“නාකි විසේ ගෙටත් උසේ” කියා කියමනක් ජනවහරේඇත. එහෙම කියන්නේවයසට නොගැළපෙනදේවල් කරන්නයන අයටයි.මේ කතාව ඇසුවා නම් කියන්නට වෙන්නේ නාකි විසේ ගෙටත් උසේ කියා නම් නොව නාකි විසේ එවරස්ට් කන්දටත් වඩා උසේ යැයි කියාය.
හරිම පුදුම හිතෙන පෙම් පලහිලව්වක් පහුගිය සෙනසුරාදා දිග හැරුණේ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේදී පැවති පැමිණිලි විභාගයකදීය.
පෙම්වතා බව කියන පුද්ගලයා වසර 80ක වයසේ පසුවන පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි.
තමාගේ පෙම්වතිය බවට ඔහු කියන තරුණිය 27 හැවිරිදි වියේ පසුවන්නියකි.
ඇය ද 80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා සේවය කරන ආයතනයේම සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වන්නීය.
මන බඳිනා රූ සපුවකට ඇය හිමිකම් කියන්නීය.
ඔහු ද පොලිසියට පැමිණ තිබුණේ ජැන්ඩියට හැඳ පැළඳගෙනය. සෙන්ට් පවුඩර් එහෙම උලාගෙනය.
එය ඔහුගේ වියපත්කම වසා කඩවසම් පෙනුමක් ගැනීමට ගත් උත්සාහයක් ද කියන්නට අප නම් දන්නේ නැත.
දියණියකගේ විවාහ මංගල්‍ය කොළඹ තරු පහේ හෝටලයක ජයටම ගැනීමට සියල්ල සූදානම් කර තිබියදී 80 හැවිරිදි පුද්ගලයෙකු මැර කණ්ඩායමක් එවා කලබලයක් ඇතිකර විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බවට තර්ජනය කරන බවට ඇයගේ පවුලේ සමීපතම ඥාතියෙක් දුක්ගැනවිල්ලක් කියා සිටියේ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතා හමුවේය.
නියෝජ්‍ය පොලිස්පති කුලරත්න මහතා මේ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය පියවර ගැනීමට බාරදුන්නේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාටය.
80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා සහ ඔහුගේ පෙම්වතිය බව කියන 27 හැවිරිදි තරුණිය පොලිසියට කැඳවා මේ පෙම් පලහිලව්ව විභාගයට ගැනුණේ පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා සහ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා තමරා දිල්රුක්ෂි මහත්මිය ඉදිරියේය.
“මම මෙයත් එක්ක අවුරුදු හතක් තිස්සේ ඉඳලා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මම මෙයත් එක්ක ගමන් බිමන් එහෙම ගිහින් ගත්තු ෆොටෝ පවා තියෙනවා. හොඳ කාර් දෙකක් මෙයාට මම අරගෙන දුන්නා. කියන පමාව විතරයි ඉල්ලන ඕනෑම මුදලක් දුන්නා. මම මෙයාට දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම දුන්නා. මම මේ බොරු නෙමේ කියන්නේ ඇත්ත. පහුගිය අවුරුදු 07 පුරා මම මෙයාට ලව් කරද්දි වරින් වර රත්තරන් බඩු ගොඩක් අරන් දුන්නා. කොටින්ම කියනවා නම් කිලෝ 1ක් විතර බර රත්තරන් බඩු එයාට අරන් දීලා ඇති. අවුරුදු හතක් තිස්සේ අපි දෙන්නා ආදරයෙන් හිටියා. මේ ළඟකදී ඉඳලා මට මෙයාගේ වෙනසක් දැනෙන්න පටන් ගත්තා. ඒ මොකද කියා ඇහැව්වාට ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ වෙලාවට මොකක් හරි කියලා මගහැරියා. මෙයාගේ වෙනස්වීම නිසා මට ලොකු දුකක් ඇති වුණා. ඒක වාවගන්න බැරි තරමේ දුකක්.”
