![]() |
කොටි නායකයාගේ බංකරය |
මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුවට බටහිර දෙසින් මහ කැලයේ පිහිටි කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය පසුගිය දා පුපුරුවා හැරියේය.
දරුණු සටන් පැවැති සමයේ කොටි නායකයා සැඟවී සිටියේ එම බංකරයේ බව කියති. මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ සිට හදිසියකදී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි.
බංකරය ඉදිරිපිට ප‍්‍රභාකරන් ඔවුන්ගේ විරුවන් ඇමතීමේ මණ්ඩපයක්ද විය. එම බංකරය ඉදිරිපිට මුරපොළවල වූ ආරක්ෂක කුටි වානේ තහඩු වලින් සවි ගන්වා තිබිණි. ප‍්‍රභාකරන්ගේ වාහනය එම නිවසට ඇතුළු කිරීමේ පහසුකම් ද එහි විය. බංකරය වටා කටු කම්බි වැටවල් හතක් විය. එක් වැටක සිට අනෙක් වැටට දුර ප‍්‍රමාණය මීටර් 20 ක් 25 ක් පමණ විය. ඒ හැම වැටකම මුර කපොලූවල තෝරා ගත් සන්නද්ධ කොටි ආරක්ෂාවට සිටියහ. කෙතරම් දරුණු ප‍්‍රහාරයක දී වුව ද ආරක්ෂිතව සිටිය හැකි ලෙස ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය සකසා තිබිණි. ඉතා සූක්ෂම ලෙස විදුලිය ගෙන සියලූ පහසුකම් එම බංකරයට සලසා තිබිණි.
2009 දී මෙම බංකරය යුද හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද අතර යුද්ධය නිම වීමෙන් පසු එය නැරඹීමට විශාල පිරිසක් ගියහ. එම ප‍්‍රධාන බංකරයට අමතරව තවත් බංකර කිහිපයක් වූ අතර ප‍්‍රභාකරන් විශේෂ රැස්වීම් පැවැත්වූ බව කියන ස්ථානයක් ද එහි විය. මේ වන විට එම බංකරය ද කැඞීම ද ආරම්භ කර ඇත.
මීට සති කිහිපයකට පෙර ප‍්‍රභාකරන්ගේ භූගත බංකරය බැලීමට ලබා දුන් අවස්ථාව නතර කැරිණි. බංකරය වටා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් වූයේ මීට සතියකට පමණ පෙරය.
බංකරය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා:-
”කොටි බංකර කිහිපයක් ඉවත් කළා. මේ බංකරය අවට බිම්බෝම්බ වළ දමා තිබුණු නිසයි පුපුරවා හරින්න ප‍්‍රමාද වුණේ. එහෙම නැතිව පුපුරුවා හැරියානම් කම්පන තරංග නිසා වටේ තියන අනෙක් බෝම්බත් පිපිරෙන්න ඉඩ තිබෙනවා. එම බෝම්බ ඉවත් කර ඉවර කළේ ගිය සතියේ.
කොටි සෙවනැලි තවත් තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒවා ඉවත් කරනවා. පුදුකුඩුඉරිප්පු බටහිරින් පිහිටි මෙම බංකර කොටි නායකයාගේම ද කියා හරියටම කියන්න අමාරුයි. නමුත් කොටින්ගේ බංකරයක් තමයි” හමුදා ප‍්‍රකාශකවරයා කියයි.
තරිඳු ජයවර්ධන
![]() |
බංකර තුළ කාමරයක් |
![]() |
බංකරය තුළට විදුලිය ගෙන තිබූ අයුරු |
![]() |
අහසට නොපෙනෙන ලෙස ආවරණය කර තිබූ බංකරයේ වහළය |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුපුරුවා දැමූ ප‍්‍රභාගේ බංකරය
තුෂා Wednesday, 16 October 2013 02:07 AM
ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගතහැකිව තිබුණා නේද? (නි)
තිලකා රන්දෙනි Wednesday, 16 October 2013 05:35 PM
ඉතිරි කර තැබුවහොත් නැවත වැඩ ගන්නේ කවුද කියලා දන්නවනේ ඉතින් (නි)
ගීතා Saturday, 19 October 2013 09:20 PM
කිව්වත් වගේ කොටි සෙවනැලි අවශ්‍යම නැහැ.(නදී)
ගාමිණි Saturday, 19 October 2013 11:14 PM
අපරාදේ! තව නොබලපු අය ඉන්නවා (නි)