට තිබුණේ එකම ප‍්‍රශ්නයේ සංඛ්‍යා සුළු සුළු වෙනස්කම්වලට ලක් කිරීම පමණි.

එසේම ගණිත ප‍්‍රශ්න පත‍්‍රයක පිටපත් මදිවීම නිසා පාසල් රැසක සිසුන් අපහසුතාවට පත් වූ බවත්, උදෑසන 10, 11 වන විට නැවත ”ඩුප්ලෝකර” දුන්නද ඒවායේ අකුරු ඉතා කුඩාවට මුද්‍රණය වීම නිසා කියවීමේ අපහසුතා ඇතිවූ බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ පැවසීය.
පසුගිය අඟහරුවාදා (23) එම පළාතේ ලබා දුන් හත ශ්‍රේණියේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ තුන් වැනි ප‍්‍රශ්නයේ ඇති නිවැරදි රූප සටහනක් නොවන බවත්, එදිනම 10 වැනි ශ්‍රේණියට ලබාදුන් විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවැනි කොටසේ තුන් වැනි ප‍්‍රශ්නයට අදාළව ලබා දී තිබූ වගුවට අනුව එයින් අසා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමට නොහැකි බවත් වාර්තා විය.

ප‍්‍රශ්න 40ක 11 ශ්‍රේණියේ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 20ක් පමණක් මුද්‍රණය කර ඉතිරි ප‍්‍රශ්න මුද්‍රණය නොවී තිබීම නිසා පුත්තලම ආනමඩුව කොට්ඨාසයේ පාසල්වල සිසුහු ද අපහසුතාවට පත්වූහ.

අධ්‍යාපන බලධාරීන් පවසා තිබුණේ එම ප‍්‍රශ්න පත‍්‍රය අවලංගු කර ලබන බදාදා (31 වැනිදා) එය නැවත පැවැත්වීමට කටයුතු කරන බවයි.

කොළඹ අධ්‍යාපන කලාපයේ 10 සහ 11 ශ්‍රේණිවල වාණිජ හා ගිණුම්කරණය ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමට තිබුණේ පසුගිය 23 අඟහරුවාදා දහවල් 12.30ටය. සිසුහු ද ඊට සූදානම්ව පාසලට පැමිණියහ. උදෑසන 10ට පමණ කොලඹ කලාප බලධරයන් පාසල්වලට දැනුම් දුන්නේ විභාගයට පෙර ප‍්‍රශ්න පත‍්‍ර පිටවී ඇති නිසා විභාගය අවලංගු කරන බවයි. ඒ වෙනුවට ලබන සඳුදා (29) වෙනම ප‍්‍රශ්න පත‍්‍රයක් පැවැත්වෙන බව ද පාසල්වලට දන්වා ඇත. පණිවිඩ නොලද කොළඹ පාසලක් නියමිත වේලාවට සිසුනට ප‍්‍රශ්න පත‍්‍රය ලබා දුන් අතර, පැය භාගයක් යන්නටත් මත්තෙන් සිසුන් රැුසක් විභාගය නිම කළේය. පසුව සිසුන්ගෙන් ගුරුවරු කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ එම ප‍්‍රශ්න පත‍්‍රය ඊට දින කිහිපයකට පෙර වෙනත් පාසලක සිසුවියන් අත තුබූ බවයි.

වාණිජ ප‍්‍රශ්න පත‍්‍රය අවලංගු කිරීම ගැන පළාත් අධාපන අධ්‍යක්‍ෂ එන්.පී. අයිලප්පෙරුම මහතා පැවසුවේ, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ එය ඊට පෙර සිසුනට ලබාදී තිබූ නිසා විභාගය අවලංගු කිරීමට සිදුවූ බවයි. නිසි විමර්ශනයකින් පසු ඒ බව තහවුරු වුවහොත් එය ජාතික පාසලක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ප‍්‍රශ්න පත‍්‍ර පසුව මුද්‍රණය කිරීමට යන වියදම ලබා ගන්නා බවයි.

වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ ද මෙවැනි අවුල් වාර්තා විය. ඒවාට නිසි පිළියම් කලා නම් මෙවර මෙතරම් අවුල් වියවුල් වාර්තා නොවීමට ඉඩ තිබිණි.