අසූ හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා පැමිණිල්ල විභාග කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා හා උප පොලිස් පරීක්ෂිකාව හමුවේ පවසා ඇතැයි කියන්නේ හැඬුම්බරවය.
“ඊට පස්සේ මෙයාගේ වෙනස් වෙන්න හේතුව මම හොයලා බැලුවම තමා දැනගන්න ලැබුණේ මටත් හොරෙන් ටික කාලයකට ඉස්සර වෙලා ඉඳලා මෙයා වෙනත් කොල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියා. මේ බව දැනගත්තට පස්සෙ මගේ පපුව පැලිලා යන්න තරම් වේදනාවක් ඇතිවුණා. මෙච්චර හොඳට සලකපු සෑම සැප සම්පතක්ම දුන්නු මට මෙයා මේ විදිහේ දෙයක් කරයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. මම නිතරම මෙයාට කිව්වා ඔය සම්බන්ධය අතහරින්න කියා. ඒත් මෙයා මට හොරෙන් මේ සම්බන්ධය පවත්වාගෙන ගිහින් තියෙනවා. දවසක් මෙයාගේ බෝයිෆ්‍රෙන්ඞ් එක්ක ඇවිත් කාර් දෙකයි යතුරයි මට දීලා යන්න ගියා. කොළඹ තරු පහේ හෝටලයක ජයටම දෙන්නා මගුල ගන්න යනවා කියා දැන ගත්තා. ඒක දැන ගත්තට පස්සේ මම හිතුවේ මගේ පපුව පැලිලා මැරෙයි කියා” යැයි ද මේ නාකි මනමාලයා පවසා ඇති බව දැන ගැනීමට ඇත.
තරුණිය කතා කරන්න පටන් ගත්තේ ඔහු මෙතෙක් වෙලා කිව්ව කතා අමූලික බොරු බව පවසමිනි.
“මේ මනුස්සයා මෙච්චර වෙලා කියපු සේරම දේවල් මම අහගෙන හිටියේ බොහොම අමාරුවෙන්. මෙයා මගේ සීයා කෙනෙක් වාගේ. මේ වගේ කෙනෙකුට පෙම් කරන්න මට මොළේ අමාරුවක් නැහැ. මෙයාට මොකක් හරි ලොකු මොළේ අමාරුවක් හැදිලා ඇති.” යැයි තරුණිය කියා සිටියාය.
“මගෙන් සැප සම්පත් ලැබෙන කාලයේ කාර් එකක් දෙකක් අරන් දෙනකොට ලක්ෂ ගණන් වියදම් කරලා රත්තරන් බඩු එහෙම අරන් දෙනකොට ඔයා මට ඔහොම කිව්වේ නැහැ නේද?” කියා 80 හැවිරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියා ඇයගෙන් විමසුවාය.
“තමුසෙ ඇයි මෙච්චර ගල් පැලෙන බොරු ගොතලා කියන්නේ” යැයි පවසමින් ඔහු කියන හැම දෙයක්ම බොරු බව ඇය පුන පුනා කීවාය.
තරුණියට විවාහ නොවන ලෙසත් දිගින් දිගටම බලපෑම් කිරීමෙන් නොනැවතුණු මොහු ඇයට පමණක් නොව පවුලේ අයට ද තර්ජනය කර ඇතැයි ද කියති.
“මැර කණ්ඩායමක් එවලා මගුල් ගෙදර කඩා කප්පල් කරනවා කියා මාත් එක්ක ගත්තු ෆොටෝ මගුල් ගෙදරට ඇවිත් ඉන්න අයට පෙන්නනවා කියා කිව්වේ හිතේ ආපු තරහට. ආදරය කළ හිතකින් වෛරයකරන්න බැහැනේ. මම කොහොම හරි හිත හදාගෙන ඉන්න බලනවා.” කියා 80 හැවිරිදි නාකි මනමාලයා කියා ඇත්තේ වෙන කියන්නට දෙයක් නොතිබුණ නිසා විය හැකිය.
