X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


පිබිදෙන යුගයකට අලුත් රාමුවක්

ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කෙරෝනා වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී වූහ. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් සිටින අතර අලුත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය.

අලුතින් ඇතුළුවන යුගය තුළ මෙතෙක් නොතිබුණ පැති වලින් අවස්ථා මතුවෙමින් තිබේ. විද්‍යාව හා තාක්ෂණය වෙත නැඹුරු වී ඇත. බලශක්ති ප්‍රභවය බොරතෙල් යුගයේ සිට සූර්ය බලය වෙත පරිවර්තනයකි. භාණ්ඩ ප්‍රවාහනයට ඩ්‍රෝන තාක්ෂණය යෙදවෙමින් තිබේ. රාජ්‍ය පරිපාලන හා ජාත්‍යන්තර සම්බන්ධතා වෙනස් ව්‍යුහයක් ගෙන තිබේ. සන්නිවේදන අංශ වේගවත් වී ඇත. ව්‍යාපාර මෙහෙයවන අන්දම පමණක් නොව නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ වන ස්වභාවය ද නවතම ප්‍රවේශ සහිත බව අධ්‍යයන වාර්තා දක්වයි. අලුත් ආයෝජන සිදුවෙයි. ආයෝජනය කරන අංශවල තිබුණ ගෝලියකරණ ස්වභාවයෙහි වෙනස්කම් ඇති වී තිබේ. ලෝකයේ සිදුවන නව ප්‍රවණතා කෙරෙහි පුළුල් අවධානයක් යොමු කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ පිබිදෙන අනාගතය කෙරෙහි තිරණාත්මකය.

ලෝක ආර්ථිකයට ආසියාවෙන් ලැබෙන දායකත්වය ඉහළ යනු ඇති බව කොරෝනා වසංගතයට කලින් පවා අවධානයට ලක් ව තිබූ කරුණකි. අද එය යථාර්ථයක් ව තිබේ. බටහිර වෙළඳ පොළ වෙත අවතීර්ණ වෙන්නට කලින් ආසියාවේ රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරු අවශ්‍යතා පුළුල් වන බව අනාවරණය වෙයි. කලාපීය වශයෙන් ශක්තිමත් වෙමින් තිබේ. මෙතෙක් කල් ඇමරිකාව, බ්‍රිතාන්‍ය හෝ යුරෝපා ප්‍රජාව වෙත ඉලක්ක වූ විදේශ වෙළඳාම කලාපීය වශයෙන් කේන්ද්‍රගතවීම අවබෝධකරගත යුතු සංකීර්ණ පැත්තකි.

අපට හුරු වි තිබුණ පැරණි ව්‍යුහය අවසන්ය. ඉදිරි වසර දහය තුළ නිර්මාණය වන ලෝක ස්වභාවයට ගැළපෙන පරිදි තීරණ ගත යුතුව තිබේ. මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය මෙහි දි ගැටලුවලට මුහුණ දෙනු ඇත. වෙනස්කම් ඇති කරන තීරණ මහා පරිමාණ ව්‍යවසායකයන්ට ඉක්මනින් ගත හැකි නමුත් මධ්‍ය පරිමාණ පිරිසට අභියෝග මතුවෙයි. සංචාරක, ඇඟලුම් අපනයන හෝ තේ කර්මාන්තයේ නියැලි මහා පරිමාණ ආයෝජකයන්ට තම අත්දැකිම් සහ වෙළඳ පොළ වෙනස් වන අන්දම ගැන අධ්‍ය්‍යනය කළ හැකිය. සමික්ෂණ කරන්නට හෝ අලුත් පර්යේෂණ වල ප්‍රතිඵල ලබා ගත හැකිය. එහෙත් මධ්‍ය පරිමාණ ආයෝජකයන්ට මුල සිට වෙහෙසෙන්නට සිදුවෙයි. ප්‍රතිපත්ති සකස් කරන විට එවැනි පැති ගැන සොයා බැලීම සුදුසුය.

කෙ​ාරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත් වූ කර්මාන්ත හා ව්‍යාපාර නගා සිටුවන පියවර ඇරඹී තිබේ. රජය සහන යෝජනා ක්‍රම ගැන යුහුසුළු වෙයි. අඩු පොලි ණය පමණක් නොව නැවත වැඩ පොළ ආරම්භ කරන සහාය ප්‍රකාශයට පත්ව ඇත. බැංකු හා මුල්‍ය ආයතන වහාම ක්‍රියාත්මක නොවීම බලවත් අඩුවක් බව ට චෝදනා මතු වී තිබුණි. වහා පියවර ගෙන තිබේ.

