X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පෘතුගීසි සේනාංකයක්ම වැනසූ ගන්නොරුවේ මහ සටන

ශ්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට පැමිණි විදේශීය සතුරු හමුදාවලට මහනුවර නගරය අත්පත් කරගැනීමට නොහැකි වූයේ කඩුගන්නාව ගිරි දුර්ගය හරහා පැමිණීමට නොහැකි වීමත් මහනුවර නගර මහවැලි නදියෙන් වටවී තිබීමත් නිසා බවට මතයක් තිබේ. 1638 වසරේ මාර්තු 27 හා 28 දිනවල මහනුවර ගන්නෝරුවේදී ඓතිහාසික සටනක් සිදුවිය. එමගින් උඩරට ආක‍්‍රමණයට ආ පෘතුගීසි හමුදාවක්ම සමූලඝාතනය කිරීමට අපේ විරෝදාර හමුදාවට හැකිවිය. මේ මහ සටන සිද්ධවූයේ වර්තමානයේ මුල්ගම්පොල දෙයියන්නේවෙල හා ගන්නොරුව මංසන්ධියේ දැන් රණවිරු උද්‍යානය පිහිටි බිම්කඩ ආශ‍්‍රිතවය. එය කිසිසේත්ම කඳු හෙල්වලින් තොර භුමිභාගයකි. ගන්නෝරුව යනු මහනුවර නගර සීමාවට අයත් භූමිභාගයකි. මුහුදු මට්ටමේ සිට මීටර තුන්සියක උසකින් පිහිටි මේ සශ්‍රීක භූමි භාගය පේරාදෙණිය මල්වත්තට ආසන්නයේ පවතී. එක්දහස් හයසිය තිස් අට වසරේ මාර්තු මස 27 සහ 28 දෙදිනදි සිදු වූ මේ ඓතිහාසික සටනට පෙර දෙවැනි රාජසිංහ රජතුමා පෘතුගීසි හමුදාවන්ට සාම දූතයන් යවා සාමය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලීමක් කෙළේය. ඒ ලන්දේසින් සමඟ ඉතා සමීප මිත‍්‍රත්වයක් ගොඩනගාගෙන සිටි දෙවැනි රාජසිංහ රජතුමා පිළිබඳව එතරම් පැහැදීමක් පෘතුගීසින් අතර නොවීය. දෙවැනි රාජසිංහ රජතුමා විසින් යවන ලද සාම¥තයන්ගේ ඉල්ලීම තඹයකටවත් නොසැලකීමට ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වරයා වන දියෝගුද මේලෝද කැස්ත්‍රෝ පියවර ගත්තේය. රටවල් ආක‍්‍රමණය කොට එහි ඇති දේ කොල්ලකෑමේ පිපාසිතයකු වූ දියෝගුද මෙලෝද කැස්ත්‍රෝ යටතේ සිටින හමුදාව මහනුවර රාජධානිය ආක‍්‍රමණය කිරීමට තරම් වූ හමුදාවක් නොසිටින බව දැන දැනත් ඔහුගේ උපාය මාර්ගය වූයේ දෙවැනි රාජසිංහ රජ තුමාගේ සොයුරු මාතලේ පාලක වශයෙන් කටයුතු කළ විජයපාල කුමරුගේ ආධාරයෙන් මහනුවර ආක‍්‍රමණය කිරීමයි. සිංහල හමුදාව තම උපන් භූමිය ලෙයින් තෙත්කොට හෝ තම භූමිය රැක ගැනීමට සැරසී සිටියදී පන්දහසක සිංහල ලස්කිරික්‍ඳ්ක්‍ඳ හමුදාවක්ද පෘතුගීසීන් සමඟ එක්ව සිටියහ. එය වර්තමානයේ සිදු වූදේවලට බොහෝ සෙයින් සමාන වීම විශේෂ ඊට අමතරව පෘතුගීසි හමුදාවේ පෘතුගීසි සොල්දාදුවන් හත්සියක්ද කොංකන් භටයන් දෙසීයක්ද අප‍්‍රිකානු භටයන් තුන්සීයක්ද තුප්පායි භට කණ්ඩායමක්ද වූහ. දෙවැනි රාජසිංහ රජතුමා විසින් යවන ලද සාමදූතයන්ගේ සාකච්ඡා ඉවත දැමූබව දැනගත් වහාම රජතුමා වහාම යුද්ධයට සූදානම් විය. එයට රාජසිංහ රජුගේ සේනාවක්ද පෘතුගීසින්ගේ විවිධ අඩම්තේට්ටම්වලට ලක් වූ පහතරට පිරිසක්ද දකුණු ඉන්දීය කුලීභට හමුදාවක්ද වූහ. දැන් දෙපාර්ශවයම සටනට සූදානම්ය. එක්දහස් හයසිය තිස් අටේ මාර්තුමස විසිහයවැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව පසුදින මහනුවරට පැමිණ නගරය ගිනි තැබීමට උත්සාහ කළ ද පෘතුගීසින් බලාපොරොත්තු වූ මාතලේ පාලක දෙවැනි රාජසිංහ රජුගේ සොහොයුරු විජයපාල කුමරාගේ සේනාව මහනුවරට පැමිණ නොතිබුණි. ඉතිහාසයේ සඳහන් වන්නේ මේ දෙසොහොයුරන් අතර තිබූ විවිධ දුර්මත ඒ වනවිට ඉවතලා ජාතිය බේරා ගැනීමේ එකඟතාවක පැමිණ තිබූ බවයි. සිංහල හමුදාවලින් ලැබෙන ප‍්‍රතිප‍්‍රහාර ඉවසා දරා ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදා පසුබැසීමට තීරණය කළේය. ආපසු පැමිණෙන හමුදා වර්තමානයේ මුල්ගම්පොල හා දෙයියන්නේවෙල ප‍්‍රදේශවලදී සිංහල හමුදාවන්ට මුහුණට මුහුණ හමුවිය. පෘතුගීසීන්ට මහවැලි නදිය තරණයකොට ආපසු