මෙවැනි අවුල් වියවුල් ඇති වන්නේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ තනතුරු රැසක නුසුදුස්සන් කටයුතු කිරීමත්, ඔවුන් වගකීම් විරහිතව කටයුතු කරන නිසාත් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මීට පෙර එක් එක් පාසල්වලින් තමයි වාර විභාගය ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළේ. ජාතික විභාගයකදී එකම ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලිවීමට සිසුනට සිදු වන නිසා ඊට හුරු කිරීමට සහ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයට වැය වන මුදල අඩු කරන්න තමයි නියාමන වැඩසටහනක් යටතේ පළාත් මට්ටමින් වාර විභාග තියන්න පටන් ගත්තේ. ඒ අරමුණ දැන් ඉෂ්ට වෙන්නේ නෑ. ප‍්‍රශ්න පත‍්‍රවල අඩුපාඩු රැසක් තිබෙනවා. මේ අවුල් ගොඩක් ඇති වෙන්නේ නුසුදුස්සන් තනතුරු දරන නිසා. ප‍්‍රශ්න පත‍්‍ර අවලංගු කර නැවත මුද්‍රණය කරන්න යන්නේ කාගේවත් පෞද්ගලික මුදල් නොවෙයි. ප‍්‍රශ්න පත‍්‍රයක් හරියට හදාගන්න බැහැ. මේක බරපතළ තත්ත්වයක්.

අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා. දේශපාලනඥයන්ගේ නිර්දේශ අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ. උතුරු මැද නුසුදුස්සන්ට විරුද්ධව අපි මානව හිමිකම් පවා ගියා.

දේශාපලනඥයන් හා නිලධාරීන් සෙල්ලම් කරන්නේ ළමයින්ගේ ජීවිතත් එක්ක. ප‍්‍රශ්න පත‍්‍රවල තිබූ අඩුපාඩු සංශෝධිත පත‍්‍රිකාවක් මගින් පාසල්වලට ලබා දුන් බව පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී.ඒ. රංජිත් මහතා පැවසීය.

”සුළු සුළු අඩුපාඩු කිහිපයක් තිබුණා. ඒක සංශෝධනය කර පාසල්වලට යැව්වා. ඔබතුමාලා කවුරු හරි කියපු දෙයක් අහගෙන අඩුපාඩු ගැන කියනවා. සංශෝධන ගැන කතා කරන්නේ නැහැ. අනෙක් ප‍්‍රශ්න පත‍්‍රත් ඉන්පසු පරීක්ෂා කරලා දුන්නා. අපිට නිලධාරීන් මදි. බුද්ධ ධර්මය විෂය අධ්‍යක්‍ෂවරයෙක් නැහැ. ඒ අඩුපාඩු ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

පිළියන්දල කලාපයේ දෝෂ සහිත ප‍්‍රශ්න පත‍්‍ර ලබා දුන් බවට තමාට වාර්තා වූ බවත්, ඒ ගැන සොයා බැලූ බවත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මට වාර්තා වුණා පිළියන්දල කලාපයේ ප‍්‍රශ්න පත‍්‍රවල අඩුපාඩු තිබෙන බව. මා ඒ ගැන සොයා බැලූවා. විෂය අධ්‍යක්‍ෂවරුන් එකතු වී සැකසූ ප‍්‍රශ්න පත‍්‍රය මුද්‍රණය සඳහා ලබාදී තිබුණා. ඒවායේ සෝදුපත් බලලා අඩුපාඩු සකස් කර දුන්නත් එම අඩුපාඩු සකස් නොකර තමයි ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කර තිබෙන්නේ මුද්‍රණය කල ප‍්‍රශ්න පත‍්‍ර නැවත බලන්නේ නැතුව පාසල්වලට යවලා.

පාසල් 10ක පමණ සශෝධිත ප‍්‍රශ්න පත‍්‍ර නැවත සකස් කර සිසුන් අතට පත් කර තිබුණා. තවත් පාසල් 70ක සංශෝධිත දෑ සිසුනට ලියා ගැනීම දී ඒ සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබා දී තිබුණා. අපේ නිලධාරීන්ගේ අතින් වරදක් සිදු වෙලාද කියලා හොයල බලන්න මම ලේකම්ට කිව්වා. දෝෂ සහිත ප‍්‍රශ්න පත‍්‍ර සිසුන්ට දීම වරදක්.

පළමු හා දෙවැනි වාර ප‍්‍රශ්න පත‍්‍ර ඒ පාසල්වලින් ලබා දෙනවා. තුන් වැනි වාරයේ තමයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන්නේ. නමුත් දුප්පත් පාසල්වලට ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කර ගැනීමේ අපහසුතා නිසා පාසල් පවුර වැඩසටහන යටතේ දෙවැනි වාර ප‍්‍රශ්න පත‍්‍ර කලාපය මගින් හෝ පාසල් කිහිපයක් එකතු වී පවත්වනවා. අපි දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ.

