X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


පිරිමි අල්ලන ගෑනු දැල්

ඇන්ටිගේ බෝඩිමෙන් අපි මේ පාර ගියේ කටුනායක නිදහස් වෙළද කලාපය පැත්තට. වෙනදාට යන්ත්‍ර සුත්‍රවලටත් වඩා වේගයෙන් තරුණ තරුණියන්ගෙන් පිරීගිය කටුනායක නිදහස් වෙළඳ කලාපය ටිකක් සන්සුන් ස්වභාවයක් අපට දැනුණා.

26-Rasa-P2-BA
ටිකක් සන්සුන් ස්වභාවයක් දැනුණු නිසා මාත් එක්ක එකතු වුණ තවත් සගයෝ දෙතුන් දෙනෙක් යෝජනාවක් ගෙනාවා.


අපි ටිකක් ඇවිදලා බලමු. ඔය බෝඩිම් කතා අස්සේ අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා. හැමදාම අපිට අහන්න ලැබෙන්නේ බෝඩිම්වල ජීවත්වෙන උදවියගේ දුක විතරනේ.


“බෝඩිම්වල දුක නැතුව, උඹ හිතුවද සතුට බේරෙනව කියලා. යකෝ පොළොවේ පය ගහලා ඉන්නවා දැනෙන්න නම් බෝඩිම් ජීවිතේ ගෙවන්නම ඕනෑ. වේලක් දෙකක් බඩගින්නේ ඉන්නකොට, බෝඩිම් ඇන්ටිගේ කටින් කුණුහරුප එක දෙක පිට වෙනකොට, පුංචි කාමර කෑල්ලක පස් හයදෙනා හිරවෙලා ඉන්නකොට නාන්න වතුර නැතිවෙන කොට සැප කනේ... ඒ වෙලාවට ඇත්තමයි හිතෙනවා බං අපිට ලොකු මහත් නොවී අත දරුවෙක් වෙලා ඉන්න තිබුණ නම් කියලා. අම්මා තාත්තා කන්න බොන්න දෙනවනේ. ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඒත් දුකමනේ බං, ඉගෙන ගන්න එවුන්ට රස්සා නෑ. මොකක් හරි හම්බ වුණත් කොහේ හරි ඉන්න හාල්පාරුවන්ට තමයි බං ඒවත් සෙටි වෙන්නේ. අපි දිහා දෙයියෝ බලනවා. ඒත් වැඩක් නෑ බං. කොහේ හරි ඉන්න මලපෙරේතයෙක් ඒකට ඔරවනවා.”


අපේ සගයෙකුට පොඞ්ඩක් විතර තරහ ගිහින් කතාව ඉවරයක් නැහැ. ඔය ඉතින් වැඬේ පැත්තක තියලා වැඬේට ආපු එවුන් මරාගන්නවනේ.


ඇත්තටම ගොඩක් දෙනෙකුට කොළඹ එන්න කලින් කොළඹ පේන්නේ ජීවිතේ විඳින්න පට්ටම තැනක් විදිහට. කොළඹට එනකොට මුහුණුවල තියෙන සුන්දරත්වය, සිනහව ටික දවසක් යද්දී ටිකෙන් ටික අඩුවෙලා ගියත්, දුක ඇතුළෙන් සිනහ වෙන්න ගොඩක් ජීවිත උත්සාහ කරනවා.


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය කියන්නේ කඩිමුඩියේ එහාමෙහා දුවන යන්ත්‍රසුත්‍ර වගේ ඉස්පාසුවක් නැති වැඩබිමක්. හීන මාලිගාවක් හිතේ දරාගෙන කොළඹට එන ගොඩ දෙනෙකුගේ ජීවිත නතර වෙන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාප පුරවරයේ. තමන්ගේ අධ්‍යාපනයේ සමහර දේවල් දශම ගණනකින් වෙනස් කරලා එයාලාගේ ජීවිත මේ තැන්වල නතර කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. ලංකාවේ එක් එක් පළාත්වලින් කටුනායකට එන ඔවුන් දැන් එක පවුලක් වගේ.


මේ පරිසරය වෙනදට වඩා ටිකක් සන්සුන් ස්වභාවයක් දැනුණ නිසා, අපි ටිකක් ඇවිදලා බැලුවා. ඒ අතරේ අපට විවිධ වූ චරිත කිහිපයක්ම මුණ ගැහුණා. ඇත්තටම අපි පත්තරෙන් කියලා නොදැන සමහර අය අපට බොහෝ දේ කිව්වා. ඒ අතර අපේ කනවැකුණු මේ බෝඩිම් ජීවිතේ අපූරු කතාවක් මේ සතියේ ඔබට කියන්න හිතුවා.


