පැරීසියේ කෙටි නාට්‍ය තරගාවලිය ප්‍රවීණ නාට්‍ය ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කිසාගෝතමී සරච්චන්ද්‍ර , ගාමිණී අබේකෝන්, විමල් අලහකෝන්, පැරීසියේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඉන්ද්‍රකුමාර මාකේවිට, හා මහින්ද හේරත් නාට්‍ය විනිශ්චයට සහභාගී වූහ.
‘නිමේෂයකින්‘ නාට්‍ය එහිදී හොදම නාට්‍ය ලෙස තෝරා ගත් අතර එහි රඟපෑ ප්‍රියන්ති අබේනායක හා ශාමේන් ගමගේ හොදම නළුවා හා නිළිය ලෙස සම්මාන ලැබූහ.
ගුරා හා ගෝලයා නාට්‍යයේ රඟපෑ විපුල කොළඹගේ හොදම සහාය නළුවා ලෙස ද පසුතැවිල්ල නාට්‍යයේ රඟපෑ අයෝ‚ සුදර්ශනී හොදම සහාය නිළිය ලෙස ද සම්මාන ලැබූහ.
ධම්ම චක්ක බෞද්ධ විහාරයේ දහම් පාසැලේ ආචාර්ය සෝමපාල විජේසිංහ මහතා නිෂ්පාදනය කළ ‘අලි දඩයම‘ උළෙලේ ආරාධිත නාට්‍යය විය. ආශා මොරපිටිය , දියනා ආරියරත්න ,සින්දි විජේසුරිය මෙහිදී ගී ගැයූහ.
තයටත්, කඩවුනු පොරොණ්දුව චිත්‍රපටියේ එඩී ජයමාන්න හා ජෙමිනි කාන්තා ගයන තක්කිට තරිකිට යන ගීත වලට ශ්‍රියන්ත මෙන්ඩිස් සමග නර්තනයට සහාය වුයේය. දිශානි අතුකෝරලගේ භාරතීය නර්ථනය හා පැරිසියේ සරසවි රංඟ කළායතනයේ දරුවන්ගේ පුජා නැටුම උළෙලේ ආරම්භය ආලෝකමත් කළේය. පරාස්සයේ ශ්‍රියන්ත මෙණ්ඩිස්ගේ රැඟුම් වලින් පසු නාට්‍ය උළෙලේ කටයුතු අවසන් වුයේය. එදින නාට්‍ය උළෙලේ මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයානන් වෙනුවෙන් ස්මරණ උපහාරයක්ද පැවැත්වූ අතර එය එදින වේදිකාවේදි මෙලෙස දිග හැරුණේය.
ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රංශයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. එලෙසම විශිෂ්ට ශ්‍රේෂ්ඨයන් බිහිකළ රටකි. ඔවුන් විසින් කැරුණු ආරම්භය මුළු විශ්වය පුරා විසිරී ඉතිරී වර්ථමානයේ නූතන දියුනුවත් සමග යම් නවීකරනවාදි පරිභෝජන ක්ෂේත්‍රයක් දක්වා වර්ධනයවී ඇතත් එහි ආරම්භය අද ද අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. එසේ කිරීම අපේ යුතුකමක්ද වන්නේය.
ජෝන් බැටිස්ට් පොකුයුලන් නම් ප්‍රංශ ජාතිකයා 17 වැනි සියවසේ වර්ෂ 1622 දි මෙලොව බිහිවුණේය. ඔහුගේ තරුන විය වැඩෙන විට, ප්‍රංශ සාහිත්‍යයේ සුප්‍රසිද්ධ චරිතයක්වූ 14 වන ලූවී රජු ප්‍රංශයේ පාලකයා වුයේය. පසු කලෙක රාජකීයන් පවා උපහාසයට ලක් කරමින් සමාජ සංශෝධනයට මග පෑදු ශ්‍රේෂ්ඨ කලා කරුවෙක්වු ජෝන් බැටිස්ට් නොහොත් මොලියෙර් ලෝක හා ප්‍රංශ නාට්‍ය ක්ෂේත්‍රයේ ගරු බුහුමන් ලබන ඓතිහාසික යුග පුරුෂයෙක් වුයේය. ඔහු විසින් සිදුකළ යුග මෙහෙවර ලෝක වාසි අපි අද ද භුක්ති විදින්නෙමු.
ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂ්‍රේත්‍රයේ ජෝන් ද සිල්වා ශූරීන්ගේ නාට්‍ය ආරම්භයෙන් පසු, නුතන නාට්‍ය කලාවේ සියලූ අංශ පෝෂණය කොට ජනතා හදවත වැළඳගත් ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ මෑත යුගයේ පියාණන් ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සැලකෙති.
50 දශකයේ ඇරඹුණු මනමේ, සිංහබාහු නොමැරෙන සිහිවටන ලෙස අදත් ජීවමානය. 70 දශකයේ ප්‍රංශයේ තානාපති ලෙස සේවය කළ ඔහු තානාපති සේවයෙන් ඉල්ලා අස්වී රාජ දුතයෙකු වශයෙන් ‘මා ගත කළ කාලය නිෂ්ඵල අර්ථ ශූන්‍ය එකක් වූ බවත්, එකම ප්‍රයෝජනය වුයේ නවකතාවකට සුදුසු මූල ද්‍රව්‍ය එක්කාසු කර ගැනීමට මට හැකිවීම පමණක් බවත්, ‘ පින් ඇති සරසවි වරමක් දෙන්නේ‘ නම් ග්‍රන්ථයේ සටහන් තබා ඇත්තේය.
‘මා ආශ්වාස ප්‍රශ්වාස කරන ප්‍රාණ වායුව මට ලැඛෙන පැසසුම් නොව විවේචනයයි. පැසසුම් වලට වඩා විවේචන සත්‍යයට සමීප බවක් හැගෙන බැවින් මේවා නැති පාළුව මට පිටරටදී දැනුණේ යැ‘යි ඉහත ග්‍රන්ථයේ ඔහුගේ වචන වලින්ම පැහැදිලි කොට ඇත්තේය.
සරච්චන්ද්‍ර සිංහල වේදිකාවේ පහළවූ විශිෂ්ටතම කවියාවේ. ඔහු සිංහල වේදිකාව ප්‍රභාවත් කළ චින්තකයාදවේ. සිංහල නාට්‍ය කලාවේ අභිවෘද්ධිය උදෙසා කැපවන සෑම සියලූ දෙනාම මේ යථාර්ථය පිළිගැනීමට පසුබට නොවිය යුතුය යන්න සරච්චන්ද්‍රගේ නාට්‍ය දෘෂ්ටිය නම් ග්‍රන්ථයේ කතු මහාචාර්ය සරත් විෙජ්සුරිය විසින් සටහන් තබා ඇත්තේය. නිවැරැදි මතවාදයක් නොවු අඳුරු බර සමාජයකට ඥාන ප්‍රදීපය දැල්වූ අප අතරින් පසුගිය දිනක සමුගත් කීර්තිමත් භාෂා ප්‍රවීණයකුවු මහාචාර්ය සුචරිත ගම්ලත් ලියු ගුරු ගුණ සමර අනර්ඝ ශාස්ත්‍ර ග්‍රන්ථයේද සරච්චන්ද්‍රයානන් ගැන හෙළිකරන කරුණු ඉතා වටින්නේය.
යුගයක් නිර්මාණය කළ මේ මහා කවියා, චින්තකයා සිංහල භාෂව පවතින තුරා අමරණීය බවට නම් වාදයක් නැත. එම යුග පුරුෂයානන් සිහිපත් කිරීම එතුමන්ට මෙන්ම නාට්‍ය කලාවට අපි විසින් සිදුකරන ගෞරවණීය ප්‍රණාමයක් වන්නේය.