තරුණිය මොහුගෙන් නිතර සිදුවන තර්ජනයන් ගැන ඇයගේ පෙම්වතාට ද දන්වා පසුව ඥාතියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ බැරිම තැනය.
තරුණියට, පවුලේ අයට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් නොකරන ලෙසටත් විවාහ මංගල්‍යයට බාධා නොකරන ලෙසටත් පොලිසිය තරයේ අවවාදකොට ඔහු මුදාහැර ඇත.
මින් ඉදිරියට මෙවැනි පැමිණිල්ලක් ලැබුණහොත් නීති මගින් කටයුතු කරන බවට ද පොලිසිය ඔහුට දන්වා ඇත.
මින් පසුව මෙවැනි දේ නොකරන බවට පොරොන්දු වී පොලිස් පොතේ අස්සනක් ද දමා ඔහු පොලිසියෙන් පිටව ගොස් තිබේ.
අසූ හැවිරිදි වියේ පසුවන විධායක ශ්‍රේණියේ නිලධාරියා දරු මුණුබුරන් ද සිටින අයකු බව කියති.
“නාකි විසේ ගෙටත් උසේ” කියා කියමනක් ජනවහරේ ඇත. එහෙම කියන්නේ වයසට නොගැළපෙන දේවල් කරන්න යන අයටයි.
මේ කතාව ඇසුවා නම් කියන්නට වෙන්නේ “නාකි විසේ ගෙටත් උසේ කියා නම් නොව නාකි විසේ එවරස්ට් කන්දටත් වඩා උසේ” යැයි කියාය.
කලින් යොදාගත් පරිදිම කොළඹ තරු පහේ හෝටලයකදී 27 හැවිරිදි තරුණියගේත් ඇයගේ පෙම්වතාගේත් විවාහ මංගල්‍යය දෙපාර්ශ්වයේම නෑදෑ හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ ජයටම සිදුවිය.
විවාහ මංගල්‍යය කිසිම බාධාවකින් තොරව සිදු කෙරුණ බවත් නව යුවළ ළඟදීම යුරෝපීය රටක පදිංචියට යාමට තීරණය කර ඇති බවත් ඇයගේ පවුලේ සමීපතම ඥාතියෙක් පොලිසියට කතාකර පවසා ඇත්තේ විවාහය සිදු වූ දවසට පසු දිනකය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතාට-අසූවයි පෙම්වතියට-විසිහතයි
උදිත Wednesday, 10 February 2016 09:17 AM
මිනිසා මෝහයෙන් අන්ද වුණාම සිදුවන දේවල් තමා. වයසට නොගැලපෙන විවාහයන් සිදුකර ගැනීම දෙලොවම පරිහානියටත්,නින්දාවටත්, වස්තු විනාශයට මුල බවත් අපේ බුදුන් දේශනා කරලා තියනවා.(ම)
අමල් Wednesday, 10 February 2016 02:27 PM
මේවා කාට කාටත් හොඳ පාඩම්. (ර)
රාජා Wednesday, 10 February 2016 11:04 PM
මගේ යාලුවෙක් ඉන්නවා අවුරුදු 65යි. බිරිඳත් ඊට කිට්ටු වයසක. අවුරුදු 30 පැනපු පුතෙකුත් ඉන්නවා. මිනිහා කොළඹට කිට්ටුව ප්‍රසිද්ධ මංගල සේවයක් ගෙනියනවා. එතන වැඩට ආ තමාගේ පුතාගේ වයසේ ගැහැණු කෙනෙක් එක්ක දැන් වෙනම පවුලක්. ඇයත් විවාහකයි. අවුරුදු 12 පමණ පුතෙක් ඉන්නවා. සැමියාව අතහැර ඇවිදින් මොහුත් සමඟ ඉන්නවා. යාළුවන්ට කියලා මට තව අවුරුදු 10ක් මෙයාගෙන් කඩා වඩා ගත්තහම ඇති කියලා. අපේ මෝඩ යාලුවා ඒවා විශ්වාස කරන්නේ නැහැ. (නි)