තිබුණ රාමුව නැවත හදන පියවර පමණක් ප්‍රමාණවත් නැත. අලුත් තීරණ ගත යුතුය. මෙතෙක් පැවැති ආර්ථික සහ සමාජ ක්‍රමය ගැන අතෘප්තියක්  තිබුණ බව නොරහසකි. ආණ්ඩු වෙනස්කර පාලන ව්‍යුහයෙහි පවතින ගැටලු නිරාකරණය කරන සේ ජනතාව ඉල්ලා සිටි බව අමතක කළ යුතු නැත. එක වරක් දෙවරක් නොව සැහෙන අවස්ථා ගණනක ජනතාව කියා තිබේ. කැළඹිලි සහ අවසානයේ දී ත්‍රස්තවාදයක් දක්වා විහිදි ගියේ නොවිසඳුණු ප්‍රශ්න බව මතක් කර දිය යුතුය. නිදහස ලැබූ දිනයේ සිට රටට අනන්‍ය ක්‍රමයක් සකස් කරන තෙක් ජනතාව බලා සිටියේය. නැවතත් පුරුදු රාමුව හදන්නට කලින් පිබිදෙන යුගය ගැන  සිතිය යුතුය.තරුණ පරපුර ඉල්ලන පරිවර්තනය කුමක්ද? යුක්තිය හා සාධාරණත්වය ඇති කළ යුතුය. වේගයෙන් තිරණ ගත යුතු අතර කුසලතාවයට අවස්ථාවක් ලැබෙන සමාජ ක්‍රමයක් ගොඩනැගීම වැදගත්ය. එළැඹෙන මහ ඡන්දයේ දී ජනතා අභිලාශ උච්ඡතම තැනකට එනු ඇති අතර බැංකුවෙන් ණයක් දී ස්වයං රැකියාවකට තල්ලු කිරීමකට වඩා නිර්මාණශීලි යමක් රටට අවශ්‍ය වී තිබේ.

 

 

 


***
මිලින්ද මොරගොඩ



අදහස් (5)

පිබිදෙන යුගයකට අලුත් රාමුවක්

Champa Wednesday, 24 June 2020 02:37 PM

"අපට හුරු වි තිබුණු පැරණි ව්‍යුහය අවසන්ලු." ඇත්ත. කළු සුද්දන්ගේ ව්‍යුහය හෙවත් කළු සුද්දන් අපට හුරු කරන්න හදපු ව්‍යුහය අවසන්. නිදහස ලබා අවුරුදු 72කට පස්සේ කළු සුද්දන්ටම අවබෝධ වෙලා තියෙනවා.. තමන්ගේ ආර්ථිකය ව්‍යුහය අවසන් අදියරට ඇවිල්ලා කියලා. ඊළඟට කියන මේ කතාව: "ඉදිරි වසර දහය තුළ නිර්මාණය වන ලෝක ස්වභාවයට ගැළපෙන පරිදි තීරණ ගත යුතුව තිබේ." මේ කතාවෙනුත් පෙන්වන්නේ සිංහල අපේ ඉතිහාසය ටොකු ඇන ඇන කියලා දුන්නු අදටත් වලංගු "පුත, ළඟ නොබලන්න. දුර බලන්න" කතාව තවමත් ඉගෙන ගෙන නැති බවයි. ඒකට හේතුව නිදහස ලබපු දවසේ ඉඳන් අද දක්වාත් පාලකයින්ට උපදෙස් දෙන්නේ රටේ අනාගතය ගැන නොව පාලකයාගේ දේශපාලන පැවැත්ම රැකගත යුතු කාලය හෙවත් අදට අනුව නම් ඡන්ද දෙකකින් දිනන කාලය (අවුරුදු 10) පහු කරගන්න කම් විතරක් වීම. ලෝක ස්වභාවයේ අලුත් නිර්මාණය වෙන්න දෙයක් නැහැ. අනික ඒකට තව අවුරුදු 10ක් යන්නෙත් නැහැ.