ඒ සදහා සුදුසු අවස්ථාවක් මීටත් වඩා නොමැත. ඒ කෙසේද?
එදින එහි ගෞරවය ආරාධිත අසුන් සැරසූ කිසා ගෝතමී සරච්චන්ද්‍ර දියණිය, ඔහුගේ ගුරු සුවඳ ලැබූ ප්‍රවීණ නාට්‍ය ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා එකල එතුමන්ගේ දීප්තිමත් සිසු නමක්වූ ‘හේ සිද්ධාර්ත නම් වේ‘ යන නවකතාවෙන් සාහිත්‍යය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ එකතුවෙන් එදින සැඳෑව සරච්චන්ද්‍රයානන් ජීවමාන කරවීමට සමත් වුයේය. එබැවින් එදින සැදෑව ඔහුගේ ජීවන සුවඳින් සංකළනයවී තිබුණේය.
ඔහුගේ සුවඳින් මුළු ශාලාවම සුවඳ ගැන්වී තිබුණේය. ඊට ටික වේලාවකට පසු ඔහුගේ නාට්‍ය ගීත වලින් ප්‍රේක්ෂක දෙසවන් පිනවුයේය. එබැවින් ඔහු සිහි කිරීමට එදින සැඳෑව සුදුසුම අවස්ථාවක් වුයේය. ඒ නයින් එදින පැවැත්වුයේ සරච්චන්ද්‍රයානන්ගේ සිහිපත් මංගල්‍යයක් යැයි හැදින්වීමද ඉතාමත්ම යෝග්‍යවේ.
ඒ සමගම ප්‍රංශයේ සුරිය උදාව ළමා සුභ සාධක සංවිධානය විසින් සූදානම් කළ රමණීය ස්මරණ සිහිවටනයක් ප්‍රවීණ නාට්‍ය ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් අතින් පැරිස් යුනෙස්කොවේ විදේශ හා සංස්කෘතික ලේකම්වරිය ලෙස සේවය කරන කිසාගෝතමි සරච්චන්ද්‍ර මහත්මියට පිළිගැන්වීය. එය සංවේදි හැගුම් බර අවස්ථාවක්ද වුයේය. මෙම සියලූ දෙයින් ප්‍රංශයේ සුරිය උදාව ළමා සුභ සාධක සංවිධානය එක් කඩඉමක් ජය ගත්තේය.
ප්‍රංශයේ ‘සුරිය උදාව‘ ළමා සුභ සාධක සංවිධානයේ සභාපති සමන් මාන්නප්පෙරුම මහතා හා ජයන්ති වැලිකන්න මහත්මිය විසින් පිළිගැනීමේ හා ස්තුති කතාව සිදු කරනු ලැබූහ. වේදිකා පරිපාලනය හා වේදිකාව හැඩගැන්වීම සමග ආලෝක කරණය ලයනල් මල්ලිකාආරච්චි මහතා හා චිත්‍ර ශිල්පී ඇන්ටන් කැලූම් විසින් සිදු කළේය. දිපිකා කොඩිකාර ප්‍රමුඛ නුර්ති ගී කණ්ඩායම ගායනයට සහාය වුයේය. ‘සුරිය උදාව‘ ළමා සුභ සාධක සංවිධානය නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි දමන ගම්මානයේ ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍යය පරිගණක ලබාදීම සඳහා පැවැත්වූ කෙටි නාට්‍ය තරඟාවලිය සතුටින්, සාමයෙන් එළෙස පැරීසියේදි නිමා වුයේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිස් සරාසඳ සමුළුව
වික්‍රමසිංහ Tuesday, 14 May 2013 03:22 PM
හොද දෙයක් , මගේ උපහාරය ! (ස)
දිසානායක Sunday, 19 May 2013 01:31 PM
හොදයි හොදයි. (නි)
සුපුන් Wednesday, 22 May 2013 09:43 AM
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)