යාමට නොහැකි ආකාරයෙන් සියලූ රැුකවල් ඒ වන විට ද සිංහල හමුදා යොදා තිබුණි. මහවැලි නදිය තරණය කරගත නොහැකිබව තේරුම් ගත ඔවුහු වර්තමානයේ ගන්නෝරුව මංසන්ධියේ පිහිටි රණවිරු උද්‍යානයට ඉහළින් පිහිටි කිරිවන්තලාව කඳුගැටයේ කදවුරු බැඳ ගත්හ. ඒ වන විට දැඩි තෙහෙට්ටුවට පත්ව සිටි පෘතුගීසි හමුදාවට ජලයේ අවශ්‍යතාව දැඩිලෙස දැනුනද මහවැලි නදියෙන් ජලය ලබා ගැනීමට සිංහල හමුදාව කිසිසේත් ඉඩ නොදුන්නේය. මාර්තුමස විසි අටවැනි දින සිංහල හමුදා පෘතුගීසින්ට පහරදීම ආරම්භකළේ අලූයම් කාලයේය. අපගේ දේශය පර සතුරන්ගෙන් බේරාගැනීම සඳහා තවත් ඓතිහාසික සටනක් එසේ ආරම්භ වීය. සතුරන් කොටුකර එල්ල කරන මේ මහා සටන විජයග‍්‍රහණයකින්ම නිමා වන බව දැනගත් දෙවැනි රාජසිංහ රජුද සටන් භූමියට අවතීර්ණ විය. එය සොල්දාදුවන්ටද මහත් ශක්තියක් විය. මෙම මහා සටනේදි පෘතුගීසීන්ගේ වෙඩිබෙහෙත් ගබඩා ගිනිබත් කිරීම සඳහා ඊතල විදි ස්ථානයක්ද අදටත් ඇත. එය දුනුවාගල කන්ද නමින් එදා හැඳින්වුවද වර්තමානයේ එය හැඳින්වෙන්නේ ප‍්‍රිම්රෝස් උදානය නමිනි. දුනුවාගල කන්දේ සිට වියලන ලද කරුංකා ගෙඩිවලට ගිනිතබා ඊතලයේ ඉදිරියෙන් ගැටගසා විද ඇති අතර පෘතුගීසි හමුදාවේ වෙඩිබෙහෙත් තොග පිටින් ඉන් විනාශ වු බවද ජනවහරේ කතාවක් ඇත. මේ අපූරු ස්ථානය සොයා දුනුවාගල කන්දට එසේත් නොමැතිනම් වර්තමානයේ ප‍්‍රිම්රෝස් කන්දේ ගිනි කරුංකා ඊතල විද්ද ස්ථානය සොයා යන විට එහි වාසය කොට සිටින්නේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා බව දැනගන්නට ලැබුණි. ඉරිදා ලංකාදීපය ඉතිහාස කතා ලිවීමේදී ඔහුගෙන් ලද නිර්ලෝභි දායකත්වය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානයේ දුනුවාගල කන්දේ ඊතල විද්ද ස්ථානයට ඔහුගේ අවසරයකින් තොරව යා නොහැකිය. අවශ්‍යතාව කියූ සැනින් කන්ද උඩරට ඉතිහාස පිළිබඳව ඉතා ගැඹුරින් සොයාබලන හිටපු දියවඩන නිලමේවරයා දුනුවාගල කන්දේ ඊතල විද්ද ස්ථානයට මා රැුගෙන ගියා පමණක් නොව එහි ඉතිහාස කතාද කියා දුන්නේය. සැබැවින්ම එම ස්ථානය අපූරු හැඩතලවලට කැපූගල් සමූහයක් ඇති ස්ථානයක් නිසාත් පෘතුගීසින් කඳවුරු බැඳ ගත්තා යැයි පැවසෙන කිරිවන්තලාව කඳුගැටයට මුහුණලා පිහිටි නිසාත් කිසියම් වෙනත් ක‍්‍රමයකින් ගිනිතැබූ කරුංකා සහිත ඊතල විද්ද බවට සාධක දැකිය හැකිය. එසේ නොමැතිව අත්දන්නක් භාවිත කර එම ස්ථානයට ඊතල විදිය නොහැකි බවක් පෙණුනි. ඓතිහාසික ගන්නෝරු සටනේ ශෝකාන්තය එහිදී උදාවිය. පෘතුගීසින් සතු සියලූ වෙඩි බෙහෙත් සටන අතරතුර වට මහා වර්ෂාවකින් දියබත් විය. ඔවුනට සටන් කරගත නොහැකි තත්ත්වයක් උදාවිය. මනා සැලසුම් සහගත සටනක ඒ වන විටද යෙදෙමින් සිටි උඩරට සිංහල හමුදා පෘතුගීසි හමුදා අතරට කඩා වදිමින් කඩුව හා පලිහ උපයෝගි කර ගනිමින් තම බාහුවේ ශක්තිය වෙඩි බෙහෙත් ශක්තියට වඩා වැඩි බව මැනවින් පෘතුගීසින්ට කියා පැවේය. ඒ වන විට සිංහල ලස්කිරික්‍ඳ්ක්‍ඳ හමුදා පැනගොස් තිබුණි. සටන අවසානයේ පෘතුගීසි හමුදාවේ දෙදහස් පන්සීයක් අවසන් හුස්ම හෙළා තිබුණි. ලාංකික උදව්කරුවන්ද පිරිවරා සටනට ආ පෘතුගීසි ජාතික හත්සිය දෙනාගෙන් නොමැරී බේරී සිටියේ අත් අඩංගුවට ගත් සිය දෙනා පමණි. අත්තනෝමතික තීරණයක්ගත් පෘතුගීසි හමුදා කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ හා ඔහුගේ කපිතාන් මේජර්වරයා වූ දම්යාන් බොතාදු ද සටනේදී අවසන් හුස්ම හෙළා තිබුණි. සිංහලයන්ගේ එම වීර සටන ගැන  ඉතිහාසයේ සඳහන්වන්නේ එසේය. මෙම සටන පෘතුගීසින්ගේ ලංකා ආධිපත්‍ය බිද වැටීමත් ලන්දේසීන්ගේ ලංකා ආගමනයත් සනිටුහන් කරන්නකි. ලංකා ඉතිහාසයේ මහ සටන්බිම්



