X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


පිටකොටුවේ පදික වෙළෙඳුන් කියන කතා

27-Page-01-Nim-3    

 

කොළඹ නගරය ගත් කල එහි ජනාකීර්ණම ප‍්‍රදේශය පිටකොටුවය. දිනපතාම තම තමන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 6 ක පමණ පිරිසෙන් බහුතරයක් ගැවසෙනුයේ පිටකොටුව ආශ‍්‍රිතවය. මූලික වශයෙන්ම වෙළෙඳාම කේන්ද්‍රගත වූ පිටකොටුවේ පදික වේදිකාවල පමණක් වෙළෙඳාමෙහි නිරත වූවෝ හයදහසක් පමණ වෙති. මේ පිරිස විවිධ රජයන් යටතේ විවිධ බාධක හමුවේ පදික වේදිකාවල වෙළෙඳාමෙහි නිරත වුව ද එම වෙළෙඳාම කෙරුණේ ඉතාම අවිධිමත්වය.

 

655
විශේෂයෙන්ම  ඕල්කට් මාවත, මල්වත්ත පාර, පළමුවැනි, දෙවැනි, තුන්වැනි හරස්වීදි හා කෙළින් වීදිය මෙම පදික වෙළෙඳුන්ගේ රජදහන්ය. නමුත් මෙම වීදිවල ගමන්ගන්නා මගීන්ට මෙම පදික වෙළෙඳාම නිසා විශාල අවහිරතාවලට මුහුණ පාන්නට සිදුවූ බව නොරහසකි. විශේෂයෙන්ම උත්සව සමයේ නොයෙකුත් උපකරණ හා භාණ්ඩ මිලදී ගැනීමට පිටකොටුවට රොක්වන ජනතාවට මෙම පදික වෙළෙඳුන් අසල ගැවසෙන ගැටකපන්නන්ගෙන් තම මුදල් පසුම්බි ආරක්ෂා කර ගැනීමද විශාල ගැටලූවක් වූයේය. අනෙක් අතට තරුණ කාන්තාවන්ටද මෙම පදික වෙළෙඳුන්ගේ තාඩන, පීඩන, හිරිහැරවලට ලක්වීමට සිදුවූ අවස්ථාද නොතිබුණා නොවේ. එසේම වාහන තදබදයට ද, කොළඹ නගරයේ නගර අලංකරණයටද එමගින් සිදුවූ බලපෑම සුළුපටු නොවේ.


නමුත් විවිධ රජයන්ට මෙම හයදහසක් පමණ වූ පදික වෙළෙඳුන් දෙස මානුෂීය මුහුණුවරකින් සලකා බලන්නට සිදුවූයේ ඔවුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසකගේ දිවිගැට ගැසුණේ මේ කාරණාව නිසා වූ බැවිනි. එනිසාම විවිධ රජයන්ට ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට සිදුවුව ද විවිධ අවස්ථාවලදී රටේ පරිපාලනමය ගැටලූ සලකා ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට සිදුවිය. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේදී එවක ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව සිදුකළ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් කොළඹ නගරයට සුවිශේෂී අලංකරණයක් එක්වූ බව අපි අවිවාදයෙන්ම පිළිගත යුතුවෙමු. එය එම වැඩපිළිවෙළ වෙනුවෙන් පදික වෙළෙඳුන් බැස්ටියන් මාවතට තා27-Page-01-Nim-4වකාලික පදනම යටතේ ගෙන ගිය අතර පසුව බෝධිරාජ මාවතේ ඔවුනට වෙළෙඳාම සඳහා ස්ථිර ඉඩකඩක් ලැබුණි. පිරිසකට පිටකොටුව පාවෙන වෙළෙඳසැල් සංකීර්ණය තුළ ඉඩකඩ වෙන්විණි. තවත් පිරිසකට කිසිදු ඉඩකඩක් නොලැබිණි. ඒ පදික වෙළෙඳුන්ගේ ශෝකාන්තයයි. එහෙත් රාජපක්ෂ රජයෙන් මොවුන් සඳහා ස්ථිර වෙළෙඳසැල් ඉදිකරදීමට අක්කර 9 ක ඉඩකඩක් පිටකොටුවේම වෙන්කෙරිණි.


කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පසුගිය දිනවල මෙම පදික වෙළෙඳුන්ට පිටකොටුවේ පදික වේදිකාවල යළිත් වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සාමාජීය වශයෙන් මෙන්ම දේශපාලනිකවද විශාල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීමට මේ වනවිට හේතුවී තිබේ.


මෙම ප‍්‍රශ්නය අවසානයේ වත්මන් ජනපතිවරයාගේ සෘජු අවධානයට යොමු වූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තාවක් සැකසීමට කමිටුවක් පත්කර තිබේ. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාට ද එම වාර්තාව ගැන සොයා බැලීමේ වගකීම ජනාධිපතිවරයා විසින් පවරනු ලැබ ඇත.


මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපි පදික වෙළෙඳුන්ගෙන්, මගී ජනතාවගෙන්, අදාළ දේශපාලන බලධාරීන්ගෙන් කරුණු විමසුවෙමු. මේ එහි පෙළ ගැස්මයි.
අනුරාධපුරේ පදිංචි රොහාන් මහතා නිතර නිතර කොළඹට පැමිණෙන්නෙකි. මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ මෙවන් පිළිතුරකි.


”කොළඹ නගරය ගත්තම අනෙක් නගරවලට වඩා එය ඒක අපට සුවිශේෂියි. ලෝකයේ රාජ්‍ය නායකයන් මෙරටට ආවත් ඔවුන්ට වැඩිපුරම ඇහැගැහෙන්නෙ මේ නගරය. ඒ නිසා ඒ නගරය පිළිවෙළට තියෙන්න  ඕනෙ. පදික වෙළෙඳුන් නිසා ඒ නගරය අවලස්සන වෙනවා. එනිසා මේ අගනගරය රැකගන්න පාලකයෝ කටයුතු කළ යුතුයි. ඒ වෙළෙඳුන්ට විකල්ප වැඩපිළිවෙළක් සකසා දීමත් මේ පාලකයන්ගෙ යුතුකමක්.”


මාලඹේ පදිංචි ලීල් ගුණසේකර මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි අප‍්‍රසාදයකි.


”පදික වේදිකා තියෙන්නෙ වෙළෙඳාම් කරන්න නෙවෙයිනෙ. ඒවා තියෙන්නෙ මගී ජනතාවට හිරිහැරයක් නැතිව යන්න. නමුත් පසුගිය කාලෙ මේ වෙළෙන්දො නිසා මගී ජනතාව විශාල ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා.

27-Page-01-Nim-5


අනෙක මේ අය විකුණන භාණ්ඩ ගැන කිසිම විශ්වාසයක් අපට නැහැ. අද ඉන්න වෙළෙන්දා හෙට එතැන නෑ. බාල බඩු විකුණලා මිනිස්සු අමාරුවෙ දානවා. එයාලගෙ වෙළෙඳාම කිසිම විධිමත් බවක් නැහැ. මේ අය ජීවත් වෙන්නත්  ඕන තමයි. ඒ නිසා ඒ අයට විකල්ප ස්ථානයක් දුන්නට කමක් නැහැ. මගීන් ගැනත් හිතන්න  ඕනෙ”


විනීතා රංජනී මහත්මිය වසර 10 ක් පුරා පදික වේදිකාවේ වෙළෙඳාමෙහි යෙදෙන්නීය. ඇගේ පවුලේ පස්දෙනෙකු යැපෙන්නේ ඇය උපයන සොච්චම් ලාභයෙනි. මේ ඇගේ කඳුළුය.