“බෝඩිමේ” ඒ කියන්නේ තාවකාලිකව කාමර කුලියට දෙන හිමිකාරයෝ, හිමිකාරියෝ ගත්තම විවිධ වයස් මට්ටම්වල අය අපට මුණ ගැහෙනවා. ඒ අතර කටුනායක ප්‍රදේශයේ බෝඩිම්වල සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් ගන්න එන ගොඩක් දෙනා ජීවත්වෙන්නේ කණ්ඩායම් වශයෙන්. තනිව හෝ දෙදෙනා ජීවත්වෙන බෝඩිම් තියෙන්නේ හරිම කලාතුරකින්. මෙලෙස කණ්ඩායම් වශයෙන් බෝඩිම් සොයා එන ගොඩක් පිරිසකගේ ඔබ නොදකින, නොහිතන බොහෝ දේ තියෙන්නට පුළුවන්. සමහර විට එය කපටි කම, වංචාව වෙන්නත් පුළුවන්. 


මේ අපට අහන්න ලැබුණු බෝඩිම් ඇතුළේ සිද්ද වෙන හැබැයි කවුරුත් නොහිතන කතාවක්.


“ඔය ළමයි කොහේ ඉඳලද” අප දුටු පමණින් මැදි වයසේ පුද්ගලයෙකු අප වෙත ප්‍රශ්නයක් යොමු කළා.


ඒ වෙලාවෙම අපේ එකෙක් මැද්දට පැන්නා.


“ආ අංකල් අපි මේ බෝඩිමක් බලන්න කියලා.”


කතාවෙන් කතාව සුළු වෙලාවකදී ඔහු සමඟ අපට යම්තාත් දුරට මිතුරුකමක් ඇති කරගැනීමට හැකි වුණා. 


“මම මගේ ගෙදර දැන් අවුරුදු පහළවක් තිස්සේ ඉඳලම බෝඩිම් කාමර දෙනවා. අම්මෝ ඔය කණ්ඩායම් වශයෙන් එන ගෑනු ළමයි ඉන්නවා නේද? සට කපට අම්මණ්ඩිලා මම කියන්නේ අත්දැකීමෙන්මයි.


ලංකාවේ හතර වටෙන්ම එන ළමයිනේ මේ ඉසව්වේ ඉන්නේ. ඒ ළමයි මෙහාට එන්නේ තනියම නෙමෙයි. ලොකු කල්ලියක් එක්ක. ඔය කල්ලි වශයෙන් ඉන්නේ ගාමන්ට් යන ගැහැනු ළමයි තමයි. ඔය කල්ලි ටිකක් විශ්වාස කරන්න අමාරුයි.


ගොඩක් පිරිමි අය කරන බෝඩිම් තියෙනවා නේද, බෝඩිමට එන කෙල්ලෝ බලන්නේ බෝඩිමේ අයිතිකාරයාව අල්ල ගන්න තමයි. 


බෝඩිමේ අයිතිකාරයා බැඳලද? දරුවො ඉන්නවද? කියලා ඒ කෙල්ලන්ට අදාළ නෑ. මේ පළාතේ බෝඩිම් දීලා තියෙන කීප දෙනෙකුම ගෑනු ළමයින්ගේ මායම් ගැටවලට අසුවෙලා නන්නත්තාර වෙලා තියෙනවා.


විශේෂයෙන් ඔය බෝඩිම්වලට එන කෙල්ලෝ බෝඩිම්කාරයව අල්ල ගැනීමේ ලාභය තමයි බෝඩිම් ගාස්තු නොගෙවා නවාතැන් ලබාගැනීම. මේ සිදුවීම බෝඩිම් තුළ බහුලව සිදුවෙන දෙයක්. සමහර බෝඩිම්වලින් ළමයින්ව යවා ගන්න බැරුව නීතියේ පිහිට පතන්නත් වුණ අවස්ථා ගොඩක් තියෙනවා. තවත් සමහර තැන්වල ළමයින්ව යවාගන්නත් බැහැ. නීතියේ පිහිට පතන්නත් බැරි අවස්ථා තියෙනවා. හේතුව තමයි බෝඩිමේ අයිතිකාරයා ඇහැට කනට පේන ගැහැණු ළමයෙක් ආවොත් අනිවාර්යෙන්ම මාන බලලා උස්සනවා. ඉතින් කර කියාගන්න දෙයක් නෑ. කෙල්ලව අරන් ගිහින්නේ. කෙල්ල එතනින් යන්නෙත් නැහැ. අන්තිමට බෝඩිම් අයිතිකාරයට සල්ලිත් නැහැ. ඔය වගේ දේවල් හරියට සිද්ධ වෙනවා. ඒත් පාඩුව විඳගෙන සද්ද නැතුව ඉන්නවා ප්‍රචාරය වුණොත් බෝඩිම්වලට ළමයින් එන්නේ නෑනේ.


මටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා. මම කිව්වනේ මගේ ගෙදරත් දැන් අවුරුදු පහළවක් තිස්සේ බෝඩිම්වලට දෙනවා කියලා. මට ඉන්නේ එක පුතයි. ගෙදරින් කොටසක්ම කුලියට දුන්නා. ඒක ඉතින් අපට ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. 


අපේ ගෙදර හිටියේ ගොඩක්ම ගෑනු ළමයි තමයි. ඔය ඉඳපු ළමයෙක් එක්ක මගේ පුතා යාළු වුණා. ඒ ළමයි මාස හයක් වගේ ඉන්නවා කියලා තමයි බෝඩිම ගත්තේ. බෝඩිමෙන් ලැබෙන මුදලෙනුයි මාත් රැකියාවක් කළා. ආර්ථික අතින් ලොකු දුෂ්කරතා තිබුණේ නැහැ. ඒ නිසා පුතාට අපි හොඳට ගෙදරත් හැදුවා. ගෙදරක කාමරයක් කුලියට දුන්නම ඉතින් ගෙදර අය වගේ වෙනසක් නැහැනේ. අපිත් ඉතින් පුතා ඉන්නවා කියලා අහිතක් ඒ ළමයි ගැන හිතුවෙ නැහැ. පස්සේ පස්සේ පුතා ගෙදර නතර වුණ ළමයෙකුත් එක්ක සම්බන්ධ තියෙනවා කියලා අපට දැනුණා.


අපි දැනගත්තත් මුල ඉඳලම මමයි පුතාගේ අම්මයි අකමැති වුණා. බොරු කියන්න ඕනෑ නැහැනේ. අපි එච්චර ලොකුවට ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි. ඒත් මම පුළුවන් විදිහට මගේ පුතාට ඉගැන්නුවා. එයාගේ කරුමෙට ඉගෙන ගත්තේ නැහැ. පස්සේ ඉතින් ගෙදර නතර වුණ ගෑනු ළමයටත් අපි කිව්වා අපි කැමති නැහැ සම්බන්ධෙට අපිට ආයෙම බෝඩිම ඕනෑ, වෙන තැනක් සොයා ගන්න කියලා. කොහොමහරි ඒ ගෑනු ළමයා පොලිසියේ පැමිණිල්ලක් කළා මගේ පුතාගෙන් කරදරයක් වුණා කියලා. ලෝක ලැජ්ජාව නිසා කසාදේ කරගන්න අපි කැමැත්ත දුන්නා.


ටික දවසක් ගියහම දැන ගන්න ලැබුණා ඒ ගෑනු ළමයා කසාඳ බැදපු ගෑනු කෙනෙක් කියලා. ගම් පළාත නම් කියන්න බැහැ. කොළඹට ඇවිත් තියෙන්නේ ගාමන්ට් යන්න. බෝඩිමේ එයා එක්ක ඉඳපු අනිත් ගෑනු ළමයි ඒ ගෑනු කෙනාගේ කිසිම විස්තරයක් දැනන් ඉඳලා නැහැ කියලා තියෙන විස්තර ගොඩක් ඒවා බොරු. 


මේ යාළුකම් ඇතිවෙන්නේ ගොඩක් ගාමන්ට් එකේ ඇතුළෙදි. එකට බෝඩිමේ ඉඳලා අවසානයේ ප්‍රශ්නයක් වුණාම හැමෝම ඇඟ බේරගන්න තමයි බලන්නේ. මගේ පුතත් අමාරුවෙ වැටුණේ ඔය විදිහට.