විශේෂයෙන් මාධ්‍යයට මා ස්තුතිවන්ත වෙනවා අඩුපාඩු පෙන්වා දෙනවාට.

පසුගිය 23 වැනිදා පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය අධ්‍යක්‍ෂවරු සහ ගුරු උපදේශකවරු පිරිසක් එම කලාපයේ පාසල්වලට ගොස් ඉදිරියේදී ලබාදීමට නියමිත ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සම්පූර්ණයෙන්ම අවලංගු කළ අතර තවත් ප‍්‍රශ්න පත‍්‍ර කිහිපයකට සංශෝධන එක් කළහ.

සිසුනට ලබාදීම සඳහා මුද්‍රණය කැර තිබූ අට සහ නවය ශ්‍රේණිවලට අදාළ ජීවන නිපුණතා ප‍්‍රශ්න පත‍්‍ර එලෙස අහෝසි කළ බවත්, නවය ශ්‍රේණිය සෞඛ්‍ය, හත ශ්‍රේණිය චිත‍්‍ර ප‍්‍රශ්න සහ 10 ශ්‍රේණිය විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයන්ට සංශෝධන එක් කළ බවත් විදුහල්පතිවරු කීහ.

වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් සහගතව පැවැත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ දෙවැනි වාර විභාගයේදී කොළඹ කලාපයේ ප‍්‍රශ්න පත‍්‍ර රැුසක අඩුපාඩු තිබූ අතර, කොළඹ කලාපයේ හිටපු අධ්‍යක්‍ෂවරියට එම තනතුර අහිමිවීමට එය ද හේතු විය.

2008 වසරේ උතුරු මැද පළාතේ පාසල්වල ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 94ක් වියදම් කිරීමට නියමිතව තිබියදී ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කළ පැමිණිලි අනුව ආණ්ඩුකාරවරයා සහ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී නිර්දේශ වූයේ ප‍්‍රශ්න පත‍්‍ර සඳහා ලක්ෂ 45ක් පමණ ලබා දෙන ලෙසයි. එම සිද්ධිය යටපත් වූයේ නම් මහජන මුදල් රුපියල් ලක්‍ෂ 52ක් අපතේ යෑමට ඉඩ තිබිණි.

”හොඳම දේ දරුවන්ටය” යන්න බෝඞ් ලෑල්ලකට හෝ පොතකට සීමා නොවී අදාළ බලධාරීන් සිහි බුද්ධියෙන් කටයුතු කළේ නම් සිසු සිසුවියන් අපහසුතාවට පත් වන්නේ නැත.

 

තරිඳු ජයවර්ධන

 

 



අදහස් (0)

පාසල් විභාග ප‍්‍රශ්න පත‍්‍රයෙත් ලෙඩ

ටෙෂාන් Sunday, 28 July 2013 01:35 PM

වර විබාගය මෙහෙම නම් අනෙක්වා කොහොම වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 29 July 2013 07:37 AM

මුලික වැරැද්ද පිළිවෙලට,කාර්යක්ෂම,වුවමනාවෙන් වැඩකිරීමට මෙම ක්‍රියාවට සම්බන්ද අයගේ අකමැත්තයි. නිසි දඩුවම් කිරීමක්/දැනුවත් කිරීමක් සිදු නොවීමයි (නි)

:       0       0

කාන්ති Sunday, 04 August 2013 09:16 AM

වැරදි බොහොමයක් වෙන්නේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණයේදියි. ගුරුවරුන්ටම නිතර දොස් කියන්න එපා. (නි)

:       0       0

ෂෙහානි Sunday, 04 August 2013 09:26 AM

වාර විබාග වලදී පොඩි පොඩි අඩු පාඩු වෙනවා.ඒවා ලොකුවට ගන්න එපා.ගුරුවරුන් මේ ගැන සිසුන් දැනුවත් කරනවා.

:       0       0

ජයතිලක Monday, 05 August 2013 10:12 AM

පාසැල තුල ගුරුවරයාට තිබෙන රාජකාරි කටයුතු එමටයි. කාලවේලාව මදි.යම් යම් අඩුපාඩු වෙනවා. ඒවා පාසැල තුලදීම විසදා ගනිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site