”අපි මහත්තයෝ අවුරුදු දහයක් තිස්සෙ කාටවත් කරදරයක්, හිරිහැරයක් නොකර මෙතන වෙළඳාම් කරගෙන යනවා. අපිව මෙතනින් එළෙව්වොත් ජීවිතේ ගැටගහන්න විශාල ප‍්‍රශ්න එනවා. පවුලේ පස්දෙනෙක් යැපෙන්නෙ මේ වෙළෙඳාමෙන්. ඒ නිසා අපේ පැත්තත් බලලා ජනතාවගෙ පැත්තත් බලලා තීරණ ගන්නව නම් අපි දෙගොල්ලන්ටම හොඳයි.

 

”මම ක‍්‍රියාත්මක කළේ ඉහළින් එන නියෝග”


කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්


”පිටකොටුව පදික වෙළෙඳුන්ට නැවත පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමට ඉඩ ලබාදෙන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ මැතිඇමැතිවරුන්ගෙන් මට නියෝග ලැබුණා. ඒ නිසයි මට මේ ගැන සලකා බලන්න සිද්ධවුණේ.”


”විවිධ දේශපාලන අරමුණු හිතේ තියාගෙන මේ වෙළෙන්දෝ ගිහින් දේශපාලනඥයෝ හමුවෙනවා. ඊට පස්සෙ මැති ඇමැතිවරු මේ වෙළෙන්දන්ට පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න ඉඩදෙන්නෙ නැත්තෙ ඇයි කියලා දුරකථනයෙන් කතා කරලා මගෙන් අහනවා. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විවිධ ප‍්‍රශ්න තියෙන නිසා එහෙම වෙළෙඳාම් කරන්න අවසර දෙන්න කියලා ආයෙත් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් කතාකරලා කියනවා. ජනාධිපති කාර්යාලයේ ලේකම්වරු කතා කරනවා. ඒ අය කතා කරන්නෙත් ජනාධිපතිතුමා කිව්වා මේ අයට වෙළෙඳාම් කරන්න අවසර දෙන්න කියලා. ඉතිං මම මොකද කරන්නෙ.
”රටේ පවතින නීති ක‍්‍රියාත්මක කිරීම මානව හිමිකම් කැඞීමක් නොවෙයි”

27-Page-01-Nim-6

 


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ


” ඕනම රටක පාර දෙපස පදික වේදිකාවක් තියෙන්නෙ මිනිස්සුන්ට වෙළෙඳාම් කරන්න නෙවෙයි. මගී ජනතාවට ගමන් කරන්න. මේ පදික වෙළෙන්දෝ කාලාන්තරයක් තිස්සෙ පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නිසා මගී ජනතාවට විශාල හිරිහැරයක් වුණා. මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි අපි කොටුවේ වෙනමම අක්කර 9 ක භූමි භාගයක මේ අයට ස්ථිරව වෙළෙඳාම් කරන්න ස්ථානයක් සකසන්න සැලසුම් කළේ. ඒ සැලසුමට එදා අයවැයෙන් මූල්‍ය ප‍්‍රතිපාදන පවා වෙන් කෙරුණා. නමුත් ආණ්ඩු පෙරළියත් එක්ක ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න බැරිවුණා.


”සමහරු කියනවා මේ පදික වෙළෙඳුන් ඉවත් කිරීම මානව හිමිකම් කැඞීමක් කියලා. නමුත් රටේ පවතින නීති ක‍්‍රියාත්මක කිරීම මානව හිමිකම් කැඞීමක් නොවෙයි. මේක අපි අවබෝධ කරගත යුතුයි.”

 


දේශපාලන වාසි තකා ක‍්‍රියා කිරීම වැරැදියි


බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග


”පදික වෙළෙඳුන්ට නැවත පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබාදීමට නගරාධිපතිවරයා ගත්ත තීරණය පැහැදිලිවම වැරැුදියි. ඒක දේශපාලනික වශයෙන් තමන්ගෙ පුද්ගලික දේශපාලනික වාසි තකා ගන්නා තීන්දුවක්. අපි මුලින්ම රට ගැන සිතිය යුතුයි.


”පදික වෙළෙඳුන් පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නිසා පසුගිය කාලසීමාවල්වල මගීන්ට විශාල අපහසුතාවලට මුහුණ පාන්නට සිදුවුණා.