:       0       1

Champa Wednesday, 24 June 2020 02:58 PM

සිංහල, බෞද්ධ අපේ ඉතිහාසය දන්න, සිංහලේ නියම උරුමක්කාර යක්ඛ ජනවර්ගයෙන් පැවතෙන සිංහලයන්ගේ නම් ඇඟටත් දැනෙනවා ඇති.. කොරෝනා වෛරසය කලේ ලංකාවට යන්න ඕන පාර සුද්ධ කරලා දීපු එක කියන එක. අවුරුදු 5000 මැද වෙනකොට ලංකාවේ ගමන් මඟ වෙනස කරන කඩයිමක් එන බව අපේ ඉතිහාස කතා කීපෙකම තියෙනවා. 2020 කියන්නේ බුද්ධ වර්ෂ 2563. ලෝකයම එක තැන නතර කළ, ලෝකයම අසරණ කළ, ලෝකයම කම්පා කළ, කොතැනින් පටන් ගත්තද කියලා අදටත් නොදන්න, කොරෝනා වෛරසයට හේතුව ලංකාවේ ගමන් මගේ ඇති වෙන්න නියමිත මේ වෙනසට අවශ්‍ය පරිසරය හැඩ ගස්වා දීම... මේක තේරෙන ටික දෙනෙක් ඉන්නවා. ලෝකය යායුතු අත තීරණය කිරීමේ මූලික අඩිතාලම වැටෙන්න ඕනේ ලංකාවෙන්. ඒක කරන්න ඕනේ කොහොමද කියලා අතීත හෝ වර්තමාන පාලකයින්ටවත් ඔවුන්ට උපදෙස් දෙන කළු සුද්දන්ටවත් තේරෙන්නේ නැහැ. කොරෝනා වෛරසයෙන් ලංකාවේ බහුතරයකට බලපෑමක් නොවීමේ ගෞරවය බුදු දහමට සහ සිංහල වෙදකමට නොදුන්නු පාලකයාට, ලංකාව යන අත වෙනස් කරන්න හැකියාවකුත් නැහැ.

:       102       3

ranaFriday, 26 June 2020 07:48 AM

ඔබ හොඳින්ද?

:       1       0

ChampaFriday, 26 June 2020 04:17 PM

මම නම් හොඳටම හොඳින්... ලෝකය වෙනස් වෙලා. ලංකාව එකතැන. මැක්ඩොනල්ඩ් වගේ ආයතනයකුත් ප්ලාන්ට් බේස්ඩ් බර්ගර්වලට මාරු වෙන්න හදනකොට, ලෝකයා මීට්ලස් කෑම හොයන කොට, ලංකාව කුකුල්මස් මැදපෙරදිගට යවනවලු. සිංහල බෞද්ධ ලංකාවට මේ ආවේ හොඳම කාලයක්...

:       0       0

Champa Thursday, 25 June 2020 12:46 AM

"ඉදිරි වසර 10 තුළ නිර්මාණය වන ලෝක ස්වභාවයට ගැලපෙන පරිදි..." මේ කතාව ගැන නැවත ලියන්න හිතුණා. කොරෝනා වෛරසය විසින් ලෝක ව්‍යාපාර සන්නිවේදනය අවුරුදු 10කින් ඉස්සරහට අරන් තියෙන්නේ දැනටම. වැඩිහිටියන් ගෙවල්වල ඉඳන් දුරස්ථ රැකියා කරද්දී, විවිධ රටවල් දරුවන්ව හෝම්ස්කූලින් වලට හුරු කරලා. ඉස්සර ස්කයිප් වලින් ස්ටාෆ් රැස්වීම් කරන්නවත් හිතුවේ නැති ලෝකයේ විවිධ රටවල රාජ්‍ය ආයතන සහ කොම්පැනි ලොක්කන් දැන් සතියකට සැරයක් එහෙම කරනවා වගේම පහළ විධායක ශ්‍රේණිවල තරුණ නිලධාරින්ට කලින් වගේ තමන්ට ඉහළ නිලධාරියා හරහා යන්නේ නැතුව කෙලින්ම තමන්ගේ හැකියාවන් පෙන්වන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට, ඉස්සර කාර් හදපු සමාගම් වෙන්ටිලේටර් හදන්න ගත්තා. ප්‍රසිද්ධ වෙළඳනාම තිබ්බ සමාගම් මෝස්‌තර ඇඳුම් අතැරලා රෝහල් කාර්ය මණ්ඩල අඳින ඇඳුම් සහ මාස්ක් මහන්න ගත්තා. විවිධ නිෂ්පාදන ව්‍යාපාරිකයන් තමන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන අතෑරලා සැනිටයිසර්, හෑන්ඩ් සෝප් හදන්න ගත්තා. අපේ වගේ මිනිස්සු ලත වෙවී ඉන්නේ නැහැ. ස්වීඩනය ස්වාබ් ටෙස්ටින් කරන්න රෝබෝවක් හදලා. අපිටත් ඒක හදන්න පුළුවන්. ඕනෑකමක් නැතුව මිසක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site