මේ වගේ දේවල්වලට ගොඩක් අසුවෙන්නේ ගෑණු ළමයිනේ. පිරිමි ළමයි අමාරුවෙ වැටෙනවා හරිම අඩුයි. ඒත් මේ බෝඩිම් කෙරුවාව නම් පිරිමි ගෑනුන්ගේ උගුල්වලට අහුවෙනවා වැඩියි. පුතාගේ සම්බන්ධය තිබුණ ගෑනු ළමයගේ මනුස්සයා මැරිලා. ළමයෙක් ඉන්නවා. ළමයා දෙමාපියෝ ගාව දාලා තමයි කොළඹ ගාමන්ට් ඇවිත් තියෙන්නේ. ආවේ අපේ ගෙදර බෝඩිමට. දැන් අපි ඒ ගෑනි ගාව බෝඩිම්කාරයෝ වෙලා. පුතාව රවටගෙන ඔක්කොම දේපල ඒ ගැනිගේ නමට ලියා ගත්තා. දැන් බෝඩිම කරන්නේ ඒ ගෑනි. කරන්න දෙයක් නැහැ හම්බ කරපු සේසතම සුනාමියට ගියා වගේ.”


මගේ අත්දැකීම මම ඔය ළමයින්ට කිව්වේ බොහොම කෙටියෙන්. ගෑනු හරි දක්ෂයි පිරිමින්ව අල්ල ගන්න. ඒ වගේම කපටියි. මගේ පුතාව වුණත් අල්ල ගත්තේ ආදරේට නෙමෙයි. දේපල ගන්න. කොළඹට ගාමන්ට් ආපු කෙල්ල අන්තිමට නතර වුණේ බෝඩිමේම හිමිකාරිය වෙලා.


මම මේ කිව්වේ හැමෝම බෝඩිම්වල වැරදිනේ කියන්නේ. ඒත් බෝඩිම් දෙන අයගේ මේ ඉරණම ගොඩක් අය දන්නේ නැහැ. සමාජයේ මෙහෙම දේවලුත් වෙනවා කියලා.


ඔහු තමන්ගේ කතාව හරිම කෙටියෙන් කියලා දීර්ඝ හුස්මක් පිටකළා. බලන්න ඔබ අප නොදන්න කොච්චර දේවල් මේ සමාජයේ සිද්ධ වෙනවද කියලා?. බෝඩිමේ ජීවිතේ අපි නොදකින එක පැතිකඩක් තමයි මේ සිදුවීම්. එකක් දෙකක් නෙමෙයි ඒත් මෙවැනි සිදුවීම් අපට අහන්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒත් ඔවුන්ගේ අදහස නම් මේ සිදුවීම් කටුනායක ප්‍රදේශයේ බහුලව සිදුවන්නක් බවයි.


එකක් පමණක් නොවෙයි එවැනි සිදුවීම් ගණනාවක්ම ඔහු අපට කිව්වා. අප පිළිබඳ විශ්වාසයෙන් අප නොදන්න බොහෝ දේ කියපු නිසා අපටත් බොරුවක් කියන්න හිත දුන්නේ නැහැ. අපි පත්තරෙන් කියලා ආපසු හැරෙද්දී සිනහ මුසු මුහුණින් අපට සමුදුන්නා.


ඔන්න එහෙනම් බෝඩිම් දෙන මහත්තුරුන්ට කියන්නේ ගෑනු ළමයි නතර කරගන්නවනම් පරිස්සෙමන්. ගෑනු ගැට ලියන්න හරි අමාරුය.ි බෝඩිම් ජීවිතේ ඇතුළේ ඔබ නොදන්න තවත් බොහෝ දේ කියන්න තියෙනවා. මුණගැහෙමු ලබන සතියෙන්.

m



අදහස් (0)

පිරිමි අල්ලන ගෑනු දැල්

කනිෂ්ක Thursday, 01 December 2016 12:26 PM

ඉස්සර අපි පොඩි කාලෙත් අපේ ගෙදර උඩ තට්ටුවේ බෝඩිමක් තිබ්බා. ඇඟළුම් කම්හල්වල වැඩට ආපු ගැහැණු ළමුන් 15ක් 20ක් විතර බෝඩ් වෙලා හිටියා. හැබැයි මන් සහ මගේ සහෝදරයා අව්රුදු 14, 15 විතර වයස් වලට එද්දීම, බෝඩිම් ක්‍රමානුකූලව අඩු කරන ගිහින් පස්සෙ නවත්තලම දැම්මා. ටික දවසකට උඩදී බෝඩිම ගැන කතා කරද්දී, දෙමව්පියො කිව්වෙත් ඒ තීරණය ගත්තේ අනාගතය ගැන හිතලා කියලා. (ර)

:       0       0

රත්නේ Thursday, 01 December 2016 02:49 PM

අපි දන්න තැනකත් බෝඩිම් වෙන්න ආපු ගෑනු ළමයෙක් හින්දා සෑහෙන්න කරදරයකට මුහුණ දෙන්න වුනා. ඒ ගෑනු ළමයාත් ඈත පළාතකින් ආපු විවාහක කෙනෙක්. බෝඩිමට ඇවිල්ලා මාස කීපයකින් අල්ලපු ගෙදර හිටපු ඒත් විවාහක තරුණ මනුස්සයෙක් එක්ක සබඳතාවක් පටන් ගත්තා. කොහොම හරි ඔය හින්දා ඇති වෙච්ච ගැට ලිහන්න ගෙදර මිනිස්සුන්ට පොලීසි ගාණේ රස්තියාදු වෙන්න වුනා. (හේ)

:       0       0

ලකී Thursday, 01 December 2016 04:22 PM

ව්‍යාපාරික ලෝකයේ වේවා, රාජකාරි කරන තැන්වල වේවා, සාමාන්‍ය ජන ජීවිතයේ වේවා, මේ සමාජයේ බහුතරය බලන්නේ කෙටි පාරකින් ඉහළට යන්න. එහෙව් එකේ දුප්පත් ගැහැණියක්, යමක් කමක් ඇති පිරිමියෙකුට සෙට්වෙලා ඉස්සරහට යන්න හදන එකේ ඒ හැටි අරුමයක් නැහැ. ඕනෑතරම් පිරිමි ඉන්නේ පෙනුම, චරිතය, දැන උගත්කම්, ගතිගුණ කිසිම දෙයක් ගැන බලන්නෙ නැතුව, හුදෙක් මුදල්, දේපළ ගැන විතරක් බලලා, පොහොසත් ගැහැණියක් කසාද බැඳලා උඩට ආපු. (නි)

:       0       0

රාජ කරුණා Friday, 02 December 2016 03:55 AM

ලකී ඔබ හරි. ගැහැණියකට ඇඟිල්ලක් දිගු කරන ගොඩක් වෙලාවට පිරිමියෙකුටත් ඇඟිල්ල දිග් වෙනවා. අනිත් එක සමාජය බොහොම කපටියි. විෂමයි. ලාභ පරමාර්ථයෙන්, පෞද්ගලික අරමුණු මුල් කරන් තමා ගොඩක් වැඩ වෙන්නේ. ගෑනු පිරිමි භේදයක් එතන නෑ. (ර)

:       0       0

වජිර Saturday, 03 December 2016 03:46 PM

වැදගත් ගැහැණු ළමයිට බෝඩිම් දීමෙන් කිසිම කරදරයක් නැහැ. නූගත් අයට දීමෙනුයි කරදර හිරිහැර වෙන්නේ. තත්වයෙන් අඩු රැකියා කරන ගැහැණු ළමයි බෝඩිම් වලට ගන්නකොට ප්‍රවේසමෙන්. ඔවුන් පසුපස තැරව්කාරයෝ ඉන්න පුළුවන්. හැදුනුම්පත්, ග්‍රාම සේවක සහතික, ලිපින වගේම එම ලියකියවිලිවල නිවැරදි බාවයත් සහතික කර ගත යුතුයි.. මොකද සමහරවිට ඒවා හොර ඒවා විය හැක . අතේ දුරින් ඔවුන් සමග ඇසුර තබා ගත යුතුයි. හොද අයත් ඉන්නවා. (ර)

:       0       0

සමන්ත Wednesday, 07 December 2016 04:47 AM

බෝඩිම් විතරක් නෙවෙයි. සංයමයක් විනයක් සිහිබුද්ධියක් නැතුව කොයි වැඩේ කරත් අන්තිමට හැටලුවක් තමයි. මිනිස්සු ප්‍රශ්න ඇතිකර ගන්නේ විහින්. පස්සේ සමාජයට දොස් කියනවා. ඒ විෂම සමාජය ගොඩනගන්නේ අපිමයි කියලා ඒ අය දන්නේ නෑ. හැගීම් වලට වහල් වෙලා මුදලට ගිජු වෙලා තාවකාලික සතුටක් වෙනුවෙන් කරන බොහෝ දේවල් කෙලවර වෙන්නේ ඛේදාන්තයකින්. මේ නරකයි කියන සමාජේ අපිත් කොටස් කාරයෝ කියලා ගොඩ දෙනෙකුට මතක නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site