ගැටකපන්නන්ගේ ප‍්‍රශ්න, කාන්තා අතවර, වගේම මගීන්ට නොයෙක් ආපදා සිදුවුණා. බොහෝ දේශපාලනඥයින්ට මේ පදික වේදිකා වලින් වෙළෙන්දන් ඉවත් කරන්න බැරිවුණා. එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක එක්වෙලා ඒ කටයුත්ත කළා. කොළඹ නගරය ඉතාමත් අලංකාර නගරයක් බවට පත්කළා. සංචාරක ආකර්ෂණයට ඒ නගරය පත්වුණා. සංචාරකයන් එහෙම එද්දි බස්නාහිර පළාතේ මුදල් වැඩිපුර ගැවසුණා. ඒ නිසා නගර සභාවට මෙතනදි විශාල වගකීමක් පැවරෙනවා. නගරාධිපතිවරයාට තනි තීන්දු ගන්න බැහැ. පුද්ගලික ඡන්ද පදනම බලාගෙන මැතිවරණ ජයග‍්‍රහණ මුවාවෙන් පදික වෙළෙඳුන් විශාල ප‍්‍රමාණයක් සතුටු කිරීමට යාම, නගරය ලබා ඇති දියුණුව මුළුමනින්ම විනාශ කිරීමක්.”


ඒ නිසා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විදියට මම මගේ රාජකාරිය නිසිලෙස ඉටුකරනවා. මම නාගරික කොමසාරිස්වරයා හරහා මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව නිසිලෙස කටයුතු නොකළොත් පළාත් පාලන කොමසාරිස්වරයා මගින් නීතිමය කටයුතු ක‍්‍රියාත්මක කරනවා.

m



අදහස් (0)

පිටකොටුවේ පදික වෙළෙඳුන් කියන කතා

රූපවතී Friday, 03 July 2015 08:54 AM

සම්පුර්ණම මේ පදික වෙලේදුන්ව ඉවත් කරන්න ඕනේ ..? මේ රටේ සෑම තැනකම පාරේ නගරයේ ..පේව්මන්ට් එක මහජනයාට ගමන් කිරීම සදහා පිරිසිදුව...බාධාවකින් තොරව තිබීම ඒ රටේ රජයක වගකීමයි ..? අනික මම එකම එක දිනක් ඒ 2012 වසරේ දිනක් මගේ පුතා සහ ස්වාමියා සමග පිට කොටුවේදී දරුවට රස්නේ නිසා කෑමට දෙයක් පළතුරක් අරන් දෙන්න වෙළෙන්දෙකු ළගට ගියාට පසුව..අපිට ඒ ඇපල් වල ගණන් කීවා මගේ මහත්තය ඇපල් ගෙඩියක් ඇල්ලුවා කියල අමු තිත්ත වචනයෙන් බැන්නා..මම දරුවයි මහත්තයයි අතින් අල්ලන් ඊළඟ වෙළෙඳ ළගට ගියා කියල තවත් කෑගහල බැන්නා සේරම වෙළෙන්දෝ එකයි ..මගේ මහත්තයට සුද්ද කියල මහා ජරා විදියට සිංහල අපේ වෙළෙන්දෝ කතා කළේ .ඒ ත් මගේ මහත්තයයි මායි ඔවුන්ට සිනහවකින් සමා වෙන්න පලතුරු ඇල්ලුවට කියල මගහැරලා ගියා ..?දරු පැටියවයි මහත්තයයි අරන් ආයේ නම් ජීවිතේට ඔය නරකාධිය අහලක යන්නේ නැහැ ..? ඇත්තටම ඒ මිනිසුන්ගේ කිසිම හැදියාවක් නැහැ ..මහා නරකම නරක මිනිසුන් කොටසක් මට පුදුම හිතුනා එදා මම මේ ඉන්නේ මගේ ලංකාවේ මිනිසුන් අතරද කියලා ..ඒ තරම් නරක මිනිසුන් කොටසක් කොළඹ සහ පිටකොටුවේ ඉන්නෙ ...? (බ)