සංජු Thursday, 11 February 2016 05:32 AM
ආදරයට වයස බලපාන්නේ නැහැ වගේම කාමයටත් වයස බලපාන්නේ නැහැ. සමහර ගැහැණු සල්ලි වලට මිනිස්සු එක්ක ඉන්නවා, දුප්පත්කමට දරු පවුල ජීවත්කරවන්න. හැබැයි මේකේ කතා නායිකාව වයසක මිනිහත් එක්ක හිටියේ දුප්පත්කමට නෙමෙයි. හරි නම් මේ ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කරලා අර මනුස්සයාගෙන් ගත් රත්තරන් කිලෝ එකත් අරගෙන දෙන්න ඕනෑ. පුදුම අම්මලා තාත්තලා! තමන්ගේ දුවට කාර් 2ක් හම්බවෙනකොට හොයලා බලන්නේ නැද්ද මන්දා? (නි)
රිහාන් Thursday, 11 February 2016 05:46 AM
උත්සාහය අත් නොහරිනු! (නි)
සාගර Thursday, 11 February 2016 12:44 PM
මගේ පුංචි රෝස මලේ මමයි ඔබේ වියපත් බඹරා.(හේ)
චාමර Friday, 12 February 2016 05:47 AM
සංජුත්, ලස්සන කෙල්ලෙක් වෙලා, වැඩ කරන තැන නාකි මරාලයක් කඩන් වැටුන නම් ඔය වගේ එක පාර්ශිකව කතා කරන එකක් නැහැ. එතකොට තේරෙයි මේ වගේ නාකි මනමාලයෝ තමන්ගේ අනුවන කම නිසා කොච්චර විනාසයක්ද හැමෝගෙම ජීවිත වලට කරන්නේ කියලා. (ර)
ඉන්දික Friday, 12 February 2016 06:03 AM
ගොඩක් කාර්යාල වල මේ වගේ නාකි මනමාලයෝ ඉන්නවා. එයාලා හුදු රාගය, තණ්හාව නිසා, සිය පවුලටත් සමාජයටත් ලොකු හානියක් කරන්නේ. රන් අබරණ, වාහන දීලා තෑගි දීලා තියෙන්නෙත් තමන්ගේ රාගික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මිස ආදරයක්, දානයක් ලෙස නෙමෙයි. දනක් පිනක් කරගෙන හිටියා නම් ඔය වගේ තැන් තැන් වල අඬන්න වෙන්නේ නැහැ. ලෝක ධර්මය තේරුම් නොගැනීම නිසා මේ වගේ මෝඩයෝ දුක් විඳිනවා. (නි)
දිලාන් Friday, 12 February 2016 09:22 AM
මේ ප්‍රශ්නෙදි පිරිමි කෙනාට විතරක් දොස් කියන්ට එපා. ඕන් බලහත්කරකමක් කරා නම් පිරිමියා වැරදී. අවුරුදු 7 ක් තිස්සේ තේරුනේ නැද්ද වයසයි කියලා. පොලිසියට ගිහින් බබා වෙන්ට හදනවා. (ර)
ගුණසිරි Friday, 12 February 2016 06:37 PM
ඉන්දික හරි. රාගය සිත කය දවන ගින්නක්. (නි)
දිනේෂ් Saturday, 13 February 2016 01:34 PM
මෙහෙමත් කෙල්ලෝ ! (නි)
සේරම් පැරිස් Saturday, 13 February 2016 05:48 PM
සල්ලි ගොඩාක් තිබෙනවිට මෝහෙන් මුලාවෙලා රාගයෙන් උමතුවෙලා, තණ්හාවත් උතුරන්න. එහෙම අය තමා මෙහෙම හැසිරෙන්නේ (නි)