නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට පියවර ගනිමින් සිටින බව ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිකර තිබිණි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධ ඉදිරි පියවර ගැනීම අධ්‍යාපන ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවන බව අධිකරණ ඇමැතිනිය ප්‍රකාශ කළ බවත් එම ප්‍රවෘත්තියේ සඳහන් විය.
මේ පියවර ගැනීම රට තුළ අපරාධ අඩු කිරීමට හේතුවනු ඇති බවටද රටේ ජීවත්වීමේදී ඇතිවන ගැටලුවලට මුහුණදීමට එය අත්වැලක් වනු ඇති බවටද අමාත්‍යවරිය විශ්වාසය පළකරයි. නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළු කිරීම කාලෝචිත යෝජනාවක් බව අපගේද විශ්වාසය වෙයි. අපේ රටේ දරුවන්ට කුඩා කල සිටම මූලික නීතිය, දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳවද දැනුමක් ලබාදීම දරුවන් සමාජගත වනවිට ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් කටයුතු කිරීමට ලබාදෙන පෙරහුරුවක් ද වනු ඇත.
නීතිය පාසල් විෂයයක් කිරීමේ තවත් වැදගත්කමක් වන්නේ එමගින් මාපියන්ද ඒ ගැන දැනුවත්භාවයක් ලැබීමය. පාසල් දරුවන් පමණක් නොව මාපියන්ද රටේ පවතින නීතිය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලබා තිබීම හැම අතින්ම යහපත් බව මේ දිනවල රටේ සිදුවන ඇතැම් අපරාධවල ස්වභාවය අනුව දැනෙන කාරණයකි. රටේ දරුවන් බොහෝ විට අසන්නේ, දකින්නේ අපරාධකරුවන් සහ අපරාධ සිද්ධීන් පිළිබඳ විස්තර මිස එවැනි වැරදි සිදුකිරීමෙන් පසුව ඔවුන් ලබන දඬුවම් පිළිබඳ නොවේ. අපරාධයක් සිදුවීම වාර්තා කිරීමේදී දරුවන්ට දැනෙන කුතුහලය ඊට දඬුවම් ලැබෙන කාලය වනවිට බොහෝදුරට තුනී වී ගොසිනි. මේ නිසා පාසලේදී අපරාධ නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් වනු ඇත.
කෙසේ වුවද නීතිය වැනි ගැඹුරු, සංකීර්ණ නිරන්තරයෙන් යාවත්කාලීන වන විෂයයක් සම්බන්ධයෙන් විෂය මාලාවක් සකස් කිරීම වුවද පහසු කටයුත්තක් නොවේ. ඒ බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. එහෙත් වෛද්‍ය විද්‍යාවේ ඇතැම් මූලික කරුණු, තොරතුරු තාක්ෂණයේ මූලික කරුණු පාසල් විෂය මාලාවට ඇතුළු කර ඇති ආකාරයට මේ ගැටලුවද විසඳා ගැනීම එම කාර්ය ඉටුකරන ප්‍රවීණයන්ට භාර කටයුත්තකි. අරමුණු සහ තීන්දුව පැහැදිලි නම් ඊට උචිත ක්‍රමවේදය සකස් කර ගැනීම අපහසු නැත.
ඒ සමඟ පෙන්වා දිය යුතු තවත් කාරණාද තිබේ. පසුගිය මාස දෙක තුන තුළදී පාර්ලිමේන්තුවේ සිදුවූ සිද්ධීන් අනුව පෙනී යන්නේ රටේ නීතිය සම්පාදනය වන්නේ එතැන වුවත් එහි මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට රටේ සාමාන්‍ය නීතිය පිළිබඳව හෝ දැනුමක් නොමැති බවය. ඇතැමුන්ගේ හැසිරීම් රටාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා සමීප වූයේ පහළ බාලාංශයේ ළමයින්ගේ හැසිරීම්වලටය. මේ නිසා පාසල් විෂය මාලාවට නීතිය පිළිබඳ දැනුම අඩංගු කළ යුතු සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුමක් හෝ යළි ‘‘එන්නත්” කිරීම සුදුසු වනු ඇත. නැතහොත් ඒ දිනවල පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදුවූ මහ කලබැගෑනිය වැනි දර්ශන නිවෙස්වල සිට රූපවාහිනියෙන් නරඹන දරුවන් නීතිය පාසලේදී ඉගෙන ගන්නා විට ඔවුන් තුළ විශාල මානසික ගැටලු ඇතිවීමටද ඉඩ තිබේ. රටේ ළමයින් සමඟ මන්ත්‍රීවරුන්ද නීතිය එකටම හැදෑරීම වඩාත් වැදගත් වනු ඇත.
එසේම රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් යම් පිරිසක්ද මූලික නීති රීති පිළිබඳ දැනුම තිබියදීත් ඒවා නොදන්නවුන් සේ ක්‍රියාකරන බවද සඳහන් කිරීමත් අවශ්‍යය. අල්ලස් හා දූෂණ පනතට අනුව වැරුද්දකින් යම් පුද්ගලයකු බේරාහැරීමට හෝ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අල්ලස් ගැනීම නීතියට පටහැනි බව පොලිස් නිලධාරීහු හොඳින්ම දැන සිටිති. එහෙත් නිලධාරීන් සුළු පිරිසක් අල්ලස් පමණක් නොව වෙනත් ලාබ ප්‍රයෝජන පවා ලබාගන්නා බව රහසක් නොවේ. රථවාහන වැරදි මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙයි. එවැනි නිලධාරීන්ටද නීතිය පිළිබඳ දැනුම ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමකි.
අපේ රටේ සාමාන්‍ය සිරිත පහේ ශිෂ්‍යත්වයේ පටන්ම ඇතැම් මාපියන්ද දූ දරුවන් සමග පාඩම් කිරීමය. සමහර මවුපියෝ ඒ පුරුද්ද දිගටම ගෙන යති. නීතිය පිළිබඳ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමෙන් එවැනි මාපියන්ටද ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් ලැබිය හැකිවීම මේ සැලසුමේ අතිරේක වාසියක් වීමටත් ඉඩ තිබේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාසල් විෂය මාලාවට නීතියේ දැනුම ඇතුළු කිරීම
sampath Wednesday, 16 January 2019 09:36 AM
හැමදේම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ප්‍රායෝගික නැහැ. මේවා කෙටි දේශනා විෂය බාහිර ක්‍රියාකාරකම්, දැනුම මිනුම තරග වැනි දේවලින් දැනුවත් කිරීම සුදුසුයි. නීතිය කියන්නේ ඉඩම් නීතිය, අපරාධ නීතිය වානිජ්‍ය නීතිය, පරිසර නීතිය, දිලික්ත නීතිය, පරිපාලන නීතිය මේ අතරින් සමහරක් ඉතින් මේක කෙටියෙන් උගන්වන්න බැහැ. අනෙක් පැත්තට ගුරුවරුන් සොයා ගැනීම පහසු වෙන්නේ නැහැ.
Chandima Wednesday, 16 January 2019 11:14 PM
ඔය වැඩේට ඇමතියෙක් මොකටද? විෂයමාලා සංවර්ධනයට වෙනමම උගත් පිරිසක් ඉන්නවා. පින් පඩි අරන් ඉන්නකොට කම්මැලි හිතුනද මේකටත් නම දාගන්න යන්නේ? අවුරුදු තුනක්ම කරපු දෙයක් නැහැ. ළමයින්ගේ පාඩම් පොත් වලට පොටෝ එක ගහල ආණ්ඩුවේ වියදමින් පිම්බෙන්න හැදුවා ඇරෙන්න.