:       0       0

අජිත් Friday, 03 July 2015 10:35 AM

නැවත මෙහි වෙළදාම් කිරීමට අවසර දීම හරිම අදුරදර්ශී තීරණයක්. මෙය රජයෙන් නැවත තහනම් කළ යුතුයි (ම)

:       0       0

පිරිස් Friday, 03 July 2015 03:12 PM

අධිකරණ නීතියක් ගෙනාවනම් එක එකාට ඕන තීරණ දෙන්න බැහැ. (බ)

:       0       0

පසිදු Friday, 03 July 2015 03:22 PM

කොටුවෙන් කවදාවත් මුකුත් ගන්න හොද නෑ.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 03 July 2015 08:32 PM

මම නම් පිටකොටුවෙන් මොකුත්ම ගන්නේ නැහැ (නි)

:       0       0

කවින්ද Friday, 03 July 2015 10:44 PM

මේත් අපි වගේම මිනිස්සු! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 04 July 2015 05:31 AM

මොනම හේතුවක් නිසාවත් අපහු වෙලදාම් කරනන් දෙන්න එපා, පුලුවන්නම් අර ස්ථීරව තියෙන ඒවත් අයින් කරන්න, උදේට වැඩට යන කාන්තාවනට මේ පදික වෙදිකේ ඉන්න නරුම වෙළෙන්දෝ කියන කතා ඇහුවම හිතෙනේව මුන්ට අම්මල සහෝදරියෝ නැත්ද කියා. එම නිසා සම්පුර්ණයෙන්ම කඩ අයින් කරන්න ඕන. (අ)

:       0       0

උක්කුන් Saturday, 04 July 2015 06:09 AM

අපි වගේ මිනිස්සු කියලා අනිත් අයට කරදර වෙන විදිහට සහ නීති විරෝධී විදිහට අදායම් මාර්ග හදල දෙන්න ඕනිද? (නදී)

:       0       0

ෆොන්සේකා Saturday, 04 July 2015 09:36 AM

අනේ ප්‍රසන්න මුලින්ම රට ගැන හිතන හින්දද අර හොරු ගේන්න හදන්නේ (නදී)

:       0       0

කමල් Saturday, 04 July 2015 10:22 AM

උක්කුන් ගේ කතා හරියටම හරි. කාවින්ද වගේ මොලේ පස්ස පැත්තේ තියෙන නිසා තමයි මේවගේ මෝඩ තීරණ ක්‍රියාත්මක වෙන්නේ. (නදී)

:       0       0

කැටවල Sunday, 05 July 2015 06:06 PM

පදික වේදිකාවේ කඩ දීම හොඳද? (නි)

:       0       0

ලක්මාල් Monday, 06 July 2015 10:21 PM

ඔය පදික වේදිකා කඩ ඉවත්කරන්න පසුගිය රජය කොච්චර මහන්සි වුණාද? එසේ බොහොම අමාරුවෙන් විසඳූ ප්‍රශ්න නැවත ඇතිකිරීම මොනතරම් නරකද? (නි)

:       0       0

චින්තක Tuesday, 07 July 2015 08:25 AM

මේ මිනිස්සු මහා පුදුමාකාර ජාතියක්.විකුණන සේරම දේවල් ඉතාම බාල දේවල්. අනික මිනිසුන්ට කතා කරන්න දන්නේ නැති අය පදික වේදිකාවෙන් මෙයාලාව යවාගන්න පුළුවන් වුනේ ගෝඨාභය මැතිදුන්ට විතරයි (ම)

:       0       0

අජිත් Tuesday, 07 July 2015 11:41 AM

දැන් පේනවනේද රග. ගරු ගොටාබය මැතිදුන්ට පිංසිද්ධ වෙන්න කොළඹ හොද සුර පුරවරයක් කලා. (ර)

:       0       0

අජිත් Tuesday, 07 July 2015 11:44 AM

ෆොන්සේකා, ඔය පාට කන්නාඩිය ගලවලා ටිකක් හොදට ඇස් ඇරලා අවට බලන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site