අදහස් (7)

පෘතුගීසි සේනාංකයක්ම වැනසූ ගන්නොරුවේ මහ සටන

නිත්‍යා Saturday, 12 January 2013 03:15 PM

දැනුවත් කිරීම ගැන ස්තූතියි (ස)

:       0       1

උදාර Sunday, 14 April 2013 12:33 PM

හොද ලිපියක්. ....(නදී)

:       0       0

මඩු Thursday, 13 March 2014 11:16 PM

වටින ජයග්‍රහණයක්.නමුත් වතුර නොදී යුද්ධ කරන එක හොඳද .(අ)

:       0       0

චාමර Tuesday, 14 October 2014 07:41 AM

රුණැල්ල හඹාගෙන සිහිල් මීදුම කපාගෙන ගන්නොරු කඳු මුදුනෙ උඩ තලාවට පැමිණ නිරුවත් පතුල් මත පට්ටලට හිටගන්න විදාගෙන දෑත දෙපසට පියාගෙන දෑස තදකොට පපුව පිම්බිලා පෙනහළු පිරෙන්න දීර්ඝ හුස්මක් ගන්න පෙළට හිඳ දැනේවි මොහොතකට නොදැනුණු අමුත්තක් කිසිදාක අතීතයෙ යුගයක නුඹ නොදන්නා දාක නුඹ වෙනුවෙන් මහ සටන් බිමක් මැද දිවිහිමියෙන් තම යුතුකම් ඉ‍ටුකර නුඹේම වූ මී මුත්තෙකු අත්හල නිර්භය හුස්මකි ඒ ලේ මුසුවුන'.(හේ)

:       0       0

තුෂාරා සංදිපනි Friday, 06 November 2020 03:14 PM

අතීතය ගැන සතුටුයි... කියලා දුන්නාට ස්තුතියි.

:       0       1

කාවින්දයා සහබන්දු Monday, 11 January 2021 05:09 PM

ගොඩක් වටින වැදගත් සිදුවීමක්. ස්තුතියි අපිව මේ ගැන දැනුවත් කළාට.

:       0       0

නිකී Thursday, 09 September 2021 12:16 AM

හොඳ ලිපියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site