X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පුදුම හිතෙන දුම්රිය අතිකාල

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී ලැබූ ආදායම රුපියල් කෝටි 260කි. එයින් කෝටි 230ක් අතිකාල දීමනා වශයෙන් ගෙවා තිබේ. මේ කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. දුම්රිය ගාස්තු යම් මට්ටමකින් සංශෝධනය කිරීමට සිදු වූයේ මේ වියදම් සැලකිල්ලට ගනිමින් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. 

දුම්රිය දෙපාර්තමේන්තුව රටට නැතිවම බැරි රජයේ ආයතන අතුරින් ඉහළම තලයේ රැඳී සිටින දෙපාර්තමේන්තුවකි. එහෙත් රටේ පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ද දුම්රිය සිටින්නේ ඉහළිනි. මේ හේතුවෙන් රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් වශයෙන් ප්‍රතිව්‍යුහගත කෙරෙන ආයතන අතරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නමද සඳහන් වෙයි. නැතිවම බැරි වුවද රටේ මහජනතාවගේ බදු මුදලින් දිගින් දිගටම යැපෙමින් සිටීමට වත්මන් තත්ත්වය හමුවේ කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නැත. දුම්රිය දෙපාර්තමේන්තුවටද එය අදාළය.

දුම්රියෙන් මහජනතාවට සැලසෙන සේවය කොතරම් අත්‍යවශ්‍ය වුවත් මේ ආකාරයට මේ වගේම ආදායම ගිල දමන බහිරවයකුගේ තත්ත්වයෙන් දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නැත. සමස්ත ආදායමෙන් සියයට 96කටත් වඩා වැය කරමින් අතිකාල දීමනා ගෙවා දමනවිට දුම්රිය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු පිරිවැය දරාගැනීමට හැකියාවක් නැත. දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි 700ක් වැයකර තිබූ බව ද දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සිදු වූයේ ඒ නිසා බව ද අමාත්‍යවරයාගේ කතාවේ සඳහන්ව තිබිණි.

මේ සංඛ්‍යාලේඛනවලින්ම පෙනෙන ආකාරයට ලංකාවේ දුම්රිය සේවය පවත්වාගෙන යන්නේ ආදායම මෙන් තුන් ගුණයකට ආසන්න වියදමක් දරමිනි. මේ ගණන් හිලව් පසුගිය වසර හා සම්බන්ධ වුවද ඉන් පෙරදීත් තත්ත්වය මෙයට වෙනස් නොවේ. ආදායමට සරිලන ලෙසට වියදම් කළමනාකරණයක් කිසිසේත්ම සිදුව නැත. අද මුළු රටම දුක් විඳින්නේ ද උද්ධමනය අතින්ද ලොවේ සෙසු රටවල් අතරින් කප් ගසා සිටින්නේද දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් රටේ ජනතාවගෙන් ලක්ෂ හැටකට අධික සංඛ්‍යාවක් ආහාර අහේනියකින් පීඩා විඳින්නේද ආදායම් - වියදම් අතර පවත්වාගත යුතු සමතුලිත බව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. මෙය මහත් ඛේදවාචකයක් නොවන්නේද? මෙතෙක් බලයට පත් හැම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතු නොවේද?

මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් පලක් නැත. බොහොමයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙයට දෙවැනි නොවේ. රජයේ බදු ආදායමෙන් සියයට 96ක් සේවක වැටුප් සඳහා වැය කරන එකම රට බවට ලංකාව පත්ව සිටින්නේද මේ හේතුවෙනි. වහාම කළ යුත්තේ මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමය. ඒ සඳහා ඍජු දේශපාලන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය වෙයි. බොහොමයක් ආණ්ඩු හිර වෙන්නේ මේ තීරණ ගැනීමට යාමේදීය.

දුම්රිය සහ ලංගම අමාත්‍යවරුන්ගේ රැකියා සපයන මධ්‍යස්ථාන බවට පත්වීම මේ රටේ දේශපාලන ඛේදවාචකයකි. එම ආයතනවලට දරාගත නොහැකි මෙම සේවක පඩි නඩි ඉහ වහා යාමට එය එක් ප්‍රධාන හේතුවක් විය. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ එක් වෘත්තීය සමිතියක් කියා තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් පවතින බවය. රාජ්‍ය ආයතනයක් වශයෙන් සේවක වෘත්තීය සමිති වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ සැබෑ තත්ත්වය එය දැයි අපි නොදනිමු.

එහෙත් ඕනෑම දෙපාර්තමේන්තුවක අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ නිවැරැදි දත්ත සටහන් ඉදිරිපත් කළ හැක්කේ ස්වාධීන පිරිසක් මගින් සිදු කෙරෙන ස්වාධීන විමර්ශනයකින් අනතුරුව පමණක් බව අපේ විශ්වාසයයි. අතිකාල දීමනා ගෙවීම සාධාරණීකරණයට විවිධ අදහස් දක්වනවාට වඩා මේ අවස්ථාවේ වෘත්තීය සමිති මගින් කළ යුතු වන්නේ ආයතනයේ ආදායම් වියදම් කළමනාකරණයට සහාය දැක්වීමය. ආයතනයත් රැකගෙන රටේ ආර්ථිකයත් කිසියම් හෝ ස්ථාවර මට්ටමකට ගෙන ආ හැකි වන්නේ එවැනි ඵලදායී කැපවීමකින් පමණි.

එවැනි කැපකිරීම් සඳහා සේවකයන් උනන්දු කරවීමට දේශපාලන අධිකාරියෙන්ද සැබෑ මගපෙන්වීමක් තිබිය යුතුය. රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා මාසික වැටුපේම කොටසක් බවට පත්වී ලබා ගන්නා විවිධ ණයවල වාරික ගෙවීමට එම ආදායම නැතුවම බැරි මුදලක් බවට පත්වූයේ කාලයක් තිස්සේමය. තමන්ට ලැබෙන වාසි පිළිබඳ පමණක් සලකා බැලීම හේතුවෙන් බොහොමයක් දේශපාලන නායකයන් මේ ගැටලුවට කවදාවත් අත තැබුවේ නැත.

සැබෑ තත්ත්වය එයයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවක පිරිස් අතිකාල දීමනා සමග ලක්ෂ ගණනින් වැටුප් ලබන බවද සුප්‍රකට රහසකි. අධි සුඛෝපභෝගී ජීවිතවලට පුරුදුව සිටින දේශපාලනඥයන් සිටින රටක එවැනි තත්ත්වයක් තිබීම එක අතකින් පුදුමයට කරුණක් නොවේ. විවිධ ආණ්ඩුවල වැදගත් අමාත්‍ය ධුර දැරූ පළපුරුදු දේශපාලනඥයකු වන බන්දුල ගුණවර්ධන මහතා අපට වඩා හොඳට මේ තත්ත්වය හොඳින්ම දැන සිටින බව අපගේ විශ්වාසයයි.

(***)



අදහස් (2)

පුදුම හිතෙන දුම්රිය අතිකාල

Common Friday, 30 September 2022 06:38 PM

මෙවැනි ආයතන වහාම පුද්ගලීකරණය කළ යුතුය!

:       0       10

Nihal Saturday, 01 October 2022 01:31 AM

"නැතිවම බැරි වුවද රටේ මහජනතාවගේ බදු මුදලින් දිගින් දිගටම යැපෙමින් සිටීමට වත්මන් තත්ත්වය හමුවේ කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නැත. දුම්රිය දෙපාර්තමේන්තුවටද එය අදාළය"....... Very true. The same is applicable to the cabinet of Ministers as well, not just to